Skip to main content

විග්නේශ්වරන්ගේ බෝම්බය


කොරියන් කෙල්ලෝ දෙන්නා සහ ලාංකික  තරුණයා

 ඊය්යේ  පෙරේද  මට ලස්සන කොරියන් කෙල්ලන් දෙන්නෙක්ද  ඔවුන් දෙදෙනා සමග ගමන් බිමන් යන   හැඩ වැඩ   ලාංකික  තරුණයෙක්ද මට හමු විය. ලාංකිකයා දකුණු කොරියාවේ අවුරුදු  ගණනක් රැකියාවක්  කොට  ආපසු  පැමිණි අයෙකි. 'කොහොමද එහෙ තත්ත්වය? උතුර කොරියාවයි දකුණු කොරියාවයි ගහගනිවිද?"  තේ  කෝප්පයක් බොන  ගමන්   තරුණයාගේ  ඇසීමි. " මොන පිස්සුද සර්!  කිම් ජොන් උන් දකුණු කොරියාවට  යුධ  තර්ජන කරන හැම විටෙකම දකුණු  කොරියාවේ  මිනිස්සු බය වෙනවා වෙනුවට  හිනාවෙනව.  ඔය මිනිහට  සල්ලි ටිකක් ඕන වෙලා" කියල තමයි දකුණු  කොරියාවේ මිනිස්සු  කියන්නේ "


. . එහි  ඇත්තක්ද  තිබිය  හැකය. දකුණු කොරියාවේ  මිනිස්සුන්ට  හොරෙන්  එහි ආණ්ඩුව  උතුරු කොරියාවට   සල්ලි ගෝනි  තුන  හතරක්  බය කරන  කරන  පාරට  දෙනවා විය  හැක. මන්ද   රටරටවල ආණ්ඩු  තමන්ගේ  පුරවැසියනට හොරෙන්  කරන දේවල් ඕනෑ තරම් තිබේ.  අපේ  රටෙන්ම උදා හරණයක් දෙකක් කීවොත්  ප්‍රේමදාස ආණ්ඩුව  LTTE ට  රහසිගතව  ආයුධ  දීම  සහ   කළ ගුණ සැලකීමක් ලෙස මහින්ද විසින්   RADA නම් ආයතනයක් අටවා   ඒ හරහා  LTTE ට   මුදල් දීම  දැක්විය හැක.



විග්නේශ්වරන්ගේ දුම් බෝම්බය


සතියකට පෙර විග්නේශ්ස්වරන්ගේ  උතුරු පළාත් සභාව , උතුර  නැගෙනහිර ඒකාබද්ධ කොට  ෆෙඩරල් පාලනයක්  ලබා  දෙන  ලෙස ඉල්ලා යෝජනාවක්  සම්මත  කිරීමත්  උතුරු කොරියාවේ  කිම් ජොන් උන්   මිසයිල  අත්හදා බලමින් දකුණු  කොරියාව බිය ගැන්වීමට  උත්සාහ  කිරීමත්  අතර  මහා වෙනසක්  නැත .

පළාත් සභා යනු මහා බලතල  තිබෙන  ආයතන නොවන  අතර  බස්නාහිර  හැර  අනිත් ඒවාට  ඇති සල්ලියක්ද  නැත. කම්කරු රැකියාවක්  හැර වෙනත් රැකියාවක්   දීමටවත් ඒවාට  බලයක් නැත. උතුරේ  ස්වෙච්චා ගුරුවරු තමන්ගේ සේවය ස්ථිර  කර  පත්වීම් දෙන ලෙස  උතුරු පළාත් සභාවෙන්  ඉල්ලා පසුගිය දිනවල උපවාස  කලත් විග්නේශ්වරනට  කළ හැකි ඉටි ගෙඩියක් තිබුනේ  නැත. පළාත් සභාවලට  සල්ලි දෙන්නේ  කොළඹ තිබෙන  ආණ්ඩුවය. සල්ලි  නොදී ඒවායේ  බෙල්ල  මිරිකීමට ජනාධිපතිවරයා ට  පුළුවන.  සල්ලි  නැති  කම නිසාත් බලතල  නැති නිසාත්  උතුරේ ජනයා වෙනුවෙන් ඇඟට දැනෙන යමක් කිරීමටද  එයට පුළුවන් වී නොමැත. මේ  නිසා උතුරේ  මිනිස්සු කලකිරීමෙන් සිටින  අතර   මන්ත්‍රී වරු සිටින්නේ තරමක්  කේන්තියකිනි. මේ  විදිහට යන්නට  ඇරියොත් ඊ ළඟ  චන්දයේදී  තමන්ට ගෙදර  යන්නට වෙනු ඇතැයි බියක්ද ඔවුන් තුළ තිබෙන්නට  පුළුවන. ඒ  නිසා මෙවැනි  යෝජනා  සම්මත  කිරීම  තුලින් ආණ්ඩුව  කොනිත්තා උතුරට සල්ලි  ටිකක් ලබා  ගැනීමද ඔවුන්ගේ එක  අරමුණක් විය  හැක. අනිත්  අරමුණ   වන්නේ පළාත් සභාවෙන්  කළ  හැකි මගුලක් නොමැති බව අත් දැකීමෙන් දන්නා උතුරේ  මන්ත්‍රීවරු උතුරේ මිනිස්සුන්ට  වැඩක්  කළ  හැකි වන ලෙස  බලතල  සහ මුදල් තිබෙන ව්යුහයක් නව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  හරහා  අවශ්‍යය  යන්න කොළඹ  ආණ්ඩුවට  මතක්  කර දීමය.

හැබැයි උතුරු පළාත් සභාවේ මේ  යෝජනාව ,  විමල් වීරවංස-මහින්ද   කොම්පැනියට  නම්  අවුරුද්ද්දක්  හමාරක්  යන තුරු  හප හපා සිටිය  හැකි චුයින්ගම් එකකි.. ලබන  මහා මැතිවරණයේදී මන්ත්‍රී කම රැක  ගැනීමට  නම් මෙවැනි  යෝජනා  විමල්ලාට   අවශ්‍යය.  වීරවංස වහාම මාධ්‍ය  සාකච්චාවක්  කැඳවා බෙරිහන් දුන්නේ ඒ නිසාය.

දෙමලු රැවටීම 

 බණ්ඩාරනායක  මහතාගේ  කාලයේ  සිටම  දෙමලුන්ව සිංහල  ආණ්ඩු  විසින් රවට්ටනු  ලැබීමේ ප්‍රතිපලය වුයේ 27 වසරක යුද්ධයය. යුද්ධය  ජය  ගැනීමට  ආණ්ඩුවට  හැකි වීම  නිසා දෙමළුන්ට  කිසිවක් නොදිය  යුතුයැයි  වීරවංස-මහින්ද   කොම්පැනියේ  අය සිතති. වීරවංස   පමණක් නොව   පමණක් නොව උගේ   අම්මා ගේ  කොම්පැනියත් අම්මාගේ අනෙකුත්   දු දරුවන් වන    හෙල උරුමයත් ,  පෙරටුගාමියාත් සිතන්නේ  එසේය.

 යලි යුද්ධයක් බොහෝ  කලකට  නොඑන්නට  පුළුවන . යලිත් යුද්ධයක් ආවොත්  උතුරේ වත්මන් පරපුරටත් මරණය හැර වෙන  දෙයක් උරුම  නොවන බව උතරේ මිනිස්සු සහ ගැහැණු දන්නා නිසාය.  එහෙත්  එහෙටත් මෙහෙටත් සාමයක් නම්  ලැබෙන්නේ  නැත.  සාමය  යනු යුද්ධයක් නැති වීම  පමණක් නොවේ. රටක මිනිස්සු ආගම් ජාති භේද  වලින් තොරව සහෝදරත්වයෙන්  සිටීමය.

සාමයක් නැති  රටක ඇති  කළ හැකි සංවර්ධනයක් නැත. එන  ආයෝජනයක් නැත  විසඳුමක් හදා නොගෙන .අපි  ගහගන්නට  ගියොත්  අපේ  ගාර්මන්ට් ටිකත් යුරෝපය සහ ඇමරිකාව නොගන්නට ඉඩ  තිබේ. එසේ  වුවහොත් විමල් වීරවංසගේ  නෝනාගේ  ගාර්මන්ට් එකත් වැසෙනු  ඇත.



අරාබින්ගේ අමාරුකම් පිරිමැහීමට  ගෑනු අපනයනය කිරීම 

දෙමළ මිනිසුන් සහ  සහ  මුස්ලිම් මිනිස්සුන් සමග බලය බෙදා හදාගෙන   සාමයෙන්  සාමාදානයෙන්  ඉන්නට අපි ඉක්මනින් පොටක් පාදා  ගත්තේ  නැත්තම් තවත් අවුරුදු  50ක් 60   යන තුරු අපේ  ගැනුන්ව අරාබියට  යවා  අරාබි කක්කුස්සි හොදන්නටත් ,  අරාබි හාම්පුතාලගේ  අමාරුකම්  පිරිමහන්නටත් සිදුවනු ඇත. අපේ  කොල්ලන්ට සිදුවන්නේ දකුණු  කොරියාවට  ගොස් කොරියන්  කාරයන් නොකරන අනතුරු දායක ජොබ් දැන් කරන්නා සේම ඉදිරියටද  කරන්නටය. 

 ඒ ඔවුන් අපිට රැකියා  දුන්නොත්ය. දැන් පෙනෙන  හැටියට  නම් අරාබි  රටවලටත් කෙලවෙන්නට  යන හැඩය.  ඒ තෙල් මිල අඩු වීම  නිසාය . තවත් සැහෙන  කලක් යනතුරු තෙල් මිල  ඉහල  නොයන බව විශේෂඥ මතයයි. 

ලෝක  ආර්ථික  අර්බුදයක් පැතිරෙමින් තිබෙන මේ  මොහොතේ කොරියන් ජොබ් තව  කී දවසක් තිබේද යන්නද කල්පනා  කළ  යුතුය. සති දෙකකට පෙර  පැවති දකුණු කොරියානු මහමැතිවරණයෙන්  එහි ආණ්ඩුව  පැරදුනේද නිකන් නොවේ.

එබැවින් මේ  එළඹ  තිබෙන්නේ මොලේ  තියෙන  අයට  කල්පනා කරන්නට  කාලයයි.

  











































Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...