Skip to main content

හිතට වැදුණු චිත්තර පටියක්

මට පුතුන් දෙදෙනෙකු සිටින  අතර ඔවුන් දෙදෙනාටම මා ආසා  කරන   එක් විෂයක් තදින්ම  පිහිටා  තිබේ. එය  නම් දෙවන  ලෝක  යුද්ධය ගැන ගැන ඉගනීමට ඔවුන්ට  තිබෙන  දැඩි රුචියයි. එක් දිනක් ලොකු පුතා ගෙදරට ආවේ හිට්ලර්ගේ  අවසාන  දින 12 ගැන අකුරටම පෙන්නන  චිත්‍රපටයක් රැගෙනය.  පුළුල්   පර්යේෂණයකින් පසු ජර්මනියේ නිපදවන ලද මෙය චිත්‍රපටය , Downfall නමින්  ඉංග්‍රීසි  බසට  හරවා තිබේ. හිට්ලර්ගේ  අවසන් දවස්  පිළිබඳව ලොව   නිෂ්පාදනය  කරන   ලද හොඳම   චිත්‍රපටය මෙය  බව ලොව පුරා  ච්ත්‍රපට විචාරකයන් පිළිගෙන  තිබේ. හිට්ලර්ගේ  ජීවිතයේ අවසන් දින 12 සෑම අවස්ථාවකම ඉතා නිවැරදි ලෙස දැක්වෙන  පරිදි මෙය  නිපදවා තිබේ.


චිත්‍රපටය ඇරඹෙන්නේ  හිට්ලර්ගේ  උච්චතම සමය වූ 1943 අවුරුද්දේ  එක්තරා  දිනක  හිට්ලර් විසින්  ලේකම් වරියක් තොර ගැනීම සඳහා  පවත්වෙන සම්මුඛ පරීක්ෂයකින්ය. ට්‍රෝඩ්ල් ජන්ග් ( Traudl Junge ) නමැති රූමත් තරුණිය ඒ සඳහා තෝරා ගන්නා  ලබනු අතර  ඇය හිට්ලර් දිවි නසා ගන්නා   තෙක්ම ඔහුට සේවය  කරන්නීය. ඉන්පසු  චිත්‍රපටියේ දැක්වෙන්නේ  1945 වසරේ  හිට්ලර්ගේ  අවසාන  දින 12 තුලදී ඔහු  බර්ලිනයේ බංකරයක් තුළ සිට කරන කියන දේවල්ය .මේ වන විට   රුසියානු හමුදා සහ හිට්ලර් ගේ  බන්කරය අතර පරතරය   සැතපුම් 12 ක් පමණි.  ඔහුගේ  බංකරය  ආසන්නයටම   රුසියානු කාල  තුවක්කු ප්‍රහාර එල්ල වූ  විට හිට්ලර්ට  යකා  නගී. 

ඉතිරිවී සිටින සේනාධිපතියන් සමග ප්‍රතිප්‍රහාර එල්ල  කිරීමට හිට්ලර් සැලසුම් සකස්  කරමින්  යම් යම් හමුදා බල  ඇණි තැන්  තැන්  වලට  යවන ලෙස  නියෝග  කරන  නමුත් එවැනි බල ඇණි තව දුරටත් පන පිටින් නැති බව හමුදා නායකයන්  හිට්ලර්ට දැනුම් දෙති. තමන් පරාජය  වී ඇති බව  හිට්ලර්ට වැටහෙන්නේ  එවිටය. 


 අවසන් දින 12 තුලදී හිට්ලර් එක අවස්ථාවක පමණක් බංකරයෙන් පිටතට පැමිණේ.  මේ වන විට ජර්මන් හමුදාව නැත්තට  නැතිවී යමින් තිබුණු බැවින් බර්ලිනය ආරක්ෂා කිරීමට  ළමුන් ද  හමුදාවට  බදවා ගෙන තිබිණ. හිට්ලර් බංකරයෙන් එලියට එන්නේ ඒ  ළමා සොල්දාදුවන් විසින් කරන ලද වීරකම් අගය කිරීම  සඳහාය.




හිට්ලර්ට  පැනයන ලෙස බංකරයේ  සිටින හිට්ලර්ගේ හමුදා ලොක්කන් යෝජනා  කරන  නමුත් ඔහු එයට එකඟ  නොවේ.  තමන් දිවි නසා ගැනීමට තීරණය කර  ඇති බව  දැනුම් දෙන  ඔහු  , ඔහුගේ අවසන් කැමති පත්‍රය ලියාගන්නා   ලෙස හිට්ලර්  සිය ලේකම් වරිය වන ට්‍රොඩ්ල් ජන්ග් ට  කියයි. ඇය  හිට්ලර් සමග  මිය  යාමට සුදානම් බව කියන අතර  ඒ සඳහා සයිනයිඩ් කුප්පියක් ඇයට දෙන හිට්ලර් එය නොවරදින බෙහෙතක් බවත් මේ මොහොතේ තෑග්ගක් ලෙස එය දීමට සිදුවීම  ගැන  කනගාටුවන බවත්   කියයි. 

මේ  අතර ගොබෙල්ස්ගේ බිරිඳ වන මැග්ඩා සහ ඇගේ දරුවන් 6 දෙනා සිටින්නේද  බංකරය තුලය. හිට්ලර් නොමැතිව ජර්මනියේ තම දරුවන් නොසිටිය යුතුයැයි තීරණය  කරණ  ගොබල්ස් සහ බිරිඳ සිය   අහිංසක  දරුවන් 6 දෙනාට නින්ද  යන්නට බෙහෙත් දී ඔවුන්ගේ  මුව තුලට සයිනයිඩ්  දමා මරා  දමති.




 තමන් සමග බොහෝ කලක් දිවි ගෙව්  තම පෙම්වතියට, ඉතිහාස  කරුවන් විසින්  අගව්රව  කිරීම වැලැක්වීම  සඳහා   දිවිනසා ගැනීමට  පෙර  ඇය   විවාහ කර ගැනීමට  තීරණය  කරන අතර හිට්ලර්  මහා රාත්‍රියේ   බංකරය  තුලදී  ඉවා බ්‍රව්න් විවාහ  කර ගනී.




තමාගේ  මල සිරුර රුසියානු හමුදාවට අසු වීමට  ඉඩ නොතබන ලෙසත් එය  පුළුස්සා දමන ලෙසත් ඔහුගේ අතවැසි හමුදා නිලධාරියට උපදෙස් දෙන  හිට්ලර්  සිය බිරිඳ සමග බංකරයේ  ඇතුළු කාමරයට  ගොස්  දිවිනසා ගනී. ඔවුන් දෙදෙනාගේ  මල සිරුරු  හමුදා නිලධාරීන් විසින් බංකරයෙන් පිටතට ගෙන ගොස් පුළුස්සා දමන දර්ශනය පවා බියකරුය. ගිනි තබන අතර තුර පවා කාලතුවක්කු ප්‍රහාර එම ස්ථානයට එල්ලවේ. ඉන්පසු  හිට්ලර් ගෙන් පසු  නායකයා බවට පත්වූ ගොබෙල්ස් සිය බිරිඳට වෙඩි තබා තමන්ටද  වෙඩි තබා ගනී. 


බංකරයේ සිටි ඇතැම් හමුදා නිලධාරින්ද හිට්ලර් අනුගමනය  කරන අතර සමහරෙකු පැන යති. හිට්ලර් සමග මැරෙන බව කී ට්‍රොඩ්ල් ජන්ග්ද පන බේරා ගැනීමට  පැනයයි. චිත්රපටය අවසන් වන්නේ  ඇය කුඩා  ළමයෙකු සමග බයිසිකලයක නැගී  ගම්බද ප්‍රදේශයට පැන යන අයුරු දක්වමිනි.




ඇගේ  ඉරණම.

ඇය පැනගියද පසුව ඇය  අත්අඩංගුවට  ගැනීමට මිත්‍ර හමුදා සමත්වන  අතර ප්‍රශ්නකොට  සිරගත  කිරීමෙන් පසු නිදහස  ලබන ඇය  බටහිර ජර්මනියේ අප්‍රසිද්ධියේ  ජීවත්ව  මියයන්නේ 2002 වසරේය. මියයන විට  ඇගේ  වයස අවුරුදු  81 කි. මියයාමට පෙර හිට්ලර් පිලිබඳ තොරතුරු ප්‍රසිද්ධ  කිරීමට තීරණය  කරන ඇය සිය  මතක සටහන් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවාය. ඇයගේ මතක සටහන් මෙන්ම ඇය සමග  මාධ්‍යවේදීන්  පවත්වනු ලැබූ සාකච්චාද Downfall   චිත්‍ර පටය නිපදවීමේදී උපයෝගී  කරගෙන තිබේ.


                            ඉහත  දැක්වෙන්නේ 1945 දී ගනු ලැබූ  සැබෑ ට්‍රෝඩ්ල් ජන්ග් ගේ  චායරුපයකි

 මෙම චිත්රපටියේ  හිටලර් අමු යකෙකු ලෙසම දක්වා  නැත. ඔහු තුළද යහපත් ගති ගුණ  තිබුණු බව දැක්වෙන  පරිදි එය නිපදවා  තිබුනද ඔහු කෙරෙහි මහජන අනුකම්පාවක් ඇති නොවන්නට ද වග  බලාගෙන තිබේ.  මිත්‍ර  හමුදා බෝම්බ වලින් ජර්මන් ජනයා මියයමින් සිටින බැවින් මිත්‍ර  හමුදා සමග සටන් විරාමයකට යා යුතු බව හමුදා ප්‍රධානින් කියන විට  හිට්ලර් කියන්නේ  පරාජයට වග  කිව යුත්තේ  ජර්මන් ජනතාව  බැවින් ඔවුනට වන විනාශය නොසලකා හැරිය  යුතු බවයි.

 චිත්‍රපටයේ  පළමු රුප රාමුවේ සිට අවසාන  රුප  රාමුව දක්වාම ප්‍රේක්ෂකයාගේ සිත් තදින් බැඳගන්නා මෙම  සිත්තම ඔබට  අන්තර්ජාලයෙන්  බාගෙන  නැරඹිය  හැකිය.

 

Comments

jay-cz said…
ඇයගේ කථාව ගිණි මැද සක්මන නමින් සිංහලට පරිවර්තනය වී තිබේ.
https://thepiratebay.se/torrent/3663770/Downfall_-_Der_Untergang_[2004][DVDRip][Subtitle_English]
Unknown said…
හොද ඔත්තුවක්................... ස්තූතියි...
Ajith said…
මෙම චිත්‍රපටය බා ගන්නට අවශ්‍ය ටොරන්ට් එක මෙන්න මෙතනින් සොයා ගන්නට පුළුවන්

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට