දවස මතක නැත. එහෙත් අවුරුද්ද ක්‍රිස්තු වර්ෂ 1989 යි වෙලාව දහවල් දෙකට විතර ඇත.. හමුදා ජීප් රථයක් පැමිණ අපගේ හන්දියේ නැවත්තුවේය. හමුදා භටය න් කීප දෙනෙකු තුවක්කු අමෝරාගෙන එලියට පැන වට පිට සෝදිසියෙන් බැලු නමුත් සැක සහිත දෙයක් ඇස ගැටුනේ නැත. ඔවුන්ගේ හිත තරමක් සැහැල්ලු වුනා විය හැක.ජීවිතයට තර්ජනයක් නැති බැවින් පාර අයිනේ තිබු ගසකින් කුරුම්බා බොමු යි එක් භටයෙකු යෝජනා කළේය. ගස් නගින්නේ කවුදැයි ඇසු කෙනෙක් නැත. කුරුම්බා වල්ලක් දෙසට තුවක්කුව මෑණු භටයෙකු කොකා ගැස්සුවේය. කුරුබ්බා ගෙඩි හත අටක් කඩා වැටුණු අතර ඒවා අහුලා ජීප් රියට දාගත් ඔවුහු යන්නට ගියහ.
* * * * * * * * * * * * * * * * * * * *


Comments