Skip to main content

තරුණියන් තුනකට පෙම් කළ කපු මහත්තයා.

 

මේ කියන්නට  යන්නේ  මගුල්  කපුවෙක් ගැන නොව  අපේ ගමේ  දේවාලය අරක් ගෙන  සාස්තර  කිවූ කපුවෙකු ගැනය.එකල මගේ වයස අවුරුදු 10ක්  හෝ 11 ක් පමණ වන්නට ඇත. පන්සල තිබෙන්නේ අපේ ගෙදර සිට මීටර් 100ක් පමණ දුරිනි.විශාල පන්සලක් වූ මෙහි දෙවාල  දෙකක් තිබේ.එක දේවාලයක විෂ්ණු දෙවියන්ගේ විශාල ප්‍රතිමාවක් තිබෙන අතර අනිත් දේවාලයේ  කතරගම දෙවියන්ගේ  සහ සමන් දෙවියන්ගේ ප්‍රතිමා දෙකක් තිබේ.පන්සලේ දේවාල දෙකක් තිබුනද  වැදගත්  ස්ථානයක්  එයට  කවදත්  ලැබුනේ  නැත.  එහි  කටයුතු  කිරීම  සඳහා   කපුවෙකු  සිටියේද  නැත. එබැවින් එය  බොහෝ විට  පාලු ස්වභාවයකට  පත්ව  තිබිණ.

කපුවාගේ පැමිණීම 

පන්සලේ  දේවාලය සඳහා   කපුවෙක් පැමිණ ඇති  බවත්  ඔහු  ආරුඪ වී  සාස්තර කියන බවටත්  ආරංචියක් හිටිහැටියේ ගම පුරාම පැතිර ගිය බැවින් පාසල් ගොස්  පැමිණි විගසම  මා පන්සලට  දුව  ගියෙමි. සාමාන්‍ය  උසකින් යුතු, තරමක් තරබාරු , පැහැපත් සමක් සහිත ,  වයස අවුරුදු 40 -45 අතර   පෙනුමකින් යුක්ත වූ ඔහු හිස පිටු පසින් කොණ්ඩය  බැඳ සිටියේය.

ඔහු සාස්තර  කීවේ උදේ  9 සිට  පස්වරු 1 වන තුරු පමණි. සෙනසුරාද  සහ   ඉරිදා  දිනවල මා දේවාලයට  නොවරදවාම යන්නේ  ඔහුගේ  සාස්තර  කීම්, සම්බන්ධයෙන් ම  දැඩි ඇල්මක් දැක්වූ  නිසාය. දෙවාරුඪයක් ලබාගැනීම  මගේ  එකම අපේක්ෂාව  විය.

පැයෙන් පැයට දෙවියන් මාරු වීම

ඔහු සාස්තර කිවේ එකම දෙවියෙකු ආරුඪ වී නොවේ. ඔහුට  වැහෙන  දෙවියා පැයෙන් පැයට වෙනස් වේ. විෂ්ණු දෙවියන් ආරුඪ වී පැයක් සාස්තර  කියන ඔහු  ඊ ළඟ පැයේදී   ආරුඪ වන්නේ දැඩිමුන්ඩ  දෙවියන්ය. ඊ  ලඟ   පැයේදී  කතරගම දෙවියන්ය. දවල් දොළහට  ඔහුට ආරුඪ  වන්නේ  ශිව දෙවියන්ය. අනිකුත් දෙවියන් ආරුඪ වූ විට දේවාලය   තුල  සිටගෙන  හිස දෙපැත්තට  වනමින් ශාස්තර  කියතත්   ශිව දෙවියන් ආරුඪ  වූ විට  ඔහු  හිස  කර කවන්නේ  නැත. දේවාලයෙන් පිටතට පැමිණ බිම වාඩිවෙන  ඔහු ඉන්පසු කිසියම් ස්ලෝක  කීපයක් කියා අවසන් වන විටම ශිව දෙවියන් ආරුඪ වේ. ඉන්පසු  ඔහු  කරන්නේ  ලෙඩ්ඩුන්ට  බෙහෙත් කීමය. ඔහු බෙහෙත් වට්ටෝරුව  කියන විට  එය  ලියා ගැනීමට තරුණියක් සුදානම් කරගෙන  සිටියේය. පැයක් තුලදී පැමිණ සිටින  අයට  බෙහෙත් කියන අතර  ඉන්පසු ශිව දෙවියන් ඔහුගේ  සමු  ගනී.

බෙහෙත් කීමට මෙන්ම  සාස්තර  කීමටද ඔහු මුදලක් අය  කළේය. මට මතක  හැටියට එක් අයෙකුගේ  ඔහු අය  කල මුදල රුපියලකුත් සහ දහයකි. දිනපතාම වාගේ සාස්තර ඇසීමට බොහෝ අය  පැමිණි නිසා එය ඔහුට  ලොකු ආදායමක්  ගෙන දුන් රැකියාවක් වී තිබිණ.

තරුණියන් ලං කර ගැනීම

සාස්තර  කරු නැවතී සිටියේ පන්සලේ තිබු වෙනම තැනු කාමරයකය. ඔහු පන්සලෙන් ආහාර  නොගත්තේ උම්මල  කඩවත්  කන්නේ  නැති නිසාය. ඔහුට ආහාර  පිස  දුන්නේ පන්සල අසලම තිබු  නිවසක  පදිංචි  කරුවන් විසිනි. එම නිවසේ  තරුණියක් සිටි අතර ඇයට දෙවතාරුඪයක් ලබා දීමට  කටයුතු  කරන  බව  කපු  මහතා කියා  තිබුණි.

එම  තරුණියට  අමතරව තවත් තරුණියන් දෙදෙනෙකුටද දෙවාරුඪ ලබා  දීම  සඳහා ඔහු ඔවුන්  පුහුණු  කරමින් සිටියේය. දෙවාරුඪයක් ලබා ගැනීමට මමද  කැමති  බව කපු  මහතා ට  මා කිප  වතාවක් කිව්  නමුත් ඔහු  ඒ සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් දැක්වුයේ  නැත.

පොහොය දිනවලට ඔහු  සාස්තර කියන්නේ  නැත. ඒ  දිනවලට  ඔහු සැතපුම්  කීපයක්  ඈතින් තිබෙන නගරයට  ගොස් ආපසු එන්නේ පස් වරුවේය. 

 නගරයට ගොස්  ආපසු එන අතර තුර  ඇතැම් දිනවල  අපේ  නිවසට ගොඩවී   ටික වෙලාවක් සතුටු සාමිචීයේ  යෙදේ. මස්  මාළු අහලකටවත්   නොගන්නා , උම්මලකඩවත් මුහු  නොකොට කැම  පිසින තෝසේ  කඩයකින් දිවා ආහාරය  ගන්න  බවත් රාත්‍රියට  කෑමටද  ආහාර  පාර්සලයක්  රැගෙන එන  බවත් ඔහු කී  බව  මට  මතකය.

 එක් පොහොය දිනක නගරයට  ගොස්  ආපසු එන අතර තුර  කපු  මහතා අපේ  නිවසට  ගොඩ  වුයේ  ඔහුට අධික ජල පිපාසයක් ඇතිවීම නිසාය. ඔහු නගරයෙන් ගෙන ආ  කෑම  පාර්සලය ඉස්තෝප්පුවේ තිබු  පුටුවක් මත  තබා නිවස  තුලට විත් වතුර වීදුරු දෙකක්ම බී නිවසේ  අය සමග ටික වෙලාවක් කතා  බහක නිරත විය. ආපසු යාමට සුදානම් වී   ඔහු ගෙන ආ කෑම පාර්සලය සෙව්  නමුත් එය  අතරු දහන් වී තිබිණ. එය හදිසි යේ  අන්තර්ස්ධාන  වීම අප සැමට  මහත් විමතියක් ඇති  කරන්නක් විය. අපි කවුරුත් එකතුව නිවස අවට ඇවිද බලන විට අප නිවසේ සිටින බල්ලා  බත් පාර්සලය ඉරා ගෙන එති තිබු මාළු  කටු චර  බර  ගමින් විකමින් සිටිනු දක්නට  ලැබිණ.

කපු මහතා  අතුරු දහන් වීම

ඉන් මාස කීපයකට  පසු කපු මහතා  හිටිහැටියේ අතුරු දහන්  විය  එයට හේතු වුයේ ඔහු විසින් දෙවතාරුඪ දීම  සඳහා පුහුණු  කරමින් සිටි තරුණියන් තිදෙනා  සමග එකිනෙකට හොරෙන්  පෙම් කරන්නට   ගොස්  එය දුර දිග  ගිය  වලියක් බවට පත්වීම  නිසාය.

දෙවතාරුඪ ලැබෙන්නේ  ගැහැණු ඇසුරෙන් සහ  මස් මාළු කෑමෙන් මුළුමනින්ම වැළකී සිටින  අයට  පමණක් බව ඔහු දේවාලයේ  කටයතු  කරන  අතර තුර නිතර  නිතර කී කතාවකි.

 

 

 

 

Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...