
ඊයේ (අප්‍රියෙල් 21 ) හෝටල් තුනකද කතෝලික පල්ලිවලද , දෙහිවල නවාතන් පොළකද , දෙමටගොඩද යන ස්ථාන අටක තැබූ සහ පිපිරවූ බෝම්බ වලින් මේ වන විට අහිංසක මිනිසුන් 290 දෙනෙකු මියගොස් තිබෙන අතර 400 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ .
මෙය තිරස්චින ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත .
මෙම බෝම්බ තැබුවේ කවුදැයි ආණ්ඩුව තවමත් කියා නැත .
ත්‍රස්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක වන බව ආරක්ෂක අංශවලට තොරතුරු කලින් ලැබී තිබුනද ඒ පිළිබඳව තමන්ට හෝ ඇමති මණ්ඩලයට දැනුම් නොදුන්න් බවට අගමැතිවරයා බරපතල චෝදනාවක් ඉදිරිපත් කර තිබේ .ඔහු මෙම චෝදනාව එල්ල කරන්නේ ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ප්‍රධානීන්ට බව පැහැදිළිය.
ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් වලට ඉකුත් හයමාසය තුලදී අගමැතිවරයා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රුවන් විජේගුණවර්ධන කැඳවා නැත.
අඩු වශයෙන් පොලිසිය භාර ඇමතිකම පවා ආණ්ඩුවට නොදී ජනාධිපතිවරයා භාරයේ ඉකුත් මාස ගණනවක් තිස්සේ තබා ගෙන සිටි .
එබැවින් ජනාධිපතිවරයාට තම තනතුරේ තව දුරටත් සිටීමට සදාචාර අයිතියක් නැත .
මේ ත්‍රස්ත ප්‍රහාරය පිටිපස සිටින්නේ ISIS ත්‍රස්තවාදීන් බව දැන් පැහැදිළිය .
ISIS සංවිධානය මේ වන විට ලෝකයේ බොහෝ තැන්වල නන්නත්තාර වෙමින් සිටි. ඉරාකයේ සහ සිරියාවේ ඔවුන් ලැබූ දැවැන්ත පරාජය හමුවේ වියරුවැටී ඔවුහු ලෝකයේ වෙනත් ස්ථානවල සිටින සිය සාමාජිකයන්ගේ ධයිර්යය නොකඩවා තබා ගැනීම සඳහා තැන තැන බෝම්බ පුපුරවන බව පෙනේ .විශේෂයෙන්ම සංචාරක හෝටල්වලට සහ කතෝලික පල්ලිවලට බෝම්බ ගැසීමෙන් පෙනෙන්නේ තමනට ප්‍රහාර එල්ල කරන බටහිර රටවල් වලින් පලිගැනීමට මෙම ප්‍රහාර මාලාව දියත් කර තිබේ
ඔවුන්ගේ අලුත්ම ප්‍රහාර මාලාව ලංකාව තුළ දියත් කළේ ඇයි?

ජාත්‍යන්තර ISIS ත්‍රස්ත ව්‍යාපාරය පිලිබඳ ලංකාවේ ආරක්ෂක අංශවල දැනුම දුර්වල වීම නිසා වෙනත් රටවල සිට ISIS ත්‍රස්ත සංවිධානයේ ඒජන්ත වරුන්ට අපේ රටට පහසුවෙන් ඇතුළු වීමට හැකි බව පෙනේ. ජාත්‍යන්තර ඔත්තු සේවා සමග අපේ රටේ ආරක්ෂක අංශ යහපත් සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගොස් තිබුනේ නම් ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් මේ රටට ඇතුළු වන විට ගුවන් තොටුපොලේදීම අල්ලාගත හැකිය .ඔවුන්ට අපේ රටට ඇතුළු වී ඔවුන්ගේ සංවිධානයක් මේ රටේ ඇතිකරගැනීමට හැකිවී තිබෙන්නේ අපේ ආරක්ෂක අංශවල දුර්වල කම නිසා බවට අනුමාන කිරීම සාධාරණය .
අගමැති වරයාගේ ප්‍රකාශය අනුව ආරක්ෂක අංශ මේ පිළිබඳව කිසියම් අවබෝධයක් ලබා තිබුණද එය මෙතරම් බරපතල හානියක් කිරීමට තරම් ශක්තිමත් වී තිබෙන බව ඔවුන් දැන සිට නැති බව පෙනේ .
කෙසේ වෙතත් මෙම ප්‍රහාර මාලාව ලංකාවේ ආර්ථිකයට එල්ල වුනු මාරක ප්‍රහාරයකි . සංචාරක ව්‍යාපාරය අඩපන වනු ඇත .විදේශ ආයෝජකයන් නොපැමිණෙනු ඇත රට පවතින අනාරක්ෂිත භාවය ආර්ථිකයේ සැම අංශයටම අහිතකර ලෙස බලපානු ඇත .
ISIS සංවිධානයට හිතැති පිරිස් මෙහි සිටින බව දෙමටගොඩ සිද්ධියෙන් අනුමාන කළ හැක . අප ඉදිරියේ දැන් තිබෙන්නේ එය ළදරු අවධියේදීම විනාශ කර දැමීමේ වගකීමයි .

Comments
සම්පූර්ණ ඇත්ත
1956 සිට 1983 දක්වා සිංහල ජාතිවාදීන් දෙමළ ගෑනු විශාල පිරිසක් දූශණය කලා එහි ප්‍රතිඵලයක් හැටිට සිංහල ජාන සහිත දෙමල මිනිස්සු බිහිවුනා. උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සිංහල ගම්වලට පැනලා සිංහලයන්ව කපලා කොටලා මැරුවේ ඒහෙම හැදුන අවජාතකයෝ.
නැතුව දෙමළ මිනිස්සුනම් කවදාවත් ඔයවගේ අපරාධ කරන්නේ නෑ. දෙමෙල්ලු තරම් අහිංසක මිනිස්සු ජාතියක් ලෝකෙම නෑ.
මම කියන දේ විශ්වාස නැත්නම් ඔයාම කල්පනා කරලා බලන්න.
ඔයාට එක හොඳ සිංහල ජාතික වාදියෙක් මතක් කරගන්න පුළුවන්ද?
ඔයාට එක නරක දෙමලෙක් මතක්කරගන්න පුළුවන්ද?
ඊයේ වෙච්ච සිද්ධිය නම් පැහැදිලිවම ගෝඨාභය ජනාධිපති කරවන්න. ගෝඨාභයගේ පිරිස බොදුබල සේනාව හවුල් කරගෙන කල වැඩක්. ඕකට මුස්ලිම් අය සම්බන්ධ නෑ.