Skip to main content

රැස්වීම් කඩාකප්පල් කරන්නට මමද ගියෙමි

 

මේ එම රැළියයි 


ඒ කාලයේ මම සිටියේ මොස්කව් හිතවාදී කොමියුනිස්ට් පක්ෂයේය

1977 මහා මැතිවරණයේදී වමට එකම ආසනයක් වත් දිනාගන්නට බැරිවිය එකල අනුපාත චන්ද ක්‍රමය තිබුනේ නැත මන්ත්‍රීවරු තෝරාගත්තේ ආසන මට්ටමෙන් චන්දය පවත්වාය.

77 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය 5/6 ක බලයක් ලබා ගත්තේය ,ජේ ආර ජයවර්ධන මහතා අගමැති විය

සතියක් තිස්සේ යුඑන්පි කාරයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ ගෙවල් වලට ගැහුවෝය ගිණි තිබ්බොය මිනිස්සුන්ට පොලු මුගුරුවලින් පහර දුන්නොය

ජවිපෙ තහනම් කර තිබුනේ හදිසි නිතිය යටතේය ,හදිසි නිතිය ඉවත් කිරීම නිසා ජවිපෙ තහනම අහෝසි විය

ජවිපෙ මහනඩුවේ විත්තිකාරයන් බොහොමයක් ජේ ආර් විසින් පළමුවෙන් හිරෙන් නිදහස් කළේය නිදහස් කල පිරිස අතර කෙලි සේනානායක , සහ ලයනල් බෝපගේ ද සිටියහ


වහාම පුවත්පත් සාකච්ඡාවක් කැඳවූ එම දෙදෙනා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු නැවත අරඹන බව කීහ

ඉන් දින කීපයකට පසු රෝහණ විජේවීර ද නිදහස් කරනු ලැබිණ

විජේවීර සහභාගිවන රැස්වීමක් කොළඹ නගර සභා පිටියේ පවත්වන බව මට දැනගන්නට ලැබිණ

කොළඹට යන්නට කිලෝමීටර් 100 විතර පසුකල යුතුය දුර නොබලා රැස්වීමට ගියෙමි.

කොළඹ නගර සභා පිටිය එකම හිස් ගොඩක් විය මම දුටු විශාලතම රැස්වීම එයයි


ලයනල්බෝපගේ මුලසුන දැරුවේය

විජේවීර පැය දෙකක් විතර කතා කළේය

"මීට පස්සේ අපි බෝම්බ හදන්නේ නැහැ . බෝම්බ වලට වඩා භයානක ජාතියක් හදනවා ඒ තමා මිනිස්සු " යැයි විජේවීර කීවේය

සමසමාජ පක්ෂයටත් කොමියුනිස්ට් පක්ෂයටත් ඇටි හැලෙන්නට බැන්නේය. සිරිමාගේ පලු ඇරියේය අඩුවෙන්ම දොස් කීවේ යුඑන්පියටය .


ඒ කාලයේ මාක්ස්වාදය ගැන හරි අවබෝධයක් නොතිබුණු මට විජේවීරගේ කතව ඇසීමෙන් පසු ජවිපෙ කෙරෙහි පැහැදීමක් ඇති විය.

ජවිපෙ හා එකතුව දේශපාලනය කරන්නට තීරණය කලෙමි

ජවිපෙ විප්ලවයක් කොට රාජ්‍ය බලය ලබගෙන් සමාජවාදය ක්‍රියාත්මක කරනු ඇතැයි මම දැඩි ලෙස විශ්වාස කලෙමි .

කළුතර දිස්ත්‍රික්කයේ ජවිපෙ පතුරවා හැරීමට පැමිණ සිටි පුර්ණ කාලින තරුණයෙකු ඉන් පසු දිනක මට හමුවිය .

ඉන්පසු පන්ති 5 ට සහභාගී වුයෙමි දින හතක් පුරා පැවැත්වූ දේශපාලන කඳවුරකට ද පසුව සහභාගී වීමි

දිනක්, කළුතර දිස්ත්‍රික් ජවිපෙ නායකයා මා ඇතුළු පිරිසක් කළුතර නිවසක පැවැත්වූ සාකච්චාවකට කැඳවනු ලැබිණ එහිදී පක්ෂයේ අලුත් තීරණ අපට දැනුම් දුන්නේය ඔහු ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු විය

ඔහු තවත් කරුණක් අපට දැනුම් දුන්නේය

"අහවල් දවසේ හවස් වරුවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රසිද්ධ රැස්වීමක් කලුතර නගර ශාලාවේ තියෙනවා . ඒ ක කඩා කප්පල් කරන්න ඕනේ .

" අපිට තවම ලොකු පිරිසක් නැති නිසා ලොකුවැඩ කරන්න බැහැ රැස්වීමට ගිහිල්ල ශාලාවේ විවිධ තැන් වලින් වාඩි වෙලා ටික වෙලාවක් ඉන්න . ඊට පස්සේ කතා පවත්වන කොට ප්‍රශ්න අහන්න පටන් ගන්න, කථිකයට" කතාව පවත්වාගෙන යන්න බැරිවෙන විදිහට නොනවත්වාම ප්‍රශ්න අහන්න පස්සේ ඝෝෂාවක් බවට පත් කරලා කට්ටිය එක්කම එක සැරේ පිටවෙලා එන්න "

ඒ උපදෙස් අකුරටම අනුගමනය කළ අපි කථිකයට කතා කරන්නට ඉඩ නොදුන්නෙමු

සිරිමාගේ ආණ්ඩුවට මුක්කු ගහපු හොර සමාජවාදියෝ භංගවේවා" කියා කෑ ගසමින් අපි ආපසු ආවෙමු

එහෙත් රැස්වීම කඩාකප්පල් කරන්නට අපිට නොහැකි විය .

මට මේ සිද්ධිය මතක් වුයේ ඊයෙත් ගිය සතියෙත් වීරවංශ ගේ සන්ධානය පැවැත්වූ රැස්වීම් දෙකක අවසානයේ කවුදෝ රැවුල් කාරයන් පිරිසක් ගොස් කෑ ගසා හු කියා නාඩගමක් නැටු නිසාය .

Comments

Anonymous said…
මහත්තයා ඒ කාලේ වාමාංශික කොමියුනිස්ට් කඩාකප්පල් කර නිසා තමයි මහත්තයාගේ පවුලත් කඩාකප්පල් උනේ
එදත් කඩාකප්පල්කාරයා!

😀

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...