Skip to main content

රුපියල් දෙකෙන් පොළොන්නරු ගිය හැටි.



ඇමරිකාවේ වසන මගේ පාසල් මිතුරෙක් ඊයේ මා  හමුවීමට  ආ විට  මට මතක් වුයේ ඔහු මාවත් කැඳවා ගෙන රුපියල් දෙකකින්  කිලෝ මීටර් 250ක් එපිටෙන් වූ පොළොන්නරු ගිය හැටිය. අමතක නොවන අත්දැකීමක් වන මෙය ලියන්නට  කල්පනා  කළේ මේ අත්දැකීමේ මිහිර  ඔබද  විඳගත  යුතුයැයි මා  සිතු නිසාය.

මේ රසවත් මෙන්ම තරමක අනතුරු දායක සිද්ධිය  සිදුවුයේ  1963 හෝ 1964 දීය. ඒ පාසල් නිවාඩු  කාලයකි. මගේ  ඥාතියෙකු පොළොන්නරුවේ  සිටි අතර නිවාඩු  කාලයක එහි පැමිණෙන ලෙස  මගෙන් ඔහු  ඉල්ලා  තිබුනි. ම පොළොන්නරු කැඳවා ගෙන  යන ලෙස  දෙමාපියනට මා   ඇවිටිලි  කළ නමුත් ඔවුන්ට ඒ  සඳහා විවේකයක් තිබුනේ  නැත. මගේ නිවසට  කිට්ටුව ජීවත්වූ මගේ  පන්තියට වඩා ඉහළ  පන්තියක ඉගනගත්  මිතුරෙක් මගේ  නිවසට  පැමිණි විට මගේ  ඇවිටිල්ල  ඇසී  ඔහු මා  පොළොන්නරු  කැඳවා ගෙන  යාමට  කැමැත්ත  ප්‍රකාශ කර  සිටියේය.  මගේ  ගමන් වියදම සඳහා දීමට  අම්මා  ළඟ තිබුනේ රු. 10ක් පමණි. එකල එම මුදල   මට පොළොන්නරු යාමට  ප්‍රමාණවත්ය.බස් රථයේද  දුම්රියේද මට භාග ටිකට්ටුවකින් යා හැක. මගේ මිතුරා මට වඩා වැඩිමහල් වීමත් උස මහත වීමත් නිසා ඔහුට පුරා ටිකට්ටුවක් ගැනීමට සිදුවේ.ගමන  යාම සඳහා මුදල් තිබේදැයි මගේ මව ඔහුගෙන් විමසු  විට  ඔහු තම කොට කලිසම් සාක්කුවෙන් රුපියල් දෙකක්   එලියට ඇද පෙන්නුවේය. එය  ප්‍රමාණවත් නොවන බව මගේ  මව  කීවිට ඔහු එම  රු. දෙකම අනිත් සාක්කුවෙන් එලියට ඇද  පෙන්නමින් රු. 4ක් ඔහු ළඟ තිබෙන බව පෙන්වීමට උත්සාහ කළේය.ඒ  කලින් රු. 2 ම  බව  අම්මා  කිව් විට ඔහු අනිත් සාක්කුවෙන් එම රු 2 කම එලියට ඇද පෙන්වීය. ඔහුගේ  විජ්ජාවට අම්මා  තබා මම වත් රැවටුනේ  නැත. කෙසේ වෙතත් මුදල් සොයාගෙන පසුවදා මා පොළොන්නරු එක්කරගෙන  යාමට   පොරොන්දු විය.

දුම්රිය පොලේදී සිදුවූ ඇබැද්දිය

පසුවදා දහවල් දෙකට තුනට පමණ  මගේ මිතුරාත් මමත් පොළොන්නරු බල පිටත් වූයෙමු. මගේ අතේ තිබු රු.දහයද ඔහු ඉල්ලා ගත්තේය.  නිවසේ සිට  මතුගමටත් මතුගම සිට  කළුතරටත් ,කළුතර සිට කොළඹටත් බස් රථවලින් පැමිණි අපි  කොටුව දුම්රිය පොලට පැමිණෙන විට රාත්‍රී 7 ට පමණ විය. එහිදී කොක්කා නමින්  ගම් වැසියන් නමක් තබා තිබු  පුද්ගලයෙකුද  හමුවිය. ඔහු කන්තලේ බීඩි කර්මාන්තයක් කරමින්  සීටි  අයෙකි. ඔහු පැමිණ  තිබුනේ එහි යන්නටය.ඔහු පැමිණ තිබුනේද  අපේ  කෝච්චියේ යන්නටය. මඩකලපු  දුම්රියේ එක කොටසක් යන්නේ  ත්රිකුණාමළේටය. ගල්ඔය  හන්දියේදී එම  කොටස වෙනත් දුම්රිය  ඇන්ජිමකට සවිකොට එය  ත්‍රී රී මලය දක්වා ඇදගෙන  යන අතර ඉතිරි භාගය  පොලොන්නරුව පසුකොට මඩකලපු දක්වා යයි. 

දුම්රිය ප්‍රවේශ පත්‍ර  පෝලිමේ  ගිය  කොක්කා නමැති ගම් වැසියා ඔහුගේ ටිකට් පත ලබාගෙන මා  අසලට  වී සිටියේ මගේ  මිතුරා ටිකට් රැගෙන එන තුරුය. ටික වෙලාවකින් අප අසලට පැමිණි මගේ මිතුරා මගේ  ටිකට් පත ලබාගෙන තිබුනද  ඔහුට  ටිකට් පතක් ලබා  ගැනීමට මුදල් මදි වූ බව කීවේය. ඔහු භාග ටිකට් පතක් ඉල්ලුවද ඔහු අවුරුදු 13ක් පමණ වයස වූ බැවින්   එය  ප්‍රතික්ෂේප කොට තිබුණි. අසරණ බවට  පත්වූ මගේ මිතුරා ඉතිරි මුදල ඉල්ලා කොක්කාට පින්සෙන්ඩු විය." කොහේ ගියත් හෙන හුරෙක් ඉන්නවා " කියූ ඔහු  ඉතිරි මුදල දුන්නේය.

දුම්රියේ  යද්දී

ගෙදරින් එන විට  දුන් රාත්‍රී ආහාර පාර්සල් දෙක අපි දෙදෙනා දුම්රියේදී හානි හනිකට  කැ දැමු අතර දුම්රිය රාත්‍රී 8 ට පමණ ගමන ඇරඹීය.ටික වෙලාවකින් මට වාඩිවී සිටි අසුනේම නින්ද ගිය අතර  මගේ මිතුරා   දුම්රියේ දොරටුවක් අසලින් වාඩිවී ගමන් කලේ දුම්රිය ගමන වැඩියෙන් රස විඳීමටය. 

රාත්‍රියේ වරක මට ඇහැරුනේ අධික පිපාසය නිසාය. දුම්රිය කැන්ටිමේ වේටර් වරයෙකු උණුසුම් කෝපි   ට්‍රේ එකක් මත තබාගෙන  දුම්රිය මැදිරි හරහා යන්නේ අලෙවි කිරීමටය. එහෙත් ඒවා මිල දී  ගැනීමට  අපට  සල්ලි නැත. එබැවින් මම යලි නිදා ගතිමි. මා  ගැන අනුකම්පා කල කොක්කා නැමැත්තා මහා රැ   මා  ඇහැරවා කොපි වීදුරුවක් මගේ අතට දුන්නේය.එයින් ලැබුණු රසය සහ සහනය අමුතුවෙන් කිව යුතු නැත.

ගල්ඔය හන්දියේදී අපේ ගම් වැසියා අපෙන් සමුගෙන ත්‍රී මලය බලා   යන දුම්රියේ අනිත් කොටසට  නැග්ග අතර මගේ  මිතුරාත් මමත් සිටි දුම්රියේ ඉතිරි අඩ කදුරුවෙලට (පොලොන්නරුව)  පැමිණෙන විට   පාන්දර 3.30 පමණ වී තිබුණි. මගේ  ඥාතියාගේ ගේ  නිවසට  යාමට   දුම්රිය පොලේ සිට බස්  රථයක  සැතපුම් හත අටක් යා  යුතුය. ඒ සඳහා වැයවන බස් ගාස්තුව මගේ  මිතුරා අතේ  ඉතිරිවී තිබුණු නමුත් බස් රථය පැමිණ තිබුනේ  නැත.එබැවින් බසය එනතුරු දුම්රිය පොලට වී සිටියෙමු. බස් රථය තවත් පැයකට පසුව  පැමිණි අතර  උදේ  6 වන විට අපි අපේ  ඥාතියා ගේ  නිවසට  ගියෙමු.



රු. 12 කින් අපි දෙදෙනා මෙපමණ දුරක් පැමිණීම  ගැන විශ්මයට  පත් මගේ  ඥාතියා  අපිට  උදේ  ආහාරයෙන් සංග්‍රහ කිරීමෙන් පසු  කළ පළමු  කට යුත්ත වුයේ  අපි පැමිණි බව දන්වා අපගේ  නිවෙස්වලට විදුලි පණිවිඩ  යැවීමය.

දින දෙක තුනක් එහි ගත කළ මගේ මිත්‍රයා මගේ  ඥාතියාගෙන් මුදල් ඉල්ලා  ගෙන ආපසු  ගම  බලා  පිටත් විය.

යාළුවා ඇමරිකාවේ යාම.

කුඩා කාලයේ හිතුවක්කරයෙකු වූ මගේ මිත්රයා පසු  කලෙක  පේරාදෙණිය විශ්ව විද්‍යාලයට  ඇතුළුව කෘෂිකර්ම  උපාධියක් ලබා ගත්  අතර පසුව  ඇමරිකාවට  ගොස් ආචාර්ය උපාධියක් ලබා  ගත්තේය.   එහිදී කෘෂි ශේෂ්ත්රයේ රැකියාවක්ද ලබා ගත්  ඔහු දැන්  බිරිඳද දරුවන්ද සමග    ඇමරිකාවේ  ජීවත් වෙයි. අවුරුද්දකට  දෙවරක් පමණ ලංකාවට  එන  ඔහු  මා හමුවීමට  අමතක නොකරයි.  රු.දෙකක් අතේ  තබාගෙන  පොළොන්නරු ගිය සිද්ධිය  ඒ හැම වතාවකම සිහිපත් කරමින් අපි මහත් සතුටක් ලබමු.. 















Comments

කියවන්න අමාරුයි අප්පා පසුබිමත් කුඩා අකුරුත් නිසා.මොකුත් කරන්න බැරිද.
Dayal Bathee said…
මිතුරෙකුගේ පෙම්වතියද පෙරහරද බලන්න නුවර ගොස් වෙච්ච සමාන ඇබැද්දියක් මතකයට ආවා
Unknown said…
අතීතය හරි සුන්දරයි........ හැබැයි ඒ වෙලාවේ එක හරි කටුකයි.... කියවන්නත් ආසයි...
බලමු වෙනසක් කරන්න. වර්ණය ප්‍රශ්නයක්ද?
මග වියදම් විතරක් අතේ තියාගෙන ගිය සුන්දර ගමන් බිමන් කීපයක්ම මතක් උනා...
අගය කිරීම ගැන ස්තුතියි.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...