Skip to main content

මහින්දගේ කතාව සහ චන්ද්‍රිකාගේ කතාව

 

 

චන්ද්‍රිකා  බණ්ඩාරනායක  කුමාරතුංගට  විරුද්ධ  කාරයෝ රැසකි. මහින්ද ඇයට කැමති  නැත.වීරවංස  කැමති  නැත. ගම්මන්පිල  කැමති  නැත.හෙළ උරුමය  කැමති  නැත ජවිපෙ  කැමති  නැත. පැවිදි  හඬ  කැමති  නැත.නලින්ද  සිල්වලා  කැමති  නැත. ප්‍රභාකරන්  කැමති වුවේද  නැත. 

වරක් මට ඇය  හමුවිය . ඒ  ජනාධිපති  මන්දිරයේදීය. අධ්‍යාපන  ප්‍රශ්න පිළිබඳව  සාකච්චා  කිරීම සඳහා ගුරුසංගම් වලට  පැමිණෙන්නැයි   ඇය ආරාධනාවක් ඒවා තිබිණ. අපට  එන්නට  කියා  තිබුනේ  දහයටය.අපි  නියමිත  වෙලාවට  ගිය  නමුත් ඇය අපි  හමුවීමට  ආවේ හවස  එකත්  පහු වෙලාය. ඇය  එන  තුරු  බල  සිටි  අතරවාරයේ  එරික්  සෝල්හයිම් උඩ  තට්ටුවේ  සිට  පහලට  බහිනු  දකින්නටද    ලැබිණ.  ජනාධිපති   මන්දිරයේ   රස්තියාදු  වෙමින්  සිටින   අතර  තුර අපට  ෂෝර්ට් ඊට් සංග්‍රහයක්   ලැබුණි.  යන්තමින්  නොවේ. අප්පිරිය  වෙන්නට  තරම්  කන්නටය. අන්තිමට  චන්ද්‍රිකා  ආවේය. රුපවාහිනි  කැමරා  අරගෙන  ඇගේ  මාධ්‍ය  අංශයද  ආ  නමුත්  චන්ද්‍රිකා  ඔවුන්  හරවා  යැව්වාය.

 

ගුරු සංගම් රැසකට  ආරාධනා  කර  තිබු  නිසා   සියලුම  සංගම්  වලට කරුණු  ඉදිරිපත්  කරන්නට අවස්ථාවක් නොලැබෙන  බව  පෙනී  ගිය  බැවින් දෙතුන්  දෙනෙකු  කරුණු  දැක්වීමෙන්  පසු  තවත්  අයෙකුට කට අරින්නට  පෙර මා  ගෙන  ගිය  ගැටළු ඇය  ඉදිරියේ  දිග  ඇරියෙමි. දකුණේ  ගුරුවරුන්ගේ  මෙන්ම  උතුරේ  ගුරුවරුන්ගේ  ප්‍රශ්නද  මා ලංකා  ගුරු සංගමය  වෙනුවෙන්  ඉදිරිපත්  කළෙමි.දෙමල  ගුරු සංගමය පැමිණ  සිටි නමුත් ඔවුන් ප්‍රස්න   දෙක  තුනක්  ඉදිරිපත්  කර නිහඬ විය.( පසුවදා දෙමළ පත්තර වලට  ඔවුන්  කියා  තිබුනේ  මා   ඉදීරිපත්  කළ  දෙමල  ගුරුවරුන්ගේ ප්‍රශ්න ඔවුන්  ඉදිරිපත්  කළ  ලෙසය.) මුරුත්තෙට්ටුවේ  ආනන්ද  හිමිද  ඇවිත්  තිබු  නමුත්  වචනයක්වත්  කතා  කලේ  නැත. පැයකට  පසු  චන්ද්‍රිකා සාකච්චාව  අවසන්  කොට යාමට  නැගිටි විට කුඩා  ගුරු සංගමයක්  නියෝජනය  කළ තරුණ  පහේ  ගුරුවරයෙක් ආවේග  ශීලීව ඇයට  බැන වදින්නට  විය. හිටගෙනම  එම  බැනීමට  සවන්  දුන්  ඇය  යලිත්  සාකච්චාවක්  දෙන  බව  කියමින්  ආපසු  ගියාය.  ෂෝර්ට් ඊට් මේසය වෙත   ගිය  අපි  නැවත වරක් සප්පායම්  වී  ආපසු  ආවෙමු.

 

මේ  ලිපියේ පටන් ගැනීමේදී  මා සඳහන්  කළ  පිරිස්  චන්ද්‍රිකාට  අකමැති වෙනත්  කිසි  හේතුවක්  නිසා නොව  උතුරේ  ප්‍රශ්නයට  විසඳුමක්  ලෙස  බලය  බෙදා හරින්නට  ඇය  කැමති  වූ  නිසාය. 2002 වසරේදී  ඇය  නව  ආණ්ඩු ක්‍රම  ව්‍යවස්ථාවක් ඉදිරිපත්  කල  අතර ශ්‍රී  ලංකාව   බහු  වාර්ගික,  බහු  භාෂාමය , බහු  ආගමික  එක්සත්  රටක් ලෙස  එහි  සඳහා  කර  තිබිණ.  පළාත් සභා සඳහා (Regional Councils) වැඩි  බල තල ලබා   දීමට ද  යෝජනා  කර  තිබු  අතර  ජනාධිපති   ධුරය  අවසන්  කිරීමටද  ප්‍රතිපාදනද එහි තිබිණ. කෙටියෙන්  කියතොත් ඇගේ  යෝජිත  ව්‍යවස්ථාව පැවති ව්‍යවස්ථාව මෙන්  සිය  ගුණයක්    යහපත් විය . එහෙත් එය  සම්මත  කරන්නට  UNP  ඉඩ  දුන්නේ  නැත. එයට  හේතුව  වුයේ   ජනාධිපති ධුරය  වහාම  අහෝසි  නොකොට ඇගේ  ධුර  කාලය අවසන් වීමෙන් පසු අවසන්  වෙන  අයුරින්  ව්‍යවස්ථාව  ලියා   තිබුණු  නිසාය. චන්ද්‍රිකා  පාර්ලිමේන්තුවට පැමිණ  එය  ඉදිරිපත්  කල  අතර  UNP  මන්ත්‍රීවරු එම ව්‍යවස්තාවේ  පිටපත්  ඉරමින්  කැකෝ  ගසමින් විරෝධය  දැක්වූ අතර  ව්‍යවස්ථාව එතනින්  අවසන්  ගමන් ගියේය.

 

චන්ද්‍රිකා  උතුරට  වැඩි  බලතල දීමට  සුදානම් වීම   ගැන දකුණේ  'ඒකීය ' වාදීන් විරුද්ධ   වුවා  සේම LTTE සංවිධානය  කැමති වුයේද  නැත.බලය බෙදීමෙන්  රට බෙදෙනු  ඇතැයි 'ඒකීය    වාදීන් ඝෝරනාඩු  කළ  අතර  උතුරට  වැඩි  බලතල  දීමෙන් ඊලාම් රාජ්‍යය  පිහිට වීමේ අපේක්ෂාව  අහෝසි වී  යන බව ප්‍රභාකරන් අවබෝධ  කර  ගත්තේය. ඊලමට බාධාවක් වූ  චන්ද්‍රිකා  මරන්නට මරාගෙන  මැරෙන  කෝටි  කෙල්ලෙක් ප්‍රභාකරන්  එව්වේ  ඒ  නිසාය. බෝම්බය පිපිරෙව්වත් ඇසක්  පමණක් අහිමි වී ඇයට  ජීවිතය බේරා  ගැනීමට  හැකි විය.  ඇය  හා එක්වී  නව  ව්‍යවස්ථාවක්  සම්පාදනය කිරීමට මහත් සහයක් දුන්    උගතෙකු වූ ද  මන්ත්‍රීවරයෙකු  වුද  නීලම්  තිරුචෙල්වම්  කොටි විසින්  මරා දමනු  ලැබිණ. එහෙත්  බලය  බෙදීමට  විරුද්ධවූ කිසිවෙකුගේ  මයිල්  ගසකටවත්   හානි  නොකිරීමට  ප්‍රභාකරන්  වග  බලා  ගත්තේය.

 

චන්ද්‍රිකා  දේශපාලනයෙන් හරි   හම්බු  කර  ගත්  ගැහැනියක්  යැයි  මා නොසිතමි.එසේ  වුවා නම් මහින්ද  පස්ස  බලන්නේ  ඇය එල්ලාය . මහින්දගේ  ජාති වාදී  ස්ථාවරයට  චන්ද්‍රිකා  අකමැති වීම  නිසා ඇය  බලයේ  සිටින  කාලයේ ඔහු  සමග  සිටියේ  නොහොඳ  නෝක්කාඩු  කමිනි. දැන් මහින්ද  සමග  සිටින  අය එදා  චන්ද්‍රිකාගේ දෙපා  ලෙව  කැ  අය වෙති.   ජාතිවාදී මඩ  ගොහොරුවෙන් ශ්‍රීලනිපය  ගොඩ  ගැනීමටද  මහත් වෙහෙසක් දැරූ ඇය බලය බෙදා හැරීමෙන් රට බෙදීම වැළක්විය  හැකි  බව  පාක්ෂිකයනට අවබෝධ  කිරීම සඳහා වැඩ  මුළු  රැසක්  රට  පුරා  සංවිධානය  කළ අතර  එම  වැඩ  මුළුවලදී  බලය බෙදීමේ  ආනිසංස ගැන මහා  ඉහලින්  කතා  කළේ  ජී  එල්  පීරිස්ය.  පන තියෙන  තුරු ශ්‍රීලනිපයේ   සභාපති ලෙස ඉන්නා ලෙස  චන්ද්‍රිකාට  යෝජනා  කළේ අද  චන්ද්‍රිකාව  හම  ගහන ශ්‍රී  ලංකා කාරයෝමය.

 

  මහින්ද  බලයට  පැමිණි  විගස චන්ද්‍රිකා වටේ කරකැවෙමින් සිටි ශ්‍රී  ලංකා ලොක්කෝ  මහින්දගේ දෙපා  ලෙව  කන්නට  පටන් ගත්  අතර  මහින්ද  ,ඇගෙන්  පලි   ගැනීමේ  ව්‍යාපෘතිය වහාම  දියත්  කළේය.. ඇගේ  ආරක්ෂාව අඩු  කොට කොටින්ගේ  ගොදුරක් වීමට  මග පෑදුවේය. එන  පොට  හොඳ  නැති  බව වටහා  ගත්  චන්ද්‍රිකා රටින්  පිටවී  ගිය  අතර  කොටින්ගේ  ගොදුරක් නොවී  ඇයට ජීවිතය  යලි බේරා  ගැනීමට  හැකි වුයේ  ඒ  නිසාය.. 

 

චන්ද්‍රිකා  දුර්වල  කම් නැති  ගැහැනියක්  නොවේ.  කුණුහරුප  අසන්නට  ඇයට  ශක්තියක්  නොතිබුණි.මහින්ද  ජනාධ්පති වූ  පසු   එක  හුස්මට  විනාඩි 20ක්  ඇයට  කුණුහරුපයෙන් බැන්නේ ඇගේ  මේ  දුර්වල  කම් දන්නා  නිසා විය  යුතුය. 2001  මහා මැතිවරණයෙන්  UNP    බලයට  පැමිණි ආණ්ඩුවක්  පිහිටවූ විට   ඇයට  සිදු වුයේ    UNP ඇමති මණ්ඩල  රැස්වීම් වල  මුලාසනය  දරන්නටය. ඇමති  මණ්ඩල  රැස්වීම් වලදී  ඇතැම් UNP ඇමතිවරු ඇයට  තිත්ත   කුණු හරුපයෙන් බැන වැදුණු  බවත් රැස්වීම් අවසන්  කොට  නිවසට  ගිය  පසු   තනිවම  හඩා  වැළපුණු  බවත්  මගේ  මිත්‍රයෙකුට ඇය මෑත  කාලයේ  කියා  තිබුණි.

 

මා චන්ද්‍රිකා  හැඳිනුවද මා වැන්නෙක්  සිටින  බවක්වත් ඇය  දන්නේ  නැත. ඉකුත්  ජනාධිපති වරණයට අවුරුද්දක්  තියා  චන්ද්‍රිකාව  ජනාධිපති  අපේක්ෂකයා ලෙස මහින්දට  එරෙහිව  ඉදිරිපත්  කළ  යුතු බව  සඳහන්  කරමින්   පුංචි  පහේ  කැම්පේන් එකක් ද මා ආරම්භ  කලෙමි. Colombo Telegraph පත්තරයටද  ලිපි  කීපයක්  ලියමින්  පොදු  අපේක්ෂයකයා   ලෙස  ඇය  ජනාධිපති වරණයට  ඉදිරිපත් කළ යුතු බව  සඳහන්  කළෙමි.  මහාචාර්ය  කුමාර් ඩේවිඩ්  කැම්පේන්  කළේ  සෝභිත  හිමියන්ටය.   මහින්දව  යලිත්  දිනවන්නට  උවමනාව  තිබු  ආචාර්ය   දයාන්  ජයතිලක  ජ විපෙ  නායක  අනුර  කුමාරව  පොදු  අපේක්ෂකයා  ලෙස ඉදීරිපත්  කළ යුතු  බව  කියමින්  Colombo Telegraph පත්තරයටත්  තවත්  පත්තරවලටත්  ලීයමින්   මහින්ද  විරෝධීන්ට  ලනු  කවන්නට  උත්සහයක්  කළේය. එහෙත්  ඔහුගේත්  කුමාර් ඩේවිඩ්ගේත් යෝජනාවන්හී නිෂ්පල භාවය  ගැන මා  ලීවෙමි. ඒ  අතර   මගේ  මිත්‍රයෙකු  චන්ද්‍රිකා  හමුවී පොදු  අපේක්ෂක  යෝජනාව  ඇයට  ඉදිරිපත්   විට ඇය  කියා  තිබුනේ  තමන් ඉදිරිපත්  නොවන  බවත්  රනිල්  පොදු  අපේක්ෂකයා  ලෙස  ඉදීරිපත්  කරන  බවත්ය. එහෙත්  මහින්දට  එරෙහිව රනිල්ව  ඉදිරිපත්  කිරීමෙන් වෙන්නේ  යලිත්  මහින්දව  ජනධිපති  කිරීමට  අනියම් සහයක් දීම  බව  අපි  දැන  සිටියෙමු. චන්ද්‍රිකා  වෙනත්  ගේමක්  යටින් ගෙනියන  බව   යන්තමින් වත්  සිතා  ගැනීමට  අපිට  නොහැකි  විය.

 

මහින්ද  වාදීන්  චන්ද්‍රිකා  සමග  බද්ධ  වයිරයෙන්  සිටින්නේ මහින්ද  රජ  පුටුවෙන් බැස්සවීමට  ප්‍රමුඛ  කාර්යයක් ඇය ඉටු  කළ නිසාය. අපි  චන්ද්‍රිකාට ආදරය  කරන්නේද  ඒ  නිසාමය.


















Comments

Transylvania said…
ඇය ආරාධනාවක් ඒවා තිබිණ. අපට එන්නට කියා තිබුනේ දහයටය.අපි නියමිත වෙලාවට ගිය නමුත් ඇය අපි හමුවීමට ආවේ හවස එකත් පහු වෙලාය. //////////////// mmmmmmmmmmm
කාලකන්නි දේශපාලුවන් හා සලකා බලන විට චන්ද්‍රිකා මක්කත් නොකලත් ඩැමේජ් එකකුත් කරේ නැතිය.
මඟුලයි මම ජිවිතේටම දාපු ජන්ද දෙකම දාල තියෙන්නේ ශ්‍රීලංකා කාරයන්ට, චන්ද්‍රිකාට එකයි, මෛත්‍රීට එකයි.
Manoj said…
චන්ද්‍රිකා අලුත් ව්‍යවස්තා යෝජනාවලිය ගෙන ආවේ 2002 නොවේ 2000 දී නේද?

චන්ද්‍රිකා වේලාවට වැඩ නොකරුවාට විදුලි අර්බුදය පැවති වෙලවේ රටේ වේලාව නම් වෙනස් කෙරුවානේ.

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...