Skip to main content

ඉන්දු ලංකා මුස්ලිම් රාජ්‍යයක් පිහිටුවීමේ සැලැස්මක්




Image result for zahran hashim



                           ලංකාවේ ත්‍රස්ත  නායක මවුලවි සහරාන් බින් හෂිම්



    ඉන්දියාව සහ ලංකාව ඒකාබද්ධ මුස්ලිම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා  තමිල් නඩුවේ සහ  කේරලයේ ISIS සාමාජිකයන් සමග ලංකාවේ ISIS නායකයා වන සහරන් හෂීම් වසරක කාලයක් තිස්සේ සාකච්චා  පවත්වා ඇති බව  ඉන්දියානු ISIS ත්‍රස්ත විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ . මෙයට බංගලි දේශයේ ISIS ත්‍රස්තයන්ද  සම්බන්ධ බවට එම නිලධාරීන් විශ්වාස  කරන අතර ඒ සම්බන්ධයෙන් වැඩි තොරතුරු සොයමින් සිටිති  


මරාගෙන මැරෙන ත්‍රස්තයන් විසින් පාස්කු ඉරිදා බෝම්බ පුපුරවා  හැරියේ ජාතික තව්ශීඩ් ජමාත් සංවිධානයේ  නායකයා වන   මවුලවි  සහරාන් බින් හෂීම්  දුන් නියෝගය අනුවය  .



තමිල් නඩුවේ සහ කේරල වසන මුස්ලිම් ජාතිකයන් දුසිමකට වැඩි සංඛ්‍යාවක් ලංකාවට  පැමිණ ත්‍රස්ත ආගමික වැඩ  සටහන් වලට සම්බන්ධ වී තිබෙන බවට ඉන්දියානු  ත්‍රස්ත විමර්ශන නිලධාරීන් විශ්වාස කරති . ඔවුන් මෙහි පැමිණ ඇත්තේ 2015 සහ 2016 වසර දෙකේදීය .


ඔවුන් සතුව තිබු වීඩියෝ පරීක්ෂාකළ නිලධාරීන් ලංකාවේ විශාල ත්‍රස්ත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සුදානමින් සිටින  බව අවබෝධ  කරගෙන තිබේ 


2014 වසරේ සිට ඉන්දියානු විමර්ශන නිලධාරීන් විසින් ISIS සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් 70 ට වඩා ඉන්දියාවේ විවධ  ප්‍රන්ත්වලින්  අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඉන් වැඩි දෙනෙකු අයත් වන්නේ  තමිල්නාඩුවට සහ කේරලයටය .


මෙවැනි බරපතල  තත්වයක් හමුවේ ජාත්‍යන්තර බුද්ධි අංශවල සහය නොමැතිව  ලංකාවට මෙම ව්‍යසනය අවසන් කිරීමට නොහැකි බව  ඉතා පැහැදිළිය .


අද ජනාධිපතිවරයා  කඳවු සර්ව  පාක්ෂික සාකච්චාවේදී අදහස් දැක්වූ විමල් වීරවංශ  මන්ත්‍රීවරයා විදේශීය  බුද්ධි අංශ නොමැතිව  ලංකාවේ බුද්ධි අංශවලට  ISIS ත්‍රස්ත ව්‍යාපාරයේ තොරතුරු  සොයාගත  හැකි බව කිය 


Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...