Skip to main content

විජේවීරගේ ආණ්ඩුවක් ආවානම් හොඳය.

 

 

දවස  මතක  නැත. එහෙත් අවුරුද්ද  ක්‍රිස්තු වර්ෂ  1989 යි වෙලාව  දහවල් දෙකට  විතර  ඇත.. හමුදා ජීප් රථයක්  පැමිණ අපගේ  හන්දියේ  නැවත්තුවේය. හමුදා භටය න්  කීප දෙනෙකු තුවක්කු අමෝරාගෙන  එලියට  පැන  වට  පිට  සෝදිසියෙන් බැලු  නමුත් සැක  සහිත  දෙයක් ඇස ගැටුනේ නැත. ඔවුන්ගේ හිත  තරමක් සැහැල්ලු  වුනා  විය  හැක.ජීවිතයට  තර්ජනයක්  නැති  බැවින් පාර  අයිනේ  තිබු  ගසකින්  කුරුම්බා  බොමු යි එක්  භටයෙකු  යෝජනා  කළේය. ගස්  නගින්නේ  කවුදැයි ඇසු  කෙනෙක්  නැත. කුරුම්බා වල්ලක් දෙසට තුවක්කුව  මෑණු  භටයෙකු  කොකා ගැස්සුවේය. කුරුබ්බා  ගෙඩි  හත  අටක් කඩා වැටුණු  අතර ඒවා අහුලා  ජීප්  රියට දාගත්  ඔවුහු යන්නට  ගියහ.


*     *      *     *      *     *      *       *     *     *      *     *      *    *     *      *      *      *         *       *

දින  මතක  නැත .අවුරුද්ද 2007 ය.  ප්‍රදේශය  පුදුකුඩුඅරිප්පුවය  .සටනකට  ගිය යුධ  භටයෝ සටන  නිම කොට  ආපසු එමින් සිටියහ .ඉතිරිවී තිබුණු උණ්ඩ සහ බෝම්බ වෙහෙස   නිසා  ඔසොවා  ගෙන ඒමට බැරි  තරමට  බරය.  ප්‍රශ්නයට  විසඳුමක් සොයා  ගත්හ. පාලු  ලිං පතුලට ඒවා  හලනු  ලැබිණ.

*   *     *    *     *     *      *         *        *        *        *       *        *       *       *        *         *       *      *

මගේ  මිත්‍රයෙකු  පසු  ගියදා  පාසලකට  ගියේ  විදුහල්පතිගේ   ඉල්ලීමට  අනුවය.  කාර්යාලයේ තැන  තැන  පරිගණක  දහයක්  පමණ විසිකර  දමා  තිබිණ. ඒ  ගැන  මගේ  මිතුරා විමසු  විට  විදුහල්පති  කීවේ  ඒවා  අබලන් වී තිබෙන බවය. පරිගණක ශිල්පය  ඉගැන්වීමට  උපාධි ධාරි  ගුරුවරියක්  සිටින  අතර ඇය දැන් උගන්වන්නේ  ලැප්ටොප් එකක්  මගිනි.  විසිකර තිබු  පරිගණකයක්  පරීක්ෂා  කර  බැලු මගේ  මිතුරා විනාඩි 10ක්  තුලදී එය  යථා  තත්වයට  පත්  කළේය. පරි  ගණක  ගුරුවරියගෙන්  විමසු විට  ඇය  කිවේ  කැඩුණු ඒවා  හදන්නට  ඇය  නොදන්නා  බවය.

*    *      *       *      *    *      *        *       *       *         *        *         *          *         *        *        *

 රජයේ  සේවයේ  යෙදී  සිටින කාලයේ  මා සේවය  කළ  අධ්‍යාපන  කලාපයේ  ගුරුවරුන්ට  සහ  සිසුන්ට  ප්‍රයෝජන  ගැනීම  සඳහා   ඉංග්‍රීසි  භාෂා   මධ්‍යස්ථානයක්  ආරම්භ  කළෙමි .දම්රෝ  ආයතනයෙන් මනස්කාන්ත  මේස  සහ  පුටුද ලේක් හවුස් පොත්  හලෙන්  ඉංග්‍රීසි  පොත් දහස්  ගණනක්ද , පරිගණක කීපයක්ද  චායා  පිටපත්  යන්ත්‍රයක්ද  තවත්  ඉගැනුම් උපකරණ  ගණනාවක්ද  මිල  දී ගනු  ලැබිණ . වසර  තුන  හතරක්  එම සම්පත් යොදාගනිමින්   ගුරුවරුන්ගේද , සිසුන්ගේද ප්‍රයෝජනය සඳහා  වැඩ  සටහන් රැසක්  ක්‍රියාත්මක  කරනු  ලැබිණ.

මෑතකදී එහි  ක්‍රියාකාරිත්වය   පිළිබඳව  සොයා  බැලු  විට  දෑන  ගන්නට  ලැබුනේ  එහි  සම්පත් වර්ෂාවෙන්ද  මීයන්ගෙන්ද  විනාශ  වෙමින් පවතින  බවය.

*        *         *          *           *           *          *            *            *            *          *          *          *    

ස්ථානය  කළුතර දිස්ත්රික්කයේ  ප්‍රාදේශීය  කාර්යාලයකි. දිනයක් අවුරුද්දක් සඳහන් කළ යුතු  නැත.හේතුව  නිරන්තරයෙන් මේ සිද්ධීන් දැකිය  හැකි  නිසාය. උදේ  සහ දිවා  ආහාර  ගත් පසු  කාර්යාලයේ  නෝනලා  සහ  මහත්තරු  අත  පිස  දමන්නේ  අලුත්  හාෆ් ශීට් කොලවලය. ඒවා නොමැති වූ  විට අලුත්  චායා   පිටපත් කොළ භාවිතා  කරති . තේ  වෙලාවට ගෙනෙන වඩේ, රෝල්  ආදී දෑ  වාඩි  කරවන්නේ   අලුත්  හාෆ්  ශීට් කොළ  මතය .ඇතැම් දිනක සිකුරාදා සිට සඳුදා වන තුරුම  විදුලි පංකා කර කැවේ.  විදුලි  ලාම්පු ද  එසේමය.පරිගණක , චායා  පිටපත්  යන්තර නොකඩවා දින  ගණන්  විදුලිය  සහ සම්බන්ද කර  තිබේ. අකුණු  ගසා විනාශ වුවත් වග කීම  බාර ගන්නට  කෙනෙක්  නැත.

*            *              *                   *                   *                   *                    *                 *                 *

දින කීපයකට  පෙර කෝප් කමිටුවේ  කට්ටිය  කැලණියේ  තිබෙන  අවුෂධ ගබඩාවක්  බැලීමට  ගියහ. කල්  ඉකුත් වූ සහ  කල් ඉකුත් වීමට ආසන්න අවුෂධ   අති   විශාල  ප්‍රමාණයක් එහි  තිබිණ. කෝප්  කමිටුවට  අනුව ඒවායේ   වටිනාකම රුපියල්  කෝටි  100  කට  අධිකය.  රාජිතද  කීවේ විනාශ  කිරීමට  තිබෙන  බෙහෙත් තබන්නේ එම  ගබඩාවේ  බවය.

*            *                 *             *            *              *               *             *                 *                    *

යුද්ධ  කාලයේ  ගෙන්වූ  අවි  ආයුධ සහ  උණ්ඩ  වසර  ගණනාවක් තිස්සේ  වැඩක්  නොගෙන  පල් වෙමින්  තිබෙන අතර  ඒවායින් විශාල ප්‍රමාණයක්  මිලදී  ගනු  ලැබුවේ  චීනයේ නොරින්කෝ සමාගමෙන් ය.ගබඩා  වල පල්වන එම  අවි සහ උණ්ඩ  ආපසු  නොරින්කෝ  සමාගමට  විකිණීම  සඳහා  ඇමති  මණ්ඩලය අනුමැතිය  ඉකුත් අප්‍රියෙල්  මාසයේ  දුන්  නමුත් ඒවා  ආපසු මිලදී  ගැනීමට එම  සමගම අකමැති  බව ස්ථිර  නොකළ  ආරංචි  මාර්ග වලින්  දැන  ගන්නට   තිබේ.. එයට  හේ තුව  වී  තිබෙන්නේ අනාරක්ෂිත  ලෙස ඒවා ගබඩා  කිරීම බව  කියවේ. මේවායේ  වටිනාකම  හෙළිවී  නැතත් කෝටි සිය  දහස්  ගණනක්  බවට අනුමාන  කිරීම  අසාධාරණ  නැත. 

 ගින්නට   බිලිවූ  කොස්ගම  ශාලාව  කඳවුරේ අවි  ආයුධ වල  වටිනාකම   කොපමණදැයි අපි දන්නේ  නැත. කෙසේ  වෙතත් පැය 36  කට අධික  කාලයක්  තිස්සේ  පුපුරන්නට දේවල් එහි  තිබිණ.ඒවායේ  වටිනාකම  කෝටි  දෙතුන්  සිය  ගානක් විය  යුතු  යැයි  හිතා ගත්තට වැරද්දක්  නැත.

*            *              *                 *                    *                   *                 *                   *                  *

ඔය  මා   ලිව්වේ  රාජ්‍ය  සේවයේ  ස්ථාන  කීපයක   පමණක්  සේවය  කරන  නෝනලා  සහ  මහත්තුරු  අපගේ සල්ලි  මකර  කටට යවන හැටිය. එය ඔය  කිව්  ස්ථානවලට  පමණක්  සීමා  නොවන  බව අමුතුවෙන්  ඇඟිල්ලෙන් ඇන කියන්නට  ඕනැ  නැත  පාසල් 10000ක් ,රජයේ  කාර්යාල ඊටත් වැඩියෙන්ද   රට පුරා විසිරී තිබේ. ඔවායින් 50 % ක රජයේ  දේපොළ විනාශ  කරමින්   සහ විනාශ  වෙමින්  පවතින බවට අනුමාන කිරීම සාධාරණය.   ජනාධිපති  කාර්යාලයට වසර කීපයකට  පෙර   මිලදී  ගත්  වාහන අව්වට  වැස්සට  තෙමෙමින් දිරා පත් වන   හැටි පෙන්වන  චායාරුපද  පසු  ගිය  කාලයේ    පළවිය. නැව් නොඑන වාරයක්ද   ගුවන්  යාන  නොඑන  ගුවන් තොටුපලක්ද   හදන්නට  කෝටි  දස  දහස්  ගණනක්   නාස්ති  කළ   රටක   කාර්යාල  සේවකයෝ  හාෆ්  ශීට් එකෙන් අත  පිසදා  ගැනීම මොන  කෙන් ගෙඩියක්  දැයි ඇතැමෙකුට  සිතෙන්නට  පුළුවන. එහෙත්  එම  ස්ථානවල එදා සිට අදත් එමෙන්ම  ඉදිරියටත් නාස්ති   කරන්නේ ආණ්ඩු  අපෙන්  හුරා  කන සල්ලිය. එය  සුළු පටු කොට  සැලකිය  නොහැක.

 ඉවරයක් නැති මේ විනාසය දකින  විට  හිතෙන්නේ  ප්‍රභාකරන්ගේ  හෝ විජේවීරගේ  ආණ්ඩුවක්   ආවා   නම්  හොඳ  කියාය.

එසේ  වූවා නම් රටේ ධනය විනාශ  කරන රාජ්‍ය සේවකයන්  කාර්යාලවලින් එලියට ගෙන තාප්ප වලට තබා වෙඩි  තබනවාට  සැකයක්  නැත. 

මහින්දලා  නම්  කෙසේ හෝ ශේප්  එකක් දමා  ගැනීමට  ඉඩ  තිබේ .  එසේ  බැරි  වුවහොත්  උගන්ඩාවට  යාමට  වත්  පොටක්  පාදා  ගනු  ඇත.

Comments

ඔහේට ඔල්මාදෙ, හාෆ්ශීට් වල අත පිහිදාන්නේත් ජේවීපී කාරයෝම තමයි. ජේවීපී කාරයෝ ආවනම් ඉස්සෙල්ලම මරන්නේ ඔහෙලව ඊළඟට අපිව, ඉතුරුවෙන්නේ හාෆ්ශීට් වලින් අතපිහිදාපුවුන් විතරයි.
Transylvania said…
රාජ්‍ය සේවයේ නාස්තිය උපරිමයි. දේශපාලකයා මෙන්ම රජ්‍ය සේවකයන් බහුතරයද දූෂිතය
Unknown said…
Wijewira socalism man but he litle racism too. Now anurakumara good. He gooder than Wijewira.
Ajith said…
ඉතා වැදගත් අදහස් දැක්වීමකි. මේ ගැන පසුව සවිස්තරව ලියමි.
Nimal said…
අපේ අමත්යන්සයේ දෙපාර්තමේන්තුවේ මිලදීගැනීමේ ලිපිකරුවෙක් සිටියේය. ඔහු වසර පුරාම කරන්නේ මිලදී ගැනීමය.
Manoj said…
මේ නාස්ති වෙන්නේ අපේම සල්ලි කියලා ඔය තැනවල වැඩ කරන උන් තේරුම් ගන්නකම් ඔව්වා ඔහොම තමයි.මේ වගේ නාස්තිකාර වියදම් වලට ඒ ඒ ආයතන ප්‍රධානින් වගකීම දරන්න ඕනේ නැතිද?
kumara said…
ආන්ඩුවේ කන්තෝරු වල ඉන්න වැඩි හරියක් දෙනා හිතාගෙන ඉන්නේ ඔය නාස්තිවෙන දේවල් ඒ අයගේ නෙමයි කියලයි.ලංකාවට වෙලා තියන ලොකුම වින්නැහිය ඔය රජයේ සේවය.ඕකට ගියහම වැඩ නොකලත් පඩිය හම්බ වෙනවා.ඒ වගේම පෙන්ශන් එකත් ලැබෙනවා.ඉතින් මොන මගුලටද වැඩ කරන්නේ. ලංකාවේ රජයේසේවකයන්ට වැඩකරන්න ටාගට් එකක් දෙන්නඕනෑ. පිටරටවලත් ඔය පබ්ලික් සර්විස් එකේ අයට එහෙම ටාගට් තියනවා. දවසක් තුල කරපු දේවල් රෙකෝඩ් එකක් දෙන්න ඕනෑ.එහෙම නොකර ඉන්න බෑ. ඒ වගේ ක්‍රමයක් ලංකාවෙත් කලොත් ගොඩ.ඔය ඒ මහත්තය අද නෑ වෙන දවසක එන්න වගේ උත්තර දෙන්න බෑ එතකොට.
Cyril said…
බුලත් පයියට හෙන ගැහුවට පස්සෙ හුණු කිල්ලෝටය ගැන කථාකර පලක් නැත.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...