Skip to main content

දෙවියෝ සිටීද ?

 



දරුවාගේ අසනීපයට වෛද්ය ප්රතිකාර නොදී දෙවියනට යාඥා කොට රෝගය සුව කරන්නට ගොස් දරුවා මියයාම නිසා බඩල්ගම මවක් පියෙක් සහ මිත්තනියක් පොලිස් අත්අඩංගුවට ගත් බව ඊයේ වාර්තා විය
ඉස්සර නම් මෙවැනි සිද්ධීන් ගැන අපට අහන්නට ලැබුනේ ඉන්දියාවෙනි .
ඉන්දියාව දේවාල ලක්ෂ ගණනක් තිබෙන රටකි. 33 කෝටියක් දෙවියන් සිටින බව ඉන්දියානුවෝ විශ්වාස කරති. දෙවියන් 33 න් කෝටියත් රැගෙන ඉන්දියානුවන් මෙහි ආ බැවින් දෙවියන් 33 ක් කෝටියක් සිටින බව අපිද විශ්වාස කරමු .33 න් කෝටියක් දෙව් දේවතාවන්ට පිං අනුමෝදන් කරන ලෙස භික්ෂුන් කියනු දහස් වාරයක් ඔබට ඇසී ඇති බවට සැකයක් නැත .

ක්රිස්තියානි ආගමිකයන්ට ඇත්තේ එක දෙවියෙකි .එම දෙවියන් ගේ පිහිට සියල්ලෝම යදිති ඇතැම් ක්රිස්තියානි නිකායන් දේව බලයෙන් කොරුන් ඇවිද්දවන බවත් ගොළුවන් ලවා කතා කරවන බවත් බිහිරන්ට ඇසීමේ හැකියාව ලබා දෙන බවත්, අන්ධයනට පෙනුම ලබා දෙන බවත් කියති විදේශික පුජකයෝ මිනිසුන් පිට්ටනිවලට කැඳවා එවැනි යාඥා සංදර්ශන පවත්වන අවස්ථා වලට මිනිස්සු තම නිවෙස්වල සිතින අන්ධයන් ,බිහිරන් කොරුන් ගොළුවන් රැගෙන යති. සුවවූ බව කියමින් ඇතැමුන් වේදිකාවට නගිති


එහෙත් එය ඇත්තද බොරුද කියා සෙවූ කෙනෙක් නැත .එ නිසා සාමාන්‍ය මිනිස්සු ඒවා ඇත්ත ලෙස පිළිගනිති .තමාගේ ගෙදර සිටින කොරා අන්ධයා බීරා ගොළුවා යාඥාවට එක්කර ගෙන ගියත් එහිදී සුව නොවුනත් අනාගතයේ දිනක සුව වනු ඇතැයි විශ්වාස කරති .


වික්ටර් රත්නායකගේ නැතිවූ කඩහඬ ලබා ගැනීම සඳහා පුජකයෙකු පිහිට පැතු බව වසරකට හමාරකට පෙර ආරංචි විය ඒ ගැන පින්තුරද මාධ්යවල පලවිය .

මීට අවුරුදු දෙකකට පෙර තමිල්නාඩුවේ සිට වව්නියාවට පැමිණි ක්‍රිස්තියානි නිකායක පුජකයෙක් දෙවියන්වහන්සේගේ බලයෙන් කොරෝනා සුවකරන බව කියා යාඥාවක් එහි පැවැත්වීය. එම පුජකයාගෙන් සහභාගිවූ කීපදෙනෙකුට පුජකයාගෙන් කොරෝනා ආසාදනය වූ අතර ආපසු තමිල්නාඩුවට ගිය පුජකයාට කොරෝනා උග්රවී වී මියගිය බව මාධ්‍යවල පලවිය
විශ්ව බලයෙන් ලංකාවේ කොරෝනා මුලින්ම පිස දැමීමට ගංගාවලට මුට්ටි දමන ලෙස කිව් වෛද්යවරයෙක් බවට හඳුන්වා ගත් එලියන්ත වයිට් කොරෝනා ආසාදනය වී මිය ගියේය
පිරිත් කියා කොරෝනා රටින් තුරන් කර දැමිය හැකි යයි විශ්වාස කරමින් පිරිත් කියන භික්ෂුන්ටද කොරෝනා ආසාදනය වී තිබේ ප්රසිද්ධ භික්ෂුවක් කොරෝනා ආසාදනය වී මියගියේය
පසුගිය කාලයේ මහා බලගතු යයි කියන මුන්නේශ්වරන් දේවාලයේ තිබු රත්තරනින් තැනු බොහෝ වටිනා දේව ප්රතිමාවක් කිසිවෙකු හොරකම් කොට තිබිණ
සීනිගම දේවාලයේ මුදල් හොරකම් කොට තිබුණු බවත් කපුවා පොලිසි ගිය බවත් වාර්තා විය
කතරගම දේවාලයේ තිබු රු. කෝටි ගණනක් වටිනා රන් තැටියක් මාස කිපයකට පෙර අතුරුදන් කරනු ලැබිණ අද වෙන තුරු හොරා අහුවුයේ නැත.
ඉස්ලාම් ආගමිකයන්ගේ දෙවියා අල්ලාය. අල්ලා දෙවියන් කෙරේ විශ්වාසයක් නැති අයට මුස්ලිම් සමාජයේ ජීවත්වන්නට ඉඩක් නැත අල්ලා දෙවියනට අපහාස කරන අය මරා දැමීමට ඉස්ලාම් අන්තවාදීන් මොහොතක් වත් පැකිලෙන්නේ නැත .ලංකාවට ආ සුනාමියෙන් මුස්ලිම් ජනයා විශාල ලෙස මියගියෙන් ඔවුන්ගේ ජනගහන ප්රතිශතය 1%කින් අඩු විය .අල්ලා දෙවියන් එම ජනතාව බේරාගන්නට ඉදිරිපත් නොවුනද මුස්ලිම් ජනයා අල්ලා දෙවියන්ගේ පිහිට තව දුරටත් ඉල්ලා සිටිති
දේව බලය කියා දෙයක් නැති බව දහස් වාරයක් ඔප්පු වුවද වැඩි දෙනෙකු එය පිළිගන්නට සුදානම් නැත
ඒ ඇයි ?
මිනිසුන්ට තර්කානුකුල ලෙස සිතා නිගමනවලට ඒමට තරම් බුද්ධියක් නැති නිසාද ?
නැතහොත් මායා ලෝකවල ජීවත්වන්නට ඇති කැමැත්ත නිසාද?
එසේත් නැත්තම් අසරණවූ විට මිනිසුන්ට තම දුක කියා හිතට සැනසීමක් ලබා ගැනීමට කුමන හෝ අදෘශ්යමාන බලයක් අවශ්ය නිසාද ?

Comments

Anonymous said…
ඉහත ලිපිය මගින් බුද්ධාගමට හානිවන බව අපට පෙනීගොස් ඇත. එම නිසා මෙම ලිපිය වහාම ඉවත්කරගන්නා මෙන් දන්වා සිටිමු.

-රංග තේනුවර(GTRZ)- ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි.)
බෞද්ධ ෆට්වා ආඥාවන් එළකිරි දොට්කෝම් එකෙන් නිකුත් කරන්නට පටන් ගත්තේ කවදා සිටද ?
Anonymous said…
රංග තේනුවර මහතා පසුගියදා බ්ලොග් පොලිසියේ සාජන් තනතුරට පත්කර ඇතිබව ඔබට මතක්කර සිටිමි.
ස්තුතියි.
/* ලංකාවට ආ සුනාමියෙන් මුස්ලිම් ජනයා විශාල ලෙස මියගියෙන් ඔවුන්ගේ ජනගහන ප්‍රතිශතය 1%කින් අඩු විය . */

සුනාමියෙන් ලංකාවේ මිය ගියේ ම 35,000ක් පමණ නේද? එහි ආගම් සං‍යුතියක් සහිත දත්ත තියෙනවාද?
මේ ප්‍රතිශතය ගණනය කළ අය එසේ කළේ කොහොමද?
Anonymous said…
අලුත් මාසයක් එළැඹ ඇති මේ මොහොතේ අප පැමිණ සිටින්නේ අලුත්ම බ්ලොග් ප්‍රශ්න වට තරඟාවලියක් සමගයි. පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයා තෑගී දිනන්න. ජයග්‍රහී ඔබට වසරක් පුරා යට ජංගි දිනා ගැනීමට වරම්.

1) හතේ හත වැදී සිටියදී සෙට් උන 40 ශ්‍රී රිවස් එක හොදටම වැඩ ලොරියේ එල්ලී ස්කොට්ලන්තයට ගිය බ්ලොග්කරු මොහුය. බ්ලොග් අඩවියත් දැන් අකුලාගෙන ඇත.

(A) කොළඹ ගමරාල
(B) රසිකලොජි
(C) මාරයා
(D) කොලොම්පුරේ

2) කෝටා එකෙන් පේරාදෙණියට පැමිණි මෙම බ්ලොග්කරුගේ පියා ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කරන අවදියේ එහි කඩයක් කෙරු අයෙකි. මොහුගේ මව ලොතරැයි විකුණා ඇත. මෙම බ්ලොග් කරු මේ වන විට ඇමරිකාවේ සිටිනා ගමන් ලංකාවේ බංකොලොත් බව ගැන කියමින් ආර්ථිකය ගැන උගන්වමින් පොස්ට් දමයි. මෙම තැනැත්තා බ්ලොග් අවකාශයේ ගූ පුච්චන් කන අමු කුනා-ලොභයා යන විරුධවලියද ලබා ඇත. මොහුගේ හිගන මසුරුකම නිසා බිරිඳද පිට ගොස් ඇත.

(A) හැලපයා
(B) හිස් අහස
(C) ජෙනරාල් විචාරක
(D) ඉකොනෝමැට්ටා

3) තට්ටය බා ඇති මෙම බ්ලොග්කරුගේ ගමන සයිකලයෙනි. බෝට්ටු පදිනවයි කියා කොල්ලෝ රවට්ටාගෙන ගොසින් ලෝඩ් බාගනී. මුදල් වංචාවකටද ගෑවී ඇත. කඩවත සයිකල් කඩේ පොඩි කොල්ලෙක්ට අතවර කිරීමට ගොස් තට්ටය පලාගෙන ඇත.

(A) තට්ට මංජුවා
(B) තට්ට රසිකලොජි
(C) තට්ට කොළඹ ගමයා
(D) තට්ට පුංචි සාදු

4) දවසට පැය 8 ක් පමණ කළුවරේ ඉන්නා ගමන්, තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ, බෙහෙත් පෝලිමේ ආදී පෝලිම් වල ඉන්නා ගමන් ආණ්ඩුවට කඩේ යන නුගත් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකි. ෆේක් එකවුන්ට් නිසා මොහුගේ ෆේස්බුක් ගිණුම් සියල්ල වාගේ හදපු ගමන් බ්ලොක්වේ.

(A) හැලපයා
(B) කොලොම්පුරේ
(C) අන්සතු දිනපොත
(D) ගූතලන්

5) ලීක් කරගෙන ඇති මෙම බ්ලොග්කරුද තට්ටය බා කහ පාට ඇදුමක් අදිනා කෙනෙකි. කවි ආදිය ලියමින් කාන්තාවන් ඒවාට ආසා වේ යැයි සිතා තනිවම ආතල් එකක් ගනී.

(A) තට්ට කොළඹ ගමයා
(B) පුංචි සාදු
(C) තට්ට පැරා
(D) මාරයා

6) නාකි වී කසාඳ බැන්ද මෙම බ්ලොග්කරු ඊයේ පෙරේදා හද්ද ඩොටේ ගෙයක් සදා එහි ලයිට් දමා පින්තුර ගෙන ඒවා පළකරමින් මෙහි වටිනාකම මෙච්චරයි, අච්ච්රයි කියා තනිව වින්දනයක් ගනී. රොටි වලට සෝස් තවරා පිසා හැදුවා යයි කියාද පොස්ට් දමයි. ඇල්ටෝවෙන් සමාජවාදය කරා සිඝ්‍රයෙන් ගමන්කරන බ්ලොග්කරුවා ලෙසද හදුන්වයි. මෙම බ්ලොග්කරු නොම්බර එකේ කුහකයෙක් ලෙසද හඳුන්වනු ලැබේ.

(A) අගලවත්තේ පී ජයසිංහ
(B) ලංඩනයේ ඩී කීර්ති
(C) අම්පාරේ ඊ සඳරු
(D) කඩවත ටී මංජු

7) බ්ලොග් පොලිසියට අලුතින් ආ සාජන් මහත්තයා මෙතුමාය

(A) ලෝටස් අජිත්
(B) ගූතලන්
(C) හැලපයා
(D) රංග තේනුවර(GTRZ)- ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි

8) නොගැලපෙන උත්තරය ඉවත් කරන්න

(A) කොළඹ ගමයා
(B) ලෝටස් අජ්ජා
(C) ලන්ඩන් අජිත්
(D) අගලවත්තේ අජිත්

9) ගුණයහපත් ක්‍රිස්තියානිකාරයෙක් වන මෙම බ්ලොග්කරු හිටපු නාවිකයෙකි. මොහු ඒ කාලයේ නැවේ කරපු කියපු දෑ ගැන පොස්ට් දමයි. ඒවා බලන අපට සිතෙන්නේ මේ මිනිහට අරින්නමයි වටේ උන් ඔක්කොම බලන් ඉදලා තියෙන්නේ කියාය. ඒ තරම් අකරතැබ්බ වලට නැවේදී මුහුණ දී ඇත. නැවේදී අනික් අයගෙන් ගුටි කා බැල මෙහෙවර කම් කොට අන්ත අසරණ වූ අයෙකි. නැව් රස්සාවේ කිසිදු හොදක් ගැන ලියා නැත. මේවා බලන අලුත් ගැටව් නැව් දිහා පැත්ත පළාතේ නොබලනු ඇත.

(A) කොලොම්පුරේ නාවිකයා
(B) කල්‍යාන මිත්‍ර නාවුකයා
(C) හිරකරුවා බ්ලොග් අඩවිය
(D) දේශකයා

10) අනුන්ගේ බ්ලොග් අඩවියක නමක් තමුන්ගේ බ්ලොග් අඩවියට දමාගෙන පොර ටෝක් දිදී සිට අකාලයේ මියපරලොව ගිය උද්දච්ච බ්ලොග්කරුවෙකි.

(A) ඔබා මාමා
(B) රසිකලොජි
(C) ආටියා
(D) තට්ටයා

මෙම ප්‍රශ්න වලට උත්තර සපයා තෑගී දිනන්න. ජයග්‍රහයකයන්ට 12.5KG ගෑස් සිලින්ඩරයක බරට යට ජංගි. ගොනා හරි පාරට දාගන්න. යට ජංගි දිනා ගන්න. අදම උත්තර සපයන්න.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...