Skip to main content

සෝමවංස මැරුණේ නැත.

  

සෝමවංස අමරසිංහ මහතාගේ  අවමගුල් උත්සවයට  දේශප්‍රේමින්   සියල්ලම  පාහේ  සහභාගී වුහ .ජනතා  විමුක්ති පෙරමුණේ දේශප්‍රේමින්ද  විමල් වීරවංස   දේශප්‍රේමින්ද   පෙරටුගාමී  දේශප්‍රේමින්ද  ,  පොදු විපක්ෂයේ දේශප්‍රේමින්ද   පැමිණ  සිටියහ.  අවමගුල් උළෙලේ   ප්‍රධාන  වගකීම්  දැරුවේ ජනතා සේවක  පක්ෂයේ   දේශප්‍රේමින්ය .පෙට්ටිය මත එලූ රතු පාට රෙද්ද වසා  ජාතික  කොඩිය  කියා පරසිද්ධ  සිංහ  කොඩිය  ඇතිරුවේ  ගුණදාස අමරසේකර දේශප්‍රේමියාය.  ගුණදාසට ඒ වැඩේ කිරීමට සපෝර්ට් කළේ  ජවිපෙන්  අස්වී  මහින්ද ගාවට  ගොස් ටික  දවසක්  ඉඳ එතනින් චුතවී රනිල්  අසලින්  ප්රාතුර්භුතවූ නන්දන  ගුණතිලක දේශප්‍රේමීයාය.   අවමගුල්  උළෙලේදී   දේශනයක්  කළ  දේශප්‍රේමී ඇල්ලේ  ගුණවංස    මෙවැනි  රණ හංසයන්  තව දුරටත්  බිහි  කරන ලෙස  දේශප්‍රේමී ජවිපෙන් ඉල්ලා    සිටියේය.  පෙරටුගාමී  පක්ෂයේ දේශ ප්‍රේමියෙකුට  කතාවක්  පැවැත්වීමට  අවමගුල්  කමිටුව  ඉඩදුන් නමුත් . ජවිපෙට දේශප්‍රේමී  කතාවක්  පැවැත්වීමට  ඉඩ  දුන්නේ නැත.  එය  නම්  දේශප්‍රේමී  වැඩක්  නොවේ . එහෙත් ඒ   පිළිබඳව  මගේ  මිතුරෙකු නම්  කීවේ  ජවිපෙට  කතාවක් දුන්නේ  නම් සෝමවංස  මහතා මිනීපෙට්ටියෙන්  නැගිට  අනුර  කුමාරගේ  හොම්බට  අනිනු  ඇතැයි   සංවිධායක කමිටුව  බිය  වන්නට ඇත  කියාය.   

      

මට ඇති එකම ප්‍රශ්නය ඥානසාර දේශප්‍රේමියා  නොපැමිණියේ  මන්ද  යන්නය.


 සෝමවංස මහතා  සමග  එකට හිරබත්  කෑ  , 1980 දක්වා  ජවිපෙ     නායකයන් වූ  ලයනල් බෝපගේ ,කෙලී  සේනානායක ආදීන් නම් නොපැමිනෙන්නට ඇත්තේ  හිරිකිත  නිසා  වෙන්නට  ඇත.

 

සෝමවංස  මහතාගේ  අවමගුලෙන් ඔප්පු  වූ  කාරණාවක්  තිබේ. එනම් සෝමවංස,  වීරවංස ,ගුනරත්නම් ,    ගුණවංස , ගුණදාස ,   සහ ටිල්වින් එක  වල්ලේ  පොල්  බවත්     උතුරේ  හා  නැගෙනහිර  ජීවත්වන දෙමලුන්ගේ   ප්‍රශ්නය  සම්බන්දයෙන් එකම  ස්ථාවරයක් දරන  බවත්ය.

 

එම  කාරණාව  සම්බන්ධයෙන්  ඔවුන්  අතර ලොකු  වෙනස්  කම් තිබේ  නම්  සෝමවංස  මහතාව  අගයමින්  කතා  පවත්තන්නේ  නැත . ඔහු  අගයමින් ගුණ වරුණා සහිත  ප්‍රකාශ  නිකුත්  කරන්නේ  නැත. ඔහුගේ මෘත   කලේබරය සහිත  පෙට්ටිය  උඩ දැමු  රතු  රෙද්ද   සිංහ  කොඩියෙන්   වසන්නට  ඉඩ  දෙන්නේ  නැත.

  ඉහත  කී  කට්ටිය කැඩී  ගියේ විසඳා  ගන්නට  බැරි  මහා ලොකු  න්‍යායික ප්‍රස්න  නිසා නොවේ. සමාජවාදී  මාවත  පිලිබඳ  ආරවුල්  නිසා  නොවේ. ෆෙඩරල් ප්‍රස්නයක්  නිසා නොවේ. දේශප්‍රේමී  ආරවුලක්  නිසා නොවේ.  87-89  කාලයේදී   තමන්  නිරායුධ   මිනිසුන් ඝාතනය  කිරීම  සම්බන්ධයෙන්  ඇතිවූ  හැප්පිල්ලක් නොවේ. තමන්ගේම  එවුන්  මරා   දැමීම  වැරදි  යැයි  ඔවුන්ගෙන්  කවුරු   හෝ  කියා  ගෝරියක් කාරිය ඇදුනු   නිසා  නොවේ.


 සිල්ලර   පහේ  ආරවුල්  නිසාය.


උතුරේ  මිනිස්සුන්ට ආත්ම ගවුරුවයක් ඇතිව  ජීවත්  විය  හැකි විසඳුමක් දෙනවාට මේ  සියල්ලෝම  එක  පයින් විරුද්ධය. ජවිපෙට  අනුව  නම් සමාජවාදය ඇවිත් සමාන  අයිතිවාසිකම්   දෙන  තුරු  දෙමළුන්   කට  ඇරගෙන   සිටිය  යුතුය.

 

ඒ  අතින්  බැලු  විට  මෛත්රීත්  රනිලුත්  දේශප්‍රේමී සමාගමට වඩා  සමාජවාදීය. උතුරේ  ප්‍රශ්නය  දෙස ඔවුන් අඩු  වසයෙන්  සානුකම්පික  ලෙස  හෝ  බලන  බවක් පෙනේ. නව  ව්‍යවස්ථාව  යටතේ මෙයට විසඳුමක් සොයා  ගත  යුතුයැයි   යන  අදහස  හෝ  තිබේ.

 

 නව  ආණ්ඩු  ක්‍රම  ව්‍යවස්ථාවෙන්  දෙමළුන්ට යම්  ප්‍රමාණයක  හෝ   බලතල  දී  නැවත  යුද්ධයක්   ඇතිවීම  වැලක්වීමට   පියවර  ගැනීමට   සුදානම් වුවහොත්  ඉහත  සඳහන් සියලුම දේශප්‍රේමින්  ඒකාබද්ධ  සමාගමක්  පිහිටුවා  එහි සභාපති  කමට  දේශප්‍රේමී   මහින්ද  හෝ  ගෝටා පත්  කර  ගනු  බවට  සැකයක්  නැත 

ඥානසාරටද  , ඉත්තෑකන්දේ උන්නාන්සේටද, බෙන්ගමුවේටද  එම සමාගමේ  කොටස් නොමිලේම දෙනු  ඇත.


 වාසුදේවත්  කොටස්  ඉල්ලන  බවට  සැකයක් නැත.

   

නැවතත්  උතුරේ  ප්‍රභාකරන්ලා  සිය දහස් ගණනක් බිහිවී  ලක්ෂ  ගණනින්  රටපුරා මිනිසුන් මියයාම  වැලැක්වීම සඳහා උතුරේ එවුන්ට  බලතල ටිකක් දෙන්නයි කියන , ලියන  දකුණේ  දේශද්‍රෝහීන්  පරලොව  යැවීම  සඳහා ගල්කටස්  හමුදාවක්   පිහිටුවීමටද  ඉඩ  තිබේ.


එබැවින්  සෝමවංස අමරසිංහ  මහතා   මිය ගියේ  නැත. ගල් කටස් අතට  ගැනීමට සුදානම් සෝමවංසලා  කුණු  බක්කි වල  සහ   ගඳ  ගසන  කාණු  වල වැතිරී   සිටිති.

 

Comments

Unknown said…
Somawansa good man past. But he do wrong things too. He is socalism man but he talk racism things about power divide. He then get out from JVP. Now I think JVP good.
jagath said…
In my half a century of life , I have newer met a worker without racism. Even i confess that sometime racist thinking comes to my mind occasionally.
Manoj said…
විප්ලවාදියෙක් රතු කොඩියට උඩින් ජාතික කොඩිය දාගෙන නිවන් ගිය වගයි.
Nimal said…
This comment has been removed by the author.
Nimal said…
During 1958 there were some Sinhalese workers who sacrificed their life to protect some Tamil workers in Kantale sugar factory. This was a well-known fact at that time. There were such type of working class people with that level of class consciousness. After left parties entering to political pact with SLFP they were infested with rural petty bourgeoisie ideology which was a breeding ground for racist tendencies. You are also a victim of that tendency. Therefore we have to strength our theoretical knowledge and raise our awareness to face racist and fascist tendencies.
yakageadaviya said…
ජාතික කොඩියෙන් පෙට්ටිය වැසීම ගැන සමහරුන්ට කැසිල්ලක් ඇතිවී ඇත්තේ මන්ද යන්න ගැටළුවකි. ලෝකයේ තවම ජාතික රාජ්‍ය අහෝසි වී නැත. මනෝරාජික සමාජවාදී ලෝක විප්ලවය සිදුවී නැත. එබැවින් ලේඛකයාද සිහිනයෙන් අවදිවීම සුදුසුය.
ලේඛකයාට අනුව ටී එන් ඒ ,එල් ටී ටී ඊ මතවාද නොදරන සියල්ලෝම ජාතිවාදීන්ය. ඔහුගේ කියමන්වලින් හැගෙන්නේ එවැන්නකි.
අවමගුලකට සහභාගිවීම මනුස්සකමකි. බෝපගේ ලා කෙලීලා සහභාගි නොවීම ඔවුන්ගේ යහගුනයක් ලු.
දේශපාලනය යනු සදාකාලික වෛරකල යුත්තක් නොවේ.
සෝමවංස ඓතිහාසික කාර්යභාරයක් කලේය.ඔහු විශ්වාසකරන දේශපාලනයේ යෙදුනි.එහි කවර නම් වරදද
කිවයුතු බොහෝ දේ කෙටියෙන් ඔබේ කමෙන්ටුවේ සඳහන් වෙනවා. ඔබ ඉතා නිවැරදියි මෙතනදී. මටත් මේ ගැන කියන්න ඇත්තේ මේ ටිකමයි. මාක්ස්ගේ විප්ලවීය සමාජවාදයට වඩා ජාතිකත්වය ඕනෑම රටක වඩා ප්‍රායෝගිකයි.
yakageadaviya said…
ජන විඥානයෙන් වියුක්තව විප්ලව කරන්නට ගියොත් පරන වමට මෙන් මාධ්‍ය නිවේදනවලින් තම පක්ෂ නඩත්තු කිරීමට සිදුවේ. එවැනි විප්ලව සැබෑ ලෝකයේ සිදුවී නැත.
yakageadaviya said…
ඔවු අජිත් මාක්ස්ගේ පොත ක්‍රියාවට නංවන්න හදපු අයගෙයි වැරැද්ද .එය සපත්තුවෙ හැඩයට කකුල කැපීමක්.කෘතිම සමාජයක් හදන්න බෑ. රැල්ලත් එක්කයි පීනන්න ඕන.බලෙන් හිරු උදාකරන්න යන්නෙ ළදරු වලිප්පුකාරයන්.
අපි නම් මාක්ස්ගෙ පොතත් පිලිනොගන්න අය.නමුත් සමාජය යහපත් අතට වෙනස් වියයුතුය කියල විශ්වාස කරන අය.

බලය බෙදීම ගැන කියනවනම් කොයි ආන්ඩුව ආවත් උපරිම ලෙස බලය බෙදන්න වෙනව. ඒක තමා යථාර්ථය.
Buru Babe said…
ඒ විතරක් නෙමෙයි පාංශකූලෙකුත් දීලලු...
අනේ මෙහෙම විප්ලවා වාදි අනුගාමිකයෝ...
Buru Babe said…
මම සෝමවංශ මහත්තයාව පෞද්ගලිකව අවස්තා කීපයකම විශේශයන් වලදී මුණගැහිලා තියෙනවා. මට නම් කවදාවත් ඔහු වීරවරයෙක් හෝ විප්ලවවාදි නායකයෙක් කියලා දැනිලා තිබුනේ නෑ.
රතු කමිසයක් ඇන්දට විප්ලවාවාදියෝ වෙනවද? මට අනුව නම් ජවිපේ පිරිහෙන්න හේතුවත් ඔහුගේ දැක්ම. බොහොමයක් වෙලාවට ඔහු ජාතිවාදියෙක් වුනා කියන එක පිළිගන්නත් වෙනවා.
Buru Babe said…
විදේශයන්*
සිංහ කොඩිය ජාතික කොඩියක් නොවේ. එය සිංහල ආධිපත්‍යය නියෝජනය කිරීම සඳහා නිර්මාණය කරන ලද්දකි. ජාතික කොඩියක් වන්නේ රටක සියලු ජනවර්ග වල එකඟ තාවයෙන් යුතුව නිර්මාණය කර ගන්නා කොඩියකි. සෝමවංස මහතාගේ දෙන වැසීමට සිංහ කොඩිය යොදා ගැනීම පුදුම වීමට දෙයක් නැත. 1983 න් පසු ජවිපෙ ප්‍රමුඛත්වය දුන්නේ සිංහ කොඩියටය.රතු කොඩිය ඔවුන්ගේ සැරසිල්ලක් පම්ණකි.
Ajith Dharma. said…
රතු කමිසයක් ඇන්දම විප්ලවවාදියෙක් වෙනවා කියල හිතපු නිසා වෙන්නේ ඕනේ ඔය වගේ අසාර්ථක වුනේ
Unknown said…
PLEASE BE KIND ENOUGH TO TELL THE THINGS THAT YOU HAVE DONE FOR THE SOCIETY EVEN IN THE NAME OF " SOCIAL DEVELOPMENT ". CRITICISM IS A " WAY OF LIFE " FOR SOME PEOPLE. BUT THEY PRODUCE NOTHING !!!
If you type my name Bertie Ranaweerage on Google and search you will find what I have done.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...