Skip to main content

පාද යාත්‍රාවෙන් පසු මහින්දගේ සහ රනිල්ගේ පස්ස

 

 

පාද  යාත්‍රාව අවසන්ය.  සංවිධායකයනට අනුව එය අති සාර්ථකය.  පාද  යාත්‍රාවේ  ප්‍රධාන සංවිධායක  මහින්දානන්ද අලුත්ගමගෙට  අනුව  සහභාගී වූ සංඛ්‍යාව ලක්ෂ  විස්සකි. ගීතා කුමාරසිංහට අනුව කෝටි දෙකකි. එහෙත් ඩිලාන්  පෙරේරාට සහ මහින්ද අමරවීරට   අනුව  50 දහසකට අඩුය.

පාද  යාත්‍රා  සංවිධායකයන්  මුලින්  කියා  සිටියේ  ලක්ෂ  දහයක් සමග  කොළඹට  පැමිණ ආණ්ඩුව  පෙරලන  බවය.  නායකත්වය  ගත්තේ බැසිල්  රාජපක්ෂය. එය සාර්ථක  කර  ගැනීම  සඳහා ඉහල මට්ටමේ  සාකච්චා දුසිම්  ගණනක්ද ප්‍රාදේශීය  මටටමේ  පාක්ෂික සාකච්චා සිය  ගණනක්ද  පවත්වනු ලැබිණ.. එහෙත් බැසිල්ට පළමුවෙන් රිමාන්ඩ් හිර  ගෙදරටත් දොස්තර  මහත්තුරුන්ගේ  උදව්වෙන්  දෙවනුව මහා රෝහලේ  ගෙවන වාට්ටුවටත්  යාමට සිදුවීම  නිසා එය සංවිධානය කිරීමේ වගකීම අන් අයට  පැවරිණ.

 

එකාබද්ධ විපක්ෂයේ  මුළු  බර  යොදා පා ගමන සංවිධානය  කළද පළමු දිනයේ  එයට සහභාගී වුයේ දස  දහසක් වැනි  පිරිසක්  පමණි .අවසන් දිනයේ  සහභාගිත්වය  15  දහස  ඉක්මවුයේ  නැත.

මෙසේ  වුයේ  ඇයි?

මහින්දට වර්ග දෙකක   මිනිස්සු සිටිති. එක් වර්ගයක් වන්නේ සිංහල  බවුද්ධයන්ට  පමණක් මේ රට  අයිතිය  යන මතය දරන්නන්ය . අනිත්  කණ්ඩායම වන්නේ  ඔහුගේ  පාලන සමයේ ඔහුගේ අනුග්‍රහයෙන් හරි  හම්බු  කර  ගත්   පිරිසය. මහින්ද වනාහී තමන්ගේ  අයට ඕනෑම අයුරකින් හරි හම්බු  කර  ගැනීමට අනුග්‍රහය දුන් අයෙකි. තමන්ගේ  10% තියා  ගැනීමට  අමතක  නොකර  කොන්ත්‍රාත් කරන  ලෙස ඔහු වරක් සමුර්ධි නියාමකයනට  උපදෙස්  දුන්නේය. ඒ  මහින්ද  උදව්  කළ  පුංචි එවුන්ය. ඔහු නිසා  කප්පරක්  ගොඩ  ගසා  මහා  අය මේ දිනවල  රහස්  පොලීසියටද උසාවි වලටද  ගොස්  උත්තර  බඳිමින් සිටිති.

පසු  ගිය  මාස  කීපයේම  මහා ගැම්මකින් සිටි මහින්ද  කණ්ඩායමට  පාද  යාත්‍රාවට ලොකු  පිරිසක් ගෙන්නා  ගැනීමට  නොහැකි වුයේ  අන්   කිසිවක් නිසා  නොව  මෛත්‍රී කළ ප්‍රකාශයක් නිසාය.අවුරුදු  5 ක්  යන තුරු එක්සත්  ජාතික  පක්ෂය සමග  හවුලේ  රට  පාලනය  කරන  බව  කීම  එම  ප්‍රකාශයයි. මෙම  ප්‍රකාශයත් සමග ඒකාබද්ධ විපක්ෂය සමග  සිටි  බහුතරයක්  මිනිස්සු සහ  ගැහැණු බරපතල  මානසික  කඩාවැටීමකට  ලක්වුවාට කිසිදු සැකයක්  නැත.  ඔවුන්  බලාපොරොත්තුව සිටියේ  අවුරුදු දෙකකින් පසු   ශ්‍රී ලංකා + යුඑන්පී හවුල අවසන් වනු  ඇත  කියාය. ඉන්පසු මෛත්‍රී+මහින්ද ආණ්ඩුවක් ඇතිවනු ඇත  යන්න  ඔවුන්ගේ  විශ්වාසය  විය.

 

ස්වභාවයෙන්ම විපක්ෂයේ  සිටින විට ප්‍රධාන  පක්ෂ දෙකේම සාමාජිකයෝ සිටින්නේ වලිග  අකුලාගෙනය.  පාරට  බැස අඬු බඩු කඩා  ගැනීමට  ඔවුන් සුදානම්  නැත. ඔවුන්ගේ  එකම අපේක්ෂාව තමන්ගේ  පක්ෂයේ ආණ්ඩුවක්  පිහිටුවා ගෙන කටු සුප්පු  කිරීමය. 1977  සිට මෙතෙක් ඉතිහාසය හැදෑරීමෙන්  එය  පසක්  කර  ගත  හැකිය.

 

ශ්‍රීලනිපය එක්සත්  කරන්නට මෛත්‍රී දිගින් දිගටම වෑයමක් දරමින් සිටියත් එය  සාර්ථක වන  බවක් පේන්නේ  නැත. එයට  හේතු සෙවීමට වැඩි දුර  යා යුතු  නැත.   ජනවර්ග අතර සමගියක් ඇති  කිරීමට මෛත්‍රී   දරන වැයමට ඔවුන්  කිසිසේත් එකඟ  නැති අතර මෛත්‍රී  යටතේ ඇති  පදම් ගසා  කන්නට ඔවුන්ට  ඉඩක් නොමැති  වීම  අනෙක් හේතුවයි. දැන් කොන්ත්‍රාත්  කරන්නේ  යුඑන්පී  කාරයන්‍ විසිනි. උන් පන්නා  දමා  තමන්ගේ  අතට  කොන්තරාත්තු  ලබා   ගන්න  තුරු   මහින්දගේ කොන්ත්‍රාත් පාක්ෂිකයනට ඉවසීමක්  නැත.

මේ  දිනවල මහින්ද  හවුලේ  කණ්ඩායමේ එකම යෝධ ව්‍යාපෘතිය වී  තිබෙන්නේ  පාද  යාත්‍රාවෙන්  කඩා  වැටුණු  තමන්ගේ පාක්ෂිකයන්ගේ මොරාල් එක  ගොඩ  ගැනීමය. මිලියන් ගණනින් පාද  යාත්‍රාවට   සහභාගී වූ  බවට කෙප්ප දෙසා  බාන්නේ  ඒ  නිසාය.  ඒ සඳහා දිනපතාම වාගේ ප්‍රවුර්ති සාකච්චා  තබන්නේ  ඒ  නිසාය. ගීතා   කුමාරසිංහගේ කෝටි දෙකේ කතාන්දරය ආවේ  ඒ  නිසාය. 


මහින්ද  හිතවාදියෙකු වන ,ලක්ෂ දහයේ අල්ලස්  චෝදනාවකට අසුවූ වලල්ලාවිට  හිටපු ප්‍රාදේශීය සභාපති උදේනි අතුකෝරල ඊයේ  ප්‍රවුර්ත්ගි සාකච්චාවක්  තබා  කියා  සිටියේ පළාත් පාලන චන්දයට වෙනම  පෙරමුණක් ස්ථිර ලෙසම  හදන බවය. එයින් ගම්‍ය වන්නේ  ශ්‍රී ලංකා  නිදහස් පක්ෂය කඩා වෙනම පක්ෂයක්  හදන  බව  මිසක් වෙන  යමක් නොවේ. ඉදිරි කාලයේදී විමල් , ගම්මන්පිල , වාසු ,.සමසමාජ පක්ෂයේ මහින්ද  පිළ, කොමියුනිස්ට් පක්ෂයේ මහින්ද  පිළ , ආදීන් එකතුව  ශ්‍රීලනිපයේ  සැලකිය  යුතු  කණ්ඩායමක්ද  කඩ ගෙන මහින්දගේ නායකත්වයෙන් නව පෙරමුණක්  ගොඩ  නැගෙන බව පැහැදිලිය.

 

එවැනි පසුබිමක් තුල  ඉදිරි පළාත් පාලන  මැතිවරණයේදී  වැඩි වාසියක් අත්  කර  ගැනු ඇත්තේ එක්සත්  ජාතික  පක්ෂය බව අටුවා  ටීකා නැතිවම  කිව  හැක. 

 

 


 

Comments

මම හිතන්නේ නෑ... ආයෙත් ජාතිවාදි බලවේග හිස ඔසවයි...
මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී...මහින්දට වෙලා තීන්නෙ ඕකයි.........
"මහින්ද ඉවරෙටම ඉවරයි" ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ශය ඉවරවෙන එකක් නෑ.........................
මහින්දගේ ගෝලයන්ටත් අන්තිමේ එතනටම තමයි යන්න වෙන්නේ මෛත්රීත් අර සැලුන් දොර හයිකරයි ලඟදිම..................................
Pra Jay said…
++++++++++++++++++++
Cyril said…
නැවත මහින්ද බලයට ඒමෙි කිසිම තාර්කික හේතුවක් නැතත් ඔහු තමාවටා බලයක් ගොඩ නගාගැනීමට වලිකන්නේ කෙසේහෝ තම හොරකමි ගැන පරීක්ෂණ යට ගසා ගැනීමටත් තමාගේ ගොංකම නිසා ඉල්ලං පරිප්පුකා නැතිකරගත් බලය තම පුතුන්ට හෝ අනාගකයේ ලබාදිමයි.
Unknown said…
පාද යාත්‍රාවට වැලේ වැල් නෑ. මට පුදුම ඒකට ආපු මහ විසාල සෙනග ගැන. රටේ මෙච්චර මෝඩ මිනිස්සු ඉන්නවද කියල හිතුනා.
Transylvania said…
ඔවුන්ගේ එකම අපේක්ෂාව තමන්ගේ පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවා ගෙන කටු සුප්පු කිරීමය.////// මෙවැනි මිනිසුන් ගෙන් පිරුණු රටකට ඉර පායත් ද ?

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...