Skip to main content

කොටි නැගිටියිද?


                   චාවකච්චේරියේදී මරාගෙන මැරෙන  ඇඳුම්  කට්ටලය සහ වෙනත් පුපුරන ද්‍රව්‍ය  අසුවීමෙන්  අලුත් වූ ඉව පාර දිගේ  ගොස්  ගිය පොලීසිය    කොටි සංවිධානයේ හිටපු ජෙෂ්ටයන් තිදෙනෙකු වූ රාම් (හිටපු අම්පාර  නායක ), නගුලන් ( චාල්ස් ඇන්තනි බලකායේ අණදෙන  නිලධාරී), තලේරාසන් ( ත්‍රීකුණාමලයේ  බුද්ධි තොරතුරු අංශයේ  නායකයා )  අත්අඩංගුවට  ගෙන තිබේ.. 

එයට අමතරව සිවකාරන් නමැත්තෙක්  අත්අඩංගුවට  ගෙන ඇත.. ඔහු වර්තමානයේ ඉලන්ගෙය් තමිල් අරසු  පක්ෂයේ (ITKA)  තරුණ  අංශයේ නායකයාය . ITKA යනු TNA සංවිධානයේ  හවුල්කාර  පක්ෂයකි.

එඩ්වඩ් ජුලියන් නමැති හිටපු LTTE සාමාජිකයෙකු මෙයට පෙර  අත්අඩංගුවට  ගැනු ලැබු අතර ඒ චාවකච්චේරි බෝම්බ පාර්සලයට  කිසියම් සම්බන්ධකමක් තිබීම නිසාය.

LTTE සංවිධානය යළි ගොඩ ගැනීමට මොවුන් උත්සාහ කරමින් සිටින්නේ  යැයි ඇතැමුන් විස්වාස  කරන  අතර එය ඇත්තක් හෝ  බොරුවක් හෝ  විය  හැකිය. 

 ඇතැම් විටෙක තවමත් හෙළි නොවූ සමහරෙකු  යළි LTTE සංවිධානය  කිරීමට උත්සාහ  කරමින් සිටිය  හැක. එසේත් නැත්තම් වෙනත් නමකින්  සංවිධානය වෙමින් සිටිය හැක. 

එයට හේතුව යුද්ධයෙන් ආණ්ඩුව දිනුවද දෙමල මිනිසුන්ට සුවිශේෂවූ  ප්‍රශ්න ඉතිරිවී තිබීම නිසාය. ඒ ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් ලැබෙන තුරු දෙමල මිනිසුන් අතර සිටින ඇතැමෙකු අවි ආයුධ අතට  ගෙන සටන් කිරීම  හැර වෙනත් මගක් නැතැයි සිතීමට  ඉඩ තිබේ. ඉගනීමට  මුල් තැන දුන් දෙමල තරුණ  තරුණියන් ආයුධ අතට ගත්තේ  ඊට බලපෑ  බරපතල  හේතු  තිබු  නිසා යැයි අපි  පිළිගත  යුතුය. පිලි නොගන්නේ  අමුම අමු මැට්ටන් පමණි 

1971 තරුණ ජීවිත දස දහස්  ගණනක් විනාශ  කොට  ජවිපෙ යටපත්  කළද රහසිගතව  ඔවුන් යලි සංවිධානය වූ අතර 1977  දී විජේවීර නිදහස ලැබූ පසු   රටපුරා රැස්වීම් පැවැත්වුයේ  රහසින් වැඩ කොට කිසියම් පදනමක් ගොඩ  නගා  ගෙන සිටි නිසාය.1983 දී  ජවිපෙ  යලි  තහනම් කළත් රහසිගතව  වැඩ  කොට 1988 යලි  කැරැල්ලක් ගැසුහ. එම කැරැල්ලෙන් දහස් දහස්  ගණනක් මරා  දැමුවද ජවිපෙ  මරා  දැමීමට  හැකි වුයේ  නැත. එයින් කියවෙන්නේ    කිසියම් පිරිසකට  අසාධාරණයක්  දිගින් දිගට  පවතින විට තුවක්කුවෙන්  යටපත්  කළ නොහැකි බව  මිසක් වෙන  කුමක්ද?

බුදු බණෙන්  කීවොත් හේතුව   නැති  නොකොට ඵලය නැති  කළ නොහැක. නැවත  නැවත මිනිසුන් උපදින්නේ මිනිසුන් තුළ තිබෙන කෙලෙස්  නිසාය. ඉපදීම  නැවැත්විය හැක්කේ කෙලෙස්  නැති කිරීමෙනි . හේතුව කෙලෙස්ය. ඉපදීම  ඵලයය. බුදුහාමුදුරුවෝ කීවේ  එසේය. 

එහෙත් කණගාටුවට  කරුණ  නම් බුදුන්ගේ  ශ්‍රාවකයෝ  යැයි හන ගසා  ගෙන සිටින අය හේතුව නැති කිරීම වෙනුවට  ඵලය නැති  කරන්නට  කියා කෑමොරසන් දීමය. 

විග්නේශ්වරන් ෆෙඩරල් ඉල්ලන්නේ නිකම් නොවේ. දෙමල ප්‍රශ්නයට හරි  විසඳුමක් නොලැබුනොත් දෙමල කොල්ලන් කෙල්ලන් යම් දිනක  යළි අවි අතට  ගැනීමට  ඉඩ  තිබෙන බවට ඔහු විස්වාස  කරන  නිසාය.. එසේ  වුවහොත්  උතුර  නැගෙනහිර  යළි ලේ විලක් වීමට ඉඩ තිබෙන බව විග්නේශ්වරන්ලා සම්බන්ධන්ලා දනීති.

එය විනාශ  කිරීමට සිංහල හමුදාවනට හැකි විය  හැකිය. නොහැකි විය  හැකිය.  27 අවුරුද්දක් යුද්ධ කොට අන්තිමට සිදුවූ පරාජයෙන්   දෙමල  තරුණයන්ද  පාඩම් ඉගෙන ගෙන  ආයිත් නොපරදින්නට කළ යුත්තේ  කුමක්දැයි සියවරක් නොව දහස් වරක්    කල්පනා  කරනු ඇත.

අද ලෝකය 2009  තිබු ලෝකය නොවේ. එදා ISIS තිබුනේ  නැත.   ඇමරිකාව , බ්‍රිතාන්‍යය, ප්‍රංසය, රුසියාව ආදී  බලගතු  රටවල් එක්ව  සහ වෙන්ව  පහර  දුන්නද තවමත් ISIS  අවසන්  කරන්නට හැකිවී නැත.  යුරෝපය, අරාබිය  සහ  ආසියාව එක් කොට  ඉස්ලාම්  රාජ්‍යයක් ගොඩ නැගීමේ ISIS ඉලක්කය, ලොව පුරා  මුස්ලිම් මිනිසුන්  ISIS වටා එකතු  කළහැකි  ආකර්ශනීය සටන් පාඨයකි.  අනාගතයේ දවසක ISIS අපේ  රටට ඒමට  ඉඩ  නැත්තේ  නොවේ. උතුරේ අනාගත  සටන් කරුවන් සහ නැගෙනහිර ISIS සටන් කරුවන් අතර  ගිවිසුම් ඇති විය  නොහැකි  යැයි කිව  හැකිද? එවැනි    එසේ  වුවහොත්  තත්ත්වය  වඩාත්  භයානක නොවේද?. දකුණේ  යළි පෙරට වඩා බෝම්බ පිපිරවීමට ඉඩ  නැද්ද?

එබැවින් ,   සිංහලයන් කල යුත්තේ   සම්බන්දන්ලාට  විග්නේශ්වරන්ලාට  හකීමලට විරුද්ධව යුධ  ප්‍රකාශ කිරීමද ? නැතහොත් ඔවුන් සමග එකතුව අලුත්  පාරක්  කපා ගැනීමද? 



















































Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...