Skip to main content

මහින්ද මැති තුමණි ! ඔබට ආයුබෝවන් !

 

 

මහින්ද  රාජපක්ෂ  මහතා ඇති දක්ෂයෙකි.  සියලු  කැපිලි  කෙටිලි  ඉවසාගෙන 2005 මැතිවරණය  දක්වා  ඒමට  ඔහු දක්ෂ  විය. 2005  මැතිවරණයේදී පරාජය අබියස  සිටි  ඔහු ,  දිනුවේ  ඔහුගේ  හීන් නුල් සුත්තර   නිසාය. තමන්ට   නොලැබෙන්නට  තිබු  චන්ද  ලබා    ගැනීමටත්,   රනිල්ට  පාවිච්චි වීමට  තිබු චන්ද  වැලක්වීමටත්  ඔහු කටයුතු  නොකළේ  නම් දිනන්නේ  මහින්ද  නොව   රනිල්ය.


ජනාධිපති වූ  පසු   UNP මන්ත්‍රීවරු  තමන්ගේ  පැත්තට  හරවා  ගැනීම  ඔහුගේ  තවත් දක්ෂතාවයක්  බව  කිව  යුතුය. එතනින්  නොනැවතුණු  මහින්ද සිංහල පත්තරද ඔහුට  ඕනෑ  පරිදි  කීකරු  කර  ගත්තේය. ඔහුට  විරුද්ධ  අය  හොඳින්  තම පැත්තට  හරවා  ගැනීමට  නොහැකි වුවිට ඔවුන් මට්ටු  කර  තැබීමට අවශ්‍ය  පියවර  ඔහු  ගත්තේය.

 

ඉන්දියාවේ  සහය  නොමැතිව  යුද්ධය  කළ   නොහැකි බව දැන  සිටි මහින්ද ඉන්දියාවෙ  සහය  ලබා  ගැනීම සඳහා ඉන්දියානු  ආණ්ඩුවටද  බෝලයක් බැස්සුවේය. එම  බෝලය  වෙන එකක් නොව 13+ය. සරත් ෆොන්සේකා ඇතුළු හමුදා  නායකයන්ගේ   යුද්ධ උපක්‍රම  නිසාත්  , ඇති පදම් මුදල් යුද්ධයට වියදම් කිරීම  නිසාත්   ,සිවිල් වැසියන්ට ඕන බම්බුවක් වුනාවේ කියා යුද්ධය කිරීමට  අවසර  දීම  නිසාත්, ප්‍රභාකරන්ගේ මාරාන්තික වැරදි  නිසාත්  2009 දී මහින්ද  රාජපක්ෂ  මහතාට  කොටි  සංවිධානය  පරාජය  කිරීමට  හැකි විය.  

 

2010 දී  යලි   චන්දය  දිනා ගැනීමෙන් පසු මහින්ද  කල්පනා  කළේ  ඉදිරි මැතිවරණ  වලදීත් තරඟ  කොට  ජනධිපති  තනතුරේ  සිටීමටය. ඒ  සඳහා  ඔහු  බොහෝ දේ  කළේය.

 

2017  මැතිවරණය 2015   පැවැත්තුවේ  2017 වන  විට  ඔහුට  අවාසි වෙන  බව  ඔහු  හොඳින්ම  දැන  සිටි  නිසාය. ඔහුගේ  ගණන් බැලිල්ල  හරි  උනත් මෛත්‍රී තමන්ගේ  ප්‍රතිවාදියා වෙතැයි  ඔහු තුන්  හිතකින් වත්   හිතුවේ  නැත.

 

මහින්ද  ලෙහෙසියෙන්  පසු  බසින  මිනිහෙක්  නොවේ. මෛත්‍රී  ජනාධිපති වූ  පසු  ඔහු  යලිත්  සටන  ඇරඹුවේ  ඒ  නිසාය.තමන්  වටා   බලවේගයක් ගොඩ නගා  නොගතහොත්   හිරේ විලංගුවේ වුවද  වැටෙන්නට සිදුවේ දැයි ඔහු අනුමාන කරන්නට ඇත.

 

පසුගිය  සමයේ ඔහු  වටා  සැලකිය  යුතු  බලවේගයක්  ගොඩ  නගා  ගන්නට  මහින්ද   සමත් වීම  නිසා    අරලිය  ගහ මන්දිරයට  වැඩි  දුරක් නැතැයි සිතුවාට  සැක නැත.


එහෙත්  සියල්ල  කන පිට  හැරෙන්නට  පටන් ගත්තේ  ඉකුත්  මැයි දිනයත්  සමගය.  මෛත්‍රීගේ  ගාල්ලේ  මැයි  දිනය අසාර්ථක කිරීම  මගින්  ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ  අසහාය  නායකයා  ඔහු බව  ඔප්පු  කිරීමට  මහින්දට  උවමනා  විය.

එහෙත්  ගාල්ලේ  මැයි දින රැස්වීම  අතිශයින්  සාර්ථක වීම මහින්ද  පිලේ ගමනක  අවසානයේ ආරම්භය  සනිටුහන් කළ  බව දේශපාලන ශේෂ්ත්‍රයේ නව  වෙනස්  කම්  දෙස විමසිල්ලෙන්  බැලු  විට  පෙනී  යයි. 

 

මෙය  හොඳින්ම අවබෝධ  කර  ගත්තේ  වෙන  කිසිවෙකු  නොව  මහින්ද  සහ  මෛත්‍රීය.  තමන්ගේ  වල  කැපීගෙන එන  බැවින් එය  වලක්වා  ගැනීම  සඳහා   ශ්‍රීලනිපයේ දෙවෙනි  පෙළ  නායකත්වයට ගෝඨාභය   යෝජනා කරන  ලෙස  මහින්ද ජෝන් සෙනෙවිරත්නට  කීවේ   ඒ  නිසාය. රාජපක්ෂ  පවුලේ  අය  සමග  තමන්ගේ  කිසිම  ගනදෙනුවක්  නැතැයි  කියමින්  මෛත්‍රී ජෝන්ගේ  යෝජනාව   ලත්  තැනම   ලොප්  කළේ  ගෝඨාභයට  ඉඩ  දුනහොත් තමන්ගේ  වල  කැපෙන  බව  මෛත්‍රී ඉඳුරාම  දන්නා  නිසාය.

 

අවුරුදු  දෙකක් නොව  අවුරුදු  5ක්ම   හවුල්  ආණ්ඩුව  ගෙන  යාමට  මෛත්‍රී තීරණය  කළේද පක්ෂය  තුළ   තම  බලය  තව  දුරටත්  ශක්තිමත් කර  ගැනීමටත් මහින්ද  පිළ  තව  දුරටත්  දුර්වල   කිරීමටත්ය.

 

තව  දුරටත්  මහින්ද  සමග  සිටීමෙන්  තමන්  දේශපාලන  අනාථයන් බවට පත් වෙන  බව  මහින්ද  පිලේ  සිටින  ඇතැමුන් අවබෝධ  කර  ගනිමින් සිටින  බව  පෙනේ. තොන්ඩමාන් ඇතුළු  පිරිසක්  ආණ්ඩුවට එකතු වන්නට  යාමෙන්  තහවුරැ වන්නේ  එයයි. බලයේ  රස  විඳි  අයට  බලය  නැති විට හැදෙන  පිස්සුව  සනීප  වන්නේ ඇමති  පුටුවක වත් වාඩිවූ  පසුවය .


ඉදිරි   මාස  කීපයක  තුලදී මහින්ද  පිලේ  දෙවන  කණ්ඩායමත්   ආණ්ඩුවට  එකතු  වණු  ඇත. එවැනි   පසු  බිමක්  තුළ  මහින්දට    සිදුවන්නේ  එක්කෝ  මයිත්රීට   එකතු  වීමටය  . නැතහොත් දේශපාලනයෙන් විශ්‍රාම  ගන්නටය.

 

ආයුබෝවන් රාජපක්ෂ  මහතාණනි! දේශපාලනයෙන්  විශ්‍රාම  ගැනීම  ඔබට  තිබෙන  හොඳම  තේරීමය.

 

 


 

 

 

Comments

Cyril said…
මෛතුුි හොරැටික අල්ලල ඇතුලට නොදැමිමොත් ඔහුගේ වල ඔහුම කපාගන්නවා.
Manoj said…
අපි හිතුවට වඩා හොඳට මෛත්‍රීම එක කරගෙන යනවා හිටං.
Silva said…
meka pissu huttek
මහින්දගේ උන් ආන්ඩුවට එක්කාසු වෙන එක රටට පාඩුවක්... දැන් හදන්නේ හොරුත් එක්කම එකතු වෙලා හොරකම් කරන්න.. එකාබද්ධ මලබද්දේ ඉන්න ඕන විපක්ෂයක් හැටියට.. මහින්ද විශ්‍රාම ගන්න ඕන නෑ... ඒ වගේම ආයේ බලයට එන්න ඕනත් නෑ... මොකෝ මහින්ද විපක්ෂයෙදි බලවත්... ජනපති අගමැතිටත් වඩා මහින්දට මීඩියා කවරේජ් එකක් තියෙන්නේ ඒකයි. ඒක හොඳ දෙයක්..
මහින්ද පසුපස දුවන අයගේ භාෂාව හඳුනා ගැනීමට දැන් ඔබට පහසුය.

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...