Skip to main content

බෙන්ගමුවේ ආලවක! එන්න සැතපෙන්න. (හෙඩිම මාතලන්ගෙන් ණයට ගන්න ලදී.)

සියළු සත්වයෝ නිවන් දකිත්වා....



නාලක....එන්න සැතපෙන්න
සාටකේ පොරවගන
කොච්චරනම් සනීපද....සිවුරට වඩා
සාටකේ.....
තුරුල්වෙන්න තව ඩිංගක් කියන්න පොඩි රහසක්....
සෝහිත, ශානි, ෆොන්සෙකා, රණවිරුවෝ.....
ඔවු....ඔවු....ඒක තමයි
ප්‍රෙස් කොන්ෆරන්ස්....හෙට උදේ 11ට
නොවැරදීම ඇවිත් ඉන්න....මතකයිනේ ඔක්කොම ටික
ලියල එවන්නද පන්සලටම....
ඔවු....ඔවු....එපා නාලක සැක හිතන්න
කෙලෙහිගුණ....
මම තරම් දන්නවද මේ රටේ කවුරුවත්....

ධම්මේ....
නෑ....නෑ....මේ මම....පැටියගේ අම්මා නෙමෙයි
ඒකි මරලා කොයි කාලෙද.....
අතේ තවම ලේ නේද....
එන්න පිහදාන්න සාටකෙන්....නොපෙනෙන්න
බලන්න කොච්චර සනීපද සාටකේ....ගෑවෙනකොටත්
පැච්වර්ක් සිවුරටත් වඩා
කීයක් එකතුවුනාද මචෝ....දහයේ කාසි
එකක්වත් නෑ....!!!!
ඒ කියන්නේ උඹත් අනාතද....මම වගේම
හරියන්නෑ ඔහොම ඉඳලා....ප්ලෑනක්නම් තියනවා
ඕකනේ කියන්නේ....බබා වෙන්න හදනවනේ....
මල්වත්තටත් බෝම්බ ගහන්න හැදුවට
ඔයා තාම ලාමකයිනේ....
ඔවු....ඔවු....සෝභිත තමයි
අර අපි හප්පලා මරන්න හැදුවේ....
හරිනේ එහෙනම්....හෙට උදේ 11ට
වැඩ්ඩොතින් වැඩිල්ලක්
එක අලියට අලි දහයක්
දාලායනවා අසපුවේ
අම්මපා....

ඇල්ලේ....මම....මම....
මොකෝ මේ සද්ද නැත්තේ....
ප්‍රේමේ....ගාමිණී වගේ නෙමෙයි උන්ගේ පුත්තු මචං
බලන්නවත් ආවද ඔහේව....
පත්තරේකවත් දැක්කේ නෑ මූණ
හරියනවද ඔහොම ඉඳලා....
අමතක නෑ කරපු උදවු....එන්න....සාටකේ යටට
විඳගන්න....කුරහන් සුවඳ
මූන දාගන්න T.V. එකට
ඔවු....ඔවු....සෝභිත තමයි
ස්ක්‍රිප්ට් එක සීයේ හිඟන්නගේ....
ඇතුලේ මුකුත් තිබුනේ නෑළු....බොඩියේ
ඔවු....ඔවු....එහෙම තමයි මිනී එවන්නේ
රටකින් තවත් රටකට....
ඕවා දන්නවද මිනිස්සු....
යමු....යමු....හෙට 11ට 
ප්‍රෙස් කොන්ෆරන්ස්....
10 වෙනකොට වාහනේ එයි....පන්සලට


අපිට වැරදුනා බුදුහාමුදුරුවනේ...

 ( කටුසු හදවත  බ්ලොග් අඩවියෙන් අනවසරයෙන්  උපුටා ගතිමි.)




Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...