Skip to main content

තමිලිනි නොකීව කතාව.




 විමුක්ති කොටි සංවිධානය 2009 වසරේදී  යුද්ධයෙන්  පරාජය වුයේ   එහි   නායිකාවක් වූ ( කර්නල් ) තමිලිනි  හෙවත්  සුබ්‍රමනියම් සිවගමි, විසින් ලියන ලද  ග්‍රන්ථය මගින් දක්වන  කරුණු නිසා පමණක්ද?

ඇගේ  ග්‍රන්ථය  තවමත් ඉංග්‍රීසියට  හෝ සිංහලට පරිවර්තනය  කර  නැති අතර  පුවත්පත් වල පලවූ කරුණු මා මගේ අදහස් දැක්වීම  පදනම් කර  ගත බව පළමුවෙන් සඳහන් කළ යුතුය. මේ සම්බන්ධයෙන් මේ දක්වා මාධ්‍ය වල පළවූ   විස්තර අනුව LTTE සංවිධානයේ  පරාජයට හේතු ලෙස තමිලිනි  දක්වන්නේ  පහත   කරුණුය. 

1  දීර්ඝ   කාලයක් යුද්ධය ඇදී යාම  නිසා  සාමාජිකයන් තුල ඇතිවූ  යුධ වෙහෙස හෙවත් එපා වීම 

2 නායකයන් වයසට  යාම.

3 ප්‍රභාකරන්  අවි අත් හැරීමට අකැමති වීම.

4 ආණ්ඩුවේ ඔත්තු සේවා LTTE සංවිධානය තුලට රිංගා තිබීම.

එහෙත්  යුධ පරාජයට  බලපෑ ඇතැම් ප්‍රබල කරුණු ඇය  සඳහන් කර  නොමැත. එයට  හේතුව එම  කරුණු  ගැන ඇය  නොදැන සිටීමද? නැතහොත් තවමත් ජීවත්වන පරණ සගයන්ගේ වයිරයට ලක්වීමට ඉඩ තිබෙන බැවින්  ඒවා සඳහන්  නොකර සිටියාද?

 ඇත්ත වශයෙන්ම කොටි සංවිධානයේ පරාජයට ප්‍රධානතම හේතුව  ඉන්දියානු අගමැති රජිව් ගාන්ධි මරා දැමීමය. එම හේතුව  නිසා ඉන්දිය  ආණ්ඩුවේ  පමණක්  නොව     සමස්ත  ඉන්දියානු  ජනතාවගේම වයිරයට  LTTE ය  භාජනය විය . LTTE යේ  පරාජය ඇරඹුණේ  රජිව් මරා දැමු දින සිටය. එතැන්  පටන්  ඉන්දියාවේ  බලයට  පත් සැම ආණ්ඩුවක්ම  කොටි සංවිධානය  පරාජය කිරීම  සඳහා කළ හැකි සියල්ල කළහ. ලංකාවේ  ආණ්ඩුවලට  ඒ සඳහා දිය  හැකි සියලුම  ආධාර රහසිගතව  දුන්හ. ඉන්දියානු සහය LTTE ට  තිබුනේ  නම් LTTE මුළුමනින්ම  විනාශ  කිරීමට  2009 දී ලංකාවේ  ආණ්ඩුවට හැකි වන්නේ   නැත.  

කොටි සංවිධානයේ  පරාජයට  බලපෑ තවත් ප්‍රධාන හේතුවක් වුයේ 2002 වසරේදී  රනිල් වික්‍රමසිංහ  ආණ්ඩුව සහ  කොටි සංවිධානය අතර ඇති කරගනු ලැබූ සටන් විරාමයයි.  සටන් විරාමයෙන් පසු පැවති   සාම සාකච්චා සඳහා  කරුණා  සහභාගී වූ අතර    නැගෙනහිර  පළාතේ  කොටි සංවිධානය විසුරුවා හැරීමට ඔහු තීරණය  කළේ සටන් විරාමය  නව මාවතකට එළඹීමට  ඔහු පෙළඹවීම  නිසාය.   . කරුණා LTTE සංවිධානයෙන් ඉවත් වීම කොටි සංවිධානය බරපතල ලෙස දුර්වල  කළේය.




LTTE පරාජයට බලපෑ තවත් ප්‍රධාන හේතුවක් වුයේ එය  ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කොට  යුරෝපයේ  සහ ඇමරිකාවේද තවත් රටවලද  තහනම් කිරීම සහ  කොන් කිරීමය. ඉස්රායල් යුධ  ආධාර  මෙන්ම යුරෝපය සහ ඇමරිකාව ලංකාවට  දුන් තාක්ෂණික ආධාරද LTTEයේ  පරාජයට  බලපෑවේය.

 පරාජයට  බලපැ  ප්‍රධානතම  හේතුවක් නම්  දෙමල ජනයාගේ  සහය එයට ක්‍රමානුකුලව අහිමි වී යාමය. දෙමල  නායකයන් මරා  දැමීම ,  වෙනත් අවි ගත්  දෙමල  සංවිධාන  සාමාජිකයන් ඉවක් බවක් නැතිව ඝාතනය  කිරීම , දීර්ඝ කාලීන  යුද්ධය  නිසා දෙමල ජනයා අසීමිත  ලෙස  වද  වේදනා විඳීම , LTTE ප්‍රදේශවල පවත්වාගෙන යනු ලැබූ ෆැසිස්ට් පාලනයෙන්   ජනයා  පීඩාවට  පත්වීම  ආදී හේතු කොටගෙන  දෙමල  ජනයාගේ  සහය LTTE විසින් අහිමි  කර  ගනු ලැබීය.

   චන්ද්‍රිකා බණ්ඩාරනායක   ජනධිපති වශයෙන්  කටයුතු  කල සමයේ  යාපනය  අර්ධද්වීපයෙන් LTTE සංවිධානය  පන්නා  දැමීමද  LTTE  සංවිධානයේ  අවසන් පරාජයට බලපෑ තවත් ප්‍රබල හේතුවකි.

LTTE සංවිධානය  පරාජය වීමට බලපැ තවත්  හේතුවක් වුයේ ප්‍රභාකරන් යුධ භුමියේ අති  දක්ෂයෙකු වවද  දේශපාලන උපක්‍රම පිලිබඳ  ඔහුහේ දැනුම බිංදුව වීමය.

LTTE විසින් බෝම්බයක් පුපුරවා  යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා විනාශ කිරීමට  කල උත්සාහයද  ප්‍රභාකරන්ගේ පරාජයට  බලපෑවේය.මරාගෙන  මැරෙන  බෝමබ්යෙන් බරපතල තුවාල ලැබූ ඔහු රෝහලෙන් පිටව  ගියේ " LTTE කෙසේ හෝ පරාජය   කරමි."  යන දැඩි අධිෂ්ටානයෙන් බව  කියනු ලැබේ.

මහින්ද  රාජපක්ෂ  මහතාට 2009 දී යුද්ධය  ජය ගැනීමට  හැකිවුයේ එවැනි වාසි සහගත  කාරණාවල් රැසක් තිබීම නිසාය. ඔහු විසින් ත්‍රිවිධ  හමුදා විසින් ඉල්ලා සිටි සියලු ආධාර  නොපැකිලව ලබා  දීමත් , අතරමගදී යුද්ධය නවත්වන ලෙස කරන  ලද  බලපෑම් වලට   යටත් නොවීම නිසාත්  අවසාන වශයෙන් යුද්ධය  ජය ගැනීමට  ඔහුට  හැකි විය.

තමිලිනී එම  කරුණු ඇගේ  ග්‍රන්ථයේ   සඳහන්  නොකරන  ලද්දේ ඇයට එම  කරුණු ගැන අවබෝධයක් නොතිබුණ  නිසා විය  හැකිය  යන්න  මගේ විශ්වාසයයි. උතුරට  කොටුවී  සිටි ඇයට LTTEන් පිටත  ලෝකයේ  සිදුවූ දේවල්  සම්බන්ධයෙන් විමර්ශනාත්මකව කරුණු හැදෑරීමට ඉඩකඩක්   නොලැබීම   එයට  හේතුව විය හැක.



















Comments

Lalith said…
තමිලිනී ලියල තියෙන්නේ එයාගේ අත්දැකීම් විතරයි කියල මම හිතන්නේ..
ammage hu.........thamayi.... nodanna dewal porawala wage liyanna epa manussayoooo. ohela ithihasayath wenas karanwa nodanna dewal katha kranna gihin.

koti alimankada allagena yapanayata enakota Indiawa ahaka bala gatta. Pakistanaya thama e welwe support kare. Anurudda ratwatee sanga wuna weerayek. Eya thama yapanaya watenna node allagena inna kiyala order dunne chandrika hamudwa Colombo walta genna hadana kota.

ow satana weeramaya thibba nam yuddayak wenne na thama. mokda koti apita kelin nisa. Kruna kadagena awith Hokandara hangila innakota kauda kotinta oththu deela karunge set eke 12k maruwe... ane palayan mahattayoo nodnna hu katha nokara

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට