2022 අරගලය ට බියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු තෙල් නොදී වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය තෙල් නැති කමින් බස් දිව්වේ නැත බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට නොහැකි විය මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ ගෑස් නැති කම නිසා සුපර්මාකට්...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත







Comments
ටිංකිරි ටින්වලින් බෝම්බ හදා පොලිසි අල්ලා ගැනීමට 1971 සැළසුම් කර ඉන් පාඩමක් ඉගෙන නොඝෙන ගල්කටස්වලින් රටම අල්ලන්නට පසුව 87 දී හිතන්නේ මෝඩයෙකු නොවේ නම් වෙන කවුරු ද?
ජවිපෙ 89 දි බලයට ආවනම් රටෙන් බාගයකට වඩා මරනවා. 88 දි රට පාලනය කලේ ජවිපෙ ලව දෙව නැතිව මිනීමැරුව. ඒ කාලෙ කට්ටිය ජවිපෙට බැදෙන්නත් ඒක එක හේතුවක් වෙන්න ඇති. වීරත්වය ගමේ චන්ඩිකම් කල හැකිවීම ආදිය නිසා.ජවිපෙට තේරෙන උත්තර දුන්නෙ 89 දි.
හමුදා යාන්ත්‍රනය ඉදිරියට දැම්මෙ පාසල් සිසුන් වගෙ අය.
ආරක්ෂක අංශ එක්ක හැප්පුනහම තමන් සෙට්ට පොච්චිවෙනබවවත් මුන්ට තේරුම් ගන මොලයක් තිබුනෙ නැද්ද.
ජවිපෙ හිතුවෙ ජවිපෙ සතුරන්ටයි දුක වේදනාව දැනෙන්නෙ කියල. ඒක ජවිපෙ පවුල්වල අයටත් දැනෙන බව නිල හා නිල නොවන හමුදා කියල දුන්න
රුවන් දකින්නේ මනෝ විද්‍යාත්මක හෝ විද්‍යාත්මක පසුබිමකින්නේ. නමුත් එදා සමාජ පසුතලය සමග එදා 71 හිටපු මිනිස්සු රුවන්ට වඩා වෙනස් කෝණයකින් ඒ දකින්න ඇති. මමත් රුවන්ගේ මේ විග්රහයට ඒතරම් කැමති නැහැ. නමුත් මගේ කැමැත්ත නෙමේනේ සියල්ල. රුවන්...මනෝ විද්‍යාත්මක විග්රහයන් යනු සමාජ, සංස්කෘතික සහ අන් සියලු විග්‍රහයන්ගේ අග්‍ර ඵලය නොවේ. ඔබේ විග්‍රහයෙන් මා කුපිත වුනා නොවේ.
මා හිතන්නේ සුදු කුකුළා, කාලයකට පෙර රතු කුකුළෙක් නිසා, කාටත් සාධරන ඌන පූරනයක් රුවන්ගේ කමෙන්ට් එකට එක්කරාවියයි කියා. අපි ඉස්සෝ නොවෙමු.
2) එකල ඇති වූ සමාජ ගැටළු සියල්ලට විජේවීර හේතුවක් යැයි මම කිසිම තැනක කියා නැත . මම කිව්වේ විජේවීර තුල තිබ්බ මානසික සාධක පමණයි
මට නම් සැකයක් ඇත.
විජේවීර ගැන ම ලියවුණු පොත් පනහක්වත් තියේද? ලැයිස්තුවක් හදමු?