Skip to main content

මෛත්‍රීගේ කරුණාව සහ රජතුමාගේ වෛරය. .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩී හමාරය. මේ සම්බන්ධයෙන්  යු. එන්. පී. කාරයන් නම් සිටින්නේ අමානන්දයෙන්ය. එහෙත් එය පෙන්නන්නේ  නැත්තේ මෛත්‍රීගේ  හිත  නරක් කරන්නට  බැරි  නිසාය. 



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  කැඩීමට ඒ  කාලයේ උවමනාව තිබුනේ  එක්සත්  ජාතික  පක්ෂයටය. බණ්ඩාරනායක මැතිනියගේ  ප්‍රජා අයිතීන් අහෝසි  කිරීමට  JR පියවර  ගත්තේද ඒ නිසාය. . රෝහණ විජේවීර  මහතාටද ඒ  උවමනාවම     තිබුණි. 'ගමනක අවසානය ' නමින් දේශනා  මාලාවක් 1977 හිරෙන් එලියට  පැමිණි  විජේවීර  මහතා රට පුරා තබාගෙන  ගියේද  ඒ  නිසාය. අනිත්  කාරණාව  නම් බණ්ඩාරනායක මහත්මියගේ  ආණ්ඩුව 71  කැරැල්ල  සමතලා  කිරීම  නිසා  ශ්‍රීලනිපය කෙරෙහි විජේවීර  තුළ තිබු දැඩි  කෝපයයි.  එමෙන්ම  ශ්‍රීලනිපය  කැඩුනොත් තමන්ට ලොකු පක්ෂයක් බවට  පත්වීම  පහසු වනු ඇතැයි ඔහු  සිතීමයි.

කෙසේ වෙතත්  ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයට  77 සිට 94 දක්වාම සිටින්නට වුයේ විපක්ෂයේය. ඒ  කාලය තුල පක්ෂය කලි කීපයකට කැඩී ගියත්  ජවිපෙට ලොකු  පක්ෂයක් බවට  පත්වන්නට  නොහැකි විය.චන්ද්‍රිකා බණ්ඩාරනායක  මහත්මිය  රාජපක්ෂගේ  බලාපොරොත්තු  කඩමින් පක්ෂය ගොඩ  ගන්නට වැඩ  කිරීම  මහින්දට ඇහේ  කටු ඇනෙන්නක් මෙන් විය  . තරුණ වයසේ  සිටි චන්ද්‍රිකා පස්ස  නොබලා  වැඩ  කිරීම  නිසා පළමුව  බස්නාහිර  මහා ඇමති වූ  අතර  දෙවනුව අගමැති  කම  ලබා  1994   ජනාධිපති වුවාය.


 සිංහල බවුද්ධ  මතවාදී පක්ෂයක් වූ  ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය එයින් ගලවා ගැනීමට චන්ද්‍රිකා  ජනාධිපති  සමයේ විවිධ  උත්සාහයන්  ගත්තද ඒවා  සාර්ථක වුයේ  මතුපිටින් පමණි. 2005 සිට මහින්ද  බලයට ආවිට චන්ද්‍රිකා   කළ  සියල්ල අනිත් පැත්තට  හරවන්නට  හැකි වුයේ  ඒ නිසාය.

මහින්ද ශ්‍රීලනිපය  ,සිංහල බවුද්ධයන්ගේ   පක්ෂයක් බවට පත් කළා  පමණක් නොව  ඔහුගේ  මිනිස්සුන්ට  සීමාවකින් තොරව , හොඳින් සහ  නරකින් මහජන මුදල් සහ දේපොළ ගසා කෑමට  ඉඩ දුන්නේය .  ඒකාබද්ධ විපක්ෂය යන  නාම  පුවරුව වැටේ  සිටින  පාර්ලිමේන්තු  මන්ත්‍රීවරු පමණක් නොව  නගර සභා ,ප්‍රාදේශීය සභා  සභාපතිවරුන් , මන්ත්‍රී වරුන්    මහින්ද පස්සේ වැටී සිටින්නේ  ඒ  නිසාය.

ජනවාරි 8 වනදා මෛත්‍රී  දිනු  විට හොල්මන්වී ගිය  මහින්දත්, පවුලේ  අයත් , ඔහුගේ  හෙන්චයි මන්ත්‍රීවරුත් හිර ගෙවල්වල තපින්නට වෙතැයි බියෙන් සලිත  වී සිටියත්  පුංචි පුංචි කෙනිත්තීම් හැර වෙනත් කිසිවක් නොවූ බැවින්  ඔවුන් යලිත් මහින්ද වටේ  ගාල්වූ  අතර දැන් මෛත්‍රීට  සරම උස්සා  පස්ස පෙන්වීමට තරම් එඩිතර වී සිටිති.

පක්ෂය දෙකට  කැඩෙනු ඇතැයි බයවී මෛත්‍රී ඔවුන්ට එරෙහිව  කිසිවක් නොකිරීමේ ප්‍රතිපලය දැන් විඳින්නට වී ඇත්තේ  මෛත්රීටමය. හයිඩ්  පාක් රැලියට ගියොත් විනය පියවර  ගන්නේ  යැයි  කිව්වත් ගත්ත  විනය  පියවරක් නොමැති වූ බැවින් මෛත්‍රීට  එරෙහිව     වහසි බස් දොඩමින්  මැයි දින රැස්වීමක්  කිරුලපන පැවැත්වීමට එඩිතර වී සිටිති. . මෙය  මෛත්‍රීට  එරෙහිව  ප්‍රසිද්ධියේ  දියත්  කර  ඇති කැරැල්ලක් මිස යුඑන්පියට එරෙහිව අතපය  ඉස්සීමක් නොවේ.

පල්හොරුන්ව මෛත්‍රී කිරීමෙන් දමනය  කළ නොහැකි බව ජනධිපතිවරයා  ඉක්මනින් වටහා   නොගත්තොත් ශ්‍රී ලංකා  නිදහස්  පක්ෂයේ  සම්පුර්න  පාලනය තවත් අවුරුද්දක්  හමාරක් යනවිට  මෛත්‍රී  අතින් ගිලිහී මහින්ද රාජපක්ෂ  අතට  යාමට  ඉඩ නොමැත්තේද  නොවේ.

 එසේ  වුවහොත් මෛත්‍රීට  සිදුවන්නේ  යුඑන්පියට  යන්නටය. චන්දය දුන්  පක්ෂයක් නැති අපි වගේ අයට සිදුවන්නේ වහ  කන්නටය. 





















 







Comments

මහින්ද අනික් පක්ෂ වලට කල දේ දැන් එයාලට වෙනවා... ඕවා බලලා ආතල් එකක් ගන්නවා ඇර කලබල වෙන්න ඕන නෑ...
එහෙමද? මහින්ද ආයිත් ආවොත් වස බොනවා කියල සමහරු කියනවා.
Unknown said…
මෙහෙමයි රණවීර මහතා. මහින්ද ආණ්ඩු කරන කාලේ අනික් පක්ෂ සියල්ල ම දෙකට කැඩුවා. දෙකට නෙමෙයි සමහර ඒවා කෑලි කෑලි වලට. ඒක තමා ඔහුගේ බලය පවත්වා ගැනීමේ පදනම වුණේ. දැන් රනිල් කරන්නෙත් ඒකයි. මෙතැනදී මෛත්‍රී කියන සාධකය මූලික කරගෙන මේ ආණ්ඩුව දිහා බැලීම අපි කරන වැරැද්දක්. ඇත්තට ම මෙතැනදී මූලික වෙන්නේ රනිල්...... ඒක නොබලන තාක් කල් අපි බලන්නේ වැරදි පැත්තකින්. රනිලුත් මේ වෙලාවේ ඒ වැරදි දැක්මෙන් ලැබෙන ආරක්ෂාවට කැමතියි. මොකද අවුරුදු 20 ක් විපක්ෂයේ ඉදලා බලයට ආපු කෑලි කෑලි වෙලා තිබුණ පක්ෂයකට තව සාමාන්‍ය කාලයක් මේ ආරක්ෂාව අවශ්‍යයි.......
Pra Jay said…
පුද්ගල වන්දනාව ඇරෙන්න සිරිලන්කා නිදහස් පස්සෙට වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද? බණ්ඩාරනායක ඝාතනය නිසා එක් පුද්ගලයෙක් වන්දනාව පක්සයේ ප්‍රතිපත්තිය වුනා වෙන්න ඇති. සමාජවාදෙට ලඟින් යන අධිරාජ්ය විරෝදී ප්‍රතිපත්ති කිව්වට රාජාණ්ඩුවකට ගැලපෙන මානසිකත්වයක් තියෙන්නෙ
Aruna Perera said…
//////මෙය මෛත්‍රීට එරෙහිව ප්‍රසිද්ධියේ දියත් කර ඇති කැරැල්ලක් මිස යුඑන්පියට එරෙහිව අතපය ඉස්සීමක් නොවේ./////////////
යුඇන්පියට ශ්‍රිලනිපයේ අභ්‍යන්තරයෙන් කරගන්න අපහසු වැඩේ මහින්ද ලව්වා කරවාගැනීම..දැණුවත්ව හෝ නැතුව.

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...