භීෂණය ඇරඹෙන විට මා සිටියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය කරමිනි . මේ වන විට උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු 5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු දකුණේ සිටි ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් උතුරට යැවීම හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ නිෂ්පාදනයක් වූ බැවින් උතුරට ගිය දෙමල තරුණයෝ දහ දහස් ගණනින් කොටි සංවිධානයට හා අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් වලට එකතු වීම නිසා උතුරේ යුද්ධය වඩාත් දරුණු තත්වයට පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව ලංකාවේ දේශපාලනයට මැදිහත් වන්නට පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත්වන ලෙස ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල මිනිසුන් ඉල්ලා සිටින විට එය නොසලකා හැරීමට කිසිදු ඉන්දියානු ආණ්ඩුවකට පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත

Comments
ලේඛකයාට අනුව ටී එන් ඒ ,එල් ටී ටී ඊ මතවාද නොදරන සියල්ලෝම ජාතිවාදීන්ය. ඔහුගේ කියමන්වලින් හැගෙන්නේ එවැන්නකි.
අවමගුලකට සහභාගිවීම මනුස්සකමකි. බෝපගේ ලා කෙලීලා සහභාගි නොවීම ඔවුන්ගේ යහගුනයක් ලු.
දේශපාලනය යනු සදාකාලික වෛරකල යුත්තක් නොවේ.
සෝමවංස ඓතිහාසික කාර්යභාරයක් කලේය.ඔහු විශ්වාසකරන දේශපාලනයේ යෙදුනි.එහි කවර නම් වරදද
අපි නම් මාක්ස්ගෙ පොතත් පිලිනොගන්න අය.නමුත් සමාජය යහපත් අතට වෙනස් වියයුතුය කියල විශ්වාස කරන අය.
බලය බෙදීම ගැන කියනවනම් කොයි ආන්ඩුව ආවත් උපරිම ලෙස බලය බෙදන්න වෙනව. ඒක තමා යථාර්ථය.
අනේ මෙහෙම විප්ලවා වාදි අනුගාමිකයෝ...
රතු කමිසයක් ඇන්දට විප්ලවාවාදියෝ වෙනවද? මට අනුව නම් ජවිපේ පිරිහෙන්න හේතුවත් ඔහුගේ දැක්ම. බොහොමයක් වෙලාවට ඔහු ජාතිවාදියෙක් වුනා කියන එක පිළිගන්නත් වෙනවා.