පෙරේදා (ජුලි 29 ) හැන්දෑවේ මා සිටියේ පස්වනක් ප්‍රීතියෙනි . හේතුව හාමිනේ මා සමග ගෝරියක් ඇදගෙන දික්කසාද නඩුවක් දමන බව කියමින් 13 වෙනි වතාවට ඇගේ මහගෙදර ගිය නිසාය. මා දික්කසාද කරන බව කියමින් දොළොස් වතාවක් පිටවී ගොස් ඇතත් පසුවදා නැද්දම්මාත් සමග ආපසු පැමිණේ . "මේ අම්මගේ වදේට මන් ආව මිසක් නැත්තම් මන් ආයි එන්න නෙවෙයි ගියේ " යන්න ඇය ආපසු පැමිණි හැම දිනකම කියන්නීය . එහෙත් ඇත්ත කතාව එය නොවේ. වටපිට ගෙවල්වල ගෑනුන්ට ගබඩා කාමරයේ තිබෙන පොල් ගෙඩියක් හෝ පින් තකා දෙනු ඇතැයි යන බිය නිසාය .මා එය සහසුද්දෙන් දන්නේ ඇය ආපසු පැමිණි විගසම ගබඩා කාමරයට ගොස් පොල් ගණන් කරන නිසාය .
පුතුන් දෙදෙනාද කොළඹට වී රස්සාවල් කරන නිසා හාමිනේ ගිය දිනට ගෙදර සිටින්නේ මා පමණය. කෑම උයන්නට කාලය නාස්ති කිරීම තේරුමක් නැති බැවින් හැන්දෑ සමයේ නගරයට ගොස් කෑම පාර්සල් තුනක් සහ නැටුම් වතුර බෝතලයක් මිලදී ගතිමි .කෑම පාර්සල් තුනක් ගත්තේ මන්දැයි ඔබ කුතුහලයට පත්ව සිටින බව මා දනිමි .මගේ පාඨකයන් මා ගැන වරදවා වටහා ගන්නවාට මා කැමති නැත .කෑම පාර්සල් තුනක් ගත්තේ බඩ ජහරි කමට නොවේ .කිසි දිනක පඩි ඉල්ලන්නේ නැති මගේ මුරකාරයන් දෙදෙනා සඳහාය.
නැටුම් වතුර බෝතලය තනියම ගැනීම තරමක අසීරු වැඩක් බැවින් අහල පහල පදිංචි මිතුරන් දෙදෙනෙකුට හවුල්වෙන ලෙස දුරකතනයෙන් ආරාධනා කළෙමි. විවිධ හේතු කියමින් මගේ ආරාධනාව ඔවුන් කාරුණිකව ප්‍රතික්ෂේප කළත් ඇත්ත හේතුව නම් ඔවුන්ගේ භාර්යාවන්ගේ රැවුම් ගෙරවුම් වලට බියෙන් බව මා ඉතා හොඳින් දනිමි .
අන්තිමේදී තනියම හෝ නැටුම් වතුර බෝතලයේ රස බැලීමට තීරණය කළෙමි. මුර කාරයන් දෙදෙනාට කෑම පාර්සල බෙදා දී බෝතලයත් ලං කරගෙන රුපවාහිනිය පන ගැන්නුවෙමි .
බෝතලය පොළොවේ ගැසීමට ගසන්නට තරම් අප්පිරිය රුවක් තිරයේ මතුවිය .ඒ ගායිකාවකගේ ගීතයක් බැලලියකගේ කෑ ගැසිල්ලට සමාන කරමින් ගඩොල් බාගයකින් ගසන්නට කි කයිවාරු කාරයාය. රුපවාහිනිය බැලීම තිත්ත වූ බැවින් එය නිවා දමා නැටුම් වතුර බෝතලයට පුර්ණ අවධානය යොමු කළෙමි.
බෝතලය හුරතල් කරන්නට මට ඉඩ ලැබුනේ පැය භාගයක් පමණි .වාහනයක් මිදුලට පැමිණ නතර කරනු ඇසුණි.දික්කසාද නඩුවක් දමන්නට ගිය නෝනා ගෙදර ගබඩා කාමරයේ පොල් ගොඩ මතක් වී ආපසු පැමිණියාද? එසේත් නැත්තම් ගෝටාභය මහත්තයා ජනාධිපති කමට සුදුසු නැති බව කියමින් ෆේස් බුකියේ මා කීපවරක් ලිව් නිසා නන්දිකඩාල් මහත්තයා මා උස්සාගෙන යාමට පැමිණියාද ?
කෙසේ වෙතත් දොර නොහැර සිටීම ඇඟට ගුණ බව මගේ සිත මට අනතුරු අඟවා සිටියේය .
ඊ ළඟ මොහොතේ කිසිවෙකු දොරට තට්ටු කල අතර " කවුදැයි " විමසු විට පිළිතුරු දුන්නේ ගැහැණු පරාණයකි.
"මම මේ රත්නා .දොර අරින්නකෝ විස්තරේ කියන්න . මට හදිසි කරදරයක් උනා "
රත්නා යනු මගේ පළමු ගර්ල් ෆ්‍රෙන්ඩ් ය .ඒ කාලයේ මා වැඩ කළේ " No Job Company යේ බැවින් ඇගේ දෙමාපියෝ අපේ ලව් එකට ද්‍රෝහී කම් කරමින් වෙනත් අයෙකුට ඇය සරණ පාවා දුන් බැවින් මගේ පළමු ප්‍රේමය ශෝකාන්තයෙන් කෙලවර විය . ඇය සිය ස්වාමි පුරුෂයා සමග ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බව පසු කලක ආරංචි විය
මම වහා දොර විවෘත කළෙමි
සුදු ඇඳුමකින් සැරසී සිටි ඇය එදා මෙන්ම පියකරුය . සුන්දර සිනහවක් ඇගේ මුව පුරා පැතිරී තිබිණ . මා ඇය දුටුවේ අවුරුදු 25 කට පසුව වුවද ඇය තවමත් වියපත් වී නැත . මා තුල ඇතිවූ සතුට කොපමණදැයි අමුතුවෙන් කිව යුතුද ?
" එන්න ඇතුළට රත්නා "
" අනේ සොරි .ඇතුළට ඇවිල්ල කතා කර කර ඉන්න වෙලාවක් නැහැ .මං මේ ආපහු ඕස්ට්‍රේලියාවේ යනගමන්. අපි දැන් වයස නිසා ආයිත් දකින්න ලැබෙයිද දන්නේ නැහැනේ .ඉතින් ඒකයි චුට්ටකට හරි ඔයාගේ මුන බලල යන්න ආවේ ."
කෝ මහත්තයා වාහනේද? අඳුන්වල දෙන්නකෝ " මා එසේ කිවේ බොරුවටය .
" නැහැ මහත්තය ආවේ නැහැ එයා ඕස්ට්‍රේලියාවේ ' කෝ ඔයාගේ නෝනා ?ළමයි?
"නෝනා නම් ගමනක් ගිහිල්ල හෙට තමා එන්නේ ළමයි කොළඹ වැඩ"
"අය්යෝ එහෙම ද ? එහෙනම් එන්නකෝ යන්න මාත් එක්ක එයාර්පෝට් .මේ වාහනෙන්ම ඔයාට අපහු එන්න පුළුවන් නේ "
Ok Rathna, give me just five minutes"
හරියටම විනාඩි පහකින් මා ඇගේ වාහනයට නැග ඇය අසලින් වාඩි වුයෙමි වාහනයේ සිටියේ රියදුරා පමණි .
රියදුරා අප දෙසවත් නොබලා වේගයෙන් වාහනය පැදවීම නිසා සිත තුළ ඇති වුයේ මහත් චිත්ත ප්‍රීතියකි . ඇගේ ඕස්ටේරෙලියාවේ ජීවිතය ගැන වග තුග විමසන අතර තුර මා රත්නාගේ එක අතක් අල්ලා ගතිමි . ඊළඟ මොහොතේ ඇය මගේ උරහිස මත ඇගේ හිස තැබුවේ දිගු සුසුමක් හෙළමිනි . වචනයක් හෝ කතා නොකරමින් අපි එලෙස බොහෝ වෙලා ගත කළෙමු .
රථය දොඩංගොඩ පිවිසුමෙන් අධි වේගී මාර්ගයට දැම්මේ කොට්ටාව දෙසට යාමට නොව ගාල්ල දෙසට යාමටය .විශ්මයට පත් මා වහා රියදුරා ඇමතුවෙමි .
"ඩ්‍රයිවර් උන්නැහ මේ කොහෙද යන්නේ ? එයාර්පෝට් යන්න නම් අනිත් පැත්තටයි යන්න ඕනේ "
" ඔය නෝනා තමා කිව්වේ මේ පැත්තට යන්න කියල "රියදුරා මා දෙස නොබලාම කිවේය .
" මං මත්තලින් ෆ්ලයිට් එක ගන්නේ බර්ටි " රත්නා මගේ දකුණත පිරිමදිමින් කීවාය .
" ඔයාට පිස්සුද ? දැන් මත්තලට එකම ප්ලේන් එකක්වත් එන්නේ නැහැ " මා ඇයට පැහැදිලි කළෙමි.
නැහැ .අද ඉඳල ඩුබායි ඉඳල ඔස්ට්‍රේලියාවට යන ප්ලේන් එකක් මත්තල ලෑන්ඩ් කරනවා " රත්නා කීවාය
සමහර විට එය ඇත්ත විය හැක . අනික මා ඇය සමග වාද කර හිත අමනාප කරගන්නේ කුමකටද ? ඇය සමග සතුටෙන් කතා බහ කරන්නට ලැබුණු මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම අමු මෝඩ කමකි .
මා ඇගේ ඉන වටා අත දමා ඇයට වඩාත් තුරුල් වුයෙමි .
තවත් පැය භාගයකට පසු " මොනවා හරි බොමු නේද?කියමින් රත්නා මල්ලක් තුලින් කිසිවක් ගෙන මා අත තැබුවාය .එය ටින් එකකි .
"මොනවද මේ " මා විමසීමි .
" ඕක හොඳ බියර් එකක් .ඔයා බොනවනේ ?"
" Yes " කිව් මා ටින් එක කඩා මඳක් කටට හලා ගතිමි .රත්නාද තවත් ටින් එකක් ගෙන සෙමින් බීමට පටන්ගත්තාය.
ගෙදරදී නැටුම් වතුර බෝතලයෙන් අඩක් බී සිටි බැවින් බියර් ටින් එක බී අවසන් වන විට මගේ හිස කරකැවෙන බවක් දැනින.තව දුරටත් හිස කෙලින් තබා ගැනීමට නොහැකි වූ තැන රත්නගේ ඔඩොක්කුව මත හිස තබාගෙන මඳක් ඇලවීමි.
රත්නා හිස පහත් කර මගේ හිස සිප ගන්නවා මට මතකය .
මට යලි ඇහැරුණේ රියදුරා '" මහත්තයා නැගිටින්න" කියමින් මා සොලවන විටය .
" මේ කොහෙද ?" මා රියදුරාගෙන් විමසුවෙමි .
" මේ මත්තල එයාපෝට් එක " රත්නා සමග මා මත්තල බලා පැමිණි බව මට මතක් වුයේ එවිටය .

"කෝ නෝනා?"
"නෝනා එයාපෝට් එක ඇතුලට ගියා .ඇහැරවල ඇතුලට එවන්න කිව්වා . "
වහා වාහනයෙන් එලියට බැස කමිසයද යට කර ගනිමින් ඉක්මන් අඩියෙන් ගුවන් තොටුපොල ඇතුලට ගියෙමි . ගුවන් තොටුපොලේ කිසිදු මගියෙක් හෝ සේවකයෙක් පෙනෙන්නට සිටියේ නැත . තුවක්කුවක් අතැතිව හමුදා භටයෙක් පමණක් ගුවන් තොටුපල ගොඩ නැගිල්ල තුලට පිවිසෙන තැන සිටියේය . රත්නාද පෙනෙන්ට නැත
"නෝනා කෙනෙක් දැන් ගියාද ඇතුලට ?"
" දොරේ ,යැතුලොටම යන්න නෝනේ යැතුලෙ යැති ."
කැඩිච්ච සිංහලෙන් කතා කරන මේ හමුදා භටයා කෙරෙහි මා තුල ඇති වුවේ කුතුහලයකි .ආපසු හැරී ඔහු දෙස නැවතත් බැලීමි. ඔහුගේ හිස් වැසුමේ කොටි ලාංචනය දුටු මට හීන් දාඩිය දැම්මේය.
ක්ෂණිකව තුවක්කුව මා වෙත එල්ල කළ ඔහු ඇතුලට දුව යන ලෙස ගෝරනාඩු කළේය .
ගොඩනැගිල්ල තුලින් දුව ගිය මා නැවතුනේ ගුවන් පථය අද්දරටම ගොස්ය . කොටි ලාංචනය සහිත හිස් වැසුම් පැළඳගත් භටයන් බැලු බැලු අත සිටිනු dutu විට මගේ හදවත 'ඩග්' 'ඩග් ' හඬ නංවමින් දුවන්නට විය . රත්නා සිටිදැයි වට පිට බැලුමුත් ඇයද පෙනෙන්නට නැත .ඇය මා මර උගුලකට පැටලුවේ මන්ද? ඇය එසේ නොකරනු ඇතයි යලි මගේ සිත කියන්නට පටන් ගත්තේය . ඇය සොයමින් ගුවන් තොටුපොලේ අස්සක් මුල්ලක් නෑර සෙවිය යුතුය . ධාවන පථයේ එකම ග්ෆුවන් යානයක්වත් නැත . ඇය මටත් නොකියා පැමිණි ගුවන් යානයේ ඔස්ට්‍රේලියාව බලා යන්නට ගියාද ? මහත් අසරණකමකින් සහ ශෝකයෙන් මා සිත වෙවුලන්නට විය .
කිසිවෙකු මගේ උරහිසට තට්ටු කළ බැවින් ක්ෂණයකින් මා ආපසු හැරි බැලුවෙමි .අඩි 6 ක් පමණ උස පිරිණු කයකින් යුතු අයෙකු සිනාසෙමින් මා දෙසට දකුණත දිගු කළේය .හුරු පුරුදු මුහුණක් බැවින් මා එම අත අල්ලගෙන සෙලවුවෙමි .
"දැකල නම් පුරුදුයි එත් කවුද කියල මතක් කරගන්න අමාරුයි " මා කීවෙමි .
"මම LTTE සාම ලේකම් කාර්යාලයේ ප්‍රධානියා පුලිදේවන් " 2004 ඔබ තුමා නියෝජිත පිරිසක් එක්ක අපිව හම්බ වෙන්න ආව කිලිනොච්චියට .ඒ වෙලාවේ අපි කතා බහ කළා ." ඔහු කිවේය.
"මතකයි මතකයි අපි රෑ නැවතුනාම ඔබ තුමා අපිට මොනවද තියෙන අඩුපාඩු කියල හොයන්නත් ආවනේ .බියර් එකක් ඇත්නම් හොඳයි කිව්වාම බියර් එකකුත් මට එව්ව බව මට මතකයි " මා කිමි.
" ඔබ තුමාව අපි මෙහාට ගෙන්නගත්තේ විශේෂ කාරණාවකට " ඔහු බැරෑරුම් ලෙස කිවේය . මේ පාර කළු ජුලිය ගැන මාධ්‍ය වල බොහොම අඩුවෙන් තමා ලියවුනේ . කවුරු ලිව්වේ නැතත් ඔබ තුමා හරි ලියයි කියල අපි හිතුව. නැති පාර තමා අපි කල්පනා කරේ ගෙන්න ගන්න ."
"මාව මෙහෙට එක්ක ආවේ රත්නා කියල මගේ යාලුවෙක් නේ . අනික එයා සිංහල කෙනෙක් " ආගමක් මුලක් වටහා ගැනීමට නොහැකි වූ තැන මා පුලිදේවන්ට කීවෙමි .
" අපි කල්පනා කරා ඔබව ගෙන්න ගන්න නම් යවන්න ඕනේ එයාව කියල .එයා ඉන්නෙත් මේ අහල පහල "
"මට නම් තේරෙන්නේ නැහැ ඔබ තුමා මොකක්ද කියන්නේ කියල " තව තවත් අන්ද මන්දවූ මා කීවෙමි .
"චුට්ටක් ඉන්න ' කිව් ඔහු අසලවූ කාමරයකට ගොස් කිසියම් පානයක් ගෙනවුත් මා අතට දුන්නේය .ඕක බිල ඉන්න ඊළඟට මන් විස්තරේ කියන්නම් "
ඔහු දුන් පානය මා උගුරට දෙකට බීවේ මේ වන විට අධික පිපාසයක් ඇතිවී තිබීම නිසාය.එම පානය බිව් විගස මගේ සිතට ඇතිවුයේ බලවත් එඩිතර කමකි . මහසෝනාට වුවද එඩිතරව මුහුණ දීමට හැකි ධයිර්යයක් ඇති විය .
මාව එක්කරගෙන අපු ගැහැණු කෙනාව මට මුනගස්සන්න ' පුලිදේවන්ට කිමි .
" ඒක සුළුදෙයක්. එයිට ඉස්සෙල්ල ඔයාව ගෙන්න ගත්ත දේ කරලා හිටිමු " කිව් ඔහු මගේ අතින් අල්ලාගෙන ගුවන් පථය දෙසට රැගෙන ගියේය.
"අපි ඔබතුමාව ගෙන්න ගත්තේ විශේෂ හේතුවක් ඇතිව . 1983 කළු ජූලියේදී අපේ මිනිස්සු 3000ක් විතර මරල දැම්මා . අද ජුලි 29 . අපි බැලුව සිංහල මාධ්‍යවල මේ ගැන ලියාවිද කියල. මේ අවුරුද්දේ ඒ ගැන ලියල නැති තරම් .අපේ ජාතිය සමුලඝාතනය කරන අදහසින් දියත් කරපු කළු ජුලිය ගැන 80 න් පස්සේ ඉපදුන සිංහල අය දන්නේ නැහැ .ඔබ තුමා ලවා ඒ ගැන ලියවන්න ඕන නිසා තමා අද මෙහාට ගෙන්න ගත්තේ .පේනවද අර අතන ලොකු පිරිසක් වාඩි වෙලා ඉන්නවා . ඒ තමා කළු ජූලියේදී මරා දාපු අපේ අය. අද කළු ජුලිය සමරන්නයි ඒ ගොල්ලෝ ඇවිල්ල තියෙන්නේ . ඒ ගැන වාර්තාවක් ලියල අන්තර ජාළයට දාන්න " පුලිදේවන් කීය.
" ඒකටද මාව ගෙන්න ගත්තේ ? මම සිංහල බව දන ගත්තොත් ඔය මිනිස්සු මාව අඟලෙන් අගලට ඉරල දායි ඔතෙන්ට ගියාම "
" නැහැ එහෙම වෙන්න නැහැ.ඒ ගොල්ලන්ට නැගිටින්න තහනම් රැස්වීම ඉවර වෙනකම් . එක්කෙනෙක් හරි නැගිට්ටොත් සොරිම තමා .අපේ ගාඩ් එක එතන ඉන්නවා .
විශාල පිරිසක් බිම වාඩි වී සිටියහ. ඔවුනතර ළමුන්ද , දරුවන් වඩා ගත් මව් වරුන්ද සිටියහ . එම පිරිස ඉදිරිපස තිබු සුවපහසු පුටුවල හා පහළොස් දෙනෙකු වාඩිවී සිටියහ . ඔවුන් කවුදැයි විමසිල්ලෙන් බැලු විට ඔවුහු LTTE සංවිධානයේ ප්‍රමුඛ පෙළේ නායකයන් බව පෙනී ගියේය . මුලසනයේ වාදී වී සිටියේ ප්‍රභාකරන්ය .
පුලිදේවන් මගේ අතට පැනක් සහ සටහන් පොතක් දී වාඩි වීමට අසුනක්ද පෙන්වා ඉදිරිපෙලේ අසුනක වාඩි විය .
ප්‍රභාකරන් සිය අසුනින් නැගිට රැස්වීම ඇමතීම ඇරඹුවේය .
" මිත්‍රවරුණි, 1983 කළු ජූලියට මේ වන විට අවුරුදු 35 ක් සම්පුර්ණ වී තිබෙනවා ලංකා ඉතිහාසයේ සිදුවූ ඉතාමත්ම තුච්ච ක්‍රියාව එයයි . එය ජේ. ආර් .ජයවර්ධන ආණ්ඩුවේ ප්‍රධානින් කලක් තිස්සේ සැලසුම් කොට ක්‍රියාත්මක කරන ලද ඉතාමත්ම නිහින ක්‍රියාවක් බව මා අමුතුවෙන් කිව යුතු නැහැ . ඔබව මරණයෙන් බේරා ගැනීමට ඔවුන් ක්‍රියා කරනවා තබා අඩු වශයෙන් වචනයක් වත් කතා නොකළ බව ඔබ සියල්ලෝම මට වඩා හොඳින් දන්නවා .1983 ජුලි 24 සිට ජුලි මස අවසානය තෙක් දින 7 ක් තිස්සේ කොළඹ ගම්පහ කළුතර , ගාල්ල ,මාතර කෑගල්ල මහනුවර බදුල්ල ,නුවර එලිය ත්‍රිකුණාමලය ඇතුළු බොහෝ දිස්ත්‍රික්ක ගණනාවක අපගේ මිනිසුන් ගැහැණුන්, කුඩා ළමුන් ,මහල්ලන් 3000 කට ආසන්න පිරිසක් ආණ්ඩුවේ සිංහල මැරයන් කපා කොටා මෙන්ම රථ වාහනවලට නිවෙස් වලට ,ව්‍යපාරික ස්ථාවලට දමා දොරවල් වසා ගිනි තබා මරා දැම්මා . වැලිකඩ හිරගෙදරදී පමණක් දෙමල සිරකරුවන් 52 දෙදෙනෙකු සිංහල සිරකරුවන් ලවා කපා කොටා පහර දී මර දැමුවා. ඔබට හිමිව තිබු රථවාහන දහස් ගණනක් ගිනි තබා විනාශ කරා .ඔබ සතු දේපොළ මිලමුදල් මංකොල්ල කෑවා 25000 කට අධික පිරිසකට තුවාල කරනු ලැබුවා නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 18000 කට අධික ප්‍රමාණයක් ගිනි තබා විනාශ කරනු ලැබුවා ."

Comments