Skip to main content

තරුණියන් තුනකට පෙම් කළ කපු මහත්තයා.

 

මේ කියන්නට  යන්නේ  මගුල්  කපුවෙක් ගැන නොව  අපේ ගමේ  දේවාලය අරක් ගෙන  සාස්තර  කිවූ කපුවෙකු ගැනය.එකල මගේ වයස අවුරුදු 10ක්  හෝ 11 ක් පමණ වන්නට ඇත. පන්සල තිබෙන්නේ අපේ ගෙදර සිට මීටර් 100ක් පමණ දුරිනි.විශාල පන්සලක් වූ මෙහි දෙවාල  දෙකක් තිබේ.එක දේවාලයක විෂ්ණු දෙවියන්ගේ විශාල ප්‍රතිමාවක් තිබෙන අතර අනිත් දේවාලයේ  කතරගම දෙවියන්ගේ  සහ සමන් දෙවියන්ගේ ප්‍රතිමා දෙකක් තිබේ.පන්සලේ දේවාල දෙකක් තිබුනද  වැදගත්  ස්ථානයක්  එයට  කවදත්  ලැබුනේ  නැත.  එහි  කටයුතු  කිරීම  සඳහා   කපුවෙකු  සිටියේද  නැත. එබැවින් එය  බොහෝ විට  පාලු ස්වභාවයකට  පත්ව  තිබිණ.

කපුවාගේ පැමිණීම 

පන්සලේ  දේවාලය සඳහා   කපුවෙක් පැමිණ ඇති  බවත්  ඔහු  ආරුඪ වී  සාස්තර කියන බවටත්  ආරංචියක් හිටිහැටියේ ගම පුරාම පැතිර ගිය බැවින් පාසල් ගොස්  පැමිණි විගසම  මා පන්සලට  දුව  ගියෙමි. සාමාන්‍ය  උසකින් යුතු, තරමක් තරබාරු , පැහැපත් සමක් සහිත ,  වයස අවුරුදු 40 -45 අතර   පෙනුමකින් යුක්ත වූ ඔහු හිස පිටු පසින් කොණ්ඩය  බැඳ සිටියේය.

ඔහු සාස්තර  කීවේ උදේ  9 සිට  පස්වරු 1 වන තුරු පමණි. සෙනසුරාද  සහ   ඉරිදා  දිනවල මා දේවාලයට  නොවරදවාම යන්නේ  ඔහුගේ  සාස්තර  කීම්, සම්බන්ධයෙන් ම  දැඩි ඇල්මක් දැක්වූ  නිසාය. දෙවාරුඪයක් ලබාගැනීම  මගේ  එකම අපේක්ෂාව  විය.

පැයෙන් පැයට දෙවියන් මාරු වීම

ඔහු සාස්තර කිවේ එකම දෙවියෙකු ආරුඪ වී නොවේ. ඔහුට  වැහෙන  දෙවියා පැයෙන් පැයට වෙනස් වේ. විෂ්ණු දෙවියන් ආරුඪ වී පැයක් සාස්තර  කියන ඔහු  ඊ ළඟ පැයේදී   ආරුඪ වන්නේ දැඩිමුන්ඩ  දෙවියන්ය. ඊ  ලඟ   පැයේදී  කතරගම දෙවියන්ය. දවල් දොළහට  ඔහුට ආරුඪ  වන්නේ  ශිව දෙවියන්ය. අනිකුත් දෙවියන් ආරුඪ වූ විට දේවාලය   තුල  සිටගෙන  හිස දෙපැත්තට  වනමින් ශාස්තර  කියතත්   ශිව දෙවියන් ආරුඪ  වූ විට  ඔහු  හිස  කර කවන්නේ  නැත. දේවාලයෙන් පිටතට පැමිණ බිම වාඩිවෙන  ඔහු ඉන්පසු කිසියම් ස්ලෝක  කීපයක් කියා අවසන් වන විටම ශිව දෙවියන් ආරුඪ වේ. ඉන්පසු  ඔහු  කරන්නේ  ලෙඩ්ඩුන්ට  බෙහෙත් කීමය. ඔහු බෙහෙත් වට්ටෝරුව  කියන විට  එය  ලියා ගැනීමට තරුණියක් සුදානම් කරගෙන  සිටියේය. පැයක් තුලදී පැමිණ සිටින  අයට  බෙහෙත් කියන අතර  ඉන්පසු ශිව දෙවියන් ඔහුගේ  සමු  ගනී.

බෙහෙත් කීමට මෙන්ම  සාස්තර  කීමටද ඔහු මුදලක් අය  කළේය. මට මතක  හැටියට එක් අයෙකුගේ  ඔහු අය  කල මුදල රුපියලකුත් සහ දහයකි. දිනපතාම වාගේ සාස්තර ඇසීමට බොහෝ අය  පැමිණි නිසා එය ඔහුට  ලොකු ආදායමක්  ගෙන දුන් රැකියාවක් වී තිබිණ.

තරුණියන් ලං කර ගැනීම

සාස්තර  කරු නැවතී සිටියේ පන්සලේ තිබු වෙනම තැනු කාමරයකය. ඔහු පන්සලෙන් ආහාර  නොගත්තේ උම්මල  කඩවත්  කන්නේ  නැති නිසාය. ඔහුට ආහාර  පිස  දුන්නේ පන්සල අසලම තිබු  නිවසක  පදිංචි  කරුවන් විසිනි. එම නිවසේ  තරුණියක් සිටි අතර ඇයට දෙවතාරුඪයක් ලබා දීමට  කටයුතු  කරන  බව  කපු  මහතා කියා  තිබුණි.

එම  තරුණියට  අමතරව තවත් තරුණියන් දෙදෙනෙකුටද දෙවාරුඪ ලබා  දීම  සඳහා ඔහු ඔවුන්  පුහුණු  කරමින් සිටියේය. දෙවාරුඪයක් ලබා ගැනීමට මමද  කැමති  බව කපු  මහතා ට  මා කිප  වතාවක් කිව්  නමුත් ඔහු  ඒ සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් දැක්වුයේ  නැත.

පොහොය දිනවලට ඔහු  සාස්තර කියන්නේ  නැත. ඒ  දිනවලට  ඔහු සැතපුම්  කීපයක්  ඈතින් තිබෙන නගරයට  ගොස් ආපසු එන්නේ පස් වරුවේය. 

 නගරයට ගොස්  ආපසු එන අතර තුර  ඇතැම් දිනවල  අපේ  නිවසට ගොඩවී   ටික වෙලාවක් සතුටු සාමිචීයේ  යෙදේ. මස්  මාළු අහලකටවත්   නොගන්නා , උම්මලකඩවත් මුහු  නොකොට කැම  පිසින තෝසේ  කඩයකින් දිවා ආහාරය  ගන්න  බවත් රාත්‍රියට  කෑමටද  ආහාර  පාර්සලයක්  රැගෙන එන  බවත් ඔහු කී  බව  මට  මතකය.

 එක් පොහොය දිනක නගරයට  ගොස්  ආපසු එන අතර තුර  කපු  මහතා අපේ  නිවසට  ගොඩ  වුයේ  ඔහුට අධික ජල පිපාසයක් ඇතිවීම නිසාය. ඔහු නගරයෙන් ගෙන ආ  කෑම  පාර්සලය ඉස්තෝප්පුවේ තිබු  පුටුවක් මත  තබා නිවස  තුලට විත් වතුර වීදුරු දෙකක්ම බී නිවසේ  අය සමග ටික වෙලාවක් කතා  බහක නිරත විය. ආපසු යාමට සුදානම් වී   ඔහු ගෙන ආ කෑම පාර්සලය සෙව්  නමුත් එය  අතරු දහන් වී තිබිණ. එය හදිසි යේ  අන්තර්ස්ධාන  වීම අප සැමට  මහත් විමතියක් ඇති  කරන්නක් විය. අපි කවුරුත් එකතුව නිවස අවට ඇවිද බලන විට අප නිවසේ සිටින බල්ලා  බත් පාර්සලය ඉරා ගෙන එති තිබු මාළු  කටු චර  බර  ගමින් විකමින් සිටිනු දක්නට  ලැබිණ.

කපු මහතා  අතුරු දහන් වීම

ඉන් මාස කීපයකට  පසු කපු මහතා  හිටිහැටියේ අතුරු දහන්  විය  එයට හේතු වුයේ ඔහු විසින් දෙවතාරුඪ දීම  සඳහා පුහුණු  කරමින් සිටි තරුණියන් තිදෙනා  සමග එකිනෙකට හොරෙන්  පෙම් කරන්නට   ගොස්  එය දුර දිග  ගිය  වලියක් බවට පත්වීම  නිසාය.

දෙවතාරුඪ ලැබෙන්නේ  ගැහැණු ඇසුරෙන් සහ  මස් මාළු කෑමෙන් මුළුමනින්ම වැළකී සිටින  අයට  පමණක් බව ඔහු දේවාලයේ  කටයතු  කරන  අතර තුර නිතර  නිතර කී කතාවකි.

 

 

 

 

Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට