Skip to main content

අඩු වයසෙන් වැඩි වියට පැමිණි ක්‍රොයේෂියානු කෙල්ල


Image result for croatian president



 පාපන්දු ක්‍රීඩාව  ගැන උනන්දුවක් දක්වන ලාංකිකයන්  බහුතරයක්  ලෝක  පාපන්දු තරඟාවලියෙන් ක්‍රොයේෂියාවේ ජයග්‍රහණය ප්‍රාර්ථනා  කළේ  මන්දැයි  හිතාගැනීමට අමාරුය එහි  ජනාධිපතිවරිය වන  කොලින්ඩා ග්‍රබාර් කිටාරොවික් මන බඳින ලලනාවක් නිසාද?  කොලින්ඩාට සමාන රුවක් හිමි වෙනත්  කාන්තාවක් බිකිණියකින් සැරසී සිටින චායරුප ඇතැමෙකු  බුකියේ  පළකර ඇය ක්‍රොයේෂියානු ජනාධිපතිවරිය  ලෙස විස්තර  කර තිබීම නිසාද  ?


කොලින්ඩා ක්‍රොයේෂියාවේ  ජනාධිපති වරිය  ලෙස පත් වුයේ 2015 පෙබරවාරියේදී ය  2020 පෙබරවාරිය දක්වා ඇය  ජනාධිපති  තනතුරේ සිටිනු ඇත . කෙසේ වෙතත් ක්‍රොයේෂියා වේ  බලවත්ම  පුද්ගලයා ඇය නොවේ. එහි අගමැතිවරයාය  ..එයට හේතුව වන්නේ 1999 දී එරට ව්‍යවස්ථාව සංශෝධනය  කොට වැඩි බලතල  පාර්ලිමේන්තුවට පැවරීම  නිසාය  .කෙසේ වෙතත් එරට  ජනාධිපතිට දෙවරක් එම ධුරයට  මහජන චන්දයෙන් පත්විය  හැක . 


වෙනත් රටවල  ජනාධිපති වරුන්ගේ වැටුප් සමග සංසන්දනය  කළහොත් ඇය  ලබන  මාසික වැටුප අඩුය එනම් ඇමරිකානු  ඩොලර් 5 452කි . සංසන්දනාත්මකව වැටුප් අඩු වුවද එම රට දුප්පත් නැත . ක්‍රොයේෂියාව දියුණු රටක්  බවට පත් වුයේ  ඉතා  කෙටි කලකිනි .


Image result for croatia



 .ක්‍රොයේෂියාව බිහිවුයේ 1991 දිය .එයට පෙර එය සමාජවාදී  යුගෝස්ලාවියාවේ කොටසක් විය . සමාජවාදයේ කඩා වැටීමත් සමග ක්‍රොයේෂියාව වෙනම රාජ්‍යයක් ලෙස උපත් ලැබීමට උත්සහ  කිරීම නිසා සර්බිවරුන් සමග 1990 සිට 1995 දක්වා  යුද්ධයක් කරන්නට සිදුවිය  . මෙම  යුද්ධය නිසා ක්‍රොයේෂියාවේ ආර්ථිකයට සිදුවූ සිදුවූ විනාශය 20%-25% අතර වූ බවට ගණන් බලා තිබේ. වෙනත්  වචනවලින් කියතොත් සිදුවූ විනාශයේ වටිනාකම  ඇමරිකන් ඩොලර් බිලියන 37.1 කි.  යුද්ධයේ  ප්‍රතිඵලයක්  ලෙස  1999 දී එරට ආර්ථික වර්ධනය 0 ටත් පහළ බැස්සේය .


Image result for croatian war destruction

                                    ක්‍රොයේෂියානු  යුද්ධයේ ප්‍රතිඵල 




යුගොස්ලවියාවෙන් වෙන්වීමට  පෙර ක්‍රොයේෂියාවේ තිබුණේ සමාජවාදී අර්ථ ක්‍රමයකි . වෙනම රාජ්‍යයක් බවට  පත්වීමෙන්  පසු වෙළඳ  පොළ ආර්ථිකය සහ පුද්ගලික දේපොළ අයිතිය  එම භුමියේ ස්ථාපිත  කරනු ලැබිය    . ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන්  සහ  යුරෝපීය සංවර්ධන බැංකුවෙන්  ලබා ගත්  ණය ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා  යොදවනු ලැබිණ . 2002  වසර වන විට ආර්ථික වර්ධනයක් අත් කරගැනීමට එරටට  හැකිවූ බව  .එම වසරේ දල ජාතික  නිෂ්පාදිතයේ  වර්ධනය 5.2% ක් විමෙන් පැහැදිලිය .


නමුත් 2008 වසරේදී  ලෝකයේ ඇතිවූ ආර්ථික අවපාතය  ක්‍රොයේෂියාවටද  තදින් බලපෑ නිසා ආර්ථිකයේ  කඩා වැටීම් සිදුවිය .  2010 දී 2011 දී දල ජාතික නිෂ්පාදනයේ වර්ධනය යලිත් බිංදුව බවට  පත් විය .


 ආර්ථික කඩා වැටීමෙන් ගොඩ ඒම  සඳහා ක්‍රොයේෂියාව අනුගමනය  කළ  ප්‍රධාන ආර්ථික උපාය  මාර්ගයක් වුයේ පරිභෝජනය සහ ආයෝජනය සඳහා ආණ්ඩුව විසින් මහජනයාට ණය දීමය . සේවා අංශයට දියුණු කිරීමට වැඩි වශයෙන් ආයෝජනය  කරනු ලැබිය .



Related image


ලංකාවට වඩා  කුඩා  රටක් වන  ක්‍රොයේෂියාව ඉතා  සුළු කලකදී  අපට වඩා වේගයෙන් ආර්ථික සමුර්ධියක් අත්කරගෙන තිබේ . 2016 වසරේදී  එහි ඒක  පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර්12090 ක් විය. එම වසරේදී අපේ ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3835 ක් පමණක් විය . එබැවින් 'සකල සිරින් පිරි සිරි ලංකාව'    තවමත් දුප්පත් රාජ්‍යයක් වීමත් ක්‍රොයේෂියාව පොහොසත් රටක් බවට ඉක්මනින් පත් වීමත් අප විසින් අධ්‍යයනය කිරීම වටි.



Image result for croatia beauty spots

ක්‍රොයේෂියාව  ආර්ථික සංවර්ධනය අත් කර ගැනීමට ගනු ලැබූ ප්‍රධාන  මාවත් තුන මෙසේය .


1  සංචාරක  කර්මාන්තය දියුණු කිරීම

2  යුරෝපා සංගමය සමග ආර්ථික සම්බන්ධකම් ඇති කර ගැනීම

3 පරිභෝජනය සහ ආයෝජනය සඳහා ආණ්ඩුව විසින් ක්‍රොයේෂියානුවන්ට ණය දීම 


මේ වන විට එහි සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් දියුණු වී  තිබේ .වසරකට සංචාරකයන් මිලියන 11 ක්  පැමිණෙන අතර ඔවුන්ගෙන් එක මිලියනයක්  පැමිණෙන්නේ නිරුවත් කලාප වල විවේකයෙන් පසු වීම සඳහාය .


එහි ආර්ථිකයේ  සේවා අංශය  69%ක් වන අතර කාර්මාන්ත  අංශය 26.7 ක් ද කෘෂිකර්මාන්තය 4.3% ද වේ.


ක්‍රොයේෂියාව සියලු ප්‍රශ්න විසඳා  ගත් රටක් නොවේ .එහිද විරැකියාව තිබේ මේ වසරේ මැයි මාසය වන විට රැකියා නොමැති අයගේ සංඛ්‍යාව 9.2% ක් විය .





අප ක්‍රොයේෂියාව  ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ  පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් එරට දැක්වූ විශිෂ්ට දක්ෂතා නිසාය .අප ක්‍රිකට් ක්‍රීඩාව ගැන උනන්දු වුවද  ලෝකයේ වැඩි දෙනෙකු ප්‍රිය  කරන්නේ  පාපන්දු ක්‍රීඩාවය . ක්‍රොයේෂියාව 1940 සිට ජාත්‍යන්තර  පාපන්දු තරග සඳහා සහභාගී විය .1998 දී  ඔවුහු  ලෝක  පාපන්දු තරගාවලියේදී තුන්වන ස්ථානය  ලබා  ගත් අතර මෙවර  දෙවෙනි ස්ථානය  ලබා  ගනිමින් තව දුරටත්  ඉදිරියට  පැමිණ  තිබේ .2022 වසරේ  පැවැත්වීමට  නියමිත  මී  ළඟ  තරගාවලියේදී ලෝක  කුසලානය දිනාගැනීමට ක්‍රොයේෂියාව දැන් සිටම සුදානම් වෙමින් සිටින  බවට සැකයක් නැත .



Related image

Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...