Skip to main content

ඉෂාලිනි වලලා නොදමමු

 ගෘහ සේවයට 18 පිරුනොත් ඇද්ද ?

=================




ඉෂාලිනිගේ මරණයෙන් පසු ඇතැමෙකු ඒ ගැන ලියන්නේ මුස්ලිම් විරෝධී ආකල්පයෙන් මිස ගෘහ සේවයේ යෙදෙන්නන්ගේ යහපත වෙනුවෙන් අවංකව සිතා නොවනැ බව පෙනේ


කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල ගෘහ සේවක සේවිකාවන් 43000 ක් සිටිති ඒ අනුව බැලු විට රට පුරා ලක්ෂ දෙකකට අධික පිරිසක් ගෘහ සේවයේ යෙදෙන බවට අනුමාන කළ හැකිය


ගෘහ සේවයේ දෙන්නගේ වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය කියා නීති සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කියනු මම අසා සිටියෙමි
එය පමණක් ප්‍රමාණවත්ද ?


ගෘහ සේවය ඇතුළු එතෙර රැකියාවලට යාමේදී ස්වාමියා සහ සේවකයා ගිවිසුමකට අත්සන් තබති . එසේ අත්සන් තබන ලද ගිවිසුම නොමැතිව එතෙර යාමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවසර නොදෙයි


එම ගිවීසුම නොතිබුනේ නම් එතෙර රැකියා කරන වැඩි දෙනෙකුට වහලුන් සේ සේවය කිරීමට සිදුවනු ඇත


අපේ රටේ ගෘහ සේවයේ යෙදෙන අයගෙන් විශාල පිරිසකගෙන් වහල් සේවයක් ලබා ගන්නා බව ඉෂාලිනිගේ මරණයත් ඊට පෙර අපට මාධ්‍ය මගින් කියවන්නට දකින්නට ලැබුණු පුවත් අනුව අනුමාන කළ හැක


එබැවින් අපේ රටේ ඇති හැකි අයගේ නිවෙස්වල රියදුරන් ,ගෘහ සේවක සේවිකාවන් ළමුන් / මහල්ලන් රැක බලාගන්නා සේවක සේවිකාවන් , කෝකියන් ආදී සියල්ලන්ගේම යහපත වෙනුවෙන් සහ ඔවුන් වහල් සේවයේ යොදාගැනීම වැලක්වීම සදහා පහත සදහන් ක්‍රියා මාර්ග ගත යුතු බව මගේ යෝජනාවයි


ඉහතකී පිරිස් පිලිබද කටයුතු සඳහා කම්කරු අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයක් පිහිටුවීම

ඉහතකී සේවාවන් සඳහා නිවෙස්වලට සේවකයන් බඳවා ගැනීමේදී සේවකයා සහ සේව්‍යයා අතර ගිවිසුමක් කම්කරු අමාත්යංශයට අනුබද්ධව පිහිටුවන එම ආයතනයේ අධීක්ෂණය යටතේ සිදුකිරීම

සේවකයාගේ වැටුප ,

දිනකට සේවය කළ යුතු පැය ගණන

නිවාඩු දිනවල සේවය ලබා ගැනීමේදී ගෙවිය යුතු මුදල

සතියකට එක දිනක නිවාඩුවක් අනිවාර්ය කිරීම

වසරකට වරක් පවුලේ අය සමග ගත කිරීමට සති දෙකක නිවාඩුවක් ලබා දීම ,

සේවකයා අසනිපවූ විටෙක සේව්‍යයාගේ වගකිම්
සේවකයා විසින් කළ යුතු රාජකාරි ලැයිස්තුව

පවුලේ අය සමග අඛණ්ඩව සම්බන්ධකම් දුරකථනය මගින් පැවැත්වීමට සේවකයාට සේව්‍යයා විසින් පහසුකම් සැලසීම

, ආදී කරුණු සේවකයා සහ සේව්‍යයා අත්සන් කරන එම ගිවිසුමට ඇතුලත් කිරීම සහ එම ගිවිසුමේ පිටපතක් කම්කරු අමාත්‍යංශයට අනුබද්ධව පිහිටවන ආයතනයයේ තබා ගැනීම
සේවයට බඳවා ගැනීමෙන් පසු එම ගිව්සුම අනුව කටයුතු කරන්නේදැයි එම ආයතනය විසින් සොයා බැලීම

ආණ්ඩුවක් තිබෙන්නේ තම රටේ පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් නීති පැනවීමට සහ ක්‍රියාත්මක කිරීමටය ගෘහ සේවකයන් යනු අමුතු ජාතියක් නොවේ ඔවුන්ද රටේ පුර වැසියෝය.




Comments

Jagath Pathirana said…
වතු දෙමෙල්ලු කියන්නේ සිංහලයන්ගේ මිතුරෝ නම් නෙමෙයි.
කන්න නැති වුනත් උන් අතරත් දෙමළ ජාතිවාදය තියෙනවා.

වතු දෙමෙල්ලු සිංහල බාශාව මව් බාසාව කර නොගැනීමම සිංහල ජාතියට කරන හතුරු කමක්.

හැබැයි චීන්නු නම් එහෙම නෑ.
මම චීන්නුන්ට ආදරෙයි.
Anonymous said…
පෝ ඩා පුන්ඩෙ

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...