Skip to main content

පීරිස් සහ ජෝන් ඇනගැනීම




පීරිස් සීයාගේ බේගල් කතන්දර

රහස් පොලීසියට ගෙන්වා ප්‍රසන කිරීම සන්බන්ධයෙන් ජී එල් .පීරිස් මහතාට  යකා නැග තිබේ.රට  රටවල්වල නායකයන් සමග භෝජන සංග්‍රහ වලට සහභාගී වූ ඔහුව රහස් පොලීසියට කැඳවා ප්‍රසන කිරීම ඔහුට කරන ලද  මදි පුංචි කමක් ලෙස ඔහු හිතනවා විය හැක. 

ජී එල් .පීරිස් මහතා දැන් සීයා කෙනෙකි. ඇත්තෙන්ම ඔහු දේශපාලනයෙන් විශ්‍රා ම ගත  යුහුව තිබුනේ ගිය  චන්දයෙන් පසු පාර්ලිමේන්තු අසුනක් අහිමිවීමත් සමගය. එහෙත් මෛත්‍රී  ජනාධිපතිවරයා ඔහුට  ජාතික ලැයිස්තුවෙන් අසුනක් නොදී  පොල්කුඩු ගානට සැලකීම  නිසා ඔහු සිටින්නේ  කේන්තියෙන් පුපුරමින් විය යුතුය. 

චාවකච්චේරියේදී අසුවූ මරාගෙන  මැරෙන ඇඳුම් කට්ටලය ,උණ්ඩ  සහ අනෙක් පුපුරන ද්‍රව්‍ය වැල්ලවත්තට ගෙන ඒමට සැලසුමක් තිබුණු බවට  ඔහු මාධ්‍ය සමග කීම  නිසා එතරම් හොඳින් එම විස්තර දන්නේ  කෙසේදැයි රහස් පොලීසිය විසින් ඔහුගෙන් ඇසීම වැරද්දක් ලෙස  මට  නම් පෙනෙන්නේ  නැත. කළ යුතුව තිබුනේ කැඳවීමට පෙරම දන්නා දෙයක් තිබේ නම් පොලීසියට කීමය.

පීරිස් රහස් පොලීසියට කීවේ  කුමක්ද?

අද( අප්‍රේල් 4 ) Daily News හී පලවී ඇති වාර්තාවකට  අනුව ඔහු CIDට  කියා ඇත්තේ  වෙනත් කතාවකි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු කිසිවක් නොදන්නා  බවත්  චාවකච්චේරියෙදී අසුවූ දේ  ගැන තමනට  තොරතුරු ලැබ දුන්නේ   දිනේෂ් ගුනවර්දන  බවත්  මාධ්‍ය සාකච්චාවේදී  කරුණු දැක්වීමට  සිටියේ  දිනේෂ් බවත් අවසාන මොහොතේ එම වගකීම තමනට පැවරු බවත්ය. වීරවන්සද  එවැනිම  කරුණු  ප්‍රකාශ  කල බවත් ඔහු රහස් පොලීසියට  කියා  තිබේ.

පීරිස් මහතා  කියන්නේ  ඇත්තදැයි සොයා  ගැනීමට වීරවංස  සහ  දිනේෂ්ව CID කැඳවීමට දැන් තීරණයක් ගෙන තිබේ.

ඇත්තෙන්ම මෙය  හොඳ තත්වයකි.  පීරිස්  මහතා  කිසිදු පදනමක් නොමැතිව   කටට  ආ දෙයක් කියා  තිබෙන බව  මේ  ප්‍රසන කිරීම නිසා හෙළිවිය. 

ලංකාවේ  දේශපාලනඥයෝ  බොහොමයක් බොරු කියා  මහජනයා  නොමග  යවන අතර ඔවුන් කියන්නේ  ඇත්තදැයි  දැයි රජයේ  ආයතන හෝ මාධ්‍ය  විමසන්නේ  නැති බැවින් මෙතෙක් කලක් ඔවුහු  එය දිගටම නිදහසේ  කරගෙන  ආහ. මහජනයා නොමග  යවන දේශපාලුවන් ගෙන්   ආරක්ෂක අංශ මෙසේ ඉදිරියටත්  ප්‍රසන  කරන්නේ  නම් ඔවුන් ප්‍රකාශයක් කිරීමට පෙර දෙවරක් හිතනු ඇත.

ජෝන් ගෙදර යැවිය යුතුද?

 ජෝන් අමරතුංගට  යහපාලනයට  හැඩ ගැහීමට බැරි මැර ඇමති කෙනෙකු බව  ජනවාරි 8  න් පසු දෙවරක් ඔප්පු වී තිබේ. පළමු සිද්ධිය වුයේ  මෛත්‍රීපාල සිරිසේන මහතා  ජනාධිපති ලෙස තේරී පත්වූ අලුතය. පොලීසිය භාර ඇමති ලෙස පත්වූ  අමරතුංග මහතා වත්තල ප්‍රාදේශීය සභාවට  ගොස් එහි UNP මන්ත්‍රී වරු හමුවූ අතර  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මන්ත්‍රීවරුන් කරන අසාධාරනකම් ගැන ඔහුට  පැමිණිලි  කල අතර "කැමති දෙයක් කරන්න' යැයි කියා ජෝන් පිටවී ගිය   විගසම යුඑන්පී කාරයෝ ශ්‍රී ලංකා නිදහs පක්ෂයේ  ප්‍රාදේශීය සභා  සභාපතිට සහ තවත් මන්ත්‍රීවරුන් කීප දෙනෙකුට පහර දුන්නාහ.

එම පහරදීම සිදු වුයේ ජෝන්ගේ ධයිරයමත් කිරීම නිසා බවට සැකයක් නැත.

දුවන මලුව විනාශ කිරීම 

වත්තල කළු  ඇල  දුවන  මලුව මහා රැ හොරෙන් කඩ දැමීමට   ජෝන් අනුමැතිය දුන් බව ඔහු  කියා තිබේ. එය කැඩුවේ  පාරක් හැදීමට බව ඔහු කීවත් ඇත්ත  වෙන එකකි. එම ඉඩම අයිති සමාගම හදන  නිවාස  ව්‍යාපෘතියට දුවන මලුව  බාධාවක්  වීම නිසා එම  සමාගමේ  ඉල්ලීම අනුව එය  කර ඇති බවට  අපට සිතා  ගැනීමට  අපහසු නැත.

 මහින්දගේ   කාලයේ ලක්ෂ 80 ක් වැය කොට එම මලුව  සාදා තිබෙන්නේ  ඉඩම  අයිති සමාගමෙන් අවසර නොගෙන බවත්  එය  කඩා  බිඳ දම  තිබෙන්නේද ඔවුන්ගේ  අවසරයක්  නොමැති බවත් එබැවින් ජෝන්ට විරුද්ධව  අපරාධ චෝදනාවක්  එල්ල කල නොහැකි බවත් කියමින්  එම සමාගමේ නීතිඥයෝ ඊයේ  ජෝන් වෙනුවෙන් නිදහසට  කරුණු  අනියමින්   කිහ.

වෙනත් අයෙකු මේ අපරාධය කලේ  නම් මෙලහකට  රිමාන්ඩ් එකේය. එහෙත් ජෝන් නම් වෙනද මෙන්ම   සුවසේ පසුවේ.. විමල් වීරවංසට  ජෝන්ට නීතිය  ක්‍රියාත්මක වන්නේ  නැත්තේ මන්ද?

මේක යහපාලන ආණ්ඩුවක් නම් ජෝන්ව වහාම අත් අඩංගුවට  ගත යුතු  පමණක් නොව අලාභයද  අය  කර ගත  යුතුය. යහපාලන  ආණ්ඩුවක ඇමති කමක් දැරීමට ඔහු නොසුදුසු බව  ඔහු දැන් දෙවරක් ඔප්පු  කර තිබේ.

මොහුට විරුද්ධව  රනිල් පියවර  ගන්නේ  දැයි අපි බලා සිටිමු.



 











Comments

Lalith said…
ජි ඇල් පප්පා චන්දිරිකා සමග එකතුවී 3.50ට අපිට පාන්දුන්නා මතකද???
ලංකාවේ මහාචාර්යවරු අමු හරක් කියලා ඔප්පු කරන්න තවත් උදාහරණ අවශ්‍යද... මූ උපදෙස් ගන්නේ වීරවංශගෙන්.. නෙද්දකින් මූසලයා....

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...