Skip to main content

දොස්තර සංගමයට ස්කෝතුයි.

 

 

දවස්  දහයක් දොළහක් තිස්සේ  GMOA හෙවත් දොස්තර  සංගමයේ  ලොකු මහත්තරු  අම්ම  මුත්තා  කාලේ වත්  නොකාපු හොඳ පරිප්පුවක් කමින් සිටින  නිසා  බඩ  සෑහෙන්න අප්සැට් එකේ සිටින බැවින්   ඔවුන්ට  ඉස්කොතුවක් දී  ගොඩ වෙදකමක්   කරන්නටයි   මා  කල්පනා  කළේ. මා එසේ  ඉස්කෝතුවක් දෙන්නේ  වෙන  කිසිවක්  නිසා  නොව   පාසල්වලට  ළමුන් ඇතුලත්  කිරීම  පිළිබඳව ලොකු  මොළ, පුංචි  මොළ, බුරු මොළ  සහ  කුණු  මොළ  තියන කාගේත් ඔලු  කට්ට  අස්සට   හිතන්න  උගන්වන   සංවාදයක්   GMOA   ලොකු මහත්තුරු ඇති  කළ නිසයි.

 

  අධ්‍යාපනය ගැන  කැක්කුමක් තියෙන අපි වගේ අයගේ  ලේ  කෝප කරන සිද්ධියක්  තෙවරප්පෙරුම  මන්ත්‍රීවරයා මීට  මාස  කීපයකට   පෙර   ඇති  කළා. තෙවරප්පෙරුම උන්නැහැ උපවාසයක්  හා දිවි නසා  ගැනීමේ විගඩමක්  රඟ  පෑවේ  චක්‍රලේඛ  ඉරා දමා  ප්‍රදේශයේ ජනප්‍රිය  පාසලකට  ළමුන්  ඇතුලත්  කරන්න  කියමිනුයි.. ඒ වෙලාවේ  බොහෝ  අය  ඔහු වීරයෙක්  කොට සැලකුවේ. ඔහු වැරදි  බව  කියමින්  මා  ෆේස් බුකියේ  සහ  'සුදුකුකුලා ' හී  ලිව්  විට ලොකු  මොළ , පුංචි  මොළ , කුණු  මොළ  සහ හිස්  කබල අස්සේ   බුරු  මොළ තිබෙන සියල්ලෝම වාගේ මට කුණුහරුප ,උපහාස, අපහාස එව්වේ වැල්  පිටින්  

 

 නමුත් GMOA ලොකු  මහත්තුරු  අධ්‍යාපන  අමාත්‍යංශයට   කඩා වැදී චක්‍රලේඛ පුච්චා  තමන්ගේ දරුවන් ජනප්‍රිය   පාසල්වලට   ඇතුලත් කර  ගන්නට කී විට එය වැරදි බව  කියමින්  පස්  පඩන්ගුවේ  නොබැනන කෙනෙක්  නැහැ. ඒ  කට්ටිය මේ  පාර  වීරයා  කර  ගත්තේ  අකිල විරාජ් වයි.

 

 දොස්තර සංගමය   කලෙත් ' තෙවරප්පෙරුම අංක 2 '  මිසක්  වෙන දෙයක්  නොවෙයි. තෙවරප්පෙරුමට   යට වී  රනිලුත්  මෛත්රීත්   ගත්  තීන්දුව නිසා  තමා දොස්තර සංගමය ඒ  ජාතියේ නාඩගමක්   හරහා  තමන්ගේ  ළමුන්   හොඳ  හොඳ  පාසල්  වලට  දාගන්න   පුළුවන්  කියල  හිතුවේ.

 

කීර්තිමත්   පාසලකට  තම දරුවන්  ඇතුලත් කර ගැනීමට තමා කවුරුත්  උත්සාහ කරන්නේ . නමුත් කාගේත්  මන දොළ පිරවීමට ඉඩක්  නැති  නිසයි    චක්‍ර ලේඛ මගින් විවිධ  සීමා  පැනවීමට  සිදුවී තිබෙන්නේ. පාසල් වල  පළමු ශ්‍රේණියට  ළමුන් ඇතුලත්  කිරීමේ චක්‍රලේඛය  සියයට සියයක් යුක්ති සහගත නැහැ.   මේ  චක්‍ර ලේඛ  හදා  තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයට   ඕන විදිහිට  නොවෙයි. සරත් නන්ද සිරි  සිල්වාට  ඕන  හැටියටයි.ඉස්සර ආදී ශිෂ්‍යයන්ගේ දරුවනට වෙන් කර තිබුනේ   15% ක්  පමණයි මගේ  මතකයේ  හැටියට එක තව  ටිකක් අඩු  කරාම  . ආදී ශිෂ්‍ය සංගම් එයට එරෙහිව  උසාවි  ගියා. ඒ  කාලේ අග්‍ර විනිශ්චය කාර  කමේ හිටපු සරත් නන්ද  සිල්වා "ආදී ශිෂ්‍යන්ගේ  ළමුන් 25%ක් පළමු ශ්‍රේණියට  ඇතුලත්  කරනු.' කියල  කැකිල්ලේ  තීන්දුවක්   දුන්න.  එකෙන් සිද්ධ උනේ ආදී ශිෂ්‍ය නොවන  දෙමාපියනට  බරපතල  අවාසියක්. ඇතැම් විටෙක පාසල අවට  සිටින දරුවනටත් තමන්ගේ  නිවස  අසල පාසල   අහිමි වුවේ  සහ  අහිමි  වන්නේ   මේ  නිසයි.

 

   කොහොම  උනත්  අවුරුද්දෙන් අවුරුද්ද  ඩිංග  ඩිංග  ටින්කරින් කර එවන පළමු ශ්‍රේණියට ඇතුලත් කර  ගැනීමේ චක්‍ර  ලේඛය කුණු කුඩයට  දාල අලුත්ම  අලුත් චක්‍ර  ලේඛයක් නිකුත් කරන්න  දැන්  කාලය  ඇවිල්ල තියෙන්නේ.  එයට  හේතවු සුදුස්සන්ට  පාසල් අහිමි වීමට මේ චක්‍ර  ලේඛය හේතු  කාරක   වන  නිසයි. විශේෂයෙන්ම  ආදී  ශිෂයන්ගේ  දරුවනට  25%ක් වෙන් කිරීම නැවැත්විය  යුතුව තිබෙනවා. උදා  හරණයක්  කියනවානම් කොළඹ  ආනන්දයේ  ඉගන  ගත්   ආදී ශිෂ්‍යයා දැන්  පදිංචි  වෙලා  ඉන්නේ  ඔහු  ඉගන  ගත් පාසලට සැතපුම් 200ක්  ඈතින්    උනත්   ඔහුගේ  දරුවන්ට  කොළඹ  ආනන්දයට ඇතුලත්  කර  ගත  හැකියි. එයින් වැඩියෙන්ම   අවාසි වෙන්නේ  ආනන්ද  විද්‍යාලය  ආසන්නයේ   පදිංචිව   සිටින  දරුවෙකුටයි.


  වාර්ෂිකව පුංචි  පුංචි අලුත්වැඩියා  කොට   නිකුත්  කරන  චක්‍ර ලේඛයට  අනුව ආදී ශිෂ්‍ය පදනම (25%) , සහෝදර  පදනම (15%) , පාසලට  ආසන්නව  පදිංචිය (50%) , අධ්‍යාපන ශේෂ්ත්රය (5%) , ස්ථාන මාරු (4%)විදේශවල සිට  පැමිණි (1%)  ලෙස පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර  ගැනීම  සඳහා කෝටා වෙන්  කර තිබෙනවා.  ඉහත  පදනම් මත සම්මුඛ පරීක්ෂණ සහ අභියාචනා මගින්  පළමු ශ්‍රේණියේ  එක්  පන්තියකට ළමුන් 34 දෙනෙකු ඇතුලත් කර  ගන්නා අතර ක්‍රියාන්විත  රාජකාරි  පදනම  යටතේ  ත්‍රිවිද  හමුදා පොලීසිවල අයගේ දරුවන්  5 දෙනෙකු ඇතුලත්  කර  ගැනු  ලබනවා ඒ  අනුව  2017  වසරේදී පළමු ශ්‍රේණියේ එක්  පන්තියකට ඇතුලත් කර  ගන්නා සම්පුර්ණ ශිෂ්‍ය සංඛ්‍යව තිස්  නමයක් වෙනවා. මේ  වසරේ  නම් එක  පන්තියකට සිසුන් 40 ක් ඇතුලත්  කර ගනු  ලැබුවා.

 

 මේ  සියලු  පදනම්  අහෝසි කොට පදිංචිය මත  පමණක් පාසල්වලට  සිසුන් ඇතුලත් කර  ගැනීමට  කාලය  පැමිණිලා තිබෙනවා  යන්න මගේ අදහසයි. මන්ත්‍රී  තුමා , දොස්තර  මහතා,   නඩු  කාර තුමා ,පොලීසියේ  ඉන්ස්පැක්ටර්   මහතා , ප්‍රාදේශීය  ලේකම් තුමා  ආදී  ලොක්කන්ගේ  දරුවන්  ගමේ  කුසුමාවතීගේ දරුවා  සමග  එක  පාසලේ ඉගන  ගන්නට එමගින් අවස්ථාව හිමි  වෙන අතර එවැනි  පසුබිමක් යටතේ එකී  පාසලේ  අධ්‍යාපනයේ  ගුණාත්මක  වර්ධනයක් ඇති  කිරීමට  විදුහල්පති සහ  ගුරුවරුනටද සිදුවෙනු  නොඅනුමානයි.

 

අධ්යාපනයේ සම අවස්ථා අත්පත් කර  ගැනීමටද  එය  මහගු පිටුවහලක් වනු ඇත  යන්න මගේ  විශ්වාසයයි.

Comments

serendipity said…
ජනප්‍රිය කියන කොළඹ පාසල් වලට පිට පලාත්වලින් ආවහම විශ්ව ව්ද්‍යාල ප්‍රවේශයේ දී කොළබ ඉපදී කොලඹ "අයිල" පාසල්වලට ගිය කොළඹ ළමයාට විසාල අසාධාරණයක්ද සිදුවෙනවා. මෙවර වෛද්‍ය විද්‍යලයට තෝරාගත් ලකුණු මෙයට උදාහරණයක් කොළබට වඩා ගම්පහ අවම z ලකුණු ව්ශාල වෙනසක් තියෙන්නේ ගම්පහ ළමයි කොළබ රෝයල් , ආනන්ද , ව්ශාකා වැනි පාසල්වලට පැමිණ කොළඹ ජන අනුපාතය අනුව ව්ශ්ව විද්‍යාල වලට ඇතුල්වීමට සිඅුවන නිසා ඔවුන් ඇත්ත වශයෙන්ම අයිති දිස්ත්‍රක්කයේ ජන අනුපාතයට අනුව එම දිස්ත්‍රක්කයේ ම පාසලක ඉගෙන ගන්නා ළමයාට වැඩි අවස්ඨාවක් හිමිවන අතර සැබෑ කොළඹ ළමයාට අසධාරණයක් සිදුවේ
කුකුලා මෙතැනට කොටා තිබෙන්නේ කලින්ය. තෙවරප්පෙරුම කලේ පාසලක් අහිමි ලමයෙක්ට පාසලක් ලබාදීම යැයි එදා කෙනෙක් තර්ක කලේය. ඒක හොඳ වැඩකි. ඒකේ දෙකක් නැත. නමුත් දුන්නෙ වැරදි ආදර්ශයකි. ඒ වැරදි ආදර්ශය ගත්තේ මෙදා රටේ ඉහලමු බුද්ධිමතුන් යැයි සම්මත පිරිසකි. ඒ ගැන ලිව්වට මෙන්න කුකුලට මගෙං හාල් මිටක් බා බා බා බා...

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...