Subscribe to:
Post Comments (Atom)
ISIS සංවිධානය ලංකාවේ කුමන්ත්‍රණයක් අරඹලා ?
මුස්ලිම් මීහරක් තරුණයෝ කීප දෙනෙක් පසුගිය දවස්වල හිංගල බහුජ්ජයන්ව අවුස්සගන්න විවිධ දේ කරා .එකක් තමා බුදුපිළිම වලට හ...


-
ඇඩොල්ෆ් හිට්ලර් පිළිබඳව ලියනවාට වඩා ඔහු පිලිබඳ චායාරුප ප්‍රදර්ශනයක් නැරඹීමෙන් ඔහු කවුදැයි අවබෝධ කරගැනීමට ඔබට හැකිවෙතැයි ...
-
සුගන්ධිකා ෆර්නැන්ඩු මහත්මිය එක රැයකින් ජනප්‍රිය චරිතයක් වී තිබේ. එමෙන්ම එක රැයකින් සතුරන් රැසක්ද ඇය ඇති කරගෙන තිබෙන බව පෙනේ...
-
අගමැතිවරයාට එරෙහි අප්‍රියෙල් 4 වනදා පාර්ලිමේන්තුවට ගෙනෙන විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරාවිද නැතහොත් පරදිවිද යන්න ගැන අනුමාන...

13 comments:
මගේ අදහස අනුව විජේවීර තුල හීනමානතා සංකීර්ණය ,බොල්ලෑ දත් නිසා Body dysmorphic disorder, කුඩා කාලයේ සිට අත් දුටු ක්‍ෂිතිමය අත්දැකීම් නිසා Posttraumatic Embitterment Disorder යන තත්වයන් තිබුනා , ඒ මානසිකත්වය මත තමයි ඔහු ප්‍රචණ්ඩත්වය සඳහා සාමාජිකයන් යොමු කරන්නේ. නමුත් පුද්ගලිකව ගත් කල ඔහු බියසුළු පුද්ගලයෙක්, එසේම තම තීරණ නිසා සිදු විය හැකි දේවල් පිලිබඳ නිසි තක්සේරුවක් තිබුනේ නෑ. එසේම පැරනොයිඩ තත්වයන් මෙන්ම අධි සැකය ඔහු තුල කේන්ද්‍ර වී තිබුනා. විජේවීර චරිතය මනෝ විද්‍යාත්මකව විග්‍රහ කිරීමට අවශ්‍යයි . නමුත් මේ දක්වා කිසිම වෘත්තිකයෙකු එයට අත ගසා නෑ.
පවත්නා ධනපති ක්‍රමය තුල සියළු නිශ්පාදනවල අයිතිය ධනපති පංතිය සතුව පවතී සමාජවාදී විප්ලවය යනු එම අයිතිය ජනතාව සතු කිරීමයි එය කල හැකි වන්නේ නිශ්පාදන කාර‘යෙහි නයැළුන වැඩකරන ජනතාවටම පමණි.විජේවීරලා කලේ ජනතාව වෙනුවට තමන් ආදේශවී රජය සමග ගරිල්ලා සටනකට යාමයි.එය පරාජය නලලේ කොටාගත් සටන් විධි ක්‍රමයකි.විප්ලවවාදී පක්ෂය කලයුතුවන්නේ වැඩ කරන ජනතාවගේ අරගලයට නායකත්වය හා බලය සදහා මගපෙන්වීමය.යමී විධියකින් එදා විජේවීරලා අහඹුලෙස හෝ බලය ගත්තේනමි ඉන් බිහිවන්නේ සෝවියටි පන්නයේ නිළධාරිවාදී පාලනයකි එයින් කමිකරැ පංතියට වන සෙතක්නැත.ධනපති මර්ධන යාන්ත්‍රනය වෙන්වට එය ආදේශවීම හැර.
ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික තත්වයට වඩා යටින් දිවෙන, කුලමල සහ ආගම් සබඳතා, රාජ්‍ය ආකල්ප යටතේ, සන්නද්ධ විප්ලවයක් කල නොහැකිය යන්න, රෝහණ විජේවීරට නොවැටහීම, ඉතා අවාසනාවන්ත ව්‍යසනයකට මුල පෑදීමක් වුණා.
විජේවීර දක්‍ෂයෙකි, අනුන් ආකර්ෂණය කර ගත හැකි තැනැත්තෙකි. අවාසනාවට ඔහු මෝඩයෙකු විය.
ටිංකිරි ටින්වලින් බෝම්බ හදා පොලිසි අල්ලා ගැනීමට 1971 සැළසුම් කර ඉන් පාඩමක් ඉගෙන නොඝෙන ගල්කටස්වලින් රටම අල්ලන්නට පසුව 87 දී හිතන්නේ මෝඩයෙකු නොවේ නම් වෙන කවුරු ද?
ඉතාම හොද විග්‍රහයක්. මට මතකයි ඔය කාලෙ. අපි කුඩා පාසල් සිසුන්. වැරදි උපාය මාර්ග තේරීම නිසා සිදුවූ දැවැන්ත විනාශය අපි දුටුව. විජේවීර කුඩා කල අත් විදි ඇත්දැකීම් නිසා ඔහුගේ විනාශකාරී ආවේගයන් මුලු රටටම මුදා හැරියා විය හැකියි. සිය පියා ආබාධිතයෙක් කල එජාපය ගැන වෛරය පිරිමහගත්තෙ 89 දි. දත් බොල්ලෑව කුල ප්‍රශ්න විරූපි බව ආදි වශයෙන් දහසක් හීනමාන තියෙන්නත් ඇති. ඒ වගේම විජෙවීර ඉතා අසාමාන්‍ය චර්යා තිබූ අයෙක් බව කියනව. ඔහුට හිතවත් අය ඒව හපන්කම් ලෙස කීවත් මානසික රෝගී ලක්ෂන බව දන්න අය දන්නවා.
ජවිපෙ 89 දි බලයට ආවනම් රටෙන් බාගයකට වඩා මරනවා. 88 දි රට පාලනය කලේ ජවිපෙ ලව දෙව නැතිව මිනීමැරුව. ඒ කාලෙ කට්ටිය ජවිපෙට බැදෙන්නත් ඒක එක හේතුවක් වෙන්න ඇති. වීරත්වය ගමේ චන්ඩිකම් කල හැකිවීම ආදිය නිසා.ජවිපෙට තේරෙන උත්තර දුන්නෙ 89 දි.
හමුදා යාන්ත්‍රනය ඉදිරියට දැම්මෙ පාසල් සිසුන් වගෙ අය.
ආරක්ෂක අංශ එක්ක හැප්පුනහම තමන් සෙට්ට පොච්චිවෙනබවවත් මුන්ට තේරුම් ගන මොලයක් තිබුනෙ නැද්ද.
ජවිපෙ හිතුවෙ ජවිපෙ සතුරන්ටයි දුක වේදනාව දැනෙන්නෙ කියල. ඒක ජවිපෙ පවුල්වල අයටත් දැනෙන බව නිල හා නිල නොවන හමුදා කියල දුන්න
රුවන්...චේ ගැන කස්ත්‍රෝ ගැන හෝ වෙනත් ආයුධ සන්නද්ධ විප්ලවකාරීන් පිලිබඳ ලියවුනු මෙවන් මනෝ විද්‍යාත්මක විග්‍රහකිරීම් තිබෙනවානම් ලින්ක්ස් ටිකක් දාන්න ප්ලීස්. කියවන්න ආසයි.
ට්‍රාන්ස්.......... හැබැයි මෙහෙමයි... විජේවීරගේ චරිත ලක්ෂණ මත ඔහුගේ මානසිකත්වය අනුව යමින් එකල ඇති වූ සමාජ ගැටළු සියල්ලට ඔහු හේතුවක් යැයි කීම නිවැරදි අදහසක් නෙමෙයි නේද???? ඒ වෙද්දි ලංකාවේ ඇති වී තිබූ සමාජ පසුබිම, තරුණ පරපුරේ තත්වය, දේශපාලන තත්වය, ආර්ථික පරිසරය වැනි සියලු කාරණා අනූව මේ තත්වය විමසා බැලිය යුතුයි...... ඒ දේ සමහර විට විජේවීර නොකලා නං වෙන කෙනෙක් හරි කරන්න ඉඩ තිබුණා...... ඒ නිසා මේ කාලවකවානුවේ සිදු වූ සියල්ල විජේවීරට අනුව පුද්ගලබද්ධ ව විග්‍රහ කිරීම නොකළ යුත්තක්..........
විජේවීර නං කවදාවත් මං දැකලා නැහැ. මං ඉපදෙද්දිත් විජේවීර ජීවතුන් අතර නැහැ. නමුත් ඔහු සමග එකට විප්ලවය කරන්න උත්සහ කරපු අදට ජීවතුන් අතර ඉන්නා කීප දෙනෙක් එක්කම ළගින් වැඩ කරන්න මට ටික කලකට කලින් අවස්ථාවක් ලැබුණා..... ඔවුන් දැන් නං බොහෝ දුරට වෙනස් වෙලා. නමුත් ඔවුන් සමග ඇසුරු කිරීමේ දී මට ඉගෙන ගන්නට ලැබුණ දේ බොහෝයි...... ඔවුන් තුළ මං දැකපු පොදු ලක්ෂණ ගොඩක් තිබුණා. ඔබ ඉහතින් සදහන් කරලා තියෙන නම් ඇත්තවුනුත් ඒ අතර වුණා. මගේ අත්දැකීම නං ඒ ඇසුර මට බොහෝ දේ ඉගැන්වූ බවයි.....
//// විජේවීරගේ චරිත ලක්ෂණ මත ඔහුගේ මානසිකත්වය අනුව යමින් එකල ඇති වූ සමාජ ගැටළු සියල්ලට ඔහු හේතුවක් යැයි කීම නිවැරදි අදහසක් නෙමෙයි නේද???? /////
රුවන් දකින්නේ මනෝ විද්‍යාත්මක හෝ විද්‍යාත්මක පසුබිමකින්නේ. නමුත් එදා සමාජ පසුතලය සමග එදා 71 හිටපු මිනිස්සු රුවන්ට වඩා වෙනස් කෝණයකින් ඒ දකින්න ඇති. මමත් රුවන්ගේ මේ විග්‍රහයට ඒතරම් කැමති නැහැ. නමුත් මගේ කැමැත්ත නෙමේනේ සියල්ල. රුවන්...මනෝ විද්‍යාත්මක විග්‍රහයන් යනු සමාජ, සංස්කෘතික සහ අන් සියලු විග්‍රහයන්ගේ අග්‍ර ඵලය නොවේ. ඔබේ විග්‍රහයෙන් මා කුපිත වුනා නොවේ.
මා හිතන්නේ සුදු කුකුළා, කාලයකට පෙර රතු කුකුළෙක් නිසා, කාටත් සාධරන ඌන පූරනයක් රුවන්ගේ කමෙන්ට් එකට එක්කරාවියයි කියා. අපි ඉස්සෝ නොවෙමු.
1) අරුණ ලෙනින් ගැන මනෝ විග්‍රහයක් කලා ඒක මගේ බ්ලොග් එකේ ඇති.
2) එකල ඇති වූ සමාජ ගැටළු සියල්ලට විජේවීර හේතුවක් යැයි මම කිසිම තැනක කියා නැත . මම කිව්වේ විජේවීර තුල තිබ්බ මානසික සාධක පමණයි
තිබුණු සමාජ ප්‍රශ්න නිසා විජේවීර නොසිටියානම් වෙනත් අයෙකු කැරැල්ලක් ගසන්නට ඉඩ තිබුනා නේද? යන ප්‍රශ්නයට එකඟ විය නොහැක. කැරලි දෙකම ගැසුවේ විජේවීරගේ උවමනවටය. අදත් එම ප්‍රශ්න තිබේ. විජේවීර මියගොස් අවුරුදු 27ක් ගතවී ඇතත් ජවිපෙ ක්‍රියාකාරී වී පවතින මුත් කිසිවෙකු කැරලි ගසන්නේ නැත්තේ මන්ද?
මා 70/71 කාලයේ උසස්පෙළ සිසුවෙක්. අපේ පන්තියෙත් JVP පංති වලට සහබාගිවු ක්රියාකාරීන් සිටියා.අප සමහරකගේ වාසනාවටදෝ අපට භූගෝල විද්‍යාව ඉගැන්වූ ගුරුවරයෙකු සිටිය චීන කොමියිනිස්ට් වාදියෙක්. මෙතුමා JVP එකේ ක්‍රියා කලාපය එහි නායකත්වය එහි දැක්ම සහ ශ්‍රී ලංකාව තුල එහි කාර්ය භාරය ගැන ඉතාමත් විවේචනාත්මකවූ අයෙක්. කෙටියෙන් කියතොත් ඔහු JVP යට බැදුනොත් අත්වීමට යන ඉරණම ගැන පවා අපව කලින්ම දැනුවත් කළා. ඔහු පැවසු සියල්ල සිදු වුනා. කකියන ලේ ඇති අවංක, තරුණ විප්ලවවාදීන් එක් තැන් කර සංහාරයට පත් කරනු ලබන බව ඔහු අපට පුන පුනා පැවසුවා. JVP ය එකල, බිලි පිත්තේ ඇමට පාවිච්චි කරනු ලැබූ බව, අපට තේරුම් ගියා. ඒ කවුරුන් විසින්ද? ප්‍රේමලාල් රණවීරට අපගේ ප්‍රණාමය. .
/* ඔහු පිළිබඳව ලියවී ඇති ග්‍රන්ථ සංඛ්‍යාව සිය ගණනක් බවට සැකයක් නැත. */
මට නම් සැකයක් ඇත.
විජේවීර ගැන ම ලියවුණු පොත් පනහක්වත් තියේද? ලැයිස්තුවක් හදමු?
Post a Comment