
පාපන්දු ක්‍රීඩාව ගැන උනන්දුවක් දක්වන ලාංකිකයන් බහුතරයක් ලෝක පාපන්දු තරඟාවලියෙන් ක්‍රොයේෂියාවේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කළේ මන්දැයි හිතාගැනීමට අමාරුය එහි ජනාධිපතිවරිය වන කොලින්ඩා ග්‍රබාර් කිටාරොවික් මන බඳින ලලනාවක් නිසාද? කොලින්ඩාට සමාන රුවක් හිමි වෙනත් කාන්තාවක් බිකිණියකින් සැරසී සිටින චායරුප ඇතැමෙකු බුකියේ පළකර ඇය ක්‍රොයේෂියානු ජනාධිපතිවරිය ලෙස විස්තර කර තිබීම නිසාද ?
කොලින්ඩා ක්‍රොයේෂියාවේ ජනාධිපති වරිය ලෙස පත් වුයේ 2015 පෙබරවාරියේදී ය 2020 පෙබරවාරිය දක්වා ඇය ජනාධිපති තනතුරේ සිටිනු ඇත . කෙසේ වෙතත් ක්‍රොයේෂියා වේ බලවත්ම පුද්ගලයා ඇය නොවේ. එහි අගමැතිවරයාය ..එයට හේතුව වන්නේ 1999 දී එරට ව්‍යවස්ථාව සංශෝධනය කොට වැඩි බලතල පාර්ලිමේන්තුවට පැවරීම නිසාය .කෙසේ වෙතත් එරට ජනාධිපතිට දෙවරක් එම ධුරයට මහජන චන්දයෙන් පත්විය හැක .
වෙනත් රටවල ජනාධිපති වරුන්ගේ වැටුප් සමග සංසන්දනය කළහොත් ඇය ලබන මාසික වැටුප අඩුය එනම් ඇමරිකානු ඩොලර් 5 452කි . සංසන්දනාත්මකව වැටුප් අඩු වුවද එම රට දුප්පත් නැත . ක්‍රොයේෂියාව දියුණු රටක් බවට පත් වුයේ ඉතා කෙටි කලකිනි .
.ක්‍රොයේෂියාව බිහිවුයේ 1991 දිය .එයට පෙර එය සමාජවාදී යුගෝස්ලාවියාවේ කොටසක් විය . සමාජවාදයේ කඩා වැටීමත් සමග ක්‍රොයේෂියාව වෙනම රාජ්‍යයක් ලෙස උපත් ලැබීමට උත්සහ කිරීම නිසා සර්බිවරුන් සමග 1990 සිට 1995 දක්වා යුද්ධයක් කරන්නට සිදුවිය . මෙම යුද්ධය නිසා ක්‍රොයේෂියාවේ ආර්ථිකයට සිදුවූ සිදුවූ විනාශය 20%-25% අතර වූ බවට ගණන් බලා තිබේ. වෙනත් වචනවලින් කියතොත් සිදුවූ විනාශයේ වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 37.1 කි. යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස 1999 දී එරට ආර්ථික වර්ධනය 0 ටත් පහළ බැස්සේය .

ක්‍රොයේෂියානු යුද්ධයේ ප්‍රතිඵල
යුගොස්ලවියාවෙන් වෙන්වීමට පෙර ක්‍රොයේෂියාවේ තිබුණේ සමාජවාදී අර්ථ ක්‍රමයකි . වෙනම රාජ්‍යයක් බවට පත්වීමෙන් පසු වෙළඳ පොළ ආර්ථිකය සහ පුද්ගලික දේපොළ අයිතිය එම භුමියේ ස්ථාපිත කරනු ලැබිය . ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සහ යුරෝපීය සංවර්ධන බැංකුවෙන් ලබා ගත් ණය ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා යොදවනු ලැබිණ . 2002 වසර වන විට ආර්ථික වර්ධනයක් අත් කරගැනීමට එරටට හැකිවූ බව .එම වසරේ දල ජාතික නිෂ්පාදිතයේ වර්ධනය 5.2% ක් විමෙන් පැහැදිලිය .
නමුත් 2008 වසරේදී ලෝකයේ ඇතිවූ ආර්ථික අවපාතය ක්‍රොයේෂියාවටද තදින් බලපෑ නිසා ආර්ථිකයේ කඩා වැටීම් සිදුවිය . 2010 දී 2011 දී දල ජාතික නිෂ්පාදනයේ වර්ධනය යලිත් බිංදුව බවට පත් විය .
ආර්ථික කඩා වැටීමෙන් ගොඩ ඒම සඳහා ක්‍රොයේෂියාව අනුගමනය කළ ප්‍රධාන ආර්ථික උපාය මාර්ගයක් වුයේ පරිභෝජනය සහ ආයෝජනය සඳහා ආණ්ඩුව විසින් මහජනයාට ණය දීමය . සේවා අංශයට දියුණු කිරීමට වැඩි වශයෙන් ආයෝජනය කරනු ලැබිය .
ලංකාවට වඩා කුඩා රටක් වන ක්‍රොයේෂියාව ඉතා සුළු කලකදී අපට වඩා වේගයෙන් ආර්ථික සමුර්ධියක් අත්කරගෙන තිබේ . 2016 වසරේදී එහි ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර්12090 ක් විය. එම වසරේදී අපේ ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3835 ක් පමණක් විය . එබැවින් 'සකල සිරින් පිරි සිරි ලංකාව' තවමත් දුප්පත් රාජ්‍යයක් වීමත් ක්‍රොයේෂියාව පොහොසත් රටක් බවට ඉක්මනින් පත් වීමත් අප විසින් අධ්‍යයනය කිරීම වටි.

ක්‍රොයේෂියාව ආර්ථික සංවර්ධනය අත් කර ගැනීමට ගනු ලැබූ ප්‍රධාන මාවත් තුන මෙසේය .
1 සංචාරක කර්මාන්තය දියුණු කිරීම
2 යුරෝපා සංගමය සමග ආර්ථික සම්බන්ධකම් ඇති කර ගැනීම
3 පරිභෝජනය සහ ආයෝජනය සඳහා ආණ්ඩුව විසින් ක්‍රොයේෂියානුවන්ට ණය දීම
මේ වන විට එහි සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් දියුණු වී තිබේ .වසරකට සංචාරකයන් මිලියන 11 ක් පැමිණෙන අතර ඔවුන්ගෙන් එක මිලියනයක් පැමිණෙන්නේ නිරුවත් කලාප වල විවේකයෙන් පසු වීම සඳහාය .
එහි ආර්ථිකයේ සේවා අංශය 69%ක් වන අතර කාර්මාන්ත අංශය 26.7 ක් ද කෘෂිකර්මාන්තය 4.3% ද වේ.
ක්‍රොයේෂියාව සියලු ප්‍රශ්න විසඳා ගත් රටක් නොවේ .එහිද විරැකියාව තිබේ මේ වසරේ මැයි මාසය වන විට රැකියා නොමැති අයගේ සංඛ්‍යාව 9.2% ක් විය .

අප ක්‍රොයේෂියාව ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් එරට දැක්වූ විශිෂ්ට දක්ෂතා නිසාය .අප ක්‍රිකට් ක්‍රීඩාව ගැන උනන්දු වුවද ලෝකයේ වැඩි දෙනෙකු ප්‍රිය කරන්නේ පාපන්දු ක්‍රීඩාවය . ක්‍රොයේෂියාව 1940 සිට ජාත්‍යන්තර පාපන්දු තරග සඳහා සහභාගී විය .1998 දී ඔවුහු ලෝක පාපන්දු තරගාවලියේදී තුන්වන ස්ථානය ලබා ගත් අතර මෙවර දෙවෙනි ස්ථානය ලබා ගනිමින් තව දුරටත් ඉදිරියට පැමිණ තිබේ .2022 වසරේ පැවැත්වීමට නියමිත මී ළඟ තරගාවලියේදී ලෝක කුසලානය දිනාගැනීමට ක්‍රොයේෂියාව දැන් සිටම සුදානම් වෙමින් සිටින බවට සැකයක් නැත .

Comments