Skip to main content

බල්ලට ගිය ෆේස් බුහ් ! බුහ් !!



ෆේස් බුක් අඩවිය ගිණුම් හිමියාගේ ජීවිතයේ  විවිධ අවස්ථාවල  පින්තුර  පළ කිරීමටද  ,  ආගිය අතක් නැති තමන්ගේ  පැරණි මිතුරන්  යලි  සොයාගැනීමටද  , නව මිතුරන් අඳුනා  ගැනීමටද හැකි කදිම මෙවලමක් වීම නිසා එය ලොව පුරා  ජනප්‍රිය විය  යන්න  මගේ  අදහසයි. ඇතැම් විටෙක ඒ හරහා පෙම් සබඳතා ඇති  කරගත් අතර විවාහයන් දක්වා ඒවා දික්වන්නටද ඇත.


ෆේස්බුක් දේශපාලනය සඳහා

    පසුකාලීනව  ලොව පුරා තරුණ  තරුණියන්  දේශපාලන උවමනාවන් වෙනුවෙන්  ෆේස්බුක් හෙවත් බුකිය  යොදාගැනීම  ආරම්භ  කළහ.  ඒකාධිපති  පාලකයන් බලයෙන් පහ කිරීම  සඳහා  එය යොදා ගත අවස්ථා  ගණනාවක් තිබේ. උදාහරණයක් හැටියට ඊජිප්තුවේ පාලකය වූ හොස්නි මුබාරක් එලව දැමීම සඳහා ඊජිප්තු තරුණ තරුණියන් ෆේස්බුක් අඩවිය බහුල වශයෙන් භාවිත  කිරීම දැක්විය  හැක. මහින්දව  එලවා දැමීමටද මේ රටේ ෆේස්බුක් හිමියන් සැලකිය යුතු ලෙස  සම්මාදම් වුහ. එමෙන්ම  මහින්දව යලි බලයට  පත් කරවා  ගැනීම  සඳහා ද යොදා ගැනින. දේශපාලකයන් විසින් තමන් කරන සේවය  ප්‍රසිද්ධ  කිරීමට මෙන්ම මහජනයා අතර  ජනප්‍රිය වීමටද අපේ රටේ  ඇතැම් දේශපාලකයන් මුහුණු පොත  යොදාගැනීමද  දැකිය හැක.

මඩ ගැසීම 

යහපත් දේ වෙනුවෙන් යොදාගැනීම වෙනුවට ෆෙස්බුකිය අනුන්ට  මඩ ගැසීම සඳහා යොදා ගැනීම කණගාටුවට  කරුණකි.  දේශපාලකයන්ගේ  චරිත  ඝාතනය  සඳහා බහුල ලෙස  අපේ රටේ  ඇතැමෙකු  ෆේස් බුකිය  යොදා  ගනීති.   , විශේෂයෙන්ම තරුණියන්ගේ  චරිත ඝාතනය කිරීම සඳහා සමහරුන්  ෆේස් බුකිය  භාවිතා කිරීම හෙලා දැකිය  යුතුය.

තිත්ත  කුණුහරුප ලිවීම

අනුන්ගේ  මත  ඉවසිය  නොහැකි ඇතැම් 'සිංහල බවුද්ධයන් ' අමු තිත්ත  කුණුහරුප ලියා විරුද්ධ මත  දරන්නන්ට අවලාද  කිරීම ෆේස් බුකිය පුරා  දැකිය  හැක. තමං ලියන කුණුහරුප සියලු දෙනා   දකින බවවත් සිතා   ගැනීමට මේ මැට්ටන්ට  නොහැකිද? එසේත් නැත්තම් සියලු දෙනා   තමන්ගේ  කුණුහරුප දකින බව දැන දැන එය වීර කමක් සේ  ඔවුන් සිතනවාද? 

නිදහස්  මාධ්‍යයක් වන ෆේස් බුකියේ  කුණුහරුප ලියන්නන් පාලනය කිරීමට ෆෙස්බුකිය භාවිතා  කරන්නන් කටයුතු  කළ යුතුය යන්න  මගේ අදහසයි. ලැබුණු නිදහස   වගකීමෙන් යුතුව භුක්ති විඳීමට මේ වඳුරන්  දන්නේ  නැත. බොහෝ විට මෙසේ  කුණුහරුප වක්කරන්නේ  හොර  ගිණුම් හදාගෙනය. එවැනි හොර  ගිණුම් හදාගෙන  කුණුහරුප වපුරන්නන් පිළිබඳව ෆේස්බුක් අඩවිය  කරන්නන්ට  දැන්වීම ( report කිරීම ) ඔබේ වගකීමකි.

කුණුහරුප ලියන්නේ  කවුද?

අනුන්ගේ  මත ඉවසිය  නොහැකිව , ඇහෙත් නැත්තම් තර්ක නොමැතිවීම නිසා කුණුහරුප ලියා   අනුන්ට අපහාස කිරීම කරන්නේ රස්තියාදු  කාරයන් බව ඇතැමෙකුගේ  අදහසයි. බොහෝ විට මොවුන්ට ෆේස්බුක් ගිණුමක් වත් හදා ගැනීමට දැනුමක් නොමැත.   මොවුන්ට  face book ගිණුම සාදා දෙන්නේ වෙනත් කෙනෙකි.    ඇතැම් ජංගම දුර කතන වෙළෙන්දන්ද  මෙවැනි අයට ෆේස්බුක් ගිණුමක් සාදා දීමට  පිහිට වෙති.

දැලි පිහි අතට ගත මේ වඳුරන්  පාලනය  කිරීම අත්‍යවශ්‍යය. ඒ සඳහා නීති රීති පැනවිය යුතුය  යන්න මගේ  අදහසයි. ජනධිපතිට  පවා තිත්ත  කුණුහරුප කියා වීඩියෝ පට  පවා පලකරන්නේ  නීති  නැති නිසාය. 













Comments

බල්ලට ගිය ෆේස් බුහ්!!! ගිණුම් හදා ගන්න බැරි අය විතරක් නෙවෙය් අපේ රටේ සමහර ඉහළ තනතුරු දරණ අයත් /(විශේෂයෙන් මහින්දගේ පරාජයෙන් වියරු වැටුණු ) මෙවැනි නොමනා රටාවකින් ෆේස් බුක් පාවිච්චි කරනවා

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...