Skip to main content

ඉෂාලිනි වලලා නොදමමු

 ගෘහ සේවයට 18 පිරුනොත් ඇද්ද ?

=================




ඉෂාලිනිගේ මරණයෙන් පසු ඇතැමෙකු ඒ ගැන ලියන්නේ මුස්ලිම් විරෝධී ආකල්පයෙන් මිස ගෘහ සේවයේ යෙදෙන්නන්ගේ යහපත වෙනුවෙන් අවංකව සිතා නොවනැ බව පෙනේ


කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්රික්වල ගෘහ සේවක සේවිකාවන් 43000 ක් සිටිති ඒ අනුව බැලු විට රට පුරා ලක්ෂ දෙකකට අධික පිරිසක් ගෘහ සේවයේ යෙදෙන බවට අනුමාන කළ හැකිය


ගෘහ සේවයේ දෙන්නගේ වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය කියා නීති සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කියනු මම අසා සිටියෙමි
එය පමණක් ප්රමාණවත්ද ?


ගෘහ සේවය ඇතුළු එතෙර රැකියාවලට යාමේදී ස්වාමියා සහ සේවකයා ගිවිසුමකට අත්සන් තබති . එසේ අත්සන් තබන ලද ගිවිසුම නොමැතිව එතෙර යාමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවසර නොදෙයි


එම ගිවීසුම නොතිබුනේ නම් එතෙර රැකියා කරන වැඩි දෙනෙකුට වහලුන් සේ සේවය කිරීමට සිදුවනු ඇත


අපේ රටේ ගෘහ සේවයේ යෙදෙන අයගෙන් විශාල පිරිසකගෙන් වහල් සේවයක් ලබා ගන්නා බව ඉෂාලිනිගේ මරණයත් ඊට පෙර අපට මාධ්ය මගින් කියවන්නට දකින්නට ලැබුණු පුවත් අනුව අනුමාන කළ හැක


එබැවින් අපේ රටේ ඇති හැකි අයගේ නිවෙස්වල රියදුරන් ,ගෘහ සේවක සේවිකාවන් ළමුන් / මහල්ලන් රැක බලාගන්නා සේවක සේවිකාවන් , කෝකියන් ආදී සියල්ලන්ගේම යහපත වෙනුවෙන් සහ ඔවුන් වහල් සේවයේ යොදාගැනීම වැලක්වීම සදහා පහත සදහන් ක්රියා මාර්ග ගත යුතු බව මගේ යෝජනාවයි


ඉහතකී පිරිස් පිලිබද කටයුතු සඳහා කම්කරු අමාත්යංශයට අනුබද්ධ ආයතනයක් පිහිටුවීම

ඉහතකී සේවාවන් සඳහා නිවෙස්වලට සේවකයන් බඳවා ගැනීමේදී සේවකයා සහ සේව්යයා අතර ගිවිසුමක් කම්කරු අමාත්යංශයට අනුබද්ධව පිහිටුවන එම ආයතනයේ අධීක්ෂණය යටතේ සිදුකිරීම

සේවකයාගේ වැටුප ,

දිනකට සේවය කළ යුතු පැය ගණන

නිවාඩු දිනවල සේවය ලබා ගැනීමේදී ගෙවිය යුතු මුදල

සතියකට එක දිනක නිවාඩුවක් අනිවාර්ය කිරීම

වසරකට වරක් පවුලේ අය සමග ගත කිරීමට සති දෙකක නිවාඩුවක් ලබා දීම ,

සේවකයා අසනිපවූ විටෙක සේව්යයාගේ වගකිම්
සේවකයා විසින් කළ යුතු රාජකාරි ලැයිස්තුව

පවුලේ අය සමග අඛණ්ඩව සම්බන්ධකම් දුරකථනය මගින් පැවැත්වීමට සේවකයාට සේව්යයා විසින් පහසුකම් සැලසීම

, ආදී කරුණු සේවකයා සහ සේව්යයා අත්සන් කරන එම ගිවිසුමට ඇතුලත් කිරීම සහ එම ගිවිසුමේ පිටපතක් කම්කරු අමාත්යංශයට අනුබද්ධව පිහිටවන ආයතනයයේ තබා ගැනීම
සේවයට බඳවා ගැනීමෙන් පසු එම ගිව්සුම අනුව කටයුතු කරන්නේදැයි එම ආයතනය විසින් සොයා බැලීම

ආණ්ඩුවක් තිබෙන්නේ තම රටේ පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් නීති පැනවීමට සහ ක්රියාත්මක කිරීමටය ගෘහ සේවකයන් යනු අමුතු ජාතියක් නොවේ ඔවුන්ද රටේ පුර වැසියෝය.




Comments

Jagath Pathirana said…
වතු දෙමෙල්ලු කියන්නේ සිංහලයන්ගේ මිතුරෝ නම් නෙමෙයි.
කන්න නැති වුනත් උන් අතරත් දෙමළ ජාතිවාදය තියෙනවා.

වතු දෙමෙල්ලු සිංහල බාශාව මව් බාසාව කර නොගැනීමම සිංහල ජාතියට කරන හතුරු කමක්.

හැබැයි චීන්නු නම් එහෙම නෑ.
මම චීන්නුන්ට ආදරෙයි.
Anonymous said…
පෝ ඩා පුන්ඩෙ

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...