Skip to main content

බෝම්බ තිබ්බේ කවුද?


Image result for bomb explosions sri lanka hotels



  ඊයේ (අප්‍රියෙල් 21 ) හෝටල් තුනකද කතෝලික  පල්ලිවලද , දෙහිවල නවාතන් පොළකද , දෙමටගොඩද යන ස්ථාන අටක තැබූ සහ පිපිරවූ බෝම්බ වලින්  මේ වන විට අහිංසක  මිනිසුන් 290 දෙනෙකු  මියගොස් තිබෙන අතර   400 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා  තිබේ .

මෙය තිරස්චින ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත .


මෙම බෝම්බ තැබුවේ  කවුදැයි ආණ්ඩුව  තවමත් කියා  නැත .


ත්‍රස්තවාදී සංවිධානයක්  ක්‍රියාත්මක වන බව ආරක්ෂක අංශවලට තොරතුරු කලින් ලැබී තිබුනද ඒ පිළිබඳව  තමන්ට හෝ ඇමති මණ්ඩලයට දැනුම් නොදුන්න් බවට අගමැතිවරයා  බරපතල චෝදනාවක්  ඉදිරිපත් කර තිබේ .ඔහු මෙම චෝදනාව එල්ල  කරන්නේ  ජනාධිපතිවරයාට සහ ආරක්ෂක  ප්‍රධානීන්ට  බව  පැහැදිළිය.


ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් වලට ඉකුත් හයමාසය තුලදී අගමැතිවරයා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රුවන් විජේගුණවර්ධන කැඳවා  නැත.

අඩු වශයෙන් පොලිසිය භාර ඇමතිකම පවා ආණ්ඩුවට නොදී ජනාධිපතිවරයා භාරයේ ඉකුත් මාස ගණනවක් තිස්සේ තබා ගෙන සිටි .

එබැවින් ජනාධිපතිවරයාට  තම තනතුරේ තව දුරටත් සිටීමට සදාචාර අයිතියක් නැත .

 මේ ත්‍රස්ත ප්‍රහාරය  පිටිපස  සිටින්නේ ISIS ත්‍රස්තවාදීන් බව දැන් පැහැදිළිය .


ISIS සංවිධානය මේ වන විට ලෝකයේ බොහෝ තැන්වල නන්නත්තාර වෙමින් සිටි. ඉරාකයේ සහ සිරියාවේ ඔවුන් ලැබූ දැවැන්ත පරාජය හමුවේ වියරුවැටී ඔවුහු ලෝකයේ වෙනත් ස්ථානවල සිටින සිය සාමාජිකයන්ගේ ධයිර්යය නොකඩවා තබා  ගැනීම සඳහා තැන තැන බෝම්බ පුපුරවන  බව  පෙනේ .විශේෂයෙන්ම සංචාරක හෝටල්වලට සහ කතෝලික පල්ලිවලට බෝම්බ  ගැසීමෙන් පෙනෙන්නේ  තමනට ප්‍රහාර එල්ල  කරන බටහිර  රටවල් වලින් පලිගැනීමට මෙම ප්‍රහාර  මාලාව දියත් කර තිබේ 


ඔවුන්ගේ අලුත්ම ප්‍රහාර මාලාව ලංකාව තුළ දියත් කළේ ඇයි?


Image result for bomb explosions sri lanka hotels



ජාත්‍යන්තර ISIS ත්‍රස්ත ව්‍යාපාරය  පිලිබඳ ලංකාවේ ආරක්ෂක අංශවල දැනුම දුර්වල වීම නිසා වෙනත් රටවල සිට ISIS ත්‍රස්ත සංවිධානයේ ඒජන්ත වරුන්ට අපේ රටට  පහසුවෙන් ඇතුළු වීමට හැකි බව පෙනේ. ජාත්‍යන්තර ඔත්තු සේවා සමග අපේ රටේ ආරක්ෂක අංශ යහපත් සම්බන්ධීකරණයක් පවත්වාගෙන  ගොස් තිබුනේ නම් ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් මේ රටට ඇතුළු වන විට ගුවන් තොටුපොලේදීම අල්ලාගත  හැකිය .ඔවුන්ට අපේ රටට ඇතුළු වී ඔවුන්ගේ සංවිධානයක් මේ රටේ ඇතිකරගැනීමට හැකිවී තිබෙන්නේ අපේ ආරක්ෂක අංශවල දුර්වල කම නිසා බවට  අනුමාන කිරීම සාධාරණය  . 

අගමැති වරයාගේ ප්‍රකාශය අනුව ආරක්ෂක අංශ මේ පිළිබඳව  කිසියම් අවබෝධයක් ලබා තිබුණද එය මෙතරම් බරපතල  හානියක් කිරීමට තරම් ශක්තිමත් වී  තිබෙන බව  ඔවුන් දැන සිට නැති බව පෙනේ .



කෙසේ වෙතත් මෙම ප්‍රහාර මාලාව ලංකාවේ ආර්ථිකයට එල්ල වුනු මාරක ප්‍රහාරයකි . සංචාරක ව්‍යාපාරය අඩපන වනු ඇත .විදේශ ආයෝජකයන් නොපැමිණෙනු ඇත  රට  පවතින අනාරක්ෂිත භාවය  ආර්ථිකයේ සැම අංශයටම අහිතකර  ලෙස  බලපානු ඇත .


ISIS සංවිධානයට හිතැති පිරිස් මෙහි  සිටින බව දෙමටගොඩ සිද්ධියෙන් අනුමාන කළ හැක . අප ඉදිරියේ දැන් තිබෙන්නේ එය ළදරු අවධියේදීම විනාශ  කර දැමීමේ වගකීමයි . 

Screen-capture of Nisanga's Facebook page, showing a photo posted from the hotel shortly before the attack.

    බෝම්බ පිපිරීමට ටිකකට  පෙර Shangri La හෝටලයේ උදෑසන ආහාර ගත්  පිරිසක් .


මුස්ලිම් ජනයා මෙතෙක් කිසිදු ත්‍රස්තවාදී ව්‍යාපාරයකට සම්බන්ධව සිටියේ නැත .එසේ නම් ඔවුන්ගෙන් කීප දෙනෙකු මෙසේ සම්බන්ධ වුවේ ඇයි ?

2014  බේරුවල -දර්ගා ටවුම -අලුත්ගම ප්‍රහාරයෙන් අරඹා  අම්පාර , ගිංතොට හරහා  මහනුවර දක්වා මුස්ලිම් ජනයාට කරන  ලද සිංහල අන්තවාදීන්ගේ ප්‍රහාර ISIS සංවිධානයට සාමාජිකයන් බඳවා  ගැනීමට හිතකර  පරිසරය  ගොඩ නගා දුන්නා විය හැක .කොටි සංවිධානය හැදුණේ 1956 සිට  1983 දක්වා වරින්වර  දෙමළුන්ට කරන ලද  ප්‍රහාර වල ප්‍රතිපලයක් ලෙසය . වරින් වර මුස්ලිම් ජනයට ප්‍රහාර එල්ල කරන විට ISIS වැනි සංවිධානයකට බැඳී ප්‍රතිප්‍රහාර එල්ල  කිරීමට ඇතැම් මුස්ලිම් තරුණයන්ට සිත් පහල විය හැක ඔවුන් බඳවා ගෙන මරාගෙන මැරෙන ත්‍රස්තයන් බවට  පත්කිරීමට ISIS සංවිධානයට හෝ එවැනි වෙනත් අන්තවාදී සංවිධානයකට පහසුවෙන් පුළුවන .


එබැවින් අපට ගත හැකි පියවර දෙකක් තිබේ.

  එක මුස්ලිම් මිනිසුන්ට ප්‍රහාර එල්ලකොට ඔවුන් අන්තවාදීන් බවට පත් කිරීමය.

 දෙක මුස්ලිම් ජනයාගේ සහය  ලබාගෙන  මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමය.

ලංකාවේ ආරක්ෂක හමුදාවලට මෙම ත්‍රස්ත සංවිධානය පරාජය කිරීමට ශක්තිය තිබෙන බව ඇත්තය .එහෙත් එයට  කියම කාලයක් ගත වේ . ඒ අතරතුර ත්‍රස්තවාදීන්ට කල හැකි විනාශය විශාලය  එක දිනකදී මෙවැනි විනාශයක් කල හැකි වුයේ නම් කලක් එවැනි සංවිධානයක් පැවතුනහොත් කල හැකි විනාශය කුමක්දැයි සිතා ගැනීමට  පුළුවන .

එබැවින් මෙම ත්‍රස්ත සංවිධානය  මුලිනුපුටා දැමීම සඳහා මුස්ලිම් ජනයාගේ සහය අත්‍යවශ්‍යය . ඔවුන්ගේ සහය  ලබාගත  හැකිවන පරිදි  කටයුතු කිරීම සියලුම පුරවැසියන්ගේ වගකීම වෙයි  

Comments

Jagath Pathirana said…
//1956 සිට 1983 දක්වා වරින්වර දෙමළුන්ට කරන ලද ප්‍රහාර වල ප්‍රතිපලයක් ලෙසය .

සම්පූර්ණ ඇත්ත
1956 සිට 1983 දක්වා සිංහල ජාතිවාදීන් දෙමළ ගෑනු විශාල පිරිසක් දූශණය කලා එහි ප්‍රතිඵලයක් හැටිට සිංහල ජාන සහිත දෙමල මිනිස්සු බිහිවුනා. උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සිංහල ගම්වලට පැනලා සිංහලයන්ව කපලා කොටලා මැරුවේ ඒහෙම හැදුන අවජාතකයෝ.
නැතුව දෙමළ මිනිස්සුනම් කවදාවත් ඔයවගේ අපරාධ කරන්නේ නෑ. දෙමෙල්ලු තරම් අහිංසක මිනිස්සු ජාතියක් ලෝකෙම නෑ.

මම කියන දේ විශ්වාස නැත්නම් ඔයාම කල්පනා කරලා බලන්න.
ඔයාට එක හොඳ සිංහල ජාතික වාදියෙක් මතක් කරගන්න පුළුවන්ද?
ඔයාට එක නරක දෙමලෙක් මතක්කරගන්න පුළුවන්ද?

ඊයේ වෙච්ච සිද්ධිය නම් පැහැදිලිවම ගෝඨාභය ජනාධිපති කරවන්න. ගෝඨාභයගේ පිරිස බොදුබල සේනාව හවුල් කරගෙන කල වැඩක්. ඕකට මුස්ලිම් අය සම්බන්ධ නෑ.
Anonymous said…
ඔයාලත් සියඹල ග‌ෙනැල්ලම නෑ , its ok

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...