Skip to main content

ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි



   Image result for maithripala sirisena at home

   

            මරාගෙන මැරෙන බෝම්බ කරුවන් 7 දෙනෙකු විසින්  සහ තවත්   අන්තවාදීන්   කීප දෙනෙකු විසින් ඊයේ (21)   කරන ලද  ප්‍රහාර මාලාව  පිලිබඳ ලංකාවේ  බුද්ධි අංශවලට විදේශ බුද්ධි අංශ මගින් කීප වරක් දැනුම් දී තිබුණද  එම ප්‍රහාර  වැලක්වීමට බලධාරීන් ක්‍රියා  නොකළේ මන්දැයි යන්න අද ප්‍රධානම ප්‍රශ්නය බවට  පත්ව තිබේ .


මේ සම්බන්ධයෙන් අගමැතිවරයාට කිසිදු දැනුම් දීමක් කර නැති බව අගමැතිවරයා ඊයේ කියා සිටියේය .

ගිය වසරේ ඔක්තෝබර්  මාසයෙන් පසු ආරක්ෂක  මණ්ඩලයේ රැස්වීම් වලට අගමැතිවරයා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා කැඳවා නැති බවද දැන් හෙළි වී තිබේ .


බෝම්බ  පිපිරීමෙන් පසු ඒ ගැන  සාකච්චා  කිරීමට ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයනට අගමැති හමුවීමට අරලියගහ මන්දිරයට  පැමිණෙන ලෙස අගමැති දැනුම් දුන් විට ඔවුහු එය ප්‍රතික්ෂේප  කර තිබේ .එයට හේතුව ලෙස සඳහන් වන්නේ අරලියගහ මන්දිරයට නොයන ලෙස  ජනාධිපති විසින් උපදෙස් දී  තිබීම බව දැන් හෙළිවී තිබේ . එබැවින් අගමැතිවරයා ඔවුන් හමුවීමට ගොස් ආරක්ෂක මණ්ඩලය රැස්  කර තිබේ.


ඉකුත් ඔක්තෝබර් මාසයේ අගමැතිවරයා  ඉවත් කොට රාජපක්ෂ  මහතා අගමැති කලද එය අසාර්ථක වීමෙන් පසු පොලිසිය ආණ්ඩුවට දිය යුතු වුවත් සිරිසේන ජනාධිපති එය තමන් අත තබා  ගත් අතර තවමත් පොලිසිය  ඔහු යටතේය .


මෙවැනි පසුබිමක් තුළ  පොලිස්පතිවරයා අගමැති නොසලකා  හැර කටයුතු කර  තිබෙන බව පෙනේ . බෝම්බ ප්‍රහාරයක්  එල්ල කරන්නට සුදානම් වෙමින් සිටින බවට    කලින් ලැබුණු  තොරතුරු අගමැතිට දැනුම් නොදී තිබෙන්නේ මේ නිසා බව අපට පිළිගැනීමට සිදුවී තිබේ .


අගමැතිට දනුම් නොදුන්නද පොලිස්පතිවරයා මෙම ප්‍රහාරය වැලක්වීමට පියවර  ගත යුතුව  තිබිණ . ඒ වෙනුවට ඔහු කර ඇත්තේ ප්‍රභූවරුන් ආරක්ෂා  කිරීමට  පමණක් පියවර ගැනීමය .


එබැවින් මෙම විනාශයේ වගකීම පොලිස්පතිවරයා භාරගත යුතුය .



එමෙන්ම  මෙම බෝම්බ පිපිරවීම  කළ තව්හීත් ජමාත් සංවිධානය  පිලිබඳ  තොරතුරු ආරක්ෂක අංශ  දැන සිටි නමුත් ඔවුන්ට   සෑහෙන නිදහසකින්   කටයුතු කිරීමට  ඉඩ දීම සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා ද  පොලිසියද  භාර ඇමති ද වන  ජනාධිපති  වගකීම භාරගත යුතුය .


ජනාධිපතිවරයා ඉතා වගකීම් රහිත  ලෙස  කටයුතු කරන පුද්ගලයෙක් බව පසුගිය  කාලයේ  ඔහුගේ හැසිරීම පෙන්වා තිබේ  තමන්ට චන්දය දුන් ලක්ෂ 62 ජනයාට කොකා පෙන්වූ පුද්ගලයාට නොකළ හැකි තවත් දෙයක් තිබේද?

ඔහු මෙවර එතෙර සංචාරයේ  ගියේ වැඩ බැලීමට කිසිවෙකුට  පවරන්නේ නැතිවය. රටේ ආරක්ෂාව දෙවෙනි ස්ථානයටද  විදේශ සංචාරය  පළමු ස්ථානයටද දමා   ඔහු කටයුතු කර  නොතිබේද ?



තමන්ගේ දේශපාලන න්‍යාය  පත්‍රයට ප්‍රමුඛස්ථානය දී අන් සියල්ල දෙවෙනි තුන්වැනි සහ හතර වැනි ස්ථාන ලබා දී තිබෙන බව පෙනේ .


සිරිසේන මහතා රනිල් සමග වෛර බැඳ ගත්තේ නැවත වරක් ජනාධිපති ධුරයට  පත්වීම සඳහා එජාපයේ සහය ඉල්ලා සිටි විට එය ප්‍රතික්ෂේප  කළ දිනයේ සිටය .සිය දේශපාලන ආශාව සපුරා ගැනීම සඳහා ඊ ලඟට ඔහු හැරුණේ පොහොට්ටුව වෙතය  රාජපක්ෂගේ සහය ලබාගැනීම සඳහා ඔහු අගමැති කළේය . රාජපක්ෂ ආණ්ඩුව පවත්වාගැනීමට ඔහු සියලු දහම් ගැට ගැසූ නමුත්  සියල්ල වැරදි ගිය විට වෙනත් කරන්නට දෙයක් නොමැතිවූ කළ රනිල් අගමැති කළ නමුත් ආණ්ඩුවට කිසිදු සහයක් දුන්නේ නැත   නිතිය  හා සාමය  පිලිබඳ ඇමති ධුරය  ආණ්ඩුවට නොදී තමන් යටතේ තබා ගෙන ආණ්ඩුව දුර්වල  කිරීමට ඔහුගේ අපේක්ෂාව විය .



ඔහුගේ මරිමෝඩ ක්‍රියා වලින්  අද රටම අමාරුවේ  වැටි තිබේ . විදේශ සංචාරකයන්  සියල්ලෝම ආපසු තම රටවල්වලට යමින් සිටිති .  විදේශ සංචාරකයන් මෙවැනි විශාල සංඛ්‍යාවක් යුද්ධය  කාලයේද මියගියේ සහ තුවාල වුයේ නැත .  එබැවින් රට  යලි මුළුමනින්ම සාමකාමී වී කලක් යනතුරු  යලිත් විදේශ සංචාරකයන් මේ රටට පැමිණෙතැයි සිටිය නොහැක . සංචාරක හෝටල් සැලකිය යුතු සංඛ්‍යාවක්  වැසි යනු ඇත සංචාරක හෝටල්වල සේවකයන් තොග  පිටින්  රැකියා වලින්  නෙරපා හරිනු ඇත . සංචාරක කර්මාන්ත  ආශ්‍රයෙන් ජීවිකාව ගැටගසා ගත්  ලක්ෂ  ගණනකගේ ආදායම් මාර්ග සිඳී යනු ඇත  දේශ ආයෝජන නොපැමිණෙනු ඇත .


එපමණක්  නොව මෙහි ජිවත්වන මුස්ලිම් ජනයා කෙරෙහි අනෙකුත් ජනවර්ගයන් මින් පසු  බලනු ඇත්තේ සැකයෙනි . එබැවින් තිබුණු ජනවර්ග සමගියද බිඳී යන්නට  පාර කැපී තිබේ .

 එවැනි රටක කුමන සංවර්ධනයක්ද ?

දැන් ජනාධිපතිවරයාට රට වෙනුවෙන් කල හැකි හොඳම සේවය තනතුරෙන් ඉල්ලා අස්වී ගෙදර යාමය 

Comments

මේ විදිහේ පටු චින්තනයකින් ඔය වගේ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නේ නැත...
Jagath Pathirana said…
මෛත්‍රීපාලට අස්වෙන්න කියමු.
රනිල් ජනපති කරමු.
:D
1970 සිට දේශ්පාලනය ගැන යම් මතකයක් ඇති මාගේ අත්දැකීමේ හැටියට යම්කිසි පාලකයෙකුගේ පූර්ණ ධූර කාලය තුල ත්‍රස්ත ප්‍රහාරයක් මේ ශ්‍රී ලංකාවේ සිදු නොවූවා නම් ඒ මහින්ද රාජපක්ශගේ දෙවැනි ධූර කාලය පමණමය.

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...