Skip to main content

විජේවීරගෙන් දික්කසාද වීම

අසුවේ ජුලි වැඩ වර්ජනය

1980  ජුලි මහා වැඩ වර්ජනය වන  විට  ලංකා ගුරු සංගමය සහ ජවිපෙ  අතර තිබුනේ  ලොකු සන්බන්ධයකි. ජවිපෙ  නායකයෝ නිරන්තරයෙන් ගුරු සංගම් කාර්යාලයට  ආ ගියහ. සෝමවංස අමරසිංහ බොහෝ දිනවල උදේ 8, 9 වන විට සංගම් කාර්යාලය අසලට ආවේ  පක්ෂයේ වැඩවලට නොව අපේ කෙනෙකු අල්ලා ගෙන  ඉදිරිපස හෝටලයෙන් උදේ ආහාරය ගැනීමටය. එකල ඔහුට සල්ලි තිබුනේ නැත.

JR ගේ ආණ්ඩුව හිතුවක්කාර  ලෙස රට පාලනය  කරමින් සිටි අතර ජීවන වියදමද උග්‍ර වෙමින් පවතින. ආණ්ඩුවට විරුද්ධව  රට පුරා උද්ඝෝෂණ කෙරුණු අතර රත්මලානේ  දුම්රිය කාර්මිකයන් වැඩ වර්ජනයක් කිරීම නිසා එහි නායකයන්  ගණනාවක් සේවයෙන් නෙරප හැරුණි. ඔවුන් නැවත සේවයේ පිහිටවන  ලෙසද මසක වැටුප රු 300කින් වැඩි කරන ලෙසද ඉල්ලමින් වැඩ වර්ජනයක් දියත් කිරීමට වුර්තීය සමිති තීරණය  කළහ.මෙකල  වුර්තීය ය සමිති වල බලය තිබුනේ  සමසමාජ පක්ෂයටත් , කොමියුනිස්ට් පක්ෂයටත් සහ එක්සත් ජාතික පක්ෂයටත්ය . ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයටත් යම් ප්‍රමාණයක බලයක් තිබුණි.ජවිපෙට වුර්තීය සමිති තිබුනේ  නැත්තේ  තිබෙන වුර්තීය සමිති  කඩා නව   වුර්තීය සමිති පිහිටවීම  කම්කරු පන්තිය  තව දුරටත් දුර්වල  කිරීමක් ලෙස  ඔවුන් තීරණය  කර තිබුණු නිසාය. 

දිය රෙද්දෙන් බෙල්ල කැපීම 

   ජුලි 17 සිට ඇතැම් අංශ වර්ජනයට එක්ව තිබුණු අතර ලංකා ගුරු සංගමය    ජුලි 21 සිට  වැඩ වර්ජනයට එකතුවීමට තීරණයක්  ගත්තේය.  ජුලි 21 උදැසන   සිට  සංගමය  දිස්ත්‍රික් නායකයන් සමග දුර කතන මගින් සම්බන්ධ වෙමින් වර්ජයට කොපමණ ගුරුවරුන් ප්‍රමාණයක් එක්ව තිබේදැයි සොයා  බැලු අතර  මාතලේ  දිස්ත්‍රික් ලේකම් වරයාගෙන් විමසු විට ඔහු කීවේ වැඩවර්ජනයට එක් නොවුණු බවයි. ජවිපෙ හිතවතෙකු වූ ඔහුට  වැඩවර්ජනයට ගුරුවරුන් එකතු නොකරන ලෙස ජවිපෙ  නායකයන් උපදෙස් දුන් බව එයට හේතු ලෙස ඔහු දැක්වීය. දිවයිනේ වෙනත් දිස්තික්ක කීපයකින්ද වාර්තාවූයේ ජවිපෙ  උපදෙස් මත වැඩ වර්ජනයට ගුරුවරුන් සම්බන්ධ  නොකළ බවය.

මෙය කිසිසේත් අපේක්ෂා  කල දෙයක් නොවීය.. කම්කරු පන්තියට විමුක්තිය උද  කිරීමට  පෙනී සිටි ජවිපෙ  කම්කරු අරගල කඩ කප්පල්  කරන  තත්වයට  පත් වෙතයි කවුරුත් සිතුවේ  නැත. ජවිපෙ  නායකයන් සමග මෙය කතා  කොට  නිරවුල් කර ගැනීම සඳහා  සංගමයේ  සභාපති  H.N.ප්‍රනාන්දු ( විජේවීරගේ මස්සිනා ) උපරිම  උත්සහයක් දැරුවද  ජවිපෙ තම මතය වෙනස්  කලේ  නැත. රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ  නායකයන් ඔහුට  කියා තිබුනේ  මෙම වර්ජනය සාර්ථක වුවහොත් එහි ගවුරවය  වමේ  නායකයනට  හිමිවන බවත් එවිට වමේ  වුර්තීය සමිති තව දුරටත් ශක්තිමත් වන බවත්ය . වර්ජනය පරාජය වූ විට එම වුර්තීය සමිතිවල  බලය ජවිපෙට  පහසුවෙන් අල්ලා   ගත හැකි බව කී ජවිපෙ  එබැවින්  මෙම වර්ජනයට සහය දිය  නොහැකි බව කියා තිබුණි. ( එහෙත් ජවිපෙ  මේ වන විට  මාධ්‍යවලට  නිවේදන නිකුත් කර  තිබුනේ වර්ජනයට තම  සහය දෙන බව  කියමිනි.) වමේ  නායකයන්ට  ගවුරවය  හිමි වේ  නම් ජවිපෙ  වර්ජනයේ නායකත්වය  ගෙන  ඉදිරියට ගෙන යන ලෙස  H.N. ඉල්ලා  සිටි  නමුත් ඔවුන් එය  ප්‍රත්ක්ෂේප  කළහ.

වැඩ වර්ජනය කර සිටි ගුරුවරුන්ටද   හැකි නම් ආපසු සේවයට  යන ලෙස ජවිපෙ ප්රාදේශීය  ක්‍රියාකාරීන් ගුරුවරුන් හමුවී උපදෙස් දෙන බවට වාර්තාද සංගමයට ලැබෙන්නට විය.

වැඩ වර්ජකයන් සේවයෙන් දොට්ට දැමීමට ආණ්ඩුව මේ වන විට තීරණය  කර තිබුණු අතර සංගමය පත්වුයේ මහත් අසීරු තාවයකටය.  ( ජවිපෙ මතය දෑරු අනෙකුත් ශේෂ්ත්රවල සේවකයනටද ජවිපෙ  උපදෙස් දී තිබුනේ වර්ජනයට එක් නොවන ලෙසය.) ජවිපෙ කුමන්ත්‍රණය  නිසා වැඩ වර්ජනය දුර්වල වෙමින් තිබු අතර වර්ජනයට සම්බන්ධවුවන්ගේ  රැකියා අහිමි වී තිබිණ. වර්ජනය දුර්වල වීම  යනු වර්ජකයනට වසර  ගණනවක් හෝ සදාකාලිකව රැකියා  අහිමි වීමය. මේ අතර සංගම වල  බැංකු ගිණුමද ආණ්ඩුව  අත්හිටුවනු ලැබීය  . මර්දනය හැම අතින්ම පැතිරෙමින් තිබිණ. හිස්වූ රැකියා සඳහා UNP පාක්ෂිකයන් බදවා ගැනීමට ආණ්ඩුව  ක්‍රියා  කරමින් සිටියේය..

ජනතා විමුක්ති පෙරමුනේ මේ ද්‍රෝහිවීම සංගමය කිසි දිනක බලාපොරොත්තු වුයේ  නැත.  වර්ජනය දුර්වල කිරීමට ජවිපෙ  කටයුතු  කල ආකාරය ප්‍රසිද්ධ කිරීමට සංගමය තීරණය  කල අතර විජේවීර  තම නැගණිය හා  විවාහ වී තිබීම සහ ජවිපෙ පාක්ෂිකත්වය බාධාවක් නොකර ගත් H.N සංගමයේ  තීරණයට මුළුමනින්ම එකඟ විය.

සංගමය  ජවිපෙන් වෙන්වීම වලක්වා ගැනීම  සඳහා ජවිපෙ  විශේෂ උත්සාහයක් ගත් නමුත් එය අසාර්ථක විය.

 දෙපාර්ශවය අතර හුවමාරුවූ   ලිපිද සහිතව  සම්පුර්න විස්තර සහිත පොතක් ( 'තවත් එක් නඩුවක් නොවේ ' ) පානදුරේ ජනසංසදය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ. එය ලියා  ඇත්තේ එවක  සංගමයේ ප්‍රධාන ලේකම් වූ චිත්‍රාල් පෙරේරා සහෝදරයාය.

ජවිපෙ අසුචි ප්‍රහාර

ජවිපෙ  ක්‍රියා  කලාපය ප්‍රසිද්ධ  කිරීම  නිසා ජවිපෙ  සංගමය සමග වයිර බැඳ ඇත්තේය. හයිඩ්  පිටියේ  රැස්වීමක් පැවැත්වූ විජේවීර  සංගමයේ  නායකයන් කොස් ඇට මීයන් මෙන් මරා  දැමීමට පුළුවන් බව  කීවේය. හම්බන්තොට ගුරු රැස්වීමකට  යමින් සිටි H. N.ට අසුචි පාර්සලයක් ජවිපෙ ක්‍රියාකාරිකයෙකු ලවා එල්ල  කල නමුත්  එය වැරදී ගිය අතර ඉන්පසු දිනක රාත්‍රියේ  නිවසට  යමින් සිටින විට  පානදුරේදී ඔහුට අසුචි පාර්සලයකින් පහර දීම  නිසා ඔහු ඉන් නෑවී ගියේය.

විජේවීරහේ  හයිඩ් පිටි රැස්වීම පැවති දින  සවස තුනට පමණ මා මහ රෝහලට  පැ ගමණින්යන අතර තුර හයිඩ් පිටිය ආසන්නයේදී හමුවූ නිමල් නමැති ජවිපෙ අප්‍රසිද්ධ නායකයෙකු  මට පහර දීමට තැත් කළ අතර 'තමුසෙගෙ ඇඟේ දුවන්නේ මගෙන් කාපු කෑම වලින් හැදිච්චා ලේ .පුළුවන් නම් ගහනවා"යැයි අභියෝග  කලෙමි.  ජවිපෙට හිතවත් ගුරුවරු කීප දෙනෙකුද  අසල සිටියහ. මා  සිතුවේ  මට  හොඳටම පහර දෙනු ඇත  කියාය.එහෙත් ඔහු මට පහර නොදුන්නේ  කන්නට දීමේ  ගුණය සලකා නොව  ඔහු පහර දුන්නොත් මා   පොලීසියට පැමිණිලි කල හොත්  සැඟවී වැඩ  කළ ඔහුව පොලීසියට හෙළිදරව් වන නිසාය.

ජවිපෙ සහ සංගමය අතර පැවති 'කසාදය' අවසන්  වුයේ  එලෙසය. එක් වුර්තීයකට තිබිය යුත්තේ එක් වුර්තීය සමිතියක් පමණය යන  ප්‍රතිපත්තිය අත්හල ජනතා විමුක්ති පෙරමුණ  අනිකුත් වුර්තී කඩා තම වුර්තීය සමිති පිහිටවීම එතැන් පටන්  ආරම්භ  කළහ.








 



















Comments

Buru Babe said…
දවසින් දවසට ඔබේ ලියමං රසවත් වේ. ඒ වගේම කියවීමට ලොබ බැඳගැනීමත් ඉබේම සිදුවෙයි.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...