Skip to main content

සංඝ පාතාලය



Image result for JVP buddhist priests in 88

   රත්නපුරේ පන්සලකදී  භික්ෂුවක් විසින්  නිරායුධ , පොලිස් නිලධාරියෙකුගේ   බෙල්ල  මිරිකා  මැරීම,  භික්ෂුන්ගේ නොපණත්  කම්  කලක් තිස්සේ නිවට නියාලු ලෙස  ඉවසා  වැදෑරීමේ  ආණ්ඩුවේත්, පොලිසියේත් , අමනෝඥ ප්‍රතිපත්තියේ  ප්‍රතිඵලය මිස වෙන දෙයක් නොවේ . විශේෂයෙන්ම  ඉකුත් වසර  හත අටක  කාලයක සිට ඇතැම් භික්ෂුන්  සිවුර  ඕනෑම  ජඩ වැඩක් කිරීමට  ලැබුණු ලැයිසමක්  ලෙස සළකමින් යකා  නැටුහ.   ඔවුහු රෝහල්වලට,  උසාවි වලට ,ආණ්ඩුවේ කාර්යාලවලට කඩා  පැන  යකා  නැටුහ. ආණ්ඩුව වලිගය දෙකකුල් අතර හංගාගෙන සිටියා විනා නිතිය  ක්‍රියාත්මක  කලේ නැත .

 

සමස්තයක් වශයෙන් ගත්  කළ  දශක  හතරක  සිට බහුතරයක් භික්ෂුහු  සාමය වෙනුවෙන්  පෙනී සිටියේ නැත  ලේ  හැලීමට  යන අයට  සෙත් පතා පිරිත් නුල්  ගැට ගැසීම  ඔවුන්ගේ දිනචරියාවේ අංගයක් විය 


අපි බුදු දහම අගය  කරන කරුණු අතර ප්‍රධාන  කරුණක් වන්නේ එය අහිංසාව  මත  පදනම් වීමය .  මදුරුවෙකුවත් මරන්නට  බුදු දහමෙන් ඉඩක් නැත .එහෙත්  බුද්ධ ධර්මය පසෙකට විසිකොට  යුද්ධ ධර්මය ප්‍රචාරය  කරන්නට  බහුතරයක්  භික්ෂුහු   කටයුතු  කළහ  .



Image result for talduwe somarama


                               තල්දුවේ සෝමාරාම 

ලංකා ඉතිහාසයේ භික්ෂුවක් විසින්    කළ  පළමු මිනිස් ඝාතනය වන්නේ  බණ්ඩාරනායක අගමැතිවරයා මරා  දැමීමය . ඒ 1959 සැප්තැම්බර  මස 25 දිනය . ඔහු මරා දැමීමට  කුමන්ත්‍රණය   කළේ  කැලණිය  පන්සලේ අධිපතියා වූ මාපිටිගම  බුද්ධරක්ඛිතය . ඔහුගේ කුමන්ත්‍රණයට සම්බන්ධවූ තල්දුවේ සෝමාරාම  නම් භික්ෂුව,  තමන්ට හිස  පහත කොට වැන්දාවූ  බණ්ඩාරනායක  මහතාට  සිවුර අස්සේ  සඟවාගෙන  සිටි රිවොල්වරයෙන් පපුවට සහ බඩට  දෙවරක් වෙඩි තැබුවේය  . වෙඩි වැදී වේදනාවෙන්  කෑගසමින්  ගේ තුලට දිව ගිය බණ්ඩාරනායක  මහතා  පසු පස  දිව ගිය  සෝමාරාම  නැවතත්  වෙඩි කීපයක්  තැබිය .එක වෙඩිල්ලක්  ඔහුගේ අතට වැදුණි.  පසු දා  බණ්ඩාරනායක  මහතා රෝහලේදී අභාවප්‍රාප්ත විය .



Image result for buddharakkitha and somarama

                                ඝාතන කුමන්ත්‍රණය මෙහෙයවූ  බුද්ධරක්ඛිත 


ඔහුට විරුද්ධව නිතිය  ක්‍රියාත්මක විය.  සෝමාරාම එල්ලුගස්  ගියේය .බුද්ධරක්ඛිත වසර 20 කට සිර ගෙදරට යැවූ අතර 1967 දී  සිරගෙදරදී ඔහු මියගියේය  . එතැන් සිට එවැනි ඝාතන  කිරීමට  ඇතැම් තරුණ භික්ෂුන් යලි පෙළඹුණේ  ජවිපෙ හමුදාවට එක්වූ  1988 -89 සමයේදීය . එහෙත් එවැනි ඝාතන හෙළි දරව් නොවුනේ එම ඝාතන  රහසිගතව සිදුකළ බැවිණි. කෙසේ වෙතත් ජවිපෙ  භික්ෂුන් රැසක් හමුදා අත්අඩංගුවට පත්වූ අතර යලිත් ඔවුන්ගෙන්  වැඩි දෙනෙකු   පන්සල්වලට ආපසු ආවේ  නැත . 1988 කැරැල්ල  පිලිබඳ ගැඹුරු හැදෑරීමක් කළ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතාට අනුව එම කැරලි සමයේදී භික්ෂුන් විශාල පිරිසක් ජවිපෙ කැරැල්ලට සක්‍රිය දායකත්වයක් දැක්වූ අතර  ආණ්ඩුවේ නිල සහ නිල නොවන සන්නද්ධ  කණ්ඩායම් විසින් භික්ෂුන් 681 ක් මරා දමා  තිබේ .



 ඉන්පසු භික්ෂුහු මිනීමැරීමට ඉදිරිපත් නොවුනද ඇතැම් භික්ෂුහු  විවිධ අපරාධ වලට සම්බන්ධ වුහ .මේ   වන විට  ජම්පරය අන්දවා  තිබෙන භික්ෂුන්ගේ සංඛ්‍යාව 15 ක් බව  පසු ගිය දිනවල හෙළි විය . ඒ ලංකාවේය .


 එංගලන්තයේදී 2012  වසරේදී එහි විසු ලංකාවේ භික්ෂුවකට හත්  අවුරුද්දක සිර දඬුවමක් නියමකරනු ලැබිණ . ඒ  අවුරුදු 9 ක  ගැහැණු ළමයෙකු  ලංඩනයේ පංසලක විහාර ගෙය තුලදී බලහත්කාරයෙන් දුෂණය  කිරීම නිසාය .  පහලගම සෝමරතන  නමැති 65 හැවිරිදි එම භික්ෂුවට  සිරදඬුවම්  නියම වන විට හා බ්‍රිතාන්‍යයේ මහා  නායකද , ශ්‍රී කල්යාණි සමගි ධර්ම මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරිද විය  .එපමණක් නොවේ ගම්පහ පිරිවෙනක පරිවෙනාධිපතිද විය 





Image result for pahalagama somaratana


                                                    පහලගම සෝමරතන 

    සාමය ඇති කිරීමේ නායකත්වය  ගත යුත්තේ භික්ෂුව වුවද මේ රටේ  ජනවර්ග අතර සමගිය ඇති කිරීමේ අරමුණෙන්  ආණ්ඩු විසින්  කරන  ලද උත්සාහයන් වැලක්වීමට භික්ෂුන් විසින් කටයුතු  කර තිබේ  1958 සිට අද දක්වාම ඔවුහු  එම කාර්යයේ නිරතව සිටිති .


   රට එක්සත්ව  තබා  ගැනීම අරමුණෙන්  බණ්ඩාරනායක  මහතා චෙල්වනායගම්  මහතා සමග අත්සන් කළ ගිවිසුම  ඉරා දමන ලෙස ඉල්ලමින් 1958 අප්‍රියෙල් 9 වෙනිදා මිනිසුන් පිරිවරාගෙන  භික්ෂුන් 100 ක් රොස්මිඩ් පෙදෙසට පැමිණියහ .. භික්ෂුන්ගේ ඉල්ලීම ඉවත දැමීමට තරම් හය්යක්  බණ්ඩාරනායකට නොවීය . භික්ෂුන් ඉදිරියේ  එම ගිවිසුම ඉරා දමනු ලැබිණ.

 1965 දී  ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම අත්සන්කරනු ලැබුවේද   රට තුල සංහිඳියාවක් ඇති කිරීමේ අරමුණෙන්ය . එහෙත් එය  කඩා  කප්පල් කිරීම සඳහා අවස්ථාවාදී දේශපාලකයන් සමග භික්ෂු පිරිසක් පෙරමුණ  ගත්හ .  ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුව විරෝධයට බියේ එම  ගිවිසුම ක්‍රියාත්මක  කළේ නැත.  


  උතුරේ තරුණයන් අවසානයේ ආයුධ  ගැනීමට  තීරණය  කළේ  දෙමල මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සාමකාමී අරගල  මගින් ලබා ගැනීමට  නොහැකි යයි තීරණය  කළ නිසාය.  27 අවුරුදු යුද්ධයෙන් 150000 කට  අධික මිනිසුන්ට  මරණය අත් කර දීමට  භික්ෂුන් සහ   අවස්ථාවාදී දේශපාලකයන්  දායක වුයේ එපරිද්දෙනි .


1983  කළු ජූලියේදී පිටකොටුවේ දෙමල  කඩ ගිනි තැබීම සඳහා ප්‍රමුඛ  කාර්යයක්  කරනු ලැබුවේ ඇල්ලේ ගුනවංශය . කඩවල් ගිනි තැබීම සඳහා  පෙට්‍රල් බෙදා  හරියේ ඔහුය . ඒ සඳහා ඔහුට එකල එජාප ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ සහය තිබිණ. ඇල්ලේ  ගුණවංශ තමා  ජාතිවාදියෙකු ලෙස ප්‍රසිද්ධියේ  පිළිගෙන තිබෙන අතර  අදත්  ඔහු සිවුර  යොදා ගන්නේ ලේ හැලිමට මිනිසුන් පෙළඹ වීමටය .


 චුලෝධර  මහෝදර යුද්ධය  නැවත්වීමට  බුදුන් වහන්සේ  ලංකාවට වැඩි බව  බෞද්ධ ග්‍රන්ථ වල සඳහන් වී තිබේ .එහෙත් ලංකාවේ  භික්ෂුව කටයුතු කළේ  යුද්ධය වලක්වන්නට නොවේ. වැඩි වැඩියෙන් මරන්නටය . ඒ සඳහා දිය හැකි හැම සහයෝගයක්ම  ලබා දුන්නහ .වරක් බෙල්ලන්විල  නාහිමි නායක හිමිවරුන් පිරිසක් සමග  මහින්ද  රාජපක්ෂ මහතා  හමුවී  යුද්ධය  කරගෙන යාමට  සැලකිය යුතු මුදල්  පරිත්‍යාගයක්ද  කළහ .


පසු ගිය  කාලයේ බලපිටිය ප්‍රදේශයේ භික්ෂුවක්  පාතාල  කල්ලියකට  නායකත්වය දුන්නේය . එය  හෙලිවුයේ  මැණික් වෙළඳ සැලක්  මංකොල්ල  කෑමෙන් පසු  පොලිස් අත් අඩංගුවට  පත්වූ  මංකොල්ලකාරයන් ගෙනි . මංකොල්ල කෑමට  යන අයට අවිආයුධ සැපයීමට  කටයුතු කර තිබුනේ එම භික්ෂුවය .අවි ආයුධ  ගබඩා  කර තිබුණේ ඔහුගේ පන්සලේය .





   2013 ජනවාරි මස බොදු බල සේනාව  බේරුවල සංචාරක  හෝටලයකට කඩා වැදුණු  අවස්ථාව 


Related image


                                            ඥානසාරගේ කළු කමිස මැරකල්ලිය 


 2010 සිට   ඇතැම් භික්ෂුන් හැසිරුණේ  පාතාල  නායකයන් ලෙස නොවේ  යයි කිව හැකිද? බොදු බල සේනාව ඉකුත්  කාළයේ රජයේ සහ පුද්ගලික ආයතනවලට  කඩා  පැන්නේ නිතිය  තමන් අතට ගෙනය . බණ්ඩාරගම රජයේ රෝහලට  ගිය ඥානසාර සහ පිරිස  උපත් පාලන ශල්‍ය ක්‍රම නොකරන  ලෙස වෛද්‍ය වරුන්ට  බලකළහ  වරක් අලුත්ගම ප්‍රදේශයේ හෝටලයට  කඩා  පැන්නේය . මුස්ලිම් වෙළඳ ආයතන වලට භික්ෂුන් සමග  කඩා   පැන තර්ජනය  කළහ . මුස්ලිම් සහ වෙනත් ආගමික ස්ථානවලට  කඩා  පැන  තර්ජනය  කරනු ලැබිය  .දර්ගාටවුමේ  වෙළඳ සල් , ව්‍යාපාරික ස්ථාන  සහ නිවාස ගිනි තබා  මංකොල්ලකෑම  මුළුමනින්ම මෙහෙයවූවේ  බොදු බල සේනාවය .



Image result for buddhist priests attack polis in sri lanka

                 රෝජින්ජා සරණාගත  කාන්තාවන්ට භික්ෂුන් විසින් චන්ඩිකම් පෙන්වීම 


පාතාල නායකයන් ලෙස  හැසිරෙන භික්ෂුන් අතර  ඥානසාර එක අයෙකු  පමණි   2017 සැප්තැම්බර් මාසයේ දිනක  එක්සත්හි ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂාව  යටතේ   රෝහින්ජා අනාථයන් රඳවා සිටි  ගල්කිස්සේ නිවාසයට  කඩා  පැන ගේට්ටු කඩා එහි සිටි  රෝහින්ජා  කාන්තාවනට සහ දරුවනට තර්ජනය  කළේ අක්මීමන  දයාරතන  නමැති පාතාල භික්ෂුවගේ  නායකත්වයෙන්  යුතු ගිහි පැවිදි  පිරිසකි .  පොලිසිය එම ස්ථානයට  පැමිණි නමුත් ඔවුන් අත් අඩංගුවට  ගැනීමට පියවර  ගත්තේ නැත . භික්ෂුන්ගේ නීති විරෝධී  ක්‍රියාවලට පොලිස් නිලධාරීන් අනියමින්  උදව් කිරීම එකල දැකිය හැකි විය . අක්මීමන දයාරතන ඇත අඩංගුවට ගැනීමට ආණ්ඩුව නියම  කරන තුරු පොලිසිය  උඩ බලාගෙන සිටියේය .මෙම නිහින ක්‍රියාවට සම්බන්ධවූ  අඹේපොළ රතනසාර නම්  භික්ෂුවකට අත් අඩංගුවට  ගන්න විට  හැඳිනුම් පත් දෙකක් තිබුණේය. එකක් ගිහි හැඳුනුම් පතකි .


 dayarathana himi 23252


ගලබඩ අත්තේ  ඥාණසාර  අක්මීමන  දයාරතන  ,ඉත්තෑකන්දේ සද්ධාතිස්ස  මාගල්කන්දේ සුදත්ත  යන  සිවුරු පොරොවා  ගත්  පුද්ගලයන්   විවිධ අවස්ථාවලදී  චන්ඩි ලෙස ප්‍රසිද්ධියේම හැසුරුනහ . පොලිසිය  සහ උසාවිය තුට්ටුවකටවත්  ගණන්ගත්තෙ නැත .  ඥානසාර හිමි හෝමාගම මහේස්ත්‍රාත්වරයාට උසාවිය තුළදීම අපහස කළේය .මේ නිසා ඔහු පසුව අත් අඩංගුවට  ගත්  විට අක්මීමන දයාරතන  ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ,මාගල්කන්දේ  සුදත්ත යන නාමමාත්‍රික භික්ෂුහු  තවත් භික්ෂුන් පිරිවරාගෙන   පැමිණ  උසාවියට  කඩා  පැන්නාහ .  ගේට්ටු වසා දැම්ම විට ඇතැම් භික්ෂුහු  තාප්ප උඩින් පැන උසාවිය තුලට යාමට  උත්සහ කළහ.


පසු ගිය සමයේ භික්ෂුත්වයට නොගැලපෙන ලෙස  හැසිරුණේ  ඔවුන් පමණක් නොවේ  අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කිරීම උසාවිය තහනම් කොට තිබියදී  උසාවියේ නියෝගය  පඩික්කමට දැමීමට මුරුත්තෙට්ටුවේ ආනන්ද , මැදගොඩ අභයතිස්ස , බෙන්ගමුවේ නාලක , විතාරන්දෙණියේ නන්ද ,බියගම සුසිල , වටිනාපහ සෝමානන්ද ඇතුළු  භික්ෂු පිරිසක් කටයුතු  කළහ 



Image result for buddhist monks raid a court in sri lanka


මඩකලපුව මංගලාරාමයේ අධිපතියාවන අම්පිටියේ සුමන  නමැති භික්ෂුවද දිගින් දිගටම හැසිරෙන්නේ පාතාල නායකයෙකු පරිදිය  වරක් ඔහු ප්‍රදේශයේ  දෙමල ග්‍රාමසේවා නිලධාරියාට   "තෝ   දෙමල බල්ලා .මන් තෝව මරනවා " යයි කිවේ  පොලිස් නිලධාරීන් ඉදිරිපිටදීම මරණිය  තර්ජනය කළේය . . පොලිසියේ සහය ලැබුනේ රජයේ නිලධාරියට නොව අම්පිටියේ සුමනරතනටය . 






  වරක් ඔහු පොලිස් නිලධාරිනියකට පහර දීමට පවා  උත්සාහ  කළේය  එම  හේතුව මත ඔහු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත්  කල හැකි නමුත්  පොලිසිය එසේ  කළ බවට වාර්තා  නැත . පොලිස් නිලධාරීන්ට  පවා තර්ජනය කිරීම නිවට ලෙස  පොලීසිය  ඉවසා සිටීම රත්නපුරේදී  පොලිස් නිලධාරියෙකු මරා දැමීමට එම සිවුරුකාරයට ශක්තිය දුන් බව නිසැකය   


  


                            අම්පිටියේ සුමනේගේ තවත්  පාතාල ක්‍රියාවක් 


  අම්පිටියේ සුමනරතනගේ පාතාල  ක්‍රියා තව දුරටත් ඉදිරියට  ගෙන යමින් මේ  වසරේ  මාර්තු 8 වනදා සිට දින  ගණනක්  තිස්සේ  මහනුවර අවට  මුස්ලිම් දේපොළ  විනාශ කිරීමට මහසෝන්නු ධයිර්යමත්  කළහ . මහනුවර අවට මුස්ලිම් ජනයට අයත් ව්‍යාපාර සහ ගිනි තබා  විනාශ කිරීමට වෙනත් භික්ෂුන්ද සම්බන්ධවුහ .එහෙත් ඔවුන් අත්අඩංගුවට  ගෙන උසාවියට ගෙනයාමට  පොලිසියට හෝ  ආණ්ඩුවට  කොන්දක් තිබුනේ නැත .




Image result for kandy anti muslim riots



  අම්පිටියේ  සුමන  මහසෝන් බලකායේ නායකයා සමග තෙල්දෙණිය ගිනි තැබීමට නායකත්වය දෙමින්


Image result for kandy anti muslim riots



                                 මහනුවර අවට මුස්ලිම් විරෝධී  කෝලාහල මෙහෙයවීම 



Image result for kandy anti muslim riots


               මහනුවර අවට ගිනිතැබීම වලට භික්ෂුන් ඉදිරිපත් වූ ආකාරය 


 භික්ෂුන්ගේ නොපණත් කම් පිළිබඳව මේ ලිපියේ ලියන්නට ගියොත් එය පිටු දුසිම් ගණනක් දික් වෙනු ඇත .  ඇතැම් භික්ෂුන්   හෙරොයින් භාවිතාවට  පවා ඇබ්බැහි වී ඇති   බවට පසු ගියකාලයේ  පුවත් පළවිය.එමෙන්ම  කාන්තාවන්ට බලහත්කාරකම්  කිරීම් පිළිබඳවද  පුවත් පළවිය. කුඩාදරුවන් සහ සාමනේරයන් ලිංගික  ක්‍රියාකාරකම් වලට  යොදාගැනීම පිලිබඳ  වාර්තාද මාධ්‍යවල පලවිය .පිළිකුල් කටයුතු  දුෂ්ට  ක්‍රියාවක් වන එය වෙනුවට කාන්තාවන්  පන්සල්වල තබාගෙන ලිංගික ආශාවන් සන්තර්පනය  කර ගැනීම වඩා හොඳය . එසේ  කරන්නේ නම්  නම් භික්ෂුන් මෙයට වඩා සන්සුන් වන  ඇත . සිවුරු පොරොවා ගෙන  බන පිරිත්  කි පලියට පෝෂ්‍යදායි ආහාර භුක්ති විඳින  ඔවුන්ගේ  ලිංගික ආශාවන් යටපත් කල හැකි වන්නේ නැත . එබැවින්  භික්ෂුන්ට  කාන්තවන් විවාහ  කරගැනීමට ඉඩ සැලසීමට  දැන් කාලය  පැමිණ තිබේ . ඔවුන් රකින ශීලයක් නැති බැවින්  විවාහ එකක් මදි නම් දෙක තුනක් වුවද  කර ගැනීමට ඉඩ දුන්නත්  මා නම් එයට එරෙහිව අකුරක්වත්  ලියන්නේ නැත .


කෙසේ වෙතත්  පාතාල භික්ෂුන්ට එරෙහිව මෙන්ම ජනවර්ග අසමගිය අවුලවා ලේ හැලීමට  මිනිසුන් පොළඹවන පාතාල භික්ෂුන්  හිරගෙවල්වලට  යැවීමට  ආණ්ඩුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍යය .එසේ  නොවුනහොත්  ඔවුහු ගල්කටස්  සහ පිස්තෝල  ගන්නා  දවස එතරම් ඈත නොවේ.  පාතාල  භික්ෂුන්ගේ  පමණක් නොව අති බහුතරයක් භික්ෂුන්ගේ ඒකායන අරමුණ  මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක්  කිරීමය . ජනවර්ග අතර සමගියක් ඇති කොට  රට එක්සත්  කරන්නට  ගන්නා  කවර  උත්සහයක් වුවද  ඔවුන් විසින් කඩ  කප්පල් කිරීමට එක පයින් සුදානම් වී  සිටිති . ඔවුන් මට්ටු කිරීමට පාලකයන්වහා  පියවර නොගත හොත්  බුද්ධරක්ඛිතලා සහ සෝමාරාමලා බලාපොරොත්තු වෙන ලෙස ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් අප අනතරු අඟවමු.  




Comments

Anonymous said…
අනේ පලයං බැල්ලිගෙ පුතෝ යන්න.කතෝලික වේසිගෙ පුතා.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා