Skip to main content

වරෙව්! වරෙව්! මෙහෙට වරෙව් ! කිරුලපනේ යන්න වරෙව් !

  කිරුලපනේ  මැයි රැළියට  යාමට දැන් සිටම  අමුඩේ  ගසා ගෙන සිටින අපේ  ගමේ පොරක් මා  හමුවීමට ඊයේ  ( අප්‍රේල් 29 ) පැමිණ පෙළපාලියේදී කීම සඳහා  සුපිරි සටන් පාඨ ටිකක් හදා දෙන ලෙස  මගෙන් ඉල්ලීමක් කළේය. සන්තෝසමක් ලෙස ගමේ නිෂ්පාදිත අරක්කු බෝතලයක්ද ඔහු මට ප්‍රදානය  කළේය. පැය ගානක් තටමා  අගනා සටන් පාඨ ටිකක් හදා දුන් අතර එය  කියවා බලා මුව  නොසෑහෙන සේ   ස්තුති කළ ඔහු  ආපසු  ගියේ මහත් සන්තෝෂයෙනි.. ඔබත් කිරුලපන මැයි පෙළපාලියට  යාමට බලාපොරොත්තුවන්නේ  නම් පහත දැක්වෙන සටන් පාඨ දැන් සිටීම පාඩම්  කර ගන්නා ලෙස  රෙකමදාරු  කරමි.

අපි යන්නේ  කොයි පාරේ 

මුකලානේ  මැද      පාරේ

අප්පච්චි  යන          පාරේ 

අපි යන්නේ  කොයි පාරේ

 ඌරු වංස       යන පාරේ

අපි යන්නේ  කොයි පාරේ 

ගෙම්බන්පිල     යන පාරේ

අපි යන්නේ   කොයි පාරේ  

දිනෙස් මුත්ත    යන පාරේ

අපි යන්නේ කොයි  පාරේ  

පඛා  දේව        යන පාරේ 

අපි යන්නේ  කොයි පාරේ 

KPය්යා යන           පාරේ 


දියව්! දියව් ! අපිට  දියව්!
දාහතරේ කෙල්ලෝ දියව්!


දියව් !දියව්! අපිට දියව්!
කොන්ත්‍රාත්තු අපිට  දියව්!


දියව් !දියව් ! අපිට  දියව්!
ගසා  කන්න අපිට  දියව්!


දියව් !දියව්! අපිට දියව්!
ඩාලි රෝඩ් අපිට  දියව්!


දියව් !දියව් !අපිට දියව්!
අගමැති කම   අපිට දියව්!


දියව්  !දියව් !අපිට දියව්!
රජ ගෙදරත් අපිට දියව්!


අපි ආවොත් වැඩ දෙනවා

තම්බින්ටත් වැඩ දෙනවා

දෙමලුන්ටත් වැඩ දෙනවා

මෛත්‍රීටත් වැඩ දෙනවා

රනිලයටත් වැඩ දෙනවා

කොල්ලන්ටත් වැඩ දෙනවා

කෙල්ලන්ටත් වැඩ දෙනවා


වරෙව් !වරෙව්! මෙහෙට වරෙව්!  

කිරුලපනේ         යන්න වරෙව් !

වරෙව්! වරෙව් !මෙහෙට වරෙව්!

 ඕන තරම්       බොන්න වරෙව් !


කුඩු කාරයෝ    අපි ගාවයි 

බඩු කාරයෝ     අපි ගාවයි 

ඥානසාර          අපි  ගාවයි.

සුමනදාස           අපි ගාවයි 

මාල හොරුත්   අපි  ගාවයි 

ලෝක හොරුත්  අපි ගාවයි.


මහින්ද  අප්පොච්චාට                                                 ජයවේවා!                         

ඌරු වරිගේ  වීරවංසට                                               ජයවේවා!

ගෙබ්බන්පිල    බස්සාට                                              ජයවේවා.!

දිනේෂ් හම්පඩයාට                                                      ජයවේවා!

පඛා දේව  රැවුලාට                                                      ජයවේවා!

KPය්යාට                                                                   ජයවේවා!

මල බද්ධ විපක්ෂ කණ්ඩායමට                                    ජයවේවා!


( ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් තුමාගේ  ඉල්ලීම පරිදි ඒකාබද්ධ යන වචනය ඉවත් කොට මළබද්ධ යන වචනය යෙදු බව  පාඨකයෝ අවබෝධ  කර  ගනිත්වා )

*********************************************************************************

අනෙකුත් දේශපාලන පක්ෂවල පෙළපාලි  යන අයටද සටන් පාඨ උවමනා   කරන්නේ  නම් දැන්ම මා  අමතන්න. *****කඩිනම් සේවය***** අය කිරීම අරක්කු බෝතයක් පමණි. බාර් වසා ඇත්තේ  නම් ලෝකල් බඩු වුවද භාර  ගනු ලැබේ.

*********************************************************************************





























Comments

Silva said…
බැසිල් රාජපක්ෂව මීළඟ ජනාධිපති කරලීමට ඔබත් එන්න කිරුළපනට
Aruna Perera said…
සෙට් එකටම හරියන සටන් පාඨ ටික.
jagath said…
Ape hora apita hondai.

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...