Skip to main content

රුපියල් දෙකෙන් පොළොන්නරු ගිය හැටි.



ඇමරිකාවේ වසන මගේ පාසල් මිතුරෙක් ඊයේ මා  හමුවීමට  ආ විට  මට මතක් වුයේ ඔහු මාවත් කැඳවා ගෙන රුපියල් දෙකකින්  කිලෝ මීටර් 250ක් එපිටෙන් වූ පොළොන්නරු ගිය හැටිය. අමතක නොවන අත්දැකීමක් වන මෙය ලියන්නට  කල්පනා  කළේ මේ අත්දැකීමේ මිහිර  ඔබද  විඳගත  යුතුයැයි මා  සිතු නිසාය.

මේ රසවත් මෙන්ම තරමක අනතුරු දායක සිද්ධිය  සිදුවුයේ  1963 හෝ 1964 දීය. ඒ පාසල් නිවාඩු  කාලයකි. මගේ  ඥාතියෙකු පොළොන්නරුවේ  සිටි අතර නිවාඩු  කාලයක එහි පැමිණෙන ලෙස  මගෙන් ඔහු  ඉල්ලා  තිබුනි. ම පොළොන්නරු කැඳවා ගෙන  යන ලෙස  දෙමාපියනට මා   ඇවිටිලි  කළ නමුත් ඔවුන්ට ඒ  සඳහා විවේකයක් තිබුනේ  නැත. මගේ නිවසට  කිට්ටුව ජීවත්වූ මගේ  පන්තියට වඩා ඉහළ  පන්තියක ඉගනගත්  මිතුරෙක් මගේ  නිවසට  පැමිණි විට මගේ  ඇවිටිල්ල  ඇසී  ඔහු මා  පොළොන්නරු  කැඳවා ගෙන  යාමට  කැමැත්ත  ප්‍රකාශ කර  සිටියේය.  මගේ  ගමන් වියදම සඳහා දීමට  අම්මා  ළඟ තිබුනේ රු. 10ක් පමණි. එකල එම මුදල   මට පොළොන්නරු යාමට  ප්‍රමාණවත්ය.බස් රථයේද  දුම්රියේද මට භාග ටිකට්ටුවකින් යා හැක. මගේ මිතුරා මට වඩා වැඩිමහල් වීමත් උස මහත වීමත් නිසා ඔහුට පුරා ටිකට්ටුවක් ගැනීමට සිදුවේ.ගමන  යාම සඳහා මුදල් තිබේදැයි මගේ මව ඔහුගෙන් විමසු  විට  ඔහු තම කොට කලිසම් සාක්කුවෙන් රුපියල් දෙකක්   එලියට ඇද පෙන්නුවේය. එය  ප්‍රමාණවත් නොවන බව මගේ  මව  කීවිට ඔහු එම  රු. දෙකම අනිත් සාක්කුවෙන් එලියට ඇද  පෙන්නමින් රු. 4ක් ඔහු ළඟ තිබෙන බව පෙන්වීමට උත්සාහ කළේය.ඒ  කලින් රු. 2 ම  බව  අම්මා  කිව් විට ඔහු අනිත් සාක්කුවෙන් එම රු 2 කම එලියට ඇද පෙන්වීය. ඔහුගේ  විජ්ජාවට අම්මා  තබා මම වත් රැවටුනේ  නැත. කෙසේ වෙතත් මුදල් සොයාගෙන පසුවදා මා පොළොන්නරු එක්කරගෙන  යාමට   පොරොන්දු විය.

දුම්රිය පොලේදී සිදුවූ ඇබැද්දිය

පසුවදා දහවල් දෙකට තුනට පමණ  මගේ මිතුරාත් මමත් පොළොන්නරු බල පිටත් වූයෙමු. මගේ අතේ තිබු රු.දහයද ඔහු ඉල්ලා ගත්තේය.  නිවසේ සිට  මතුගමටත් මතුගම සිට  කළුතරටත් ,කළුතර සිට කොළඹටත් බස් රථවලින් පැමිණි අපි  කොටුව දුම්රිය පොලට පැමිණෙන විට රාත්‍රී 7 ට පමණ විය. එහිදී කොක්කා නමින්  ගම් වැසියන් නමක් තබා තිබු  පුද්ගලයෙකුද  හමුවිය. ඔහු කන්තලේ බීඩි කර්මාන්තයක් කරමින්  සීටි  අයෙකි. ඔහු පැමිණ  තිබුනේ එහි යන්නටය.ඔහු පැමිණ තිබුනේද  අපේ  කෝච්චියේ යන්නටය. මඩකලපු  දුම්රියේ එක කොටසක් යන්නේ  ත්රිකුණාමළේටය. ගල්ඔය  හන්දියේදී එම  කොටස වෙනත් දුම්රිය  ඇන්ජිමකට සවිකොට එය  ත්‍රී රී මලය දක්වා ඇදගෙන  යන අතර ඉතිරි භාගය  පොලොන්නරුව පසුකොට මඩකලපු දක්වා යයි. 

දුම්රිය ප්‍රවේශ පත්‍ර  පෝලිමේ  ගිය  කොක්කා නමැති ගම් වැසියා ඔහුගේ ටිකට් පත ලබාගෙන මා  අසලට  වී සිටියේ මගේ  මිතුරා ටිකට් රැගෙන එන තුරුය. ටික වෙලාවකින් අප අසලට පැමිණි මගේ මිතුරා මගේ  ටිකට් පත ලබාගෙන තිබුනද  ඔහුට  ටිකට් පතක් ලබා  ගැනීමට මුදල් මදි වූ බව කීවේය. ඔහු භාග ටිකට් පතක් ඉල්ලුවද ඔහු අවුරුදු 13ක් පමණ වයස වූ බැවින්   එය  ප්‍රතික්ෂේප කොට තිබුණි. අසරණ බවට  පත්වූ මගේ මිතුරා ඉතිරි මුදල ඉල්ලා කොක්කාට පින්සෙන්ඩු විය." කොහේ ගියත් හෙන හුරෙක් ඉන්නවා " කියූ ඔහු  ඉතිරි මුදල දුන්නේය.

දුම්රියේ  යද්දී

ගෙදරින් එන විට  දුන් රාත්‍රී ආහාර පාර්සල් දෙක අපි දෙදෙනා දුම්රියේදී හානි හනිකට  කැ දැමු අතර දුම්රිය රාත්‍රී 8 ට පමණ ගමන ඇරඹීය.ටික වෙලාවකින් මට වාඩිවී සිටි අසුනේම නින්ද ගිය අතර  මගේ මිතුරා   දුම්රියේ දොරටුවක් අසලින් වාඩිවී ගමන් කලේ දුම්රිය ගමන වැඩියෙන් රස විඳීමටය. 

රාත්‍රියේ වරක මට ඇහැරුනේ අධික පිපාසය නිසාය. දුම්රිය කැන්ටිමේ වේටර් වරයෙකු උණුසුම් කෝපි   ට්‍රේ එකක් මත තබාගෙන  දුම්රිය මැදිරි හරහා යන්නේ අලෙවි කිරීමටය. එහෙත් ඒවා මිල දී  ගැනීමට  අපට  සල්ලි නැත. එබැවින් මම යලි නිදා ගතිමි. මා  ගැන අනුකම්පා කල කොක්කා නැමැත්තා මහා රැ   මා  ඇහැරවා කොපි වීදුරුවක් මගේ අතට දුන්නේය.එයින් ලැබුණු රසය සහ සහනය අමුතුවෙන් කිව යුතු නැත.

ගල්ඔය හන්දියේදී අපේ ගම් වැසියා අපෙන් සමුගෙන ත්‍රී මලය බලා   යන දුම්රියේ අනිත් කොටසට  නැග්ග අතර මගේ  මිතුරාත් මමත් සිටි දුම්රියේ ඉතිරි අඩ කදුරුවෙලට (පොලොන්නරුව)  පැමිණෙන විට   පාන්දර 3.30 පමණ වී තිබුණි. මගේ  ඥාතියාගේ ගේ  නිවසට  යාමට   දුම්රිය පොලේ සිට බස්  රථයක  සැතපුම් හත අටක් යා  යුතුය. ඒ සඳහා වැයවන බස් ගාස්තුව මගේ  මිතුරා අතේ  ඉතිරිවී තිබුණු නමුත් බස් රථය පැමිණ තිබුනේ  නැත.එබැවින් බසය එනතුරු දුම්රිය පොලට වී සිටියෙමු. බස් රථය තවත් පැයකට පසුව  පැමිණි අතර  උදේ  6 වන විට අපි අපේ  ඥාතියා ගේ  නිවසට  ගියෙමු.



රු. 12 කින් අපි දෙදෙනා මෙපමණ දුරක් පැමිණීම  ගැන විශ්මයට  පත් මගේ  ඥාතියා  අපිට  උදේ  ආහාරයෙන් සංග්‍රහ කිරීමෙන් පසු  කළ පළමු  කට යුත්ත වුයේ  අපි පැමිණි බව දන්වා අපගේ  නිවෙස්වලට විදුලි පණිවිඩ  යැවීමය.

දින දෙක තුනක් එහි ගත කළ මගේ මිත්‍රයා මගේ  ඥාතියාගෙන් මුදල් ඉල්ලා  ගෙන ආපසු  ගම  බලා  පිටත් විය.

යාළුවා ඇමරිකාවේ යාම.

කුඩා කාලයේ හිතුවක්කරයෙකු වූ මගේ මිත්රයා පසු  කලෙක  පේරාදෙණිය විශ්ව විද්‍යාලයට  ඇතුළුව කෘෂිකර්ම  උපාධියක් ලබා ගත්  අතර පසුව  ඇමරිකාවට  ගොස් ආචාර්ය උපාධියක් ලබා  ගත්තේය.   එහිදී කෘෂි ශේෂ්ත්රයේ රැකියාවක්ද ලබා ගත්  ඔහු දැන්  බිරිඳද දරුවන්ද සමග    ඇමරිකාවේ  ජීවත් වෙයි. අවුරුද්දකට  දෙවරක් පමණ ලංකාවට  එන  ඔහු  මා හමුවීමට  අමතක නොකරයි.  රු.දෙකක් අතේ  තබාගෙන  පොළොන්නරු ගිය සිද්ධිය  ඒ හැම වතාවකම සිහිපත් කරමින් අපි මහත් සතුටක් ලබමු.. 















Comments

කියවන්න අමාරුයි අප්පා පසුබිමත් කුඩා අකුරුත් නිසා.මොකුත් කරන්න බැරිද.
Dayal Bathee said…
මිතුරෙකුගේ පෙම්වතියද පෙරහරද බලන්න නුවර ගොස් වෙච්ච සමාන ඇබැද්දියක් මතකයට ආවා
Unknown said…
අතීතය හරි සුන්දරයි........ හැබැයි ඒ වෙලාවේ එක හරි කටුකයි.... කියවන්නත් ආසයි...
බලමු වෙනසක් කරන්න. වර්ණය ප්‍රශ්නයක්ද?
මග වියදම් විතරක් අතේ තියාගෙන ගිය සුන්දර ගමන් බිමන් කීපයක්ම මතක් උනා...
අගය කිරීම ගැන ස්තුතියි.

Popular posts from this blog

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...