Skip to main content

දේශපාලක තුමාගේ මැයි දින පණිවිඩය

 

විරුද්ධ පක්ෂයේ ගල්මුසල දේශපාලනඥයන්ට නම් මැයි දිනය තවත් දිනයක් පමණක් වුවාට  මට  නම් එසේ  නොවේ..  ඔබව ඔවුන්ට මතක් වන්නේ අද දිනයේ  පමණි. මා  නම් එවැනි දේශපාලකයෙකු නොවේ .මන්ද  වැඩ  කරන  ජනතාවගේ වටිනාකම   අඩුවශයෙන් අවුරුද්දකට දෙවරක් වත් මට  මතක් වෙන  නිසාය. මේ  රටේ වැඩ  කරන ජනතාවට   නම්  කිසි දිනක මා   අමතක  නොවන  බව  හොදින්ම  දනිමි. එයට  හේතුව  නම්  මමද කළකට පෙර මාසික වැටුප් ලබන සේවකයෙක්ව  සිටිමින් ඔබ සමග  අයිතිවාසිකම් දිනා   ගැනීම  සඳහා උරින් උර  ගැටෙමින් සටන් කළ  නිසාය.  මා  ඔබ සමග එඩිතරව  සටන් කිරීම  නිසා  මා   ඔබගේ   වෘත්තීය  සමිතියේ  නායකයා බවට  අවුරුදු 20 ට  පෙර පත්  කර  ගනු  ලැබීය. සමහර වෘත්තීය සමිති  නායකයන් මෙන් මා සටන් පාවා  නොදුන් බැවින් අපේ  පක්ෂයේ  සියලුම  වෘත්තීය  සමිති සහ සම්මේලනවල  නායකයා බවට  මා  තෝරා ගැනීමට අපගේ  පක්ෂයේ  නායකයා  නිර්දේශ  කළ බවත්   .  ඒ  අනුව   සියලු සාමාජිකයෝම එක  හඩින් එය  අනුමත   කර මා  තෝරා  පත්  කර ගත්  බවත් කෘතඥතා  පුර්වකව අද වැනි ශ්‍රේෂ්ට දිනයක  සිහිපත්  කිරීමට  කැමැත්තෙමි.

  රට  පාලනය  කළේ  අපේ  විරුද්ධ වාදීන්  බැවින් කම්කරු  පන්තියේ  අයිතිවාසිකම් වෙනුවෙන් මහා වැඩ වර්ජනයක් දියත්  කිරීම සඳහා කම්කරුවන් සුදානම්  කරන ලෙස අපේ  නායක  තුමා  මට උපදෙස්  දුන්නේය.  ඉල්ලීම් 21 ක් මුල්  කරගනිමින්  දැවැන්ත වැඩ වර්ජනයකට  සියල්ල  ලක ලෑස්ති  කරමින්  සිටින  අතර  එවක  බලයේ  සිටි  ජනාධිපති  තුමා මා වෙත චරපුරුශයෙකු අතේ  පණිවිඩයක් එවමින් තරු පහේ  හෝටලයකදී ඔහු  හමුවෙන  ලෙස ඉල්ලා  සිටියේය. ජනාධිපති වරයෙකුගේ   ඉල්ලීමක්   ප්‍රතික්ෂේප  නොකළ  හැකි  බව  ඔබ පිලිගන්නවා ඇත. එබැවින්  මා එතුමා   රහසිගතව හමු වූ  අතර  වැඩ වර්ජනය අත් හැර දමන  ලෙසත්  එයට  කෘත  ගුණ සැලකීමක්  ලෙස ජාතික  ලැයිස්තුවෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් මා  හට ලබා  දිය  හැකි  බවත් එතුමා මගේ  කරට  අත  දමාගෙන කියා සිටියේය.

මන්ත්‍රී  තනතුරකට කම්කරු  පන්තියේ  සටනක්  පවා දිය  නොහැකි  බව එතුමාට සැල  කළ  මා වහාම ආපසු  ආවෙමි. ඒ  මා   කෙලින් මිනිසෙකු  නිසාය. හිටපු  ජනාධිපති  තුමාත්  ලේසියෙන් අරින  මිනිහෙකු  නොවේ . ඔහු  යලිත්  පණිවිඩයක් එවමින් ඇමති  තනතුරක් උවමනා දැයි විමසීමක්  කළේය.  ....ඇමති  තනතුරක්...? ඇමති  තනතුරක්... ? මා සීරියස් ලෙස  ඒ  ගැන  කල්පනා  කළේ  මා ගැන  සිතා  නොව  කම්කරු  පන්තියේ යහපත   ගැන සිතාය. ඇමති   තනතුරක් ලැබුනොත්  වුර්තීය සමිති  නායකයෙකුට වඩා සේවයක් කළ හැකි  බව  මගේ භාර්යාව හෙවත්  ආර්යාව  කියා සිටින්නට වූ අතර  ඇගේ  බල කිරීම  නිසාම  අන්තිමේදී ජනාධිපති  තුමා  හමුවීම සඳහා ජනධිපති  මන්දිරයට  ගියෙමි.

  ජනාධිපති  මන්දිරයේ  රහසිගත  කාමරයකට මා   කැඳවූ  ජනධිපති තුමා  සාකච්චාවට  පෙර     "දෙකක් දාගම්මු "  යයි    යෝජනා  කළ  අතර මා ද එයට කැමැත්ත  ප්‍රකාශ  කළෙමි      ෂොට්  දෙක තුනක්   දාගත්  පසු   ජනාධිපති තුමා කෙලින්ම සාකච්චාට  බැස්සේය.  " මචං ජෙනරල් ස්ට්‍රයික් එක  නවත්තපන් . මන් ඇමති  කමක් දෙන්නම් "  ජනාධිපති තුමා  කීය. අපේ  පක්ෂයේ  ලොක්කා  නම් කිසි දිනක මට "මචං" යැයි අමතා  නැති  අතර ඔහු මා   ඇමතුවේ " තමුසේ" කියාය.  එබැවින්  ජනධිපති  තුමා  කෙරෙහි මා  තුළ  ඇති වුයේ  බලවත් පැහැදීමකි. මේ වන විට  බ්‍රැන්ඩි ෂොට් කීපයක්  මා ද දාගෙන  තිබුණු බැවින් මා  සිත  තුළද  වෙනදාට වඩා  එඩිතර  කමක් ඇතිවී තිබුණු  අතර " කම්කරු  ඇමති  කම දෙනව නම් වර්ජනය  නවත්තන්නම් " යැයි කීමි."Ok I'll give the job to you "යැයි අන්තිමේදී එතුමා මට කීය.

කම්කරු ඇමති  කම  ලැබීමෙන් පසු මෙයට පෙර  සිටි කිසිම  කම්කරු ඇමති වරයෙක් නොකළ  තරම් සේවයක් මා  වැඩ  කරන  ජනතාව  වෙනුවෙන් ඉටු  කළ  බව මේ  ලෝක  කම්කරු දිනයේ  ඔබ වෙත  සිහිපත් කරනු  කැමැත්තෙමි. මා කළ එක  සේවයක්  පමණක්  මේ  මොහොතේ  මතක්  කිරීමට  කැමතිය. එය  නම්  කම්කරු  ප්‍රඥප්තියක් පාර්ලිමේන්තුවට  ඉදිරිපත්  කර  සම්මත  කරවා   ගැනීමයි. එයින්   ඔබට සිදුවූ  යහපත මා විස්තර  නොකළාට ඔබ  හොදින්ම දනී.

ඉකුත්  ජනාධිපති වරණය  ආසන්නයේ  මා එම  ආණ්ඩුවෙන් අස්වී මේ  පැත්තට පැමිණ ජනාධිපති අපේක්ෂකයාට  පන දාගෙන  වැඩ  කළේ   කලින් ආණ්ඩුවේ ඇමති ධුරයෙන්   මා අපේක්ෂා කළ පරිදි කම්කරු  පන්තියට   යහපතක් කිරීමට  මට අවස්ථාවක්   නොදීමත් අලුත්  ආණ්ඩුවේ ඇමති ධුරයක් ලබා  දෙන  බවත්  කම්කරු පන්තියට අමතක නොවන සේවයක් කිරීමට ඉඩ සලසන  බවට  පොරොන්දුවක්  ලැබීම  නිසාය. මේ  ආණ්ඩුව පොරොන්දු ඉටු  කරන ආණ්ඩුවකි. බලවත් ඇමති ධුරයක් මට ප්‍රදානය  කළ අතර  මේ    රුපියල්  දස  දහසක වැටුප් වැඩිවීමක් රජයේ සේවකයනට  දීමට  මේ  ආණ්ඩුව  තීරණය  කළේ  කැබිනට් මණ්ඩලය තුලදී මා  ගෙන  ගිය බලවත්  සටන  නිසා බව  මෙම   මැයි දින  පණිවිඩයේ සඳහන්  කරන්නේ ආඩම්බරයෙනි. ඉදිරියටත් වැඩ  කරන  ජනතවගේ  යහපත් වෙනුවෙන්  දැවැන්ත වැඩ  කොටසක්  ඉටු  කිරීමට සුදානම් කර  ඇති බව අවසාන වශයෙන් සඳහන්  කරමි.

ඔබ සැමට ප්‍රීතිමත් මැයි දිනයක් වේවා .


මෙයට 

කම්කරු පන්තියට  කවදත් හිතැති 

දේශපාලක තුමා 

























Comments

ඔන්න ඕකයි උනේ කිව්වලු... කම්කරුවන්ට ජයවේවා !!!
Aruna Perera said…
අතීතයෙත්, වර්තමානයෙත්, අනාගතයෙත් කම්කරු සමිති නායකත්වයෙ යථා තත්වය....

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...