භීෂණය ඇරඹෙන විට මා සිටියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය කරමිනි . මේ වන විට උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු 5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු දකුණේ සිටි ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් උතුරට යැවීම හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ නිෂ්පාදනයක් වූ බැවින් උතුරට ගිය දෙමල තරුණයෝ දහ දහස් ගණනින් කොටි සංවිධානයට හා අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් වලට එකතු වීම නිසා උතුරේ යුද්ධය වඩාත් දරුණු තත්වයට පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව ලංකාවේ දේශපාලනයට මැදිහත් වන්නට පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත්වන ලෙස ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල මිනිසුන් ඉල්ලා සිටින විට එය නොසලකා හැරීමට කිසිදු ඉන්දියානු ආණ්ඩුවකට පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත

Comments
මම ඔබේ ලිපි දිගටම කියවන්නෙක්මි.Aru
ජවිපෙ කිසියම් වැඩපිළිවෙලක් උතරේ ප්‍රශ්නයට ඉදිරිපත් කලත් එය සීනි බෝලයක් පමණයි. උතුරේ ජනයාට බලතල දෙනවාට ඔවුන් අදත් විරුද්ධයි.ජනවර්ග ප්‍රශ්නයට ඇති එකම පිළිතුර බලය බෙදා හැරීමයි.එය බොහෝ රටවල කර තිබෙන අතර ඒ මගින් එම රටවල් බෙදී යාම වැළකී තිබෙනවා.දුපත සිටින අපි සිතන්නේ බලය බෙදීම තුලින් රට කැඩෙනු ඇත කියයි.නමුත් සිදුවන්නේ රටක් කැඩී යාම නැවතීමයි. එවැනි විසඳුමකට ජවිපෙ කිසි දිනක එකඟ නැහැ.මෙය මාර්ක්ස්වාදය /ලෙනින්වාදය නෙවෙයි. ඉතින් එවැනි විසඳුමක් අපි සොයා ගත්තේ නැත්තම් මේ රටට මොන පත්තකින්වත් ගොඩ ඒමට බැහැ.
( ඔබ මගේ ලිපි අඛණ්ඩව කියවීම ගැන මගේ බලවත් ස්තුතිය ඔබට මේ සමග පිරිනමනවා. එය භාරගන්න.
ඔබ මෙතනදි සඳහන් කරන බලය බෙදීම යනු පලාත් සභාවලිනුත් ඔබ්බට ගිය බලයක් ලබාදීමද, එසේත් නැත්නම් පවතින පලාත් සභා මොඩලය තුලටම පොලිස් සහ ඉඩම් බලතල පවරාදීමක්ද? ඔබේ බ්ලොගය තුලින් සුහද සංවාදයක් ඇති කරගැනීමත්, නොදන්නා දෙයක් ඇත්නම් එය වටහා ගැනීමත් මගේ අරමුණයි. මෙතනදි ජවිපෙ ප්‍රතිපත්තියක් මතම පලාත් සභා ක්‍රමයට විරුද්දයි කියා ප්‍රකාශිත නිසා අපි ඒ කරුණැ මොහොතකට පසකින් තබමු.Aru
ඒක මගෙ ලෙඩක්.ගණංගත යුත්තක් නෙවී.. දුරකතනයෙන් කියවන්නෙ. ආයෙ ඇවිත් ඔක්කම කියවන්ට ඕන..
ආයෙ ආයෙත් ලියන වෙලාවන් වලට එන්නං.. ජයෙන් ජයම වේවා