Skip to main content

ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි



   Image result for maithripala sirisena at home

   

            මරාගෙන මැරෙන බෝම්බ කරුවන් 7 දෙනෙකු විසින්  සහ තවත්   අන්තවාදීන්   කීප දෙනෙකු විසින් ඊයේ (21)   කරන ලද  ප්‍රහාර මාලාව  පිලිබඳ ලංකාවේ  බුද්ධි අංශවලට විදේශ බුද්ධි අංශ මගින් කීප වරක් දැනුම් දී තිබුණද  එම ප්‍රහාර  වැලක්වීමට බලධාරීන් ක්‍රියා  නොකළේ මන්දැයි යන්න අද ප්‍රධානම ප්‍රශ්නය බවට  පත්ව තිබේ .


මේ සම්බන්ධයෙන් අගමැතිවරයාට කිසිදු දැනුම් දීමක් කර නැති බව අගමැතිවරයා ඊයේ කියා සිටියේය .

ගිය වසරේ ඔක්තෝබර්  මාසයෙන් පසු ආරක්ෂක  මණ්ඩලයේ රැස්වීම් වලට අගමැතිවරයා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා කැඳවා නැති බවද දැන් හෙළි වී තිබේ .


බෝම්බ  පිපිරීමෙන් පසු ඒ ගැන  සාකච්චා  කිරීමට ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයනට අගමැති හමුවීමට අරලියගහ මන්දිරයට  පැමිණෙන ලෙස අගමැති දැනුම් දුන් විට ඔවුහු එය ප්‍රතික්ෂේප  කර තිබේ .එයට හේතුව ලෙස සඳහන් වන්නේ අරලියගහ මන්දිරයට නොයන ලෙස  ජනාධිපති විසින් උපදෙස් දී  තිබීම බව දැන් හෙළිවී තිබේ . එබැවින් අගමැතිවරයා ඔවුන් හමුවීමට ගොස් ආරක්ෂක මණ්ඩලය රැස්  කර තිබේ.


ඉකුත් ඔක්තෝබර් මාසයේ අගමැතිවරයා  ඉවත් කොට රාජපක්ෂ  මහතා අගමැති කලද එය අසාර්ථක වීමෙන් පසු පොලිසිය ආණ්ඩුවට දිය යුතු වුවත් සිරිසේන ජනාධිපති එය තමන් අත තබා  ගත් අතර තවමත් පොලිසිය  ඔහු යටතේය .


මෙවැනි පසුබිමක් තුළ  පොලිස්පතිවරයා අගමැති නොසලකා  හැර කටයුතු කර  තිබෙන බව පෙනේ . බෝම්බ ප්‍රහාරයක්  එල්ල කරන්නට සුදානම් වෙමින් සිටින බවට    කලින් ලැබුණු  තොරතුරු අගමැතිට දැනුම් නොදී තිබෙන්නේ මේ නිසා බව අපට පිළිගැනීමට සිදුවී තිබේ .


අගමැතිට දනුම් නොදුන්නද පොලිස්පතිවරයා මෙම ප්‍රහාරය වැලක්වීමට පියවර  ගත යුතුව  තිබිණ . ඒ වෙනුවට ඔහු කර ඇත්තේ ප්‍රභූවරුන් ආරක්ෂා  කිරීමට  පමණක් පියවර ගැනීමය .


එබැවින් මෙම විනාශයේ වගකීම පොලිස්පතිවරයා භාරගත යුතුය .



එමෙන්ම  මෙම බෝම්බ පිපිරවීම  කළ තව්හීත් ජමාත් සංවිධානය  පිලිබඳ  තොරතුරු ආරක්ෂක අංශ  දැන සිටි නමුත් ඔවුන්ට   සෑහෙන නිදහසකින්   කටයුතු කිරීමට  ඉඩ දීම සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා ද  පොලිසියද  භාර ඇමති ද වන  ජනාධිපති  වගකීම භාරගත යුතුය .


ජනාධිපතිවරයා ඉතා වගකීම් රහිත  ලෙස  කටයුතු කරන පුද්ගලයෙක් බව පසුගිය  කාලයේ  ඔහුගේ හැසිරීම පෙන්වා තිබේ  තමන්ට චන්දය දුන් ලක්ෂ 62 ජනයාට කොකා පෙන්වූ පුද්ගලයාට නොකළ හැකි තවත් දෙයක් තිබේද?

ඔහු මෙවර එතෙර සංචාරයේ  ගියේ වැඩ බැලීමට කිසිවෙකුට  පවරන්නේ නැතිවය. රටේ ආරක්ෂාව දෙවෙනි ස්ථානයටද  විදේශ සංචාරය  පළමු ස්ථානයටද දමා   ඔහු කටයුතු කර  නොතිබේද ?



තමන්ගේ දේශපාලන න්‍යාය  පත්‍රයට ප්‍රමුඛස්ථානය දී අන් සියල්ල දෙවෙනි තුන්වැනි සහ හතර වැනි ස්ථාන ලබා දී තිබෙන බව පෙනේ .


සිරිසේන මහතා රනිල් සමග වෛර බැඳ ගත්තේ නැවත වරක් ජනාධිපති ධුරයට  පත්වීම සඳහා එජාපයේ සහය ඉල්ලා සිටි විට එය ප්‍රතික්ෂේප  කළ දිනයේ සිටය .සිය දේශපාලන ආශාව සපුරා ගැනීම සඳහා ඊ ලඟට ඔහු හැරුණේ පොහොට්ටුව වෙතය  රාජපක්ෂගේ සහය ලබාගැනීම සඳහා ඔහු අගමැති කළේය . රාජපක්ෂ ආණ්ඩුව පවත්වාගැනීමට ඔහු සියලු දහම් ගැට ගැසූ නමුත්  සියල්ල වැරදි ගිය විට වෙනත් කරන්නට දෙයක් නොමැතිවූ කළ රනිල් අගමැති කළ නමුත් ආණ්ඩුවට කිසිදු සහයක් දුන්නේ නැත   නිතිය  හා සාමය  පිලිබඳ ඇමති ධුරය  ආණ්ඩුවට නොදී තමන් යටතේ තබා ගෙන ආණ්ඩුව දුර්වල  කිරීමට ඔහුගේ අපේක්ෂාව විය .



ඔහුගේ මරිමෝඩ ක්‍රියා වලින්  අද රටම අමාරුවේ  වැටි තිබේ . විදේශ සංචාරකයන්  සියල්ලෝම ආපසු තම රටවල්වලට යමින් සිටිති .  විදේශ සංචාරකයන් මෙවැනි විශාල සංඛ්‍යාවක් යුද්ධය  කාලයේද මියගියේ සහ තුවාල වුයේ නැත .  එබැවින් රට  යලි මුළුමනින්ම සාමකාමී වී කලක් යනතුරු  යලිත් විදේශ සංචාරකයන් මේ රටට පැමිණෙතැයි සිටිය නොහැක . සංචාරක හෝටල් සැලකිය යුතු සංඛ්‍යාවක්  වැසි යනු ඇත සංචාරක හෝටල්වල සේවකයන් තොග  පිටින්  රැකියා වලින්  නෙරපා හරිනු ඇත . සංචාරක කර්මාන්ත  ආශ්‍රයෙන් ජීවිකාව ගැටගසා ගත්  ලක්ෂ  ගණනකගේ ආදායම් මාර්ග සිඳී යනු ඇත  දේශ ආයෝජන නොපැමිණෙනු ඇත .


එපමණක්  නොව මෙහි ජිවත්වන මුස්ලිම් ජනයා කෙරෙහි අනෙකුත් ජනවර්ගයන් මින් පසු  බලනු ඇත්තේ සැකයෙනි . එබැවින් තිබුණු ජනවර්ග සමගියද බිඳී යන්නට  පාර කැපී තිබේ .

 එවැනි රටක කුමන සංවර්ධනයක්ද ?

දැන් ජනාධිපතිවරයාට රට වෙනුවෙන් කල හැකි හොඳම සේවය තනතුරෙන් ඉල්ලා අස්වී ගෙදර යාමය 

Comments

මේ විදිහේ පටු චින්තනයකින් ඔය වගේ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නේ නැත...
Jagath Pathirana said…
මෛත්‍රීපාලට අස්වෙන්න කියමු.
රනිල් ජනපති කරමු.
:D
1970 සිට දේශ්පාලනය ගැන යම් මතකයක් ඇති මාගේ අත්දැකීමේ හැටියට යම්කිසි පාලකයෙකුගේ පූර්ණ ධූර කාලය තුල ත්‍රස්ත ප්‍රහාරයක් මේ ශ්‍රී ලංකාවේ සිදු නොවූවා නම් ඒ මහින්ද රාජපක්ශගේ දෙවැනි ධූර කාලය පමණමය.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා