Skip to main content

පොල් ගගා විශ්වය වටා දුවගොස් ආවෙමි

 



හාල් කිලෝවක් මිලදී ගන්න, ගෑස් සිලින්ඩරයක් ගන්න , භූමිතෙල් ටිකක් හොයාගන්න ළමුන්ට උගන්වන්න ගෙයක් දොරක් හදාගන්න නොනවතින ධාවන තරඟ යක ට අපි එකතු වී සිටිනවා සේම විශ්වය පුරා අපි හැම මොහොතකම දුවමින් ඉන්නේ ඒත් අපි දුවන බව අපිට දැනෙන්නේවත් නැහැ

ඒ මොකද ? ඒ කොහොමද ?

1 පෘතුවිය අපිවත් රැගෙන සිය අක්ෂය වටා නොනවත්වා දුවනවා එක වටයක් දුවන්නට පැය 23 විනාඩි 56 තත්පර 4.09 ඊට ගතවෙනවා සාමාන්යෙන් අපිව අරන් දුවන වේගය පැයට කිලෝමීටර් 1500 කට වැඩියි



2 පෘතුවිය අපිව රැගෙන සිය අක්ෂය වටා දුවනවා සේම සුර්යයා වටාත් දුවනවා. එම වේගය පෘතුවිය සිය අක්ෂය වටා දුවනවාට වඩා මහා වේගයෙන් දිවිල්ලක්

එම වේගය තත්පරයට කිලෝමීටර් 30 ක් විතර

දිවිල්ල එතනින් නතර වෙන්නේ නැහැ


3 සුර්යයා සිය ග්රහ ලෝක පද්ධතියත් රැගෙන අපගේ මන්දාකිනිය වන ක්ශීරපථය වටාත් දුවනවා එකවටයක් යාමට අවුරුදු මිලියන 220-250 අතර කාලයක් ගතවෙනවා .

4 ඉතින් දිවිල්ල එතනින් නවතින්නේ නැහැ

අපගේ මන්දාකිනිය, (GALAXY) ආසන්නයේ තිබෙන අපේ මන්දාකිනි කණ්ඩායම සමග රේස් එක්ක දුවමින් ඉන්නේ. අපේ මන්දාකිනිය ඉන්නේ 60 ක කල්ලියක් එක්කයි . ඒ කල්ලියේ දෙවෙනියට විශාල මන්දාකිනිය වෙන්නේ අපි අයත් මන්දාකිනිය වන ශීරපථය .
අපි ආසන්නයේ තිබෙන මන්දාකිනිය වන ANDROMEDA තමා ලොකුම මන්දාකිනිය .






ඉතින් ANDROMEDA හමුවෙලා බදාගන්න අපේ මන්දාකිනිය රේස් එකක දීල ඉන්නේ. අපි එයාව මුණගැහෙන්න දුවනවා එයා අපිව මුණගැහෙන දුවනවා ඉතින් දවසක මේ මන්දාකිනි දෙකම එකක් බවට පත්වීමට නියමිතයි එසේ එකතු වී හැමදාම බදාගෙන ඉන්න දවස උදාවෙන්න තව අවුරුදු බිලියන 4 ක් ගතවෙන බවට දන්නා අය ගණන් හදා තිබෙනවා

ඉතින් ,ඉතින් මේ මේ මන්දාකිනි දෙක එකක් උනත් දිවිල්ල නතර වෙන්නේ නැහැ දෙන්න එකට බදා ගෙන අනිත් මන්දාකිනි සමග නොනවතින රේස් එකක දුවනවා


පොල් ගගා විශ්වය පුරා දුවනවා කියා මාතෘකාවක් දැම්මේ ඇයි කියා ඕගොල්ලෝ කල්පනා කරනවද ?

ඒකට හේතු උනේ මේකයි

මේක ලිය ලියා ඉන්න අතර ගෙදර හාමිනේ කුස්සියේ ඉඳල කෑ ගහල කිව්වා පොල් ගාල දෙන්න කියල

ඉතින් පොල්ගාල දීල ඇවිත් තමා ඉතුරු හරිය ලිව්වේ

Comments

Anonymous said…
බෝබැක් කන්ද මුදුනේ හිම වැටෙන මිටියාවතේ ඇමරිකන් සමලිංගික ගොපලු තරුණයන් දෙදෙනාගේ සමරිසි ආදර අන්දරය බෝබැක් මවුන්ටන්. අදම කියවන්න. වැඩිහියන්ට පමණයි.

-රසික සූරියආරච්චි,
සංස්කාරක, ගිනිසිසිල වැඩිහිටි සඟරාව
සිංහල සංස්කෘතික හමුවේ සමලිංගික ලේඛක සංසදය
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය, ඕස්ට්‍රේලියාව
Anonymous said…
රජ්ජුරුවෝ තාමත් හෙළුවෙන්!

“අන්න රජතුමා හෙළුවෙන්!” කියලා පොඩිඑකෙක් කියපු කතාව හැමෝම දන්නවානෙ. මේ එකේ ඉතිරිය.

“හෙළුවෙන්” කිව්ව එකා නිසා රජ්ජුරුවන්ට වඩා අමාරුවක වැටුණෙ ඇමැත්තො ටික. රජ්ජුරුවො ඇමති මණ්ඩලේට ගෝරනාඩු කළා. ඇමති තනතුරු වෙනස් කළා. භාණ්ඩාගාර ඇමති අශ්ව ඉස්තාල භාර ඇමති කළා. විදේශ ඇමති සංදේශ ඇමති කළා.
හැම උදේකම රජ්ජුරුවො කවුරු හරි ඇමතියෙක්ව මාරු කළා. මහ ඇමතිගෙ වැඩ බලන්න රජ්ජුරුවන්ගේ පුත් කුමාරයෙක් පත් කළා. කුමරයාට වයස අවුරුදු තුනයි! කුමාරයා මහ ඇමතිගෙ ඔඩොක්කුවට පැනලා මූත්‍රා කළා.
මේ සේරම අකරතැබ්බවලට මුල ‘හෙළුව’ පෙන්නපු පොඩි එකා බව ඇමති මණ්ඩලේට වැටහුණා. සේරම දෙනා එකතු වෙලා පොඩ්ඩාව හොයා ගෙන ගියා.
“මං හෙළුව පෙන්නාදීපු නිසා ‍හැමෝම අමාරුවෙ වැටුණා නේද?” පොඩ්ඩා ඇහුවා.
තමන් කට අරින්නත් කලින් පොඩ්ඩා හේතුව කිව්ව එක ගැන ඇමතිවරුන්ට හරි පුදුමයි.
කොහොමද එක පාරටම දැන ගත්තේ මහ රජතුමා හෙළුවෙන් කියලා?
“අයියෝ ඒක සුළු දෙයක් නෙ. ඇඳුමෙන් වැහිලා තියෙන්න ඕනෙ අවයව සේරම එළියෙ නම්, ඒකෙන් කියවෙන්නෙ, ඒ තැනැත්තා හෙළුවෙන් කියලා තමා. මට කරද්දී ගුරුතුමා ඕක කියලා දුන්නේ.

ඇමති මණ්ඩලේ තම තම නැණ පමණින් කාරණේ තේරුම් ගත්තා. හැමදේට ම මුල ගුරුතුමන්ලා බව සියල්ලන්ම ඒකමතිකව තීරණය කළා. ගුරුතුමන්ලා දරුවන්ට මෙවැනි දේ කියා දෙන තරමට තමන්ගේ රාජකාරි අමාරුවෙන බව ඒ හැමෝටම පෙනී ගියා. හැමෝ ම ඇඟිල්ල දික් කළේ පාඨශාලා ඇමති දිහාටයි. ඒ හිටපු ඇමති කෙනා වෙනුවට රජතුමා කෝපවෙලා ඒ තනතුරට දාලා තිබුණේ හිටපු ගව පට්ටි භාර ඇමතිවරයාවයි.

“ඒ සිද්ධිය වෙන කොට මම මේ තනතුරේ හිටියෙ නැහැ. ඒ නිසා මට වගකීමක් බාර ගන්නත් බැහැ. ඒත් ඉස්සරහට මේ දේ නොවෙන්න මම වැඩ කරන්නම්. මගේ ගව පට්ටි පාලන දැනුම මෙතෙන්දි හරි වැදගත්!” බුද්ධිමත් විදිහට ඇමතිවරයා පැහැදිලි කළා.
“අපේ ගව පට්ටිවල මස් අඩු වෙන කොට අලුතෙන් තණකොළ, පුනක්කු දෙනවා. ඒ වගේමයි, උන් වැඩිලා තෙල් පිරිලා මස්වල ගුණය පහළ යද්දී අපි හරකුන්ගෙ කෑම පාලනය කරනවා. ඒ වගේ ම ගැළපෙන මස් වර්ග ආසන්න රාජධානිවලින් ගෙන්වනවා. මෙතෙන්දි කරන්න ඕනෑ ඒක. මේ ගුරුවරු පමණට වඩා ළමයින්ට දැනුම දෙනවා. ඒක පාලනය කරන්න ඕනෑ.”

පාඨශාලා ඇමති සිය තීරණය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. කෙළින් ම ගුරුවරුන්ට උගන්වන ප්‍රමාණය අඩු කරන්න කියන්න බැරි නිසා ඒ සඳහා විවිධ උපක්‍රම යෙදුවා. ඇතැම් පාඨශාලා වසා දැමුවා. ගුරුවරුන් දුර්මුඛ කරන්න ඔවුනගේ දීමනා අඩු කළා. ඔවුන් එහාට මෙහාට මාරු කළා. දුනු විදින්න දක්ෂ ගුරුවරු වෙණ වයන්න උගන්වන්න යැව්වා. වෙණ වයන අය කෘෂිකර්මය උගන්වන්න යැවුවා. ඒත් එක්කම පාඨමාලාවල ‘හෙළුව’ පිළිබඳ ලියැවුණු පොතපත ඉවත් කළා. ඉතිහාසයේ දවසක රජතුමා හෙළුවෙන් ගිය කතාව දැන ගන්න නිසා ඉතිහාසය උගන්වන එකත් නතර කරලා දැම්මා.
අඩු දීමනා නිසා ගුරුවරු පාඨමාලා හැර දමා ගිහින් කසිප්පු පෙරීම වගේ ජීවන මාර්ග තෝරා ගත්තා. තවත් අය රට ගියා. ඒත් එක දක්ෂ ගුරු පිරිසක් මේ තත්වය වෙනස් කරන්න තීරණය කරලා ඒ ගැන සාකච්ඡා කළා.

“උඹලාගේ දරුවන්ට හොඳ ඥානයක් ලැබෙන්නේ නැහැ. පාඨමාලා පිරිහෙනවා. හොර තක්කඩි අකුරු උගන්වන්න එනවා. ඉතිහාසය අයින් කරලා. පාඨශාලා දිරාපත් වෙන්න ඇරලා.” ඔවුන් ගම්බිම් කරා යමින් රටවැසියන් දැනුවත් කළා. බුද්ධිමත් රටවැසියන් කලබල වුණා. ඒත් ඒක තේරුම් ‍නොගත් අනුවණ පිරිස් ඒ ගුරුවරුන්ට උසුළු විසුළු කළා.
කොහොමින් හරි සිද්ධ වෙමින් පවතින දෙය රජතුමාටත් ආරංචි වුණා. “කුමක් ද මේ සිදු වන්නේ? වහාම කරුණු සොයා බලා මට දැනුම් දෙනු!” රජු ඇමති මණ්ඩලයට නියෝග කළා.
තමන් සැලසුම් කළ මොහොත පැමිණ ඇති බැව් ඇමති මණ්ඩලය වටහා ගත්තා. පසුදා උදේ ඔවුන් සියලු දෙනාම සීතාම්බර පට සළුවලින් සැරසිලා රාජ සභාවට ගියා.
“රජතුමනි, අතීතයේ දිනක අප ඇඳ සිටින වටිනා සළුවෙන් සැරසී ඔබතුමා ජනතාව ඉදිරියට යද්දී එක් මෝඩ කොලුවෙක් ඔබට අවමන් කළා. මෝඩයින් වූ රටවැසියනුත් ඒ කොලුවාගේ බහ පිළිගෙන ඔබතුමාට සිනාසුණා. එහෙත් වරද අපි වැරදි කළා. දැන් යළිත් මේ සළුව අඳින්නට කාලයයි!”

මෝඩයාට නොපෙනෙන ඒ සළුව හැඳ ගත් රජතුමා ද ඇමති මණ්ඩලයත් සමඟ මහත් ආඩම්බරයෙන් වීදි සංචාරයේ යෙදුණා.

‘හෙළුව’ යන වදන නොදන්න අලුත් දරුවන් ඒ පැරණි වචනය කීවේ නැහැ. තේරුණු ගුරුවරුන් ඒ බව කියන්න හැදුවත් මෝඩ මිනිස්සු එ්ක වැළැක්වූවා. “හෙළුව? ඒ මොකක්ද?” රජතුමා හෙළුවෙන් බව පෙන්වන්න හදපු ගුරුතුමන්ලාගෙන් ඒ පිරිස් ප්‍රශ්න කළා. ඉතිහාසය නූගන්වන නිසා රටවැසියන්ටත් ඒ වචනය අමතකව ගොස් තිබුණා.
කවුරුත් කිසිත් නොකීම ගැන රජතුමා සතුටු වුණා. “ප්‍රීතියි! ප්‍රීතියි! ඇමතිවරුනි, ප්‍රීතියි!” රජතුමා උද්දාමය පළ කළා.
ජනතාව නිසි තැනට ගෙන ඒමේ ඇමතිවරුන්ගේ ක්‍රියා පිළිවෙත රජතුමාගේ පැසසුමට ලක් වුණා. රජු ඇතුළු ඇමති මණ්ඩලයම සීතාම්බර පට සළු ඇඳ ගෙන යන්න පටන් ගත්තා. තවමත් ඔවුන් නිර්භයව ඒ ඇඳුම ඇඟලා ගෙන ඉන්නවා. ගවපට්ටිකරුවන් සුසුම් හෙළනවා.

-රසික සූරියආරච්චි‍-
Anonymous said…
රනිල් වික්‍රමසිංහ කියන්නෙ මං කැමති චරිතයක් නෙමෙයි. ඒත් අපි අකමැතියි කියලා මිනිහෙකුගේ දේශපාලන හැකියාව සහ නිපුණතාවය අවතක්සේරු කරන්න බෑ. මේ වෙලාවෙ දේශපාලන පිට්ටනියෙ ඉන්න වඩාත් ආකර්ශනීයම චරිතය රනිල්.

රනිල් මේ මොහොතෙ කරන දේශපාලන සෙල්ලම මං ඉතා ආසාවෙන් බලන් ඉන්න එකක්. ඒක පොඩි ළමයින්ගෙ බෝල පාස් සෙල්ලමක් නෙමෙයි. නිකං සටන් පාඨවලින් ගොඩයන්න පුළුවන් එකක් නෙමෙයි. රනිල් කරන්නෙ මහින්ද රකින එක වගේ කතන්දර දේශපාලන ගැඹුරක් තියෙන ඕන කෙනෙකුට ජෝක්. මොකද දේශපාලනයේදි කිසි කෙනෙක් තව කෙනෙක් රකින්නෙ නෑ. තමන්ගේ බලය වෙනුවෙන් පාවිච්චි කරනවා මිස. ඒක තමයි ඒ විෂයේ හැටි. ජවිපෙ වගේ පක්ෂ විසින් විශ්වාස කරන හොඳ මිනිස්සු කියන කතාව දේශපාලන විෂයට අදාල කතාවක් නොවෙන්නෙ ඒ හින්ද. ඒවා නිකං ආර්ට් වැඩවලට හොඳ කතන්දර. දේශපාලනය කියන්නෙම මිනිස්සුන්ගෙ නරක පැත්තත් එක්ක ගනුදෙනු කිරීමට.

රනිල් දේශපාලනයේ අන්ත පරාජයකට ලක්වෙලා හිටියෙ. මං වුනත් රනිල් දිහා බලමින් කුරිරු සතුටක් ලැබුවා. ඔය කියන තරම් ස්මාර්ට් මිනිහා අන්තිමට මොනවද කරගත්තෙ කියල උසුළුවිසුළු කළා. රනිල්ගෙ වැදගත්ම දේ තමයි ඉවසීම. බලන් ඉන්න පුළුවන්කම. ජනතා දේශපාලනයේදී තමන් දක්ෂ නැති බව හොඳින්ම පසක් කරගෙන පිට්ටනිය තමන්ට ගැලපෙන මොහ‍ොත දක්වා එනකල් රනිල් නෙට්ෆ්ලික්ස් බැලුවා. ඇත්තටම නෙට්ෆ්ලික්ස්වල ක්‍රවුන් සීරීස් එක‍ දේශපාලන විෂයට කැමති කෙනෙක් බලන්නම ඕන. ඒකෙ චර්චිල් කරන දේශපාලනය මට හරිම ආකර්ශනීය එකක්. කොටින්ම තමන්ගෙම කැබිනට් එක පවා තමන්ව එලියට දාන්න බලන් ඉඳිද්දි කලිසමේ chu යන නාකි චර්චිල් ගේම් එක ගහනවා. ඒක මාර ඉන්ස්පයරින් කැරැක්ටර් එකක්.

රනිල්ට ජනාධිපති වෙන්න ලැබෙන්නෙ තමන්ගෙ ප්‍රබලතම ප්‍රතිවාදී පක්ෂෙ සහායෙන්. එතනදි පොහොට්ටුවට රනිල්ව ඕන වෙන්නෙ තමන්ගේ ආරක්ෂාව පිණිස. නැවත තමන් ගොඩනැගෙන තෙක් පක්ෂයක් බලයක් අහිමි දුර්වලයෙක් පාවිච්චි කිරීම කියන තැනින්. රනිල්ට සිද්ද වෙනවා ඒ අවසරෙන් තමන්ට අහිමි සියල්ල යළි දිනාගන්න. ඇත්තටම ගත්තොත් විපක්ෂයත් රනිල්ට විරුද්දයි, පොහොට්ටුවත් විරුද්දයි. ඒ හින්දම රනිල්ට සටන්පාඨ දේශපාලනය කරන්න පුළුවන්කමක් නෑ. හරිම අවදානම් පාරක, ලොකු වීර වික්‍රම නැතුව ඉතා සියුම් දේශපාලන ගේම් එකක් එයාට සෙල්ලම් කරන්න වෙනවා. වැල් පාලමේ උදාහරණය මෙතනදි හරියටම ගැලපෙනවා.

රනිල්ට දේශපාලනය කරන්න වෙලා තියෙන්නෙ ජවිපෙ කියන විදිහෙ හොඳ මිනිස්සු එක්ක නෙමෙයි. හොර ආණ්ඩු පක්ෂයක් සහ moda විපක්ෂයක් එක්ක. අනිත් පැත්තෙන් රටේ දැවැන්තම අර්බුදයත් එක්ක. ඒ නිසා සංදර්ශන පවත්වන්න අවසරයක් නෑ. විසිල් ගහන වීරයා වෙන්න බෑ. ලංකාවෙ ජනාධිපති කෙනෙක් මුහුණ දෙන අතිශය තීරණාත්මක, අභියෝගාත්මක මොහොතකට රනිල් මුහුණ දෙනවා. ඒක බලන් ඉන්න හරිම ඉන්ටරෙස්ටින්ග්. තියුණු බුද්ධියකින්, ඉවසීමකින් කරන චෙස් ක්‍රීඩාවක් තරම්ම ආකර්ශනීයයි.

සියල්ලන් ප්‍රතිවාදීන් වූ දේශපාලනයක තනි මිනිහෙක් කරගෙන යන මේ සටන ඉතිහාසයේ වැදගත්ම පරිච්ඡේදයක් වෙනවා. රනිල් දිහා මං බලාපොරොත්තු සහගතව බලන් ඉන්නෙ ඒ හින්ද.
Anonymous said…
ඔක්තෝබර් විප්ලවයේ අවුරෝරාව සහ රුහුණු කුමාරිය....

1917 වසරේ ඔක්තෝබරය උදා වන දින වන විට එතෙක් රුසියාවෙහි ආර්ථික සහ රදල සමාජය බිද වැටී ගොවීන් සාමාන්‍යය ජනතාව රාජ්‍යය සේවකයන් පමණක් නොව සන්නද්ධ හමුදාවන් පවා බෝල්ශෙවික් වරුනට සහය දෙමින් රුසියාවෙහි ප්‍රධාන ආරක්ෂක සහ ආර්ථික මර්මස්ථාන බහුතරයක බලය ලබා ගෙන තිබූ අතර එහි අවසන් මර්මස්ථානය වූ winter palace (හේමන්ත මාලිගයේ ) බලය අල්ලා ගැනීමට ලෙනින් තීරණය කරන්නේ ඔක්තෝබර් මස 25 වනදාය... ඔහු ඒ වනවිට සිය පෞද්ගලික ආරක්ෂාවද පසෙකලා පෙට්‍රොගෑඩ් හි විප්ලවයේ මෙහෙයුම් මධ්‍යස්ථානය කරා පැමිණ අණ දීම් කටයුතු ආරම්භ කල අතර ඔක්තෝබර් 25 වනදා සවස වන විට හේමන්ත මාලිගය හැරෙන්නට අනෙක් සියලුම පාහේ ස්ථානයන්හි බලය විප්ලව වාදීන් සන්නද්ධ බලයෙන් අල්ලාගෙන තිබින...

එවකට සාර් ආන්ඩුවෙහි අග්‍රාමාත්‍ය වරයා සහ ඇමති මඩුල්ල රැදී සිටි හේමන්ත මාලිගය අත්පත් කරගෙන සෝවියට් රුසියාව ලොව පලමු සමාජවාදී රාජ්‍යය බවට පත් කිරීමට යහසුලුව බලාසිටි ජනතාවන්ට සහ හමුදවන්ට කාමර දහස් ගනනකින් හෙබි මේ මහා මාලිගයට කඩා වැදීමට ඔක්තෝබර් 25 රාත්‍රියෙහි අණ දෙන්නේ අන් කිසිවෙකු නොව ඒ වන විට ත්‍රේව් නදියේ නැංගුරම් ලා සිටි විප්ලවයේ නෞකාව ලෙසින් හැදින්වෙන "අවුරෝරා නෞකාව" විසිනි.. සැලසුම් කරගත් පරිදිම එදින රාත්‍රියෙහි මහා කාලතුවක්කු හඬින් සංඥාව ලබා දුන් අවුරෝරා නෞකාව සමාජවාදී ශ්‍රේෂ්ඨ සෝවියට් රුසියාව බිහිකිරීමෙහි සටනේ විප්ලවීය ජීව වෙඩිමුරය තබා විශිෂ්ඨ ඔක්තෝබර් විප්ලවය ජයග්‍රහණය කරා ගෙන ගොස් අදට වසර සියගනනක් ඉක්මවූ පසු ආසියාවෙහි එක් කුඩා රටක කෝච්චියක් හෙට දිනයේ අවුරෝරා නෞකාවට යාවජීව වන තරමේ විප්ලවීය වෙනසක් මෙරට ඇති කරනු ඇතැයි ඝන සීත රාත්‍රියක වුව ලියුම්කරුට පුදුමාලංකාර හැගීමක් දැනෙමින් පවතී..

එනම් වසන්ත මුදළිගේ නැමැති සිසු නායකයා අත්තඩංගුවට ගෙන අනීතික ලෙස රදවා ඇති තංගල්ල කරා හෙට උදෑසන 6.30 ඇදෙනා මෙම විප්ලවීය දුම්රිය ශ්‍රීලංකා ඉතිහාසයේ එදා මෙදා තුර වැඩිම විප්ලවීය බරකට වාරුවෙමින් අවුරෝරාට නොදැවෙනි යාවජීව ගුණයක් සමගින් තංගල්ලට ඇදෙයි..එසේම වසන්ත මුදලිගේ සහෝදරයා හැරුනකොට සමස්ථ විප්ලවීය පක්ෂයේම ආරක්ෂාවෙහි බරපැන සමගින් එහි ගමන් ගන්නා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශ්‍රේෂ්ඨ විප්ලවීය නායකයන් ලියුම් කරුට විරාජ මාන වන්නේ එදා එනම් 1917 වසරේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ මෙහෙයුම් මධ්‍යස්ථානය වූ පෙට්‍රොගෑඩ් කරා තම ජීවිතාපේක්ෂාවද පසෙක තබා ගිය v i ලෙනින් ඇතුලු බෝල්ශෙවික් පරමාදර්ශයන් ලෙසය...

සහුද්‍ර සහෝදරවරුණි

ඔක්තෝබර් විප්ලවයට වසර එකසිය හයක් සම්පුර්ණ වීමට තවත් දින කිහිපයක් පමණක් ඇති මේ මොහොතේ හෙට දින එදා සුප්‍රකට විප්ලවීය සෝවියට් අවුරෝරා නෞකාව මෙන්ම මෙදා තංගල්ල කරා ඇදෙනා රුහුණු කුමාරී සීග්‍ර ග්‍රාමී දුම්රිය ආසියාවෙහි වගාලිදක වැටී ජීවය අයදින ශ්‍රීලංකාවේ ඔක්තෝබර් විප්ලවයේ කතාව රැගෙන නොයන්නේ යැයි අනුමාන කලනොහැක්කේ කාටද.....

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට ජය වේවා

සන්නද්ධ අරගලයකින් බලය ලබා ගත යුතුය. ඒ සදහා අවැසි වන දීර්ඝ කාලින සන්නද්ධ ක්‍රියාමාර්ගයක් සදහා පක්ෂ සාමාජිකයන් සුදානම් කල යුතුය. සන්නද්ධ කාඩර්වරුන් සෑම ග්‍රාම සේවා කොට්ඨාසයකටම පත්කළ යුතුය.

විමුක්ති කොටි සංවිධානයේ සන්නද්ධ කාඩර්වරුන්ගේ සහය මුල සිටම අරගලයට ලැබුණි. ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්ගේ සහය, චෙච්නියානු ගරිල්ලන්ගේ සහය, හමාස් සංවිධානයේ සහය, අයර්ලන්ත ගරිල්ලන්ගේ සහය අපට ලැබීමට නියමිතය. ඔවුන් අවශ්‍ය විටදී අරගලයට අවශ්‍ය සන්නද්ධ සහය ලබා දෙනු ඇත.

හිරු නැගෙනා විට සන්නද්ධ අරගලයකින් බලය අල්වා ගමු. අරගලය වෙනුවෙන් ජීවිතය කැප කරන කාඩර්වරුන් හිරු නැගෙනා විටත් හිරු බැස යන විටත් සිහිකරමු.

-අජිත් ධර්මකීර්ති-

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාවට  පක්ෂපාත විදේශ ප්‍රතිපත්තියක් 1977 සිට අනුගමනය  කරමින් සිටීම  ඉන්දියාවට  තර්ජනයක් ලෙස  ඉන්දියාව දුටුවේය . එහෙත් ලංකාවේ  ඊළමක් පිහිටුවීම  ඉන්දියාවට තර්ජනයක් වන බව ඉන්දියාව  හොඳින් දැන සිතියේය . එබැවින් ල