Skip to main content

එදා පෙම් කළ හැටි.







































































 අනුන්ගේ  ප්‍රේමයකට  මා   දුන් අමුතුම  ජාතියේ උදව්වක් ගැන  හාස්‍ය  ජනක සිද්ධියක් මෙහි ලිවීමට  පෙර  එදා පෙම් කළහැටි   සහ අද  කාලයේ ආදරය   ගැන  පුංචි විස්තරයක්  ලිවීමට  මට ඉඩ දෙන්න.  1960 ගණන්වල සහ එයට පෙර, අද තරුණ  තරුණියන්ට මෙන් පෙම් කිරීමේ පහසුකම් තිබුනේ  නැත . පාසැල, පෙම් කරන්නන්ට  පහසුවක් සැලසුවද එය  හෙලිවුවහොත්  ඇතිවෙන ගැටළු නිමක් නැත. ඇතැම් විටෙක  පාසල් ගමන එතැනින්ම  අවසන් වීමටද  ඉඩ තිබිණ. පාසලේ  ගුරුවරකුයෙකුට/ගුරුවරියකට  සිසුවෙකුගේ සෙනෙහෙ කොලයක් අසු වුවහොත්   විදුහල්පති විසින් අදාළ අය  කැඳවා  නඩුව  විභාග කරන තරමට එය බරපතල වැරද්දක් විය..පන්සලේ  පින්කම් දිනද  පෙම් සම්බන්දකම් ඇරඹීමට  මෙන්ම  පෙම්වතුන්ට   හමුවී වචන දෙක  තුනක් කතා  බහ  කිරීමට  යොදා ගත හැකි කදිම  අවස්ථාවක් විය.. එහෙත් එයද  මහත් දුෂ්කරතා  මධ්‍යයේය. එකල පෙම් සබඳකම් ,අවිවාහක  ලිංගික සම්බන්ධකම් දක්වා දිවෙතොත් ඉතා  කලාතුරකිනි. තරුණියකගේ  අතින් ඇල්ලීම  වුවද  කරන  ලද්දේ හොඳ හැටි පෙරුම් පිරීමෙන් පසුවය.එයද  ඉතා රහසිගතවය. තම පෙම්වතිය  හමුවීම  තරුණයෙකුට  ඉතා දුෂ්කර විය  එයට හේතුව නම් තරුණියන්ට තනියම නිවසින් බැහැරට  යාමට දෙමාපියන් කිසිසේත් ඉඩ  නොදුන් නිසාය. කිසියම් තරුණයෙකු හා තරුණියක අතර  පෙම් පලහිලව්වක් ඇති වුවහොත් එය  ලැව්  ගින්නක් සේ ගම පුරා ආරංචි වේ. එය එම තරුණියගේ  චරිතයට  කැළලක් සේ  සැලකුණු හෙයින් එවැනි සබඳතා  හැකි තරම් දුරට රහසක් ලෙස  තබා ගැනීමට උපරිම  උත්සාහය  දරනු ලැබිණ. 

අද පෙම් කිරීම කජු කන්නා  සේ පහසුය. ජංගම දුර  කථනය ඒ සඳහා හොඳම  පහසු කාරකයා වී තිබෙන නිසාය. එදා  හැංගි හැංගී කල පෙම් ජවනිකා  අද එලිපිටම කරන අතර එය සාමාන්‍ය දෙයක් බවට  පත්වී තිබේ.බොහෝ පෙම් සබන්ධතා  දැන් කුලියට ගත කාමර  තුලදී උච්චස්ථානයට  පත්වේ.

මා   6 ශ්‍රේණියේ  ඉගන  ගන්නා  කාලයේ එක්තරා  තරුණයෙකුට පෙම් කිරීම සඳහා අමුතුම  ආකාරයේ  උදව් දීම සම්බන්ධයෙන්  රසවත්  කතාවක් තිබේ. මා  මේ  ලියන්නට  යන්නේ  එයයි.

තරුණයා   ජීවත්වුයේ පාසැල අසලය. තරුණිය ගේ  නිවස  තිබුනේ මගේ  නිවසට  තරමක් කිට්ටුවය. තරුණිය  පාසල්  යන අතර  ඇය යාලු  කර ගැනීමට  තරුණයට  උවමනාවක් තිබුනත් එයට  මගක් තිබුනේ  නැත. අතරමගදී  හමුවී ඇය සමග  කතා  කළ නොහැක්කේ  එය ගම පුරා ඉතා වේගයෙන් පැතිරී ගොස්  බරපතල ප්‍රශ්න ඇති වීමට  ඉඩ  තිබෙන  නිසාය. මේ  සඳහා ඔහු උදව්  පැතුවේ මගේ  මිත්රයෙකුගෙනි.  මගේ  මිතුරා මට  ඉහල පන්තියක ඉගන ගත්  අතර  තරුණිය  ඔහුගේ  ඥාති  සහෝදරියකි.  මෙසේ  ඔහුට  උදව්  කිරීමට  ඉදිරිපත්වූ මිතුරා  වෙන  කෙනෙකු නොව මෙයට පෙර මා  ලිවූ  "රුපියල් දෙකෙන් පොළොන්නරු ගිය හැටි ." යන ලිපියේ  සඳහන්  මගේ  ම්තුරාමය.

තරුණයා ලියන  ලිපි තරුණියට  ගෙන ගොස්  දීමත් ඇය  ලියන ලිපි  ඔහු අතට පත් කිරීමත් ඔහුට  පැවරුණු  රාජකාරිය  විය. මේ  'පියුන් ජොබ් ' වෙනුවෙන් ගෙවීමක්ද  සිදු  කරනු ලැබිණ. එම  ගෙවීම මුදලින් නොව පාසලේ  සිට  නිවසටත් නිවසේ  සිට  පාසලටත් මගේ  මිත්‍රයා   ප්‍රවාහනය කිරීමය.. ප්‍රවාහනය  කරන්නේ  පාගන  බයිසිකලයෙනි.

තරුණියත් තරුණයා ත් අතර ලිපි හුවමාරුව  කලක් සාර්ථක ලෙස  කෙරීගෙන  ගිය නමුත් එය  හිටිහැටියේම  නැවතින. එයට හේතුව  වුයේ  තරුණිය  ලෙස පිළිතුරු  ලිපි ලියා  තිබුනේ  මගේ මිත්‍රයා විසින්ම  බව හෙළිදරව්  වීම  නිසාය.මහත් ශෝකයට   පත් තරුණයා ප්‍රේම සම්බන්දය  දිගටම  පවත්වා ගෙන  යාම සඳහා ඊ ලඟට උදව්  ඉල්ලුවේ මගෙන්ය.

එයට  මා කැමැත්ත  ප්‍රකාශ  කළේ  වෙන  කිසි හේතුවක් නිසා නොව  දිනපතා  පාසලටත්  පාසලේ  සිට  නිවසටත් ඔහුගේ  බයිසිකලෙයේ ආ ගිය  හැකි නිසාය. පාසලේ  සිට  ආපසු  ඔහුගේ  බයිසිකලයේ  එන  මට  ඔහු විසින් අර  තරුණියට  ලියන ලද  ලිපියක්  දෙන  අතර එය ඇය  අතට දී ඉක්මනින් පිළිතුරක් ඇගෙන්  ලබා ගෙන  ඔහු අතට  දෙන  ලෙස  මට  කියයි.

ඒ  කාලයේ  තරුණියකට අනුන්ගේ  'හොර  ලියුම් ' දෙනවා තබා  නාඳුනන තරුණියකගේ  මුහුණ  බැලීම  පවා මට ලජ්ජා උපදවන්නක් විය. එබැවින් මා  කලේද  මගේ  මිත්‍රයා කළ දෙයමය. ඒ වන විට  මා පෙම් නවකතා 20 ක් 30ක් කියවා තිබු  අතර  ඒවායේ  තිබු   ප්‍රේම  පාඨ  මතක තිබිණ. ඒ   ඇසුරෙන් තරුණිය  ලියන ලද ලිපි සේ  ඇඟවෙන ලිපි ලිවීම  මට   දුෂ්කර දෙයක් නොවීය. ඇත්ත වශයෙන්ම  අපගේ  ප්‍රේමවන්තයා තමන්ට    ආදරය  කරන බවට   ඇය  හන්කාවිසියක්වත් දැන සිටියේද  නැත. 

සතියකට  ලිපි දෙක  තුනක් ලියා තරුණයා   අතට පත් කිරීම  මා   ජයටම  කරගෙන  ගිය  අතර  ඒ ලිපි ලියන ලද්දේ  මා   විසින් බවට  ඔහු අබමල් රේණුවක  තරම්වත් සැක  කළේ  නැත. ලිපි කියවා ඔහු සතුටට පත්වන  අතර  බයිසිකල්  ප්‍රවාහන සේවයෙන් මා ද සතුටට  පත්ව  සිටියෙමි.දිනක් මා ඔහුගේ  බයිසිකලයේ  එක්කරගෙන එන  විට පරණ පියුන් හෙවත් මගේ  මිත්ර්යාද හමුවිය . " ආ දැන් අපිට  සලකන්නේ  නැ නේද? " යැයි ඇසු මුත් එයට  පිළිතුරු ලෙස ප්‍රේමවන්තයා වචනයක්වත්  කිව්වේ  නැත.

හෙනහුරා පාත් වුයේ හිටි හැටියේමය. තරුණිය  ලියන ලද   පිළිතුරු ලිපියක් ලෙස  මා   ලියන  ලද  ලිපියක් මගේ  මවට අසුවීම එයට හේතුවය. ඇය  මගෙන් මේ  පිළිබඳව  ප්‍රශ්න කල විට  සත්‍ය  කතාන්දරය  ඇයට කීවෙමි. මෙයින් මහත් හාස්‍ය  රසයක් විඳි ඇය සියලු විස්තර  තරුණියගේ  නිවසේ  අයටද  දැනුම් දුන්නාය. මගේ  මිත්රයාටද  එය ආරංචි වූ අතර ඔහු මට  කීවේ " ආ එහෙනම් මන් කරපු දේමයි එහෙනම් කළේ " කියාය.

සිද්ධිය ප්රෙමවන්තයාටද  ආරංචි විමට වැඩි දවසක්  ගත වුයේ  නැත . මගේ  පියුන් ජොබ් එක එතනින් අවසන් වූ අතර මා  මහත් ආශා කල බයිසිකල්  ප්‍රවාහන සේවයද ඒ  සමගම අවසන් විය. ජංගම දුර  කතන නොතිබුනේ  නම් මෙවැනි පියුන් ජොබ් අද  සිටින  අයටද  ලැබෙනවා සිකුරුය.














































Comments

Unknown said…
ඒ අත්දැකීම් නං සුපිරියි නේද??????

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට