Skip to main content

වරෙව්! වරෙව්! මෙහෙට වරෙව් ! කිරුලපනේ යන්න වරෙව් !

  කිරුලපනේ  මැයි රැළියට  යාමට දැන් සිටම  අමුඩේ  ගසා ගෙන සිටින අපේ  ගමේ පොරක් මා  හමුවීමට ඊයේ  ( අප්‍රේල් 29 ) පැමිණ පෙළපාලියේදී කීම සඳහා  සුපිරි සටන් පාඨ ටිකක් හදා දෙන ලෙස  මගෙන් ඉල්ලීමක් කළේය. සන්තෝසමක් ලෙස ගමේ නිෂ්පාදිත අරක්කු බෝතලයක්ද ඔහු මට ප්‍රදානය  කළේය. පැය ගානක් තටමා  අගනා සටන් පාඨ ටිකක් හදා දුන් අතර එය  කියවා බලා මුව  නොසෑහෙන සේ   ස්තුති කළ ඔහු  ආපසු  ගියේ මහත් සන්තෝෂයෙනි.. ඔබත් කිරුලපන මැයි පෙළපාලියට  යාමට බලාපොරොත්තුවන්නේ  නම් පහත දැක්වෙන සටන් පාඨ දැන් සිටීම පාඩම්  කර ගන්නා ලෙස  රෙකමදාරු  කරමි.

අපි යන්නේ  කොයි පාරේ 

මුකලානේ  මැද      පාරේ

අප්පච්චි  යන          පාරේ 

අපි යන්නේ  කොයි පාරේ

 ඌරු වංස       යන පාරේ

අපි යන්නේ  කොයි පාරේ 

ගෙම්බන්පිල     යන පාරේ

අපි යන්නේ   කොයි පාරේ  

දිනෙස් මුත්ත    යන පාරේ

අපි යන්නේ කොයි  පාරේ  

පඛා  දේව        යන පාරේ 

අපි යන්නේ  කොයි පාරේ 

KPය්යා යන           පාරේ 


දියව්! දියව් ! අපිට  දියව්!
දාහතරේ කෙල්ලෝ දියව්!


දියව් !දියව්! අපිට දියව්!
කොන්ත්‍රාත්තු අපිට  දියව්!


දියව් !දියව් ! අපිට  දියව්!
ගසා  කන්න අපිට  දියව්!


දියව් !දියව්! අපිට දියව්!
ඩාලි රෝඩ් අපිට  දියව්!


දියව් !දියව් !අපිට දියව්!
අගමැති කම   අපිට දියව්!


දියව්  !දියව් !අපිට දියව්!
රජ ගෙදරත් අපිට දියව්!


අපි ආවොත් වැඩ දෙනවා

තම්බින්ටත් වැඩ දෙනවා

දෙමලුන්ටත් වැඩ දෙනවා

මෛත්‍රීටත් වැඩ දෙනවා

රනිලයටත් වැඩ දෙනවා

කොල්ලන්ටත් වැඩ දෙනවා

කෙල්ලන්ටත් වැඩ දෙනවා


වරෙව් !වරෙව්! මෙහෙට වරෙව්!  

කිරුලපනේ         යන්න වරෙව් !

වරෙව්! වරෙව් !මෙහෙට වරෙව්!

 ඕන තරම්       බොන්න වරෙව් !


කුඩු කාරයෝ    අපි ගාවයි 

බඩු කාරයෝ     අපි ගාවයි 

ඥානසාර          අපි  ගාවයි.

සුමනදාස           අපි ගාවයි 

මාල හොරුත්   අපි  ගාවයි 

ලෝක හොරුත්  අපි ගාවයි.


මහින්ද  අප්පොච්චාට                                                 ජයවේවා!                         

ඌරු වරිගේ  වීරවංසට                                               ජයවේවා!

ගෙබ්බන්පිල    බස්සාට                                              ජයවේවා.!

දිනේෂ් හම්පඩයාට                                                      ජයවේවා!

පඛා දේව  රැවුලාට                                                      ජයවේවා!

KPය්යාට                                                                   ජයවේවා!

මල බද්ධ විපක්ෂ කණ්ඩායමට                                    ජයවේවා!


( ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් තුමාගේ  ඉල්ලීම පරිදි ඒකාබද්ධ යන වචනය ඉවත් කොට මළබද්ධ යන වචනය යෙදු බව  පාඨකයෝ අවබෝධ  කර  ගනිත්වා )

*********************************************************************************

අනෙකුත් දේශපාලන පක්ෂවල පෙළපාලි  යන අයටද සටන් පාඨ උවමනා   කරන්නේ  නම් දැන්ම මා  අමතන්න. *****කඩිනම් සේවය***** අය කිරීම අරක්කු බෝතයක් පමණි. බාර් වසා ඇත්තේ  නම් ලෝකල් බඩු වුවද භාර  ගනු ලැබේ.

*********************************************************************************





























Comments

Silva said…
බැසිල් රාජපක්ෂව මීළඟ ජනාධිපති කරලීමට ඔබත් එන්න කිරුළපනට
Aruna Perera said…
සෙට් එකටම හරියන සටන් පාඨ ටික.
jagath said…
Ape hora apita hondai.

Popular posts from this blog

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...