Skip to main content

රැස්වීම් කඩාකප්පල් කරන්නට මමද ගියෙමි

 

මේ එම රැළියයි 


ඒ කාලයේ මම සිටියේ මොස්කව් හිතවාදී කොමියුනිස්ට් පක්ෂයේය

1977 මහා මැතිවරණයේදී වමට එකම ආසනයක් වත් දිනාගන්නට බැරිවිය එකල අනුපාත චන්ද ක්‍රමය තිබුනේ නැත මන්ත්‍රීවරු තෝරාගත්තේ ආසන මට්ටමෙන් චන්දය පවත්වාය.

77 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය 5/6 ක බලයක් ලබා ගත්තේය ,ජේ ආර ජයවර්ධන මහතා අගමැති විය

සතියක් තිස්සේ යුඑන්පි කාරයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ ගෙවල් වලට ගැහුවෝය ගිණි තිබ්බොය මිනිස්සුන්ට පොලු මුගුරුවලින් පහර දුන්නොය

ජවිපෙ තහනම් කර තිබුනේ හදිසි නිතිය යටතේය ,හදිසි නිතිය ඉවත් කිරීම නිසා ජවිපෙ තහනම අහෝසි විය

ජවිපෙ මහනඩුවේ විත්තිකාරයන් බොහොමයක් ජේ ආර් විසින් පළමුවෙන් හිරෙන් නිදහස් කළේය නිදහස් කල පිරිස අතර කෙලි සේනානායක , සහ ලයනල් බෝපගේ ද සිටියහ


වහාම පුවත්පත් සාකච්ඡාවක් කැඳවූ එම දෙදෙනා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු නැවත අරඹන බව කීහ

ඉන් දින කීපයකට පසු රෝහණ විජේවීර ද නිදහස් කරනු ලැබිණ

විජේවීර සහභාගිවන රැස්වීමක් කොළඹ නගර සභා පිටියේ පවත්වන බව මට දැනගන්නට ලැබිණ

කොළඹට යන්නට කිලෝමීටර් 100 විතර පසුකල යුතුය දුර නොබලා රැස්වීමට ගියෙමි.

කොළඹ නගර සභා පිටිය එකම හිස් ගොඩක් විය මම දුටු විශාලතම රැස්වීම එයයි


ලයනල්බෝපගේ මුලසුන දැරුවේය

විජේවීර පැය දෙකක් විතර කතා කළේය

"මීට පස්සේ අපි බෝම්බ හදන්නේ නැහැ . බෝම්බ වලට වඩා භයානක ජාතියක් හදනවා ඒ තමා මිනිස්සු " යැයි විජේවීර කීවේය

සමසමාජ පක්ෂයටත් කොමියුනිස්ට් පක්ෂයටත් ඇටි හැලෙන්නට බැන්නේය. සිරිමාගේ පලු ඇරියේය අඩුවෙන්ම දොස් කීවේ යුඑන්පියටය .


ඒ කාලයේ මාක්ස්වාදය ගැන හරි අවබෝධයක් නොතිබුණු මට විජේවීරගේ කතව ඇසීමෙන් පසු ජවිපෙ කෙරෙහි පැහැදීමක් ඇති විය.

ජවිපෙ හා එකතුව දේශපාලනය කරන්නට තීරණය කලෙමි

ජවිපෙ විප්ලවයක් කොට රාජ්‍ය බලය ලබගෙන් සමාජවාදය ක්‍රියාත්මක කරනු ඇතැයි මම දැඩි ලෙස විශ්වාස කලෙමි .

කළුතර දිස්ත්‍රික්කයේ ජවිපෙ පතුරවා හැරීමට පැමිණ සිටි පුර්ණ කාලින තරුණයෙකු ඉන් පසු දිනක මට හමුවිය .

ඉන්පසු පන්ති 5 ට සහභාගී වුයෙමි දින හතක් පුරා පැවැත්වූ දේශපාලන කඳවුරකට ද පසුව සහභාගී වීමි

දිනක්, කළුතර දිස්ත්‍රික් ජවිපෙ නායකයා මා ඇතුළු පිරිසක් කළුතර නිවසක පැවැත්වූ සාකච්චාවකට කැඳවනු ලැබිණ එහිදී පක්ෂයේ අලුත් තීරණ අපට දැනුම් දුන්නේය ඔහු ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු විය

ඔහු තවත් කරුණක් අපට දැනුම් දුන්නේය

"අහවල් දවසේ හවස් වරුවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රසිද්ධ රැස්වීමක් කලුතර නගර ශාලාවේ තියෙනවා . ඒ ක කඩා කප්පල් කරන්න ඕනේ .

" අපිට තවම ලොකු පිරිසක් නැති නිසා ලොකුවැඩ කරන්න බැහැ රැස්වීමට ගිහිල්ල ශාලාවේ විවිධ තැන් වලින් වාඩි වෙලා ටික වෙලාවක් ඉන්න . ඊට පස්සේ කතා පවත්වන කොට ප්‍රශ්න අහන්න පටන් ගන්න, කථිකයට" කතාව පවත්වාගෙන යන්න බැරිවෙන විදිහට නොනවත්වාම ප්‍රශ්න අහන්න පස්සේ ඝෝෂාවක් බවට පත් කරලා කට්ටිය එක්කම එක සැරේ පිටවෙලා එන්න "

ඒ උපදෙස් අකුරටම අනුගමනය කළ අපි කථිකයට කතා කරන්නට ඉඩ නොදුන්නෙමු

සිරිමාගේ ආණ්ඩුවට මුක්කු ගහපු හොර සමාජවාදියෝ භංගවේවා" කියා කෑ ගසමින් අපි ආපසු ආවෙමු

එහෙත් රැස්වීම කඩාකප්පල් කරන්නට අපිට නොහැකි විය .

මට මේ සිද්ධිය මතක් වුයේ ඊයෙත් ගිය සතියෙත් වීරවංශ ගේ සන්ධානය පැවැත්වූ රැස්වීම් දෙකක අවසානයේ කවුදෝ රැවුල් කාරයන් පිරිසක් ගොස් කෑ ගසා හු කියා නාඩගමක් නැටු නිසාය .

Comments

Anonymous said…
මහත්තයා ඒ කාලේ වාමාංශික කොමියුනිස්ට් කඩාකප්පල් කර නිසා තමයි මහත්තයාගේ පවුලත් කඩාකප්පල් උනේ
එදත් කඩාකප්පල්කාරයා!

😀

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා