මරාගෙන මැරෙන බෝම්බ කරුවන් 7 දෙනෙකු විසින් සහ තවත් අන්තවාදීන් කීප දෙනෙකු විසින් ඊයේ (21) කරන ලද ප්‍රහාර මාලාව පිලිබඳ ලංකාවේ බුද්ධි අංශවලට විදේශ බුද්ධි අංශ මගින් කීප වරක් දැනුම් දී තිබුණද එම ප්‍රහාර වැලක්වීමට බලධාරීන් ක්‍රියා නොකළේ මන්දැයි යන්න අද ප්‍රධානම ප්රශ්නය බවට පත්ව තිබේ .
මේ සම්බන්ධයෙන් අගමැතිවරයාට කිසිදු දැනුම් දීමක් කර නැති බව අගමැතිවරයා ඊයේ කියා සිටියේය .
ගිය වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් වලට අගමැතිවරයා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා කැඳවා නැති බවද දැන් හෙළි වී තිබේ .
බෝම්බ පිපිරීමෙන් පසු ඒ ගැන සාකච්චා කිරීමට ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයනට අගමැති හමුවීමට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස අගමැති දැනුම් දුන් විට ඔවුහු එය ප්‍රතික්ෂේප කර තිබේ .එයට හේතුව ලෙස සඳහන් වන්නේ අරලියගහ මන්දිරයට නොයන ලෙස ජනාධිපති විසින් උපදෙස් දී තිබීම බව දැන් හෙළිවී තිබේ . එබැවින් අගමැතිවරයා ඔවුන් හමුවීමට ගොස් ආරක්ෂක මණ්ඩලය රැස් කර තිබේ.
ඉකුත් ඔක්තෝබර් මාසයේ අගමැතිවරයා ඉවත් කොට රාජපක්ෂ මහතා අගමැති කලද එය අසාර්ථක වීමෙන් පසු පොලිසිය ආණ්ඩුවට දිය යුතු වුවත් සිරිසේන ජනාධිපති එය තමන් අත තබා ගත් අතර තවමත් පොලිසිය ඔහු යටතේය .
මෙවැනි පසුබිමක් තුළ පොලිස්පතිවරයා අගමැති නොසලකා හැර කටයුතු කර තිබෙන බව පෙනේ . බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්නට සුදානම් වෙමින් සිටින බවට කලින් ලැබුණු තොරතුරු අගමැතිට දැනුම් නොදී තිබෙන්නේ මේ නිසා බව අපට පිළිගැනීමට සිදුවී තිබේ .
අගමැතිට දනුම් නොදුන්නද පොලිස්පතිවරයා මෙම ප්‍රහාරය වැලක්වීමට පියවර ගත යුතුව තිබිණ . ඒ වෙනුවට ඔහු කර ඇත්තේ ප්‍රභූවරුන් ආරක්ෂා කිරීමට පමණක් පියවර ගැනීමය .
එබැවින් මෙම විනාශයේ වගකීම පොලිස්පතිවරයා භාරගත යුතුය .
එමෙන්ම මෙම බෝම්බ පිපිරවීම කළ තව්හීත් ජමාත් සංවිධානය පිලිබඳ තොරතුරු ආරක්ෂක අංශ දැන සිටි නමුත් ඔවුන්ට සෑහෙන නිදහසකින් කටයුතු කිරීමට ඉඩ දීම සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා ද පොලිසියද භාර ඇමති ද වන ජනාධිපති වගකීම භාරගත යුතුය .
ජනාධිපතිවරයා ඉතා වගකීම් රහිත ලෙස කටයුතු කරන පුද්ගලයෙක් බව පසුගිය කාලයේ ඔහුගේ හැසිරීම පෙන්වා තිබේ තමන්ට චන්දය දුන් ලක්ෂ 62 ජනයාට කොකා පෙන්වූ පුද්ගලයාට නොකළ හැකි තවත් දෙයක් තිබේද?
ඔහු මෙවර එතෙර සංචාරයේ ගියේ වැඩ බැලීමට කිසිවෙකුට පවරන්නේ නැතිවය. රටේ ආරක්ෂාව දෙවෙනි ස්ථානයටද විදේශ සංචාරය පළමු ස්ථානයටද දමා ඔහු කටයුතු කර නොතිබේද ?
තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට ප්‍රමුඛස්ථානය දී අන් සියල්ල දෙවෙනි තුන්වැනි සහ හතර වැනි ස්ථාන ලබා දී තිබෙන බව පෙනේ .
සිරිසේන මහතා රනිල් සමග වෛර බැඳ ගත්තේ නැවත වරක් ජනාධිපති ධුරයට පත්වීම සඳහා එජාපයේ සහය ඉල්ලා සිටි විට එය ප්‍රතික්ෂේප කළ දිනයේ සිටය .සිය දේශපාලන ආශාව සපුරා ගැනීම සඳහා ඊ ලඟට ඔහු හැරුණේ පොහොට්ටුව වෙතය රාජපක්ෂගේ සහය ලබාගැනීම සඳහා ඔහු අගමැති කළේය . රාජපක්ෂ ආණ්ඩුව පවත්වාගැනීමට ඔහු සියලු දහම් ගැට ගැසූ නමුත් සියල්ල වැරදි ගිය විට වෙනත් කරන්නට දෙයක් නොමැතිවූ කළ රනිල් අගමැති කළ නමුත් ආණ්ඩුවට කිසිදු සහයක් දුන්නේ නැත නිතිය හා සාමය පිලිබඳ ඇමති ධුරය ආණ්ඩුවට නොදී තමන් යටතේ තබා ගෙන ආණ්ඩුව දුර්වල කිරීමට ඔහුගේ අපේක්ෂාව විය .
ඔහුගේ මරිමෝඩ ක්‍රියා වලින් අද රටම අමාරුවේ වැටි තිබේ . විදේශ සංචාරකයන් සියල්ලෝම ආපසු තම රටවල්වලට යමින් සිටිති . විදේශ සංචාරකයන් මෙවැනි විශාල සංඛ්‍යාවක් යුද්ධය කාලයේද මියගියේ සහ තුවාල වුයේ නැත . එබැවින් රට යලි මුළුමනින්ම සාමකාමී වී කලක් යනතුරු යලිත් විදේශ සංචාරකයන් මේ රටට පැමිණෙතැයි සිටිය නොහැක . සංචාරක හෝටල් සැලකිය යුතු සංඛ්‍යාවක් වැසි යනු ඇත සංචාරක හෝටල්වල සේවකයන් තොග පිටින් රැකියා වලින් නෙරපා හරිනු ඇත . සංචාරක කර්මාන්ත ආශ්රයෙන් ජීවිකාව ගැටගසා ගත් ලක්ෂ ගණනකගේ ආදායම් මාර්ග සිඳී යනු ඇත දේශ ආයෝජන නොපැමිණෙනු ඇත .
එපමණක් නොව මෙහි ජිවත්වන මුස්ලිම් ජනයා කෙරෙහි අනෙකුත් ජනවර්ගයන් මින් පසු බලනු ඇත්තේ සැකයෙනි . එබැවින් තිබුණු ජනවර්ග සමගියද බිඳී යන්නට පාර කැපී තිබේ .
එවැනි රටක කුමන සංවර්ධනයක්ද ?
දැන් ජනාධිපතිවරයාට රට වෙනුවෙන් කල හැකි හොඳම සේවය තනතුරෙන් ඉල්ලා අස්වී ගෙදර යාමය
එපමණක් නොව මෙහි ජිවත්වන මුස්ලිම් ජනයා කෙරෙහි අනෙකුත් ජනවර්ගයන් මින් පසු බලනු ඇත්තේ සැකයෙනි . එබැවින් තිබුණු ජනවර්ග සමගියද බිඳී යන්නට පාර කැපී තිබේ .
Comments
රනිල් ජනපති කරමු.
:D