Skip to main content

ටයි කෝට් වෘත්තීය සමිති ලොක්කා

 

කිරුළපනට ලක්ෂ දෙකක් කම්කරුවන් ගෙනෙන බව පියදාස ඊයේ  කිව්වේය.පියදාසලා වැහි වැහැලා ඉන්න  ලංකාවේ ලක්ෂ දෙකක් අරන් එන  පියදාස කවුදැයි ඔබ  හතර අතේ  කල්පනා කරනවා  නිසැකය. මා  මේ  කියන්නේ අද  පත්තරේක  පළවූ පියදාස කෙනෙක් ගැනය. ඔබට  තාමත්  නිච්චි නැතිව ඇති. මේ  කියන පියදාස  ඊයේ  පුවත්පත් සාකච්චාවක් පවත්වමින්  කිරුලපොන මැයි රැලියට  ලක්ෂ දෙකක් කම්කරුවන් ඒමට නියමිත   බවත් එයින් ලක්ෂයක් ගෙනෙන්නේ තමන් නායකත්වය  දරන රාජ්‍ය සේවා වුර්තීය සමිති සම්මේලනයෙන් බවත් කියා තිබුණි.

එහෙත් මු   මොකාදැයි ඔබ නොදැනීම  පුදුමයක් නොවේ. මන්ද මොහුගේ  නම හෝ ඔහුගේ වුර්තීය සමිතිය  හෝ ඔහු මෙහෙයවූ    සටනක් ගැන ගතවූ අවුරුදු දුසිම තුලදී  ලංකාවේ  මිනිස්සුන්ට  නම්  අසන්නට  නොලැබුණු නිසාය. අඩු වශයෙන් පත්තරෙක  ඇතුළු  පිටුවක මුල්ලකවත් කරපු සටනක් ගැන නොව  කරන්නට  යෝජනා  කළ සටනක වාර්තාවක්  වත්  2005 න් පසු දක්නට  ලැබුනේ  නැත.

රාජපක්ෂ හමුවීමට පාර්ලිමේන්තුවට 

මේ  පුද්ගලයා ඉස්සර    ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ ටොප් පොරකි.එම පක්ෂයේ  මධ්‍යම  කාරක සභාවේද  එමෙන්ම  පක්ෂයේ  ලේකම් මණ්ඩලයේද   සාමාජිකයෙක් ලෙස සැලකිය යුතු කාලයක් සිටියේය. 2005  ට පෙර එක් දවසක ඔහු මාවත්      ඇදගෙන පාර්ලිමෙන්තුවට  ගියේ  මහින්ද  හමුවී කිසියම් ප්‍රසන වගයක් කතා  කිරීමටය. පැය දෙක තුනක් පාර්ලිමේන්තුවෙ  කාලය  නාස්ති කිරීමෙන්  පසු  මහින්ද රාජපක්ෂගේ ආරාධනයෙන්   පාර්ලිමේන්තු කැන්ටිමෙන් බඩ කට  පුරා කා පියදාසත් මමත් ආපසු ආවෙමු.

මහින්ද  රාජපක්ෂ ජනාධිපතිවූ පසු  පියදාස  මහතා සිය වුර්තීය සමිතිය ඉබි යතුරු දමා වසා දැමු අතර ඊට හිලව්වන්නට   ජාතික  රක්ෂණ භාරකාර  අරමුදලේ   ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුරක්  මහින්දගෙන් ඉල්ලා ගත්  අතර ඉන්පසු ඔහු කට ඇරියේ   කෑමට  සහ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කඩේ  යාමටය.

ටයි කෝට් වෘත්තීය  සමිති නායකයා.

ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරයක් ලැබූ විට  ඔහුටද අමුතු රාජ ඌෂ්නයක් බෝවිය. බස් රථයක නැගී වුර්තීය සමිති කාර්යාලයට හෝ කොමියුනිස්ට් පක්ෂ  කාර්යාලයට  ආ ගිය පියදාස සහෝදරයා බස් රථවලට  ටටා , බායි කිව්  අතර ඉන්පසු  ගමන් බිමන් ගියේ සැප පහසු  නිල රතයේය.  අසුන් ගත්තේ  වාහනයේ  ඉස්සරහ නොව පස්ස අසුනේය.  එයට හේතුව  නම් අතපය හොඳහැටි පළල් කර  සුව පහසුව වාඩිවී කම්කරු පන්තියේ  විමුක්තිය ගැන හොඳ ප්ලෑන් ගැසීමට එය  කදිම  ස්ථානයක් වීම  නිසාද විය   හැක.    සාමාන්‍ය   කලිසම් කමිස  ඇන්ද  ඔහු ඒවාට  ආයුබෝවන් කියා  ටයි කෝට් අඳින්නට  පටන් ගත්තේ ඔහුගේ  කාර්යාලයේත් නිල රථයේ තිබු අධික සීතල ,වයසක ඔහුට ඔරොත්තු නොදෙණු ඇතැයි  සිතු නිසා විය  හැක.

පක්ෂ තනතුරුවලින්  දොට්ට

කොමියුනිස්ට් පක්ෂය මහින්දට  කඩේ  යාම එහි සාමාජිකයන් ඉවසා සිටියත්  මහින්දගේ හැලි  වලන් හේදීම සාමාජිකයන් වැඩි දෙනා  අනුමත  නොකළ  නිසාදෝ  වසර  තුනකට පෙර පැවති කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනයේදී   පක්ෂය තුළ පියදාස දරු   තනතුරුවලින්ඔහු  එලවා දමනු  ලැබිණ. එහෙත් වුර්තීය සමිතියේ  නායකත්වයෙන් ඔහුව එලවා දැමීමට  නොහැකි උනේ එය සීමා සහිත සමාගමක් වීමත්   මැරෙන තුරු නායකයා  වී සිටි හැකි පරිදි එහි ව්‍යවස්ථාව   හදාගෙන  තිබීම නිසාත්ය. 

මහින්ද ගෙදර  යාමෙන් පසු තනතුරත් ,නිල රථයත් අහිමිවූ පියදාස ටයි  කෝට්  ගලවා දමා සිය වුර්තීය සමිතියේ  දොරවල ඇර  මකුණු දැල්  කාරිය  කඩා , නාම පුවරුවේද තීන්ත  ටිකක් අතුල්ලා  මාධ්‍ය  සාකච්චාවක් කාරිය පවත්වා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට දැන්  තමන් සුදානම් බව ප්‍රකාශයට  පත් කර සිටී.

කාල් මාර්ක්ස් වෙනුවට මහින්ද 

කාල් මාර්ක්ස් සහ ලෙනින් දැන් ඔහුට වැඩක් නැත.ලංකාවේ සමාජවාදී විප්ලවය  කරන්නට  යන්නේ  මහින්ද රාජපක්ෂ බව ඔහු දැන් තීරණය  කර  හමාරය. එබැවින් මෙවර ඔහු පෙළපාලි යන්නේ මහින්දගේ පින්තුරයකුත් උස්සගෙන   කිරුලපනටය. ඒ මැයි පෙළපාලියට ලක්ෂ දෙකක් කම්කරුවන් එන බව  කියන ඔහු එයින් ලක්ෂයක් ගෙනෙන්නේ තමන් බව  ඔහු මහත් උජාරුවෙන්   කියයි.

ඔහු සමග  මමත් කොමියුනිස්ට් පක්ෂයේ  පෙළපාලියේ අන්තිමට  ගියේ 2006 ය. එදා නම් ඔහුගේ  සමිතියේ බැනරය යටතේ ගමන් කළේ 100 කටත් අඩු සංඛ්‍යාවකි .මන් මේ  කල්පනා කරන්නේ මේ  පාර කිරුළපනට  ගේන  බව  කියන  කම්කරුවන් ලක්ෂය එදා ගෙන ආවේ  නැත්තේ  මන්ද  කියාය.  ටයි කෝට් ඇඳ  සුඛෝපභෝගී වාහනයක අවුරුදු දහයක් තිස්සේ කම්කරු නායක පියදාස යනු එනු දුටු අපේ  රටේ  වැඩකරන  ජනතාව  ලක්ෂ  ගණනින්  ඔහු ගැන මහත් සේ පැහැදී  සිටීම නිසා විය හැකි  යැයි නිකමට මට සිතේ.

 



































Comments

පියදාස ලා වැනි වුර්තිය සමිති කාරයින්ගේ සත්‍ය තත්ත්වය ලියලා තියෙනවා. අටම්පහුර කියන කම් ඔබේ බ්ලොග් එක දැක්කේ නෑ.. තව ලියන්න... ජයවේවා !!!
Ajith said…
පට්ට ඇත්ත.
පියදාස මට හම්බු උනේ 1996 දි. ඒ මොරටුවෙ දහම් මාවතේ පියදාසගෙ දුව එක්ක පොඩි සීන් එකක් තිබ්බ කාලෙ. ඒ කාලෙ පියදාස නිදහස් සේවක සංගමේ ලොකු නිළධාරියෙක් කියල මතකයි. පස්සෙ පියදාසගෙ ළමයි දෙන්න රට ඇරල ගියා පියේ සමාජවාදී දේශාපළනයයි දහම් මාවතේ පොඩි ගෙදරයි දෙකම අත ඇරල රටට වැඩ කරන්න ගියා.
DE said…
පියදාසට අවස්තාව ලැබුනේය...
සුදු කුකුලාට නොලැබුනේය....
සියලු කොමිනිස් කාරයෝ ඉඩක් ලැබූ තැන ගසා කන්නෝය!

ඊරිස්යාව බයානක ලෙඩකි!
Unknown said…
1991 දී පමණ එ. ජා. ප. යුගයේදී අපි වී.වී. සිසුන් ලෙස විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වූ රැස්වීමකට සහභාගී වුණා. මුලසුන එස්.බී.. රැස්වීමේ අරමුණ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කිරීම. එදාත් පියදාස ලොක්කා ඇවිත් සිටියා. මිනිහා එදත් පොර ටෝක් දීලා කම්කරුවෝ විසිදාහක් ගේනවා කිව්වා විතරයි ශ්‍රීනාත් (න.ස.ස.ප.) නෝන්ඩියට ඇහුවා 'ආ කම්කරුවෝ ගෙන්න පුලුවන්ද?' කියලා. පියදාසයට මල පැන්නා . මිනිහා පිස්සෙක් වගේ බෙරිහන් දුන්නා. එස්. බි. ට නතර කරන්නත් බැහැ . මේකා බෙරිහන් දෙනවා. වී.වී. සිසුන් එතකොට පොඩි සද්දයක් දැම්මා . මිනිහ නිශ්ශබ්ද වුණා.

පියදසයා එදත් පිස්සෙක්. අද ඊට වඩා පිස්සු මහල්ලෙක්.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට