Skip to main content

අපායේ සිට දිව්‍ය ලෝකය ගැන ලියමි.

 

දකුණු කොරියාව 

මට මේ  ටික ලියන්නට හිතුනේ  රට රටවල ගොස් ආපු අය මා සමග  කිව් කතා  නිසයි. මේ  ලිපිය  කියවන පිට රටවල සේවය  කරන  අය මේ ලිපිය ගැන  කොමෙන්ටු ලියනවානම් මන් කැමතියි .

මට පෙරේදා මුණගැහුනා දකුණු කොරියාවේ රැකියා  කර  ආපසු පැමිණි තරුණයන් දෙන්නෙක් ඔවුන් කී දෙයක් තමා  ඒ රටවල මිනිස්සුන්ට  අසනීප අඩුයි  කියල. කොරියාවේ රෝහල්වල වෛද්‍යවරු ලෙඩ්ඩු එනකම් මග බලාගෙන  ඉන්නවලු. මේ  ලඟඳි එක රෝහලක් වසා දැම්මලු ලෙඩ්ඩු නැති  කමට.

පැය  හතරෙන් අර්ථ සාධක මුදල

මට  හමුවූ එක තරුණයෙකුගේ  පියා  මියයාම නිසා ඔහුට ලංකාවට ආපසු ඒමට සිදුවුණු   අයෙක්. ඒ වන විට ඔහුගේ  වීසා    කාලයද  අවසන් වෙමින් තිබුනේ. පියාගේ  අභාවය පිළිබඳව  ඔහුගේ  කොරියානු  හාම්පුතට  කිව්ව  විට ඔහු එවෙලේම  ගුවන් ටිකට් පත් වෙන්  කළ බවත් ඔහුට  ලැබිය  යුතු අර්ථසාධක  අරමුදල  ලබා දෙන  ලෙසා  අදාළ ආයතන වලට දැනුම් දුන් බවත් පැය  හතරක් තුලදී  එම  මුදල් ඔහුගේ  අතට  ලැබුණු බවත් මා සමග  කියා සිටියා. එහි රාජ්‍ය සේවය ඉතා කාර්යක්ෂම බවද  ඔහු තව දුරටත් කිව්වා. 

ලංකාවේ සේවකයන්ට නම්  විශ්‍රාම  යන විට තමන්ගේ  අර්ථ සාධක මුදල ලබා  ගැනීමට  මාස  හත අටක්වත්  බලා  සිටීමට සිදුවන බව  එය  ලබා  ගැනීමට දුක් විඳි අය දන්නවා.

 අපේ  රටේ  ඉස්සර කොරියාව  කිව්වේ එක ළඟ පැල්පත් නිවාස තිබෙන  සංස්කෘතික වශයෙන් ඉතා පහල මිනිසුන් ජීවත්වන ප්‍රදේශවලටයි . එහෙම  නමක් වැටුනේ ඉස්සර  කොරියාව එවැනි මට්ටමේ තිබුණු නිසා කියලයි මගේ  අදහස. එහෙම  තිබුණු කොරියාව අද ඉතා  දියුණු  රටක්  .අපේ  මිනිස්සු අද එහෙ  යන්නේ එහෙ මිනිස්සු කරන්න  අකමැති රස්සාවලට. ඇතැම් විටෙක ජීවිතය  පරදුවට  තබල තමා රස්සාව  කරන්නේ. ඇතැම් අය  යන්ත්‍ර සුත්‍ර වලට අසුවී මියගොස් ද තිබෙනවා. එහෙත් එවැනි භයානක  රැකියා කිරීමට  යන්නේ ඉහල වැටුප් ලැබෙන  නිසා. අවුරුදු දහයක් රස්සාව  කලොත්  අවම වශයෙන් රුපියල් කෝටියක් සාක්කුවේ දා ගෙන  ලංකාවට ආපසු එන්න  පුළුවන්.


සයිප්‍රසයේ සහ ඊශ්රායලය ගැන  අපේ  අය කියන කතා 

ඊළඟට  මට මුණ ගැහුනේ සයිප්‍රසයේ සහ  ඉස්රායලයේ රැකියා  කොට පැමිණි තරුණ පහේ  කාන්තාවක්. ඇය සයිප්‍රසයේ සහ ඉස්රයලයේ   මිනිසුන් ගැන ඉතා  පැහැදීමෙන් කතා  කළේ. සයිප්‍රසයේ  මිනිසුන් කාන්තාවනට ඉතා  ගරු  කරන බවත් බස් රථයක  ගමන්  කරන විට  ඉතා  ආචාර ශීලී ලෙස හැසිරෙන  බවත් කාන්තාවකගේ  ඇඟේ  නොහැපී  සිටීමට උපරිම   ලෙස  උත්සාහ  කරන බවත්  බැරිවීමකින් හෝ එවැන්නක් වුවහොත් එම මොහොතේම සමව  අයදින  බවත් ඇය කියා  සිටියා. ඇගේ  රැකියාව  වුයේ මහලු  කතක්  රැක  බලා  ගැනීමයි. නියමිත  පැය  ගනනට වඩා වැඩ  කළහොත් අතිකාල ගෙවීම  කරන බවත් ඉරිදා දිනයේ  ස්ථිර ලෙසම සති  අන්ත නිවාඩුව  ලබා  දෙන  බවත් ඇය  කියා  සිටියා. විදෙශිකයනට එහි රැකියාවක්   කල හැක්කේ  අවුරුදු 5 ක් පමණයි. ඇගේ  යෙහෙලියක් දෙවෙනි වරට , හොර  විදේශ ගමන් බල පත්‍රයකින් එහි ගොස් රැකියාවක් කරමින් සිටින  විට දිනක් පොලීසිය  ඇයව  අල්ලා ගත්  විට ඇය තමනට  ලංකාවේ  තිබෙන ප්‍රසන  ගැන  කියා  කඳුළු වගුරන්නට වූ විට  පොලිස්  නිලධාරියා ඇයට අනුකම්පා කොට නිදහස්  කරමින්  කියා  තිබුනේ එහි සේවය  කරන  ලාංකික  තරුණියක් ඔත්තුව දුන් බවයි.

ඇය ඉස්රයලයේ  මිනිසුන් ගැනද  කතා  කලේ  ඉතා පැහැදීමෙනුයි. ආණ්ඩුව   විසින් සේවකයන්ගේ  සුභ සාධනය වෙනුවෙන් නීති පනවා තිබෙන බවත් මිනිසුන්ද  ඉතා  කරුණාවන්ත බවත්  කියා සිටියා.කිසිවෙකු වයසක තැනැත්තෙකු  බලා  ගැනීම  සඳහා   එහි  ගෙන්වා ගන්නා විට  විට  එම පුද්ගලයා  මිය ගොස්  තිබුන හොත් එම  සේවකයාට වීසා ලබා දුන් පුද්ගලයා  මාස  තුනක වැටුප් ගෙවිය  යුතු බවත් එම  කාලය තුලදී රැකියාවක් සොයා  ගත හොත් වීසා  කාලය අවසන් වන තුරු සේවය  කිරීමට ඉඩ දෙන  බවත්  කියා  සිටියා. වයසක  අයෙකු බලා  ගන්නා කෙනෙකුට මසකට රු. ලක්ෂ දෙකක වැටුපක් ලැබෙන බවත් ඇය තව  දුරටත් කියා සිටියා.


චීනයේ ලොකු මාළුවා

ඊළඟට  මට මුණ ගැසුනේ ව්‍යාපාර  කටයුත්තක් සඳහා  ඊයේ  පෙරේදා චීනයට ගොස්  පැමිණි තරුණයෙකුයි. චීනයේ  සශ්‍රීකත්වය ගැන අමුතුවෙන් කිව  යුතු නැහැ. මා  මෙහි සඳහන්  කරන්නේ එහි අවන්හල්  සහ පොදු ප්‍රවාහන සේවය ගැන  පමණයි. චීනය ලෝකයේ  වැඩිම ජනගහනය  සිටින  රට  ( කෝටි 120ක්) වුවත්  එහි ඇති පදම් ආහාර තිබෙන බවත් අවන්හලකට  ගියවිට ඉතා  පිරිසිඳු  ආහාර රැසක් ලැබෙන බවත් මාළු ඉල්ලු විට  පිසන ලද දුම් දමන විශාල මාලුවෙක් කෑමට  ගෙනත් දෙන බවත් කියා සිටියා. රාත්‍රී  කාලයේ  කුඩා පාරවල තරමක  සැකෙන් බියෙන් ඇවිද  ගිය නමුත් කරදරයක් නොවුනේ  මංකොල්ල  කාරයන් නොමැති නිසා බවත් ඔහු  කියා සිටියා. එහි පොදු ප්‍රවාහන සේවය ( දුම්රිය  සහ බස් රථ ) ගැන සඳහන් කරමින් කියා සිටියේ  එය  ඉතා ඉහල මට්මක තිබෙන බවයි  වෙනත් වචනවලින් කියතොත් සුඛෝපභෝගී මට්ටමේ පොදු ප්‍රවාන සේවාවක් චීනයේ තිබෙන බවයි. අපේ  රටේ  මිනිසුන්  හැම අතකින්ම  මහත් දුකක් විඳින  බවත් එය අපේ මිනිසුන් නොදන්නා බවත්  එය වැටහෙන්නේ  එවැනි රටකට  ගියවිට බවත්ය.


සිරි ලංකාව සැපද?

ඉතින්  ඒ  රටවල්  හා සංසන්දනය  කල විට අපේ  රටට සිදුවී තිබෙන්නේ  කුමක්ද? අඩු වසයෙන් කාල සටහනකට දුවන බස් රථ සේවාවක් වත් තිබේද? දුම්රිය සේවාව බල්ලාට  ගොස් නොවේද? (  පළමු පන්තියේ ප්‍රවේශ  පත්‍ර  මිලදී   කොළඹ සිට හපුතලේ ආසන්න වනතුරුම   රාත්‍රී දුම්රියේ පැය දහයක් පමණ මට හිටගෙන යාමට සිදුවූ බව   පමණක්  කීම  සෑහේ. බිම  ඉඳගන යාමටවත් නොහැකි මට්ටමට මගීන් ගෙන් දුම්රිය පිරී තිබිණ.)

කෝටි 120 ඉක්මවා  ජනගහනයක් සිටින  චීනයේ  මිනිසුන්ට බඩ කට පිරෙන්නට මාලු ඇතත් කෝටි දෙකක් මිනිසුන් ජීවත්වන ලංකාවේ වටේටම මුහුදක් ඇතත් අපේ රටේ මාළු ගිනි ගණන්‍ය. හෝටල් කියා නම් දමාගෙන සිටින  කඩේකට ගොස් ලැබෙන  කෑම පිඟානට ලැබෙන්නේ ග්‍රෑම් දහයක  පහළොවක මාළු කෑල්ලකි.තේ වගාව රට පුරා ම වාගේ  කෙරුණත් තේ කොළ කුඩු ගිනි ගණන්ය. එයත්  බාල  තේකොලය. ලෝකයේ මිනිස්සු  තේ වලින් නිපදවන විවිධ  පානයන් බීවත්   අපි බොන්නේ  එකම අච්චුවේ  නීරස තේය.

හිඟ නොකෑමට පඩි දීම 

      අධාපන ඇමතිවරු දුසිමකට වඩා හිටියත් උපාධි ලැබුවෝ අවුරුදු 4ක් 5ක් රැකියා නැතිව ගෙවල්වලය. රජයේ  සහ පුද්ගලික අංශයේ රැකියාවන්ගෙන් ලැබෙන වැටුප හිඟා  නොකා සිටීමට පමණක් ප්‍රමාණවත්ය. සවුක්ය සේවය  ඉහල  මටටමක  තිබෙන බව  කියතත් සෑම දහදෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියා රෝගියෙකි. පිළිකා රෝගීන් , හදවත් රෝගීන් වැහි වැහැලාය. වසර  කීපයක සිට  ඇරඹුණු ඩෙංගු රෝගය  මැඩ පැවැත්වීමට  තවමත් නොහැකි වී තිබේ. සියලු රෝහල් ලෙඩුන්ගෙන් පිරී ඉතිරී ගොස්ය. කොටින්ම  කියතොත් ඇතැම් රෝහල්වල ගර්භනී මව්වරුන්ට ඇඳක් පවා ලැබෙන්නේ  නැත. ( ඔබ මෙය විස්වාස  නොකරන්නේ  නම් කළුතර මහා රෝහලේ ගර්භනී මව් වරුන්ගේ  වාටුවට ගොස් බලන්න. එහි සිටින  ගර්භනී මව් වරුන්ගෙන් අඩක් නිදා ගන්නේ  බංකුවල සහ බිමය.)

අපේ රටේ මිනිසුන් අති බහුතරයක් ජීවිතය පවත්වාගෙන  යන්නේ බඩ ගින්නට  මොනවා හෝ ගිල දමා   මිස බඩට  කටට ඇතිවන පරිදි  රසවත්  ආහර  පාන ගෙන නොවේ. මා  ඒ ගැන නොකියන්නේ ඒ ගැන අමුතුවෙන් නොකීවාට ඔබ එය අත්දැකීමෙන් දන්නා  නිසාය.

වග කිව යුත්තා ඔබද?

ලංකාවේ  මිනිස්සුන්ට මෙවැනි අභාගය සම්පන්න ඉරණමකට ගොදුරු වීමට සිදුවී තිබෙන්නේ  ඇයි? මා   ඔබෙන් අසන්නේ  එයයි. අපේ  රටේ  තිබු යුද්ධය  නිසා යි ඇතැමෙකු කියනු ඇත. එහෙත් දකුණු කොරියාව ඊස්රායලය නිරන්තර යුධ උණුසුමක් තිබෙන රටවලය. කොරියාවේ  මහා පරිමාණ යුද්ධයක් තිබු අතර  කෙලවර වුයේ  උතුරු කොරියාව ,සහ දකුණු කොරියාව  ලෙස දෙකඩ වීමෙනි .අදත් එහි පවතින්නේ  යුධ වාතාවරණයකි. ඊස්රායලයද එසේමය. තුර්කිය  සයිප්‍රසය  ආක්‍රමණය කොට  කොටසක් අල්ලාගෙන  තිබෙන බැවින් එහිද යම් පමණක් යුධ බියක් තිබේ. 

ලංකව  මෙතරම් අගාධයකට  ඇදද දැම්මේ  කවුද ? දේශපාලකයෝද? කෙලවරක් නැති වැඩ වර්ජන මෙහෙයවූ වුර්තීය සමිතිද? නැතහොත් රටේ  ජීවත්වන විවිධ ජන වර්ග අතර සමගිය ඇති වීම වලක්වන්නට කටයුතු කළ පුජකයන්ද? නැතහොත් ආණ්ඩුවෙන් හැම දෙයක්ම වාගේ නොමිලේ ලබා  ගැනීමට  බලා සිටින  අපේ රටේ මිනිස්සුද?














Comments

Gurusinghe said…
I work outside Sri Lanka. Yes we Sri Lankans are responsible for status of our country. Think about people who has jobs, how meany of them are just watching the clock to go for (tea, lunch, tea, home). How meany of us believe what politicians say in each election? How meany of us behave badly in public transport? We, only we can change Sri Lanka, but we can watch the others and learn good things (not bad)
Buru Babe said…
we all are responsible for down-going services in sri lanka.
any way there no place on earth that much clean and safe. everywhere having its up n downs as same as sri lanka. sri lanka still offers lot. only thing is we must work more for it.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...