Skip to main content

1971 කැරැල්ල ගැන මතක සටහනක්.

වසර 45ක් පසු කරන  ජවිපෙ කැරැල්ල.


(ජවිපෙ සන්නද්ධ කැරැල්ල ඇරඹුණේ 1971 අප්‍රියෙල් 5 වනදාය. ඒ ගැන ඇති  පදම් බොහෝ අය  ලියා  තිබේ. එහෙත් කිසිතැනක නොලියවුණු මගේ අත්දැකීම් පදනම් කර ගනිමින් මේ කෙටි ලිපිය ලිවීමට අදහස් කරමි.)

1971 දී මා උසස් පෙළ සිසුවෙකි. ඉගන ගත්තේ  කොළඹය. මා  ජවිපෙට  හිතවත් බව දැනගත් පන්තියේ සිටි මිතුරෙකු  පන්නිපිටිය පැත්තේ  පැවැත්වූ   පන්ති පහෙන් පළමු පන්තියට සහභාගී කරවීය. එහි කතා  කලේ  ලංකාවේ  ආර්ථික අරබුදයයි. ඉතිරි පන්ති 4 ට සහභාගී වීමට මට අවස්ථාවක් ලැබුනේ  නැත්තේ පන්ති වලට සහභාගී වන  අය අල්ලා  ගැනීමට පොලීසිය ඇස ගසාගෙන සිටීම  නිසාය.

කෙසේ වෙතත් ජවිපෙ පුර්නකාලිකයෙකු සමග අඛණ්ඩව සම්බන්ධකම් පැවත්වීමි. දිනක් ඔහු පැමිණ  මා  හමුවී පිච්චුනු බල්බ් එකතු කොට තබන  ලෙස මගෙන් ඉල්ලීය. ඒ කුමකටදැයි ම ඇසු විට  විප්ලවය කිරීමට ඒවා අවශ්‍ය වන බව කීය. දින කීපයකට  පසු මා පිච්චුනු බල්බ හත අටක් එකතු කොට ඔහු අතට දුනිමි. හැකි නම් ටෙලිෆෝන් රිසීවරයක් හොයා දෙන ලෙස ඔහු ඉල්ලීය. විප්ලවයේදී පණිවිඩ හුවමාරු කිරීම සඳහා ඒවා අවශ්‍යවන  බව  ඔහු කීවේය. එය සොයා  දීමට මට  නොහැකි වූ  නමුත් නගරයේ ආසන්න තැනක තිබු  දුර  කතන කුටියක තිබු  රිසීවරය  කිසිවෙකු කපා ගෙන ගොස් තිබිණ.

මේ වන විට කොලඹ  නගරයේ තාප්ප බොහොමයක  ජවිපෙ  සටන් පාඨ  ලිය  තිබිණ. විශේෂයෙන්ම විශාල නිවෙස්වලට අයත්  බිත්තිවල පවා සටන් පාඨ ලිය තිබෙනු දැකිය හැකි විය. නුගේගොඩ හයිලෙවල්  පාර අසල තිබු සුදු තීන්ත  පමණක් ආලේප කර තිබු  'ධවල මන්දිරය' නමැති  සුන්දර   විශාල නිවෙසක බිත්තියේ ද 'අධිරාජ්‍යවාදයට  මරණය.  ජනතාවට විමුක්තිය' කියා  කළු අකුරින් ලිය  තිබිණ.

මේ වන විට රටේ  තැනින් තැන ජවිපෙ හැදු බෝම්බ පොලීසියට අසු වෙමින් තිබිණ එයට  සති කීපයකට පෙර දැදිගම නෙළුන්දෙනියේ තැනක බෝම්බ  තනමින් සිටින විට ඒවා පුපුරා ගොස්  ජවිපෙ  ක්‍රියාකාරීන් 5 දෙනෙකු මියයාම නිසා පොලීසිය බෝම්බ සෙවීමට විශේෂ පරිශ්‍රමයක් දරමින් සිටි අතර  ජවිපෙ  ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුම් දියත් කරමින් සිටියහ.

 විජේවීරගේ අවසන් රැස්වීම 

 71 කැරැල්ලට පෙර  ජවිපෙ   අවසාන  රැළිය පැවතුනේ  1971 පෙබරවාරි 27 ය. එය ප්‍රචාරය කිරීම සඳහා  අතින් ලියන ලද පෝස්ටර් කොළඹ පුරා  අලව තිබුනි.  එකල පෝස්ටරයක් ඇලවීම ඉතා   අනතුරු දායක  දෙයක් විය.පෝස්ටර් සමග  පොලීසියට අසුවුවහොත්  හොඳටම ගුටි කා  රිමාන්ඩ් එකට  යාමට සිදුවේ.  ඒ වන විට හදිසි නීතියද   පනවා තිබුණි..  ඒ කෙසේ වෙතත් ලඟ  එමින් තිබු සමාජවාදී විප්ලවය පිලිබඳ කුල්මත්ව සිටි මා හයිඩ් පිටියේ  තිබු එම රැස්වීමට  සහභාගී වුයේ  ඉතා  ආශාවෙනි.

පැමිණ සිටි සෙනගට හයිඩ් පිටිය ප්‍රමාණවත් නොවීය. එබැවින් පිට්ටනිය අවට  මාවත්ද  සෙනගින් තරමක් පිරී තිබිණ. පැමිණ සිටි අයගෙන් බහුතරය තරුණ පිරිස් වුහ. ඒ අතර විශ්ව විද්යාලවල ගිහි පැවිදි සිසුන්ද වුහ.. මෙම රැලිය ඇමතු ඉතා දක්ෂ  කථිකයෙකු වුයේ විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සමජවාදී   ශිෂ්‍ය සංගමයේ  නායකයාවූ  මහින්ද ................ ( නමේ දෙවන කොටස  මතක නැත. .) 


                                    1971 -02-27 හයිඩ්පාක් රැළිය අමතන  රෝහණ විජේවීර.

   තරුණ  තරුණියන්ගේ  සිත් ඇදගන්නා  දීර්ඝ   කතාවක් කළ රෝහණ විජේවීර , කතාව  අවසන්  කළේ 'කම්කරුවන්ගේ  ගොවියන්ගේ  ශිෂ්‍යයන්ගේ  සහ සෙබළුන්ගේ  විප්ලවයට  ජයවේවා"  කියාය. පක්ෂයේ   වියදම් සඳහා ආධාර  කරන ලෙස  ආයාචන කළ ඔහු රැස්වීම අවසානයේදී  වේදිකාව   ඉදිරිපසට අවුත් එහි වාඩිවූ අතර  බොහෝ තරුණ  තරුණියන් පැමිණ   මුදල් සහ තම   කනකර ආදිය  ගලවා විජේවීරගේ  අතට ඉතා  කැමැත්තෙන් දුන්නේ විප්ලවය වෙනුවෙනි.

71 විප්ලවය.

අප්‍රේල් 2 වන දින මා  ගමට පැමිණි අතර  උග්‍ර උණක් වැලදීම නිසා අප්‍රේල් 4  වන දින ගමේ රෝහලට ඇතුළු වීමි. අපේල් 6 වනදින උදැසන රෝහල් සේවකයෙකු පැමිණ කීවේ ජවිපෙ  බලය අල්ලා ගැනීම සඳහා පොලීසි වලට  පහර දී ඇති බවය.ඔහු එය  කිව  ස්වරුපයෙන් මට  වැටහුනේ  එම  කැරැල්ල ඔහු අනුමත නොකරන බවය . එහෙත් මගේ සිතේ  ඇතිවුවේ මහත් ප්රීතියකි. ජවිපෙ ඉතා  ඉකමනින් රටේම බලය අල්ලාගෙන  සමාජවාදී ආණ්ඩුවක් පිහිටවනු ඇතැයි මගේ  විශ්වාසය විය.

අපේ  දිස්ත්‍රික්කය වන කළුතර නම් කැරැල්ලක් නොතිබුන තරම්ය.  අගලවත්තේ කෙළවරක තිබෙන බදුරලියේ පොලීසියට පහර එල්ල  කරන්නට පිරිසක්  ට්‍රැක්ටරයකින් ඇවිත් පහර දී තිබු අතර එයට නායකත්වය දුන්නේ විද්‍යා උපාධිධරයෙකු යැයි ආරංචි විය. පහර දීම අසාර්ථක වුනු අතර බොහෝ දෙනෙක් වෙඩි කා මැරුණු  බව ආරංචි විය.ඉන් දින කීපයකට පසු  විවිධ තැන්වලින් අල්ලා ගත් ජවිපෙ සාමාජිකයන් කීපදෙනෙකු ප්‍රදේශයේ  පොලීසි ඉදිරිපිට මරා එල්ලා තිබු බවට  ආරංචි ලැබිණ. 

අපේ පොලීසියට (බුලත්සිංහල) කවුරුත් ගැහුවේ  නැත . එහෙත් ඉදිරියේදී එයට පහර දෙනු ඇත යන සැකය  මත එය  ආරක්ෂා කිරීමට ප්‍රදේශයේ  මිනිස්සු කැමැත්තෙන්ම ගියහ. රටේ  අනිත් පොලිස් ස්ථාන රැකීමටද ඒ ඒ ප්‍රදේශවල  මිනිස්සු ගිය බව පසුව  දැනගන්නට ලැබිණ.

එයට සති කීපයකට පසුව ජවිපෙ කැරැල්ල මුළුමනින්ම  කඩා වැටින.

කැරැල්ලේ ප්‍රතිඵල මටද අත්විය.කොළඹ මා නැවතී සිටි තැනට  මා  සොයා  රහස් පොලීසියෙන් පැමිණි බව ආරංචි වූ අතර තව දුරටත් නවා  තැන් දිය නොහැකි බව නවාතැන් පොලේ  අයිති කරු මගේ දෙමාපියනට දැනුම් දී තිබිණ. යලිත් මා ඉගනීමට ගියේ  නැත.  ගෙදරටවී   මා විසින්ම  මට උගන්නා   ගත් අතර ඊට වසරකට  පසුව පවුද්ගලික අපේක්ෂකයෙකු ලෙස උසස් පෙළට  ලියා සමත් වීමට සමත් වීමි.

71 කැරැල්ල දෙස   ආපසු හැරී බැලු විට අද  මා පැමිණ තිබෙන නිගමනය  නම් එය සුන්දර බලාපොරොත්තු අපේක්ෂාවෙන්  දුර දිග දැකීමට අසමත් තරුණයන් පිරිසක්  විසින් දියත් කළ  අමනොඥ කැරැල්ලක් බවය. 1971 වන විට ආණ්ඩුව බලයට පත්ව වැඩි කලක් ගතව නොතිබුන අතර මහජන ප්‍රසාදය ආණ්ඩුව කෙරෙහි නොඅඩුවම තිබිණ. එබැවින් ජවිපෙ කැරැල්ල  පරාජය කිරීමට සහය දුන්නේ මහජනයාමය.

.

                 1971 කැරැල්ල පරාජයෙන් පසු  ආණ්ඩුවේ  හමුදාවනට  භාරවූ ජවිපෙ  සාමාජිකයෝ.







Comments

Dayal Bathee said…
අම්මා ආදී නවකතා කියවල ලබපු කික් එකට
දුප්පත්කමට, මෝඩකමට, ත්‍රිල් එකට, වීරයො වෙන්නට රැකියා විරහිත භාවයට, පංති පරතරය, කුල පීඩනය ආදී හේතුවලට ශොර්ට් කට් එක කින් බලය ගන්න කළ වැඩක්.
Transylvania said…
71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතියේ දෙවන මුද්‍රණයට ඉන්ටවිව් එකක් දීමට ඔබ කැමතිනම් මා අමතන්න ruwanmjayatunge@gmail.com
Unknown said…
මේ රටේ ම මිනිස්සු මරාගත්තු තවත් අවස්ථාවක්.
This comment has been removed by the author.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...