Skip to main content

ටයි කෝට් වෘත්තීය සමිති ලොක්කා

 

කිරුළපනට ලක්ෂ දෙකක් කම්කරුවන් ගෙනෙන බව පියදාස ඊයේ  කිව්වේය.පියදාසලා වැහි වැහැලා ඉන්න  ලංකාවේ ලක්ෂ දෙකක් අරන් එන  පියදාස කවුදැයි ඔබ  හතර අතේ  කල්පනා කරනවා  නිසැකය. මා  මේ  කියන්නේ අද  පත්තරේක  පළවූ පියදාස කෙනෙක් ගැනය. ඔබට  තාමත්  නිච්චි නැතිව ඇති. මේ  කියන පියදාස  ඊයේ  පුවත්පත් සාකච්චාවක් පවත්වමින්  කිරුලපොන මැයි රැලියට  ලක්ෂ දෙකක් කම්කරුවන් ඒමට නියමිත   බවත් එයින් ලක්ෂයක් ගෙනෙන්නේ තමන් නායකත්වය  දරන රාජ්‍ය සේවා වුර්තීය සමිති සම්මේලනයෙන් බවත් කියා තිබුණි.

එහෙත් මු   මොකාදැයි ඔබ නොදැනීම  පුදුමයක් නොවේ. මන්ද මොහුගේ  නම හෝ ඔහුගේ වුර්තීය සමිතිය  හෝ ඔහු මෙහෙයවූ    සටනක් ගැන ගතවූ අවුරුදු දුසිම තුලදී  ලංකාවේ  මිනිස්සුන්ට  නම්  අසන්නට  නොලැබුණු නිසාය. අඩු වශයෙන් පත්තරෙක  ඇතුළු  පිටුවක මුල්ලකවත් කරපු සටනක් ගැන නොව  කරන්නට  යෝජනා  කළ සටනක වාර්තාවක්  වත්  2005 න් පසු දක්නට  ලැබුනේ  නැත.

රාජපක්ෂ හමුවීමට පාර්ලිමේන්තුවට 

මේ  පුද්ගලයා ඉස්සර    ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ ටොප් පොරකි.එම පක්ෂයේ  මධ්‍යම  කාරක සභාවේද  එමෙන්ම  පක්ෂයේ  ලේකම් මණ්ඩලයේද   සාමාජිකයෙක් ලෙස සැලකිය යුතු කාලයක් සිටියේය. 2005  ට පෙර එක් දවසක ඔහු මාවත්      ඇදගෙන පාර්ලිමෙන්තුවට  ගියේ  මහින්ද  හමුවී කිසියම් ප්‍රසන වගයක් කතා  කිරීමටය. පැය දෙක තුනක් පාර්ලිමේන්තුවෙ  කාලය  නාස්ති කිරීමෙන්  පසු  මහින්ද රාජපක්ෂගේ ආරාධනයෙන්   පාර්ලිමේන්තු කැන්ටිමෙන් බඩ කට  පුරා කා පියදාසත් මමත් ආපසු ආවෙමු.

මහින්ද  රාජපක්ෂ ජනාධිපතිවූ පසු  පියදාස  මහතා සිය වුර්තීය සමිතිය ඉබි යතුරු දමා වසා දැමු අතර ඊට හිලව්වන්නට   ජාතික  රක්ෂණ භාරකාර  අරමුදලේ   ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුරක්  මහින්දගෙන් ඉල්ලා ගත්  අතර ඉන්පසු ඔහු කට ඇරියේ   කෑමට  සහ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කඩේ  යාමටය.

ටයි කෝට් වෘත්තීය  සමිති නායකයා.

ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරයක් ලැබූ විට  ඔහුටද අමුතු රාජ ඌෂ්නයක් බෝවිය. බස් රථයක නැගී වුර්තීය සමිති කාර්යාලයට හෝ කොමියුනිස්ට් පක්ෂ  කාර්යාලයට  ආ ගිය පියදාස සහෝදරයා බස් රථවලට  ටටා , බායි කිව්  අතර ඉන්පසු  ගමන් බිමන් ගියේ සැප පහසු  නිල රතයේය.  අසුන් ගත්තේ  වාහනයේ  ඉස්සරහ නොව පස්ස අසුනේය.  එයට හේතුව  නම් අතපය හොඳහැටි පළල් කර  සුව පහසුව වාඩිවී කම්කරු පන්තියේ  විමුක්තිය ගැන හොඳ ප්ලෑන් ගැසීමට එය  කදිම  ස්ථානයක් වීම  නිසාද විය   හැක.    සාමාන්‍ය   කලිසම් කමිස  ඇන්ද  ඔහු ඒවාට  ආයුබෝවන් කියා  ටයි කෝට් අඳින්නට  පටන් ගත්තේ ඔහුගේ  කාර්යාලයේත් නිල රථයේ තිබු අධික සීතල ,වයසක ඔහුට ඔරොත්තු නොදෙණු ඇතැයි  සිතු නිසා විය  හැක.

පක්ෂ තනතුරුවලින්  දොට්ට

කොමියුනිස්ට් පක්ෂය මහින්දට  කඩේ  යාම එහි සාමාජිකයන් ඉවසා සිටියත්  මහින්දගේ හැලි  වලන් හේදීම සාමාජිකයන් වැඩි දෙනා  අනුමත  නොකළ  නිසාදෝ  වසර  තුනකට පෙර පැවති කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනයේදී   පක්ෂය තුළ පියදාස දරු   තනතුරුවලින්ඔහු  එලවා දමනු  ලැබිණ. එහෙත් වුර්තීය සමිතියේ  නායකත්වයෙන් ඔහුව එලවා දැමීමට  නොහැකි උනේ එය සීමා සහිත සමාගමක් වීමත්   මැරෙන තුරු නායකයා  වී සිටි හැකි පරිදි එහි ව්‍යවස්ථාව   හදාගෙන  තිබීම නිසාත්ය. 

මහින්ද ගෙදර  යාමෙන් පසු තනතුරත් ,නිල රථයත් අහිමිවූ පියදාස ටයි  කෝට්  ගලවා දමා සිය වුර්තීය සමිතියේ  දොරවල ඇර  මකුණු දැල්  කාරිය  කඩා , නාම පුවරුවේද තීන්ත  ටිකක් අතුල්ලා  මාධ්‍ය  සාකච්චාවක් කාරිය පවත්වා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට දැන්  තමන් සුදානම් බව ප්‍රකාශයට  පත් කර සිටී.

කාල් මාර්ක්ස් වෙනුවට මහින්ද 

කාල් මාර්ක්ස් සහ ලෙනින් දැන් ඔහුට වැඩක් නැත.ලංකාවේ සමාජවාදී විප්ලවය  කරන්නට  යන්නේ  මහින්ද රාජපක්ෂ බව ඔහු දැන් තීරණය  කර  හමාරය. එබැවින් මෙවර ඔහු පෙළපාලි යන්නේ මහින්දගේ පින්තුරයකුත් උස්සගෙන   කිරුලපනටය. ඒ මැයි පෙළපාලියට ලක්ෂ දෙකක් කම්කරුවන් එන බව  කියන ඔහු එයින් ලක්ෂයක් ගෙනෙන්නේ තමන් බව  ඔහු මහත් උජාරුවෙන්   කියයි.

ඔහු සමග  මමත් කොමියුනිස්ට් පක්ෂයේ  පෙළපාලියේ අන්තිමට  ගියේ 2006 ය. එදා නම් ඔහුගේ  සමිතියේ බැනරය යටතේ ගමන් කළේ 100 කටත් අඩු සංඛ්‍යාවකි .මන් මේ  කල්පනා කරන්නේ මේ  පාර කිරුළපනට  ගේන  බව  කියන  කම්කරුවන් ලක්ෂය එදා ගෙන ආවේ  නැත්තේ  මන්ද  කියාය.  ටයි කෝට් ඇඳ  සුඛෝපභෝගී වාහනයක අවුරුදු දහයක් තිස්සේ කම්කරු නායක පියදාස යනු එනු දුටු අපේ  රටේ  වැඩකරන  ජනතාව  ලක්ෂ  ගණනින්  ඔහු ගැන මහත් සේ පැහැදී  සිටීම නිසා විය හැකි  යැයි නිකමට මට සිතේ.

 



































Comments

පියදාස ලා වැනි වුර්තිය සමිති කාරයින්ගේ සත්‍ය තත්ත්වය ලියලා තියෙනවා. අටම්පහුර කියන කම් ඔබේ බ්ලොග් එක දැක්කේ නෑ.. තව ලියන්න... ජයවේවා !!!
Ajith said…
පට්ට ඇත්ත.
පියදාස මට හම්බු උනේ 1996 දි. ඒ මොරටුවෙ දහම් මාවතේ පියදාසගෙ දුව එක්ක පොඩි සීන් එකක් තිබ්බ කාලෙ. ඒ කාලෙ පියදාස නිදහස් සේවක සංගමේ ලොකු නිළධාරියෙක් කියල මතකයි. පස්සෙ පියදාසගෙ ළමයි දෙන්න රට ඇරල ගියා පියේ සමාජවාදී දේශාපළනයයි දහම් මාවතේ පොඩි ගෙදරයි දෙකම අත ඇරල රටට වැඩ කරන්න ගියා.
DE said…
පියදාසට අවස්තාව ලැබුනේය...
සුදු කුකුලාට නොලැබුනේය....
සියලු කොමිනිස් කාරයෝ ඉඩක් ලැබූ තැන ගසා කන්නෝය!

ඊරිස්යාව බයානක ලෙඩකි!
Unknown said…
1991 දී පමණ එ. ජා. ප. යුගයේදී අපි වී.වී. සිසුන් ලෙස විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වූ රැස්වීමකට සහභාගී වුණා. මුලසුන එස්.බී.. රැස්වීමේ අරමුණ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කිරීම. එදාත් පියදාස ලොක්කා ඇවිත් සිටියා. මිනිහා එදත් පොර ටෝක් දීලා කම්කරුවෝ විසිදාහක් ගේනවා කිව්වා විතරයි ශ්‍රීනාත් (න.ස.ස.ප.) නෝන්ඩියට ඇහුවා 'ආ කම්කරුවෝ ගෙන්න පුලුවන්ද?' කියලා. පියදාසයට මල පැන්නා . මිනිහා පිස්සෙක් වගේ බෙරිහන් දුන්නා. එස්. බි. ට නතර කරන්නත් බැහැ . මේකා බෙරිහන් දෙනවා. වී.වී. සිසුන් එතකොට පොඩි සද්දයක් දැම්මා . මිනිහ නිශ්ශබ්ද වුණා.

පියදසයා එදත් පිස්සෙක්. අද ඊට වඩා පිස්සු මහල්ලෙක්.

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...