Skip to main content

යුක්රේනයේ මහසෝන් බලකාය

 



  යුක්රේනය ආක්‍රමණය කිරීමේ එක අරමුණක් ලෙස රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේ  එහි සිටින මහසොන්නු සහ පිස්සුසාරලා අල්ලා  සක්වල ගලේ ගැසීම  බවය  එය ලෝකයාට  තේරෙන භාෂාවෙන් කිව්වේ Denazification  හෙවත් නාසි  මත දරන්නන්  නැති භංග කොට නාසි ධර්මයත් නැති භංග කිරීම බවය . 

නාසි ධර්මය ලෝකයට දේශනා කළ වදාලේ හිට්ලර්ය  හිට්ලර්ට අනුව ලෝකයේ උතුම්ම මිනිස්සු ආර්ය  ජාතියයි  ජර්මානුවෝද ආර්ය වර්ගයට අයත්  වෙති. ආර්ය නොවන ජාතින් විනාශ කළ යුතුය  යුදෙව්වන් 60 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් හිට්ලර් වාදීන් විසින් ඝාතනය කළේ යුදෙව්වන් මහා පොළොවෙන් නැත්තටම නැති කර දැමීම සඳහාය 

දෙවන ලෝක යුද්ධයෙන් හිට්ලර් ජය ගත්තේ නම් ලෝකයේ වසන  ආර්ය නොවන සියලු ජනවර්ග මරා දමනු නිසැකය .


හිට්ලර් පරාජය වීමෙන් පසු ජර්මනියේ බලය අතට ගත මිත්‍ර  හමුදා කළ පළමු කටයුත්ත  ජර්මනිය   Denazification   කිරීමය. රාජ්‍ය සහ රජයේ නොව සියලු ආයතනවල සිටි සියලුම නාසි මත දරන්නන්  ඉවත්  කරන ලදී. නාසි සන්විධාන තහනම් කරන ලදී නාසි පතපොත විනාශ කර දමන ලදී   මිනිසුන්ගේ මොළවලට   විෂබීජ නාශක දමා පොල් ලෙලිවලින්  අතුල්ලා  නාසි ධර්මය  සුද්ධ කර සෝදා හරින  ලදී . 


එහෙත් හිට්ලර්ගේ  නාසි  ධර්මය   මුළුමනින්ම ලෝකයෙන් නැත්තටම නැති කරන්නට   ලෝකයට තවමත් හැකිවී නැත  සුදු හම තිබෙන අය සිටින  සෑම රටකම, ඇමරිකාවේ සිට නව සීලන්තය දක්වා  නාසි මත දරන්නෝ  සිටිති. ඔවුහු  සංවිධානය වී සිටිති .අවස්ථාවක් ආ විට   සුදු හම නැති අයට,  යකඩ පොලුවලින් බැට් වලින් පහර දෙති .මංකොල්ල කති ඇතැම් විට මරා දමති   ඔවුන්ගෙ ධර්මයට අනුව ලෝකයේ උතුම් ජාතිය සුදු හම ඇත්තෝය . එය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ  WHITE SUPRIMACISM යනුවෙනි 


යුක්රේනය නාසි වාදීන්ගේ තිප්පොළක් නොව මුලස්ථානයයි  .


ඇමරිකානු සඟරාවක් වන  TIME සඟරාවේ මේ සම්බන්ධයෙන් පළවූ ලිපියකට අනුව  AZOV නමින් නාසි වාදී සංවිධානයක් එහි තිබේ එම සංවිධානය යුක්රේන පොලිසියේ රෙජිමේන්තුවක් ලෙස බඳවාගෙන තිබේ 



AZOV සංවිධානයේ අප්පොච්චි වන්නේ යුක්රේනයේ තිබු දේශප්‍රේමින්ගේ සංවිධානයයි යුක්රේන ආණ්ඩුව 12000 අතිරේක අර්ධමිලිටරි  හමුදාවක් පිහිටුවීමට 2014 දී  තීරණය කළ අතර නාසි  අන්තවාදීන් විසින් සහ දේශප්‍රේමීන්ගේ සංවිධානයේ සාමාජිකයන්   එකතුව AZOV සංවිධනය පිහිටුවා ගත් ඊට  නායකත්වය දුන්නේ නව නාසි අන්ත්වාදියෙකි  මෙම සංවිධානයට  ජෝර්ජියානු ආරක්ෂක හමුදා විසින් අවි පුහුණුව ලබා දුන්නේය  .




මෙම සංවිධානය සමග ඇමරිකානු ආණ්ඩුව විසින් සම්බන්ධතා පවත්වාගෙන යාම ගිය අතර එයට හමුදා පුහුණුව ලබා දීමට ඇමරිකාව සුදානම් වූ විට ASOV සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් බැවින් ඊට ආධාර නොකරන ලෙස  ඇමරිකානු පාර්ලිමේන්තුව  විසින්  අය වැය පනතට   සංශෝධනයක්  සම්මත කරන ලද නමුත් පසු අවස්ථාවකදී පෙන්ටගනයේ බලපෑම මත එම සංශෝධනය   අවලංගු කරන ලදී .


විකිපීඩියා හි එය සඳහන් කොට ඇත්තේ මෙසේය .


"US House of Representatives passed an amendment blocking any aid (including arms and training) to the battalion due to its neo-Nazi background.[48] After the vote, Congressman John Conyers thanked the House, stating: "I am grateful that the House of Representatives unanimously passed my amendments last night to ensure that our military does not train members of the repulsive neo-Nazi Azov Battalion, along with my measures to keep the dangerous and easily trafficked MANPADs out of these unstable regions."[47]


However, the amendment was later removed in November 2015, with The Nation reporting that the "House Defense Appropriations Committee came under pressure from the Pentagon to remove the Conyers-Yoho amendment from the text of the bill."



TIME සඟරාවට අනුව ASOV සංවිධානය නිකම්ම නිකම් සන්නද්ධ කණ්ඩායමක් නොවේ .එයට දේශපාලන පක්ෂයක් තිබේ ප්‍රකාශන  ආයතන දෙකක් තිබේ .ගිම්හාන කාලයේදී ළමුන්ට කඳවුරු පවත්වති . පොලිසිය සමග වීදි සංචාරය කිරීම සඳහා ඒකකයක් පිහිටුවා තිබේ  යුද්ධ කටයුතු සඳහා  සංවිධානයක් තිබේ පුහුණු කිරීමේ මධ්‍යස්ථාන දෙකක් තිබේ අවි ආයුධ තොග පිටින් තිබේ  සන්නද්ධ රථ තිබේ කළ තුවක්කු තිබේ ඩ්‍රොන යාත්‍රා තිබේ



එය ලොව පුරා අන්තවාදී මත දරන්නන් එකතු කරන මධ්යස්ථානයක් බවද TIME සඟරාව කියයි හිටපු FBI නිලධාරියෙකු  සහ ආරක්ෂක කටයුතු පිලිබඳ උපදේශකයෙකු වන Ali Soufan ට අනුව AZOV සංවිධානය විසින්  ඉකුත් අවුරුදු 6 තුලදී රටවල් 50 කින් අන්තවාදී පිරිස් 18000 ක්  යුක්රේනයට ගෙන්වා ගෙන තිබේ .



මොවුන් බඳවා ගන්නා ආකාරය අධීක්ෂණය කළ අලි සුෆන් කියන්නේ ඇෆ්ගනිස්ථානයෙන් රුසියානු හමුදා ගිය පසු ඇතිවූ රික්තය පිරවීමට ඇමරිකාව කටයුතු නොකළ බැවින් එය  තලේයිබාන් සංවිධානය විසින් පිරවූ බවයි . "අපිට ඇහැරුනේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහරදීමෙන් පසුයි .යුක්රේනයේ දැන්  සිදුවෙමින් තිබෙන්නේත් ඇෆ්ගනිස්ථානයේ සිදුවූ දෙයමයි 



වෙනත් වචනවලින් කියහොත්  ඔහු කියන්නේ  වැඩි  කල් නොගොස්  යුක්රේනයේ බලය අත්පත් කර ගන්නේ ඔවුන්   බවය  



Time සඟරාව එය ලියා තිබුනේ මෙසේය 

"But Azov is much more than a militia. It has its own political party; two publishing houses; summer camps for children; and a vigilante force known as the National Militia, which patrols the streets of Ukrainian cities alongside the police. Unlike its ideological peers in the U.S. and Europe, it also has a military wing with at least two training bases and a vast arsenal of weapons, from drones and armored vehicles to artillery pieces.

Outside Ukraine, Azov occupies a central role in a network of extremist groups stretching from California across Europe to New Zealand, according to law enforcement officials on three continents. And it acts as a magnet for young men eager for combat experience. Ali Soufan, a security consultant and former FBI agent who has studied Azov, estimates that more than 17,000 foreign fighters have come to Ukraine over the past six years from 50 countries.  The vast majority have no apparent links to far-right ideology. But as Soufan looked into the recruitment methods of Ukraine’s more radical militias, he found an alarming pattern. It reminded him of Afghanistan in the 1990s, after Soviet forces withdrew and the U.S. failed to fill the security vacuum. “Pretty soon the extremists took over. The Taliban was in charge. And we did not wake up until 9/11,” Soufan tells TIME. “This is the parallel now with Ukraine.”

 ඉහත හේතු නිසා ඇමරිකාවේ  කොන්ග්‍රස් සභිකයන් 40 දෙනෙකු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කරමින් AZOV සංවිධානය ත්‍රස්තවාදී සන්විධානයක් ලෙස නම් කරන ලෙස ඉල්ලා සිටියත් එය පිළිගත්තේ නැත .

 2019 නව සීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හිදී 51 දෙනෙකු සමුලඝාතනය කළ   ත්‍රස්තවාදියා නිකුත් කළ ප්‍රකාශය AZOV සංවිධානයේ  අංශයක් විසින් මුද්‍රණය කරමින්ද අන්තරජාලය මගින්ද ප්‍රසිද්ධ කරමින්  එය අගය කිරීමට සහ එය අනුගමනය කිරීමට පොළඹවන  ලදී 

AZOV සංවිධානයේ විශාල පිරිසක් නාසි ස්වස්තික ලකුණ තම ශරීරයේ පච්ච කොටා  තිබෙන අතර ඔවුන්ගේ කළු පාට නිල ඇඳුමේ පළඳින ලාංචනය වන්නේ හිට්ලර්ගේ  ෆන්සර් හමුදා පාවිච්චි කරන ලද ලාංචන දෙකක් එකතු කොට  සුළුවෙන් වෙනස් කරන  ලාංචනයකි 


  AZOV  සාමාජිකයන්ගේ නිල ඇඳුමේ පළඳින මේ ලාංචනය හිට්ලර්ගේ  හමුදා භාවිත කළ ලාංචනවලට ඉතා ආසන්නය  

ඊශ්‍රායලයේ මානව අයිතීන් ක්‍රියාකාරිකයන් 40 කට වැඩි පිරිසක්  වරක් එරට ආණ්ඩුවට ලිපියක් යවමින්  යුක්රේනයට  ලබා දෙන අවි ආයුධ AZOV නව නාසි  සංවිධානය අතට පත්වීමට ඉඩ තිබෙන බැවින් එරටට අවි නොදෙන ලෙස ඉල්ලා සිටියෝය .  

TIME සඟරාව කියන ආකාරයට මෙම සංවිධානයට භටයන් බඳවා ගැනීමේ  මුලස්ථානය තිබෙන්නේ යුක්රෙන  අගනුවර තිබෙන මහල් 4 කින් යුතු ගොඩනැගිල්ලකය Cossack House නමින් හඳුන්වන   එම ගොඩනැගිල්ල අයත් වන්නේ යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයටය  එහි පුස්තකාලයක් තිබෙන අතර  ජර්මානු නාසි ධර්මය ඇතුලත් පොත්වලින් එම   පුස්තකාලය පිරී තිබේ එහි බිම් මහලේ තිබෙන සාප්පුවේ නාසි සලකුණු සහිත ඇඳුම්  සහ වෙනත්  දේ  විකුණනු ලැබේ .



එම සංවිධානයේ ජාත්‍යන්තර අංශයේ ප්‍රධානියා වන ඔලෙනා සේමෙන්ස්කයා කියන ආකාරයට AZOV සංවිධානයේ අරමුණ   වන්නේ යුරෝපය පුරාම සිටින අන්ත  දක්ෂිනාෂික කණ්ඩායම් වල සන්ධානයක් හැදීම සහ යුරෝපය පුරාම රාජ්‍ය බලය එයට ලබා ගැනීමයි.

 

“It could be described as a small state within a state,” says Olena Semenyaka, the head of international outreach for the Azov movement. On a tour of the Cossack House in 2019, she told TIME that Azov’s mission was to form a coalition of far-right groups across the Western world, with the ultimate aim of taking power throughout Europe. 

කොටින්ම එය සුද්දන්ගේ ISIS සංවිධානයයි  

TIME සඟරාව පළකළ ලිපිය පහත සඳහන් ලින්කුවෙන් ලියවිය හැක 

https://time.com/5926750/azov-far-right-movement-facebook/

විකිපීඩියා ලිපිය  
https://en.wikipedia.org/wiki/Azov_Battalion

 

Comments

Anonymous said…
එතකොට බර්ටිලා කණ්ඩායම භීෂණ සමයේදී ආණ්ඩු විරෝධී ත්‍රස්ත ක්‍රියාකාරකම් වල යෙදෙමින් මිනිසුන් මරා දැම්මේ ඔවුන් නාසි ධර්මය දේශනා කල නිසාද.

ඔබ සහ ඔබගේ මස්සිනා මිනීමැරුම් අපරාද කොතරම් සිදු කර ඇත්ද?

වහාම, අදම , මේ මොහොතේම මට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් කරන්න
Anonymous said…
බර්ටි තාම ඉන්නේ ලේ පිපාසයෙන්. ඒකයි මේ වගේ අන්තවාදී ලිපි ලියන්නේ.

මිනිස්සු මරලා ඔයගොල්ලෝ ලබා ගන්න බලාපොරොත්තු වෙන විමුක්තිය මොකක්ද?
හයියෝ සුදු කුකුලෝ, ඔහේ කොසැක් සෙබළු ගැන අහලම නැතෙයි, ඔයි රුසියානු සාහිත්‍යෙය් හැමතැනම තියෙන්නේ, උන් නාසි නොවෙයි, පරම්පරා පිටින්ම අධිරාජ්‍යයාගේ යුද්ධ සෙබළු, ඔයි රුසියානු අධිරාජ්‍යයාගේ හමුදාවල පෙරමුණේ අශ්වාරෝහක බලකායවල් වල හිටියෝ කොසැක් සෙබළු තමයි, සෝවියට් දේශයට නම් එවුන් සමඟ ආරවුලක් තිබ්බා මොකද උන් ආගම අදහන නිසා කොමියුනිස්ට්කාරයන්ට විරුද්ධව සුදු හමුදා පැත්තයි ගත්තේ. සෝවියට් දේශය බිධ වැටුනාම උන් ආයේ පුංචි පුංචි ග්රූප් හදාගෙන තිබ්බා, අපේ අර අංගම්පොර කාරයෝ වගේ, එය පුටින්කාරයත් රුසියන් කොසක් වැඩේට හෙන සපෝර්ට්,මෑන් කොසැක් තඳවුරක අශ්හයෝ පදින ෆෝටෝ මම දැකලා තියනවා.ඌට ඩොං ගිහින් තියෙන්නේ යුක්රෙන් කොසැක් බෙපළු ගැනනේ, ඇත්තේන්ම ඹරිජිනල් කොසැක් ප්‍රෙද්ශ පිහිටලා තියෙන්නේ නැගෙනහිර උක්රේනයේ, උන් කතාතරන්නෙක් යුක්රයින් ඌරුවටයි.
ඒ කියන්නේ නම කපුරුහාමි නිසා හොඳයි කියලනේ කියන්නේ ?කපුරුහාමි හොරෙන් කරන ගඳ ගහන වැඩ ගණන් ගන්න එපා කියල කියන්නේ
Anonymous said…
අලුත් මාසයක් එළැඹ ඇති මේ මොහොතේ අප පැමිණ සිටින්නේ අලුත්ම බ්ලොග් ප්‍රශ්න වට තරඟාවලියක් සමගයි. පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයා තෑගී දිනන්න. ජයග්‍රහී ඔබට වසරක් පුරා යට ජංගි දිනා ගැනීමට වරම්.

1) හතේ හත වැදී සිටියදී සෙට් උන 40 ශ්‍රී රිවස් එක හොදටම වැඩ ලොරියේ එල්ලී ස්කොට්ලන්තයට ගිය බ්ලොග්කරු මොහුය. බ්ලොග් අඩවියත් දැන් අකුලාගෙන ඇත.

(A) කොළඹ ගමරාල
(B) රසිකලොජි
(C) මාරයා
(D) කොලොම්පුරේ

2) කෝටා එකෙන් පේරාදෙණියට පැමිණි මෙම බ්ලොග්කරුගේ පියා ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කරන අවදියේ එහි කඩයක් කෙරු අයෙකි. මොහුගේ මව ලොතරැයි විකුණා ඇත. මෙම බ්ලොග් කරු මේ වන විට ඇමරිකාවේ සිටිනා ගමන් ලංකාවේ බංකොලොත් බව ගැන කියමින් ආර්ථිකය ගැන උගන්වමින් පොස්ට් දමයි. මෙම තැනැත්තා බ්ලොග් අවකාශයේ ගූ පුච්චන් කන අමු කුනා-ලොභයා යන විරුධවලියද ලබා ඇත. මොහුගේ හිගන මසුරුකම නිසා බිරිඳද පිට ගොස් ඇත.

(A) හැලපයා
(B) හිස් අහස
(C) ජෙනරාල් විචාරක
(D) ඉකොනෝමැට්ටා

3) තට්ටය බා ඇති මෙම බ්ලොග්කරුගේ ගමන සයිකලයෙනි. බෝට්ටු පදිනවයි කියා කොල්ලෝ රවට්ටාගෙන ගොසින් ලෝඩ් බාගනී. මුදල් වංචාවකටද ගෑවී ඇත. කඩවත සයිකල් කඩේ පොඩි කොල්ලෙක්ට අතවර කිරීමට ගොස් තට්ටය පලාගෙන ඇත.

(A) තට්ට මංජුවා
(B) තට්ට රසිකලොජි
(C) තට්ට කොළඹ ගමයා
(D) තට්ට පුංචි සාදු

4) දවසට පැය 8 ක් පමණ කළුවරේ ඉන්නා ගමන්, තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ, බෙහෙත් පෝලිමේ ආදී පෝලිම් වල ඉන්නා ගමන් ආණ්ඩුවට කඩේ යන නුගත් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකි. ෆේක් එකවුන්ට් නිසා මොහුගේ ෆේස්බුක් ගිණුම් සියල්ල වාගේ හදපු ගමන් බ්ලොක්වේ.

(A) හැලපයා
(B) කොලොම්පුරේ
(C) අන්සතු දිනපොත
(D) ගූතලන්

5) ලීක් කරගෙන ඇති මෙම බ්ලොග්කරුද තට්ටය බා කහ පාට ඇදුමක් අදිනා කෙනෙකි. කවි ආදිය ලියමින් කාන්තාවන් ඒවාට ආසා වේ යැයි සිතා තනිවම ආතල් එකක් ගනී.

(A) තට්ට කොළඹ ගමයා
(B) පුංචි සාදු
(C) තට්ට පැරා
(D) මාරයා

6) නාකි වී කසාඳ බැන්ද මෙම බ්ලොග්කරු ඊයේ පෙරේදා හද්ද ඩොටේ ගෙයක් සදා එහි ලයිට් දමා පින්තුර ගෙන ඒවා පළකරමින් මෙහි වටිනාකම මෙච්චරයි, අච්ච්රයි කියා තනිව වින්දනයක් ගනී. රොටි වලට සෝස් තවරා පිසා හැදුවා යයි කියාද පොස්ට් දමයි. ඇල්ටෝවෙන් සමාජවාදය කරා සිඝ්‍රයෙන් ගමන්කරන බ්ලොග්කරුවා ලෙසද හදුන්වයි. මෙම බ්ලොග්කරු නොම්බර එකේ කුහකයෙක් ලෙසද හඳුන්වනු ලැබේ.

(A) අගලවත්තේ පී ජයසිංහ
(B) ලංඩනයේ ඩී කීර්ති
(C) අම්පාරේ ඊ සඳරු
(D) කඩවත ටී මංජු

7) බ්ලොග් පොලිසියට අලුතින් ආ සාජන් මහත්තයා මෙතුමාය

(A) ලෝටස් අජිත්
(B) ගූතලන්
(C) හැලපයා
(D) රංග තේනුවර(GTRZ)- ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි

8) නොගැලපෙන උත්තරය ඉවත් කරන්න

(A) කොළඹ ගමයා
(B) ලෝටස් අජ්ජා
(C) ලන්ඩන් අජිත්
(D) අගලවත්තේ අජිත්

9) ගුණයහපත් ක්‍රිස්තියානිකාරයෙක් වන මෙම බ්ලොග්කරු හිටපු නාවිකයෙකි. මොහු ඒ කාලයේ නැවේ කරපු කියපු දෑ ගැන පොස්ට් දමයි. ඒවා බලන අපට සිතෙන්නේ මේ මිනිහට අරින්නමයි වටේ උන් ඔක්කොම බලන් ඉදලා තියෙන්නේ කියාය. ඒ තරම් අකරතැබ්බ වලට නැවේදී මුහුණ දී ඇත. නැවේදී අනික් අයගෙන් ගුටි කා බැල මෙහෙවර කම් කොට අන්ත අසරණ වූ අයෙකි. නැව් රස්සාවේ කිසිදු හොදක් ගැන ලියා නැත. මේවා බලන අලුත් ගැටව් නැව් දිහා පැත්ත පළාතේ නොබලනු ඇත.

(A) කොලොම්පුරේ නාවිකයා
(B) කල්‍යාන මිත්‍ර නාවුකයා
(C) හිරකරුවා බ්ලොග් අඩවිය
(D) දේශකයා

10) අනුන්ගේ බ්ලොග් අඩවියක නමක් තමුන්ගේ බ්ලොග් අඩවියට දමාගෙන පොර ටෝක් දිදී සිට අකාලයේ මියපරලොව ගිය උද්දච්ච බ්ලොග්කරුවෙකි.

(A) ඔබා මාමා
(B) රසිකලොජි
(C) ආටියා
(D) තට්ටයා

මෙම ප්‍රශ්න වලට උත්තර සපයා තෑගී දිනන්න. ජයග්‍රහයකයන්ට 12.5KG ගෑස් සිලින්ඩරයක බරට යට ජංගි. ගොනා හරි පාරට දාගන්න. යට ජංගි දිනා ගන්න. අදම උත්තර සපයන්න.
Anonymous said…
කපුරුහාමි ගඳයි කියලා ඒකට උත්තරය එයාව මරණ එකද බර්ටි?
Ajith Dharma. said…
@ ඇණය , මට තේරෙන්නේ නැත්තේ මෙන්න මේක? ඔයා අසොව් බලකාය හරි කියනවද? මොකද එහෙම එකක් තියෙනවා. ඒක යුක්රේන් හමුදාවට සෙලෙන්ස්කි අර ගත්ත. ඒ වගේම ඔබ කියන කොසැක් කතාවත් හරි. පුටින් එතන ජාතිවාදය අවුස්සනව තමා.
Pra Jay said…
https://www.opendemocracy.net/en/odr/cossack-against-cossack/
Jagath Pathirana said…
මේ සුදුකුකුලා කියන බල්ලාට තියෙන්නේ සිංහල ජාතිය ගැන බුර බුරා නැගෙන වෛරයක්.
මේ ලිපියේ අරමුණ කොසාක් හමුදාවේ වැරදි පෙන්වන මුවාවෙන් සිංහල හමුදාවට ගැරහීමයි.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා