Skip to main content

හිතට වැදුණු චිත්තර පටියක්

මට පුතුන් දෙදෙනෙකු සිටින  අතර ඔවුන් දෙදෙනාටම මා ආසා  කරන   එක් විෂයක් තදින්ම  පිහිටා  තිබේ. එය  නම් දෙවන  ලෝක  යුද්ධය ගැන ගැන ඉගනීමට ඔවුන්ට  තිබෙන  දැඩි රුචියයි. එක් දිනක් ලොකු පුතා ගෙදරට ආවේ හිට්ලර්ගේ  අවසාන  දින 12 ගැන අකුරටම පෙන්නන  චිත්‍රපටයක් රැගෙනය.  පුළුල්   පර්යේෂණයකින් පසු ජර්මනියේ නිපදවන ලද මෙය චිත්‍රපටය , Downfall නමින්  ඉංග්‍රීසි  බසට  හරවා තිබේ. හිට්ලර්ගේ  අවසන් දවස්  පිළිබඳව ලොව   නිෂ්පාදනය  කරන   ලද හොඳම   චිත්‍රපටය මෙය  බව ලොව පුරා  ච්ත්‍රපට විචාරකයන් පිළිගෙන  තිබේ. හිට්ලර්ගේ  ජීවිතයේ අවසන් දින 12 සෑම අවස්ථාවකම ඉතා නිවැරදි ලෙස දැක්වෙන  පරිදි මෙය  නිපදවා තිබේ.


චිත්‍රපටය ඇරඹෙන්නේ  හිට්ලර්ගේ  උච්චතම සමය වූ 1943 අවුරුද්දේ  එක්තරා  දිනක  හිට්ලර් විසින්  ලේකම් වරියක් තොර ගැනීම සඳහා  පවත්වෙන සම්මුඛ පරීක්ෂයකින්ය. ට්‍රෝඩ්ල් ජන්ග් ( Traudl Junge ) නමැති රූමත් තරුණිය ඒ සඳහා තෝරා ගන්නා  ලබනු අතර  ඇය හිට්ලර් දිවි නසා ගන්නා   තෙක්ම ඔහුට සේවය  කරන්නීය. ඉන්පසු  චිත්‍රපටියේ දැක්වෙන්නේ  1945 වසරේ  හිට්ලර්ගේ  අවසාන  දින 12 තුලදී ඔහු  බර්ලිනයේ බංකරයක් තුළ සිට කරන කියන දේවල්ය .මේ වන විට   රුසියානු හමුදා සහ හිට්ලර් ගේ  බන්කරය අතර පරතරය   සැතපුම් 12 ක් පමණි.  ඔහුගේ  බංකරය  ආසන්නයටම   රුසියානු කාල  තුවක්කු ප්‍රහාර එල්ල වූ  විට හිට්ලර්ට  යකා  නගී. 

ඉතිරිවී සිටින සේනාධිපතියන් සමග ප්‍රතිප්‍රහාර එල්ල  කිරීමට හිට්ලර් සැලසුම් සකස්  කරමින්  යම් යම් හමුදා බල  ඇණි තැන්  තැන්  වලට  යවන ලෙස  නියෝග  කරන  නමුත් එවැනි බල ඇණි තව දුරටත් පන පිටින් නැති බව හමුදා නායකයන්  හිට්ලර්ට දැනුම් දෙති. තමන් පරාජය  වී ඇති බව  හිට්ලර්ට වැටහෙන්නේ  එවිටය. 


 අවසන් දින 12 තුලදී හිට්ලර් එක අවස්ථාවක පමණක් බංකරයෙන් පිටතට පැමිණේ.  මේ වන විට ජර්මන් හමුදාව නැත්තට  නැතිවී යමින් තිබුණු බැවින් බර්ලිනය ආරක්ෂා කිරීමට  ළමුන් ද  හමුදාවට  බදවා ගෙන තිබිණ. හිට්ලර් බංකරයෙන් එලියට එන්නේ ඒ  ළමා සොල්දාදුවන් විසින් කරන ලද වීරකම් අගය කිරීම  සඳහාය.




හිට්ලර්ට  පැනයන ලෙස බංකරයේ  සිටින හිට්ලර්ගේ හමුදා ලොක්කන් යෝජනා  කරන  නමුත් ඔහු එයට එකඟ  නොවේ.  තමන් දිවි නසා ගැනීමට තීරණය කර  ඇති බව  දැනුම් දෙන  ඔහු  , ඔහුගේ අවසන් කැමති පත්‍රය ලියාගන්නා   ලෙස හිට්ලර්  සිය ලේකම් වරිය වන ට්‍රොඩ්ල් ජන්ග් ට  කියයි. ඇය  හිට්ලර් සමග  මිය  යාමට සුදානම් බව කියන අතර  ඒ සඳහා සයිනයිඩ් කුප්පියක් ඇයට දෙන හිට්ලර් එය නොවරදින බෙහෙතක් බවත් මේ මොහොතේ තෑග්ගක් ලෙස එය දීමට සිදුවීම  ගැන  කනගාටුවන බවත්   කියයි. 

මේ  අතර ගොබෙල්ස්ගේ බිරිඳ වන මැග්ඩා සහ ඇගේ දරුවන් 6 දෙනා සිටින්නේද  බංකරය තුලය. හිට්ලර් නොමැතිව ජර්මනියේ තම දරුවන් නොසිටිය යුතුයැයි තීරණය  කරණ  ගොබල්ස් සහ බිරිඳ සිය   අහිංසක  දරුවන් 6 දෙනාට නින්ද  යන්නට බෙහෙත් දී ඔවුන්ගේ  මුව තුලට සයිනයිඩ්  දමා මරා  දමති.




 තමන් සමග බොහෝ කලක් දිවි ගෙව්  තම පෙම්වතියට, ඉතිහාස  කරුවන් විසින්  අගව්රව  කිරීම වැලැක්වීම  සඳහා   දිවිනසා ගැනීමට  පෙර  ඇය   විවාහ කර ගැනීමට  තීරණය  කරන අතර හිට්ලර්  මහා රාත්‍රියේ   බංකරය  තුලදී  ඉවා බ්‍රව්න් විවාහ  කර ගනී.




තමාගේ  මල සිරුර රුසියානු හමුදාවට අසු වීමට  ඉඩ නොතබන ලෙසත් එය  පුළුස්සා දමන ලෙසත් ඔහුගේ අතවැසි හමුදා නිලධාරියට උපදෙස් දෙන  හිට්ලර්  සිය බිරිඳ සමග බංකරයේ  ඇතුළු කාමරයට  ගොස්  දිවිනසා ගනී. ඔවුන් දෙදෙනාගේ  මල සිරුරු  හමුදා නිලධාරීන් විසින් බංකරයෙන් පිටතට ගෙන ගොස් පුළුස්සා දමන දර්ශනය පවා බියකරුය. ගිනි තබන අතර තුර පවා කාලතුවක්කු ප්‍රහාර එම ස්ථානයට එල්ලවේ. ඉන්පසු  හිට්ලර් ගෙන් පසු  නායකයා බවට පත්වූ ගොබෙල්ස් සිය බිරිඳට වෙඩි තබා තමන්ටද  වෙඩි තබා ගනී. 


බංකරයේ සිටි ඇතැම් හමුදා නිලධාරින්ද හිට්ලර් අනුගමනය  කරන අතර සමහරෙකු පැන යති. හිට්ලර් සමග මැරෙන බව කී ට්‍රොඩ්ල් ජන්ග්ද පන බේරා ගැනීමට  පැනයයි. චිත්රපටය අවසන් වන්නේ  ඇය කුඩා  ළමයෙකු සමග බයිසිකලයක නැගී  ගම්බද ප්‍රදේශයට පැන යන අයුරු දක්වමිනි.




ඇගේ  ඉරණම.

ඇය පැනගියද පසුව ඇය  අත්අඩංගුවට  ගැනීමට මිත්‍ර හමුදා සමත්වන  අතර ප්‍රශ්නකොට  සිරගත  කිරීමෙන් පසු නිදහස  ලබන ඇය  බටහිර ජර්මනියේ අප්‍රසිද්ධියේ  ජීවත්ව  මියයන්නේ 2002 වසරේය. මියයන විට  ඇගේ  වයස අවුරුදු  81 කි. මියයාමට පෙර හිට්ලර් පිලිබඳ තොරතුරු ප්‍රසිද්ධ  කිරීමට තීරණය  කරන ඇය සිය  මතක සටහන් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවාය. ඇයගේ මතක සටහන් මෙන්ම ඇය සමග  මාධ්‍යවේදීන්  පවත්වනු ලැබූ සාකච්චාද Downfall   චිත්‍ර පටය නිපදවීමේදී උපයෝගී  කරගෙන තිබේ.


                            ඉහත  දැක්වෙන්නේ 1945 දී ගනු ලැබූ  සැබෑ ට්‍රෝඩ්ල් ජන්ග් ගේ  චායරුපයකි

 මෙම චිත්රපටියේ  හිටලර් අමු යකෙකු ලෙසම දක්වා  නැත. ඔහු තුළද යහපත් ගති ගුණ  තිබුණු බව දැක්වෙන  පරිදි එය නිපදවා  තිබුනද ඔහු කෙරෙහි මහජන අනුකම්පාවක් ඇති නොවන්නට ද වග  බලාගෙන තිබේ.  මිත්‍ර  හමුදා බෝම්බ වලින් ජර්මන් ජනයා මියයමින් සිටින බැවින් මිත්‍ර  හමුදා සමග සටන් විරාමයකට යා යුතු බව හමුදා ප්‍රධානින් කියන විට  හිට්ලර් කියන්නේ  පරාජයට වග  කිව යුත්තේ  ජර්මන් ජනතාව  බැවින් ඔවුනට වන විනාශය නොසලකා හැරිය  යුතු බවයි.

 චිත්‍රපටයේ  පළමු රුප රාමුවේ සිට අවසාන  රුප  රාමුව දක්වාම ප්‍රේක්ෂකයාගේ සිත් තදින් බැඳගන්නා මෙම  සිත්තම ඔබට  අන්තර්ජාලයෙන්  බාගෙන  නැරඹිය  හැකිය.

 

Comments

jay-cz said…
ඇයගේ කථාව ගිණි මැද සක්මන නමින් සිංහලට පරිවර්තනය වී තිබේ.
https://thepiratebay.se/torrent/3663770/Downfall_-_Der_Untergang_[2004][DVDRip][Subtitle_English]
Unknown said…
හොද ඔත්තුවක්................... ස්තූතියි...
Ajith said…
මෙම චිත්‍රපටය බා ගන්නට අවශ්‍ය ටොරන්ට් එක මෙන්න මෙතනින් සොයා ගන්නට පුළුවන්

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...