Skip to main content

දේශපාලක තුමාගේ මැයි දින පණිවිඩය

 

විරුද්ධ පක්ෂයේ ගල්මුසල දේශපාලනඥයන්ට නම් මැයි දිනය තවත් දිනයක් පමණක් වුවාට  මට  නම් එසේ  නොවේ..  ඔබව ඔවුන්ට මතක් වන්නේ අද දිනයේ  පමණි. මා  නම් එවැනි දේශපාලකයෙකු නොවේ .මන්ද  වැඩ  කරන  ජනතාවගේ වටිනාකම   අඩුවශයෙන් අවුරුද්දකට දෙවරක් වත් මට  මතක් වෙන  නිසාය. මේ  රටේ වැඩ  කරන ජනතාවට   නම්  කිසි දිනක මා   අමතක  නොවන  බව  හොදින්ම  දනිමි. එයට  හේතුව  නම්  මමද කළකට පෙර මාසික වැටුප් ලබන සේවකයෙක්ව  සිටිමින් ඔබ සමග  අයිතිවාසිකම් දිනා   ගැනීම  සඳහා උරින් උර  ගැටෙමින් සටන් කළ  නිසාය.  මා  ඔබ සමග එඩිතරව  සටන් කිරීම  නිසා  මා   ඔබගේ   වෘත්තීය  සමිතියේ  නායකයා බවට  අවුරුදු 20 ට  පෙර පත්  කර  ගනු  ලැබීය. සමහර වෘත්තීය සමිති  නායකයන් මෙන් මා සටන් පාවා  නොදුන් බැවින් අපේ  පක්ෂයේ  සියලුම  වෘත්තීය  සමිති සහ සම්මේලනවල  නායකයා බවට  මා  තෝරා ගැනීමට අපගේ  පක්ෂයේ  නායකයා  නිර්දේශ  කළ බවත්   .  ඒ  අනුව   සියලු සාමාජිකයෝම එක  හඩින් එය  අනුමත   කර මා  තෝරා  පත්  කර ගත්  බවත් කෘතඥතා  පුර්වකව අද වැනි ශ්‍රේෂ්ට දිනයක  සිහිපත්  කිරීමට  කැමැත්තෙමි.

  රට  පාලනය  කළේ  අපේ  විරුද්ධ වාදීන්  බැවින් කම්කරු  පන්තියේ  අයිතිවාසිකම් වෙනුවෙන් මහා වැඩ වර්ජනයක් දියත්  කිරීම සඳහා කම්කරුවන් සුදානම්  කරන ලෙස අපේ  නායක  තුමා  මට උපදෙස්  දුන්නේය.  ඉල්ලීම් 21 ක් මුල්  කරගනිමින්  දැවැන්ත වැඩ වර්ජනයකට  සියල්ල  ලක ලෑස්ති  කරමින්  සිටින  අතර  එවක  බලයේ  සිටි  ජනාධිපති  තුමා මා වෙත චරපුරුශයෙකු අතේ  පණිවිඩයක් එවමින් තරු පහේ  හෝටලයකදී ඔහු  හමුවෙන  ලෙස ඉල්ලා  සිටියේය. ජනාධිපති වරයෙකුගේ   ඉල්ලීමක්   ප්‍රතික්ෂේප  නොකළ  හැකි  බව  ඔබ පිලිගන්නවා ඇත. එබැවින්  මා එතුමා   රහසිගතව හමු වූ  අතර  වැඩ වර්ජනය අත් හැර දමන  ලෙසත්  එයට  කෘත  ගුණ සැලකීමක්  ලෙස ජාතික  ලැයිස්තුවෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් මා  හට ලබා  දිය  හැකි  බවත් එතුමා මගේ  කරට  අත  දමාගෙන කියා සිටියේය.

මන්ත්‍රී  තනතුරකට කම්කරු  පන්තියේ  සටනක්  පවා දිය  නොහැකි  බව එතුමාට සැල  කළ  මා වහාම ආපසු  ආවෙමි. ඒ  මා   කෙලින් මිනිසෙකු  නිසාය. හිටපු  ජනාධිපති  තුමාත්  ලේසියෙන් අරින  මිනිහෙකු  නොවේ . ඔහු  යලිත්  පණිවිඩයක් එවමින් ඇමති  තනතුරක් උවමනා දැයි විමසීමක්  කළේය.  ....ඇමති  තනතුරක්...? ඇමති  තනතුරක්... ? මා සීරියස් ලෙස  ඒ  ගැන  කල්පනා  කළේ  මා ගැන  සිතා  නොව  කම්කරු  පන්තියේ යහපත   ගැන සිතාය. ඇමති   තනතුරක් ලැබුනොත්  වුර්තීය සමිති  නායකයෙකුට වඩා සේවයක් කළ හැකි  බව  මගේ භාර්යාව හෙවත්  ආර්යාව  කියා සිටින්නට වූ අතර  ඇගේ  බල කිරීම  නිසාම  අන්තිමේදී ජනාධිපති  තුමා  හමුවීම සඳහා ජනධිපති  මන්දිරයට  ගියෙමි.

  ජනාධිපති  මන්දිරයේ  රහසිගත  කාමරයකට මා   කැඳවූ  ජනධිපති තුමා  සාකච්චාවට  පෙර     "දෙකක් දාගම්මු "  යයි    යෝජනා  කළ  අතර මා ද එයට කැමැත්ත  ප්‍රකාශ  කළෙමි      ෂොට්  දෙක තුනක්   දාගත්  පසු   ජනාධිපති තුමා කෙලින්ම සාකච්චාට  බැස්සේය.  " මචං ජෙනරල් ස්ට්‍රයික් එක  නවත්තපන් . මන් ඇමති  කමක් දෙන්නම් "  ජනාධිපති තුමා  කීය. අපේ  පක්ෂයේ  ලොක්කා  නම් කිසි දිනක මට "මචං" යැයි අමතා  නැති  අතර ඔහු මා   ඇමතුවේ " තමුසේ" කියාය.  එබැවින්  ජනධිපති  තුමා  කෙරෙහි මා  තුළ  ඇති වුයේ  බලවත් පැහැදීමකි. මේ වන විට  බ්‍රැන්ඩි ෂොට් කීපයක්  මා ද දාගෙන  තිබුණු බැවින් මා  සිත  තුළද  වෙනදාට වඩා  එඩිතර  කමක් ඇතිවී තිබුණු  අතර " කම්කරු  ඇමති  කම දෙනව නම් වර්ජනය  නවත්තන්නම් " යැයි කීමි."Ok I'll give the job to you "යැයි අන්තිමේදී එතුමා මට කීය.

කම්කරු ඇමති  කම  ලැබීමෙන් පසු මෙයට පෙර  සිටි කිසිම  කම්කරු ඇමති වරයෙක් නොකළ  තරම් සේවයක් මා  වැඩ  කරන  ජනතාව  වෙනුවෙන් ඉටු  කළ  බව මේ  ලෝක  කම්කරු දිනයේ  ඔබ වෙත  සිහිපත් කරනු  කැමැත්තෙමි. මා කළ එක  සේවයක්  පමණක්  මේ  මොහොතේ  මතක්  කිරීමට  කැමතිය. එය  නම්  කම්කරු  ප්‍රඥප්තියක් පාර්ලිමේන්තුවට  ඉදිරිපත්  කර  සම්මත  කරවා   ගැනීමයි. එයින්   ඔබට සිදුවූ  යහපත මා විස්තර  නොකළාට ඔබ  හොදින්ම දනී.

ඉකුත්  ජනාධිපති වරණය  ආසන්නයේ  මා එම  ආණ්ඩුවෙන් අස්වී මේ  පැත්තට පැමිණ ජනාධිපති අපේක්ෂකයාට  පන දාගෙන  වැඩ  කළේ   කලින් ආණ්ඩුවේ ඇමති ධුරයෙන්   මා අපේක්ෂා කළ පරිදි කම්කරු  පන්තියට   යහපතක් කිරීමට  මට අවස්ථාවක්   නොදීමත් අලුත්  ආණ්ඩුවේ ඇමති ධුරයක් ලබා  දෙන  බවත්  කම්කරු පන්තියට අමතක නොවන සේවයක් කිරීමට ඉඩ සලසන  බවට  පොරොන්දුවක්  ලැබීම  නිසාය. මේ  ආණ්ඩුව පොරොන්දු ඉටු  කරන ආණ්ඩුවකි. බලවත් ඇමති ධුරයක් මට ප්‍රදානය  කළ අතර  මේ    රුපියල්  දස  දහසක වැටුප් වැඩිවීමක් රජයේ සේවකයනට  දීමට  මේ  ආණ්ඩුව  තීරණය  කළේ  කැබිනට් මණ්ඩලය තුලදී මා  ගෙන  ගිය බලවත්  සටන  නිසා බව  මෙම   මැයි දින  පණිවිඩයේ සඳහන්  කරන්නේ ආඩම්බරයෙනි. ඉදිරියටත් වැඩ  කරන  ජනතවගේ  යහපත් වෙනුවෙන්  දැවැන්ත වැඩ  කොටසක්  ඉටු  කිරීමට සුදානම් කර  ඇති බව අවසාන වශයෙන් සඳහන්  කරමි.

ඔබ සැමට ප්‍රීතිමත් මැයි දිනයක් වේවා .


මෙයට 

කම්කරු පන්තියට  කවදත් හිතැති 

දේශපාලක තුමා 

























Comments

ඔන්න ඕකයි උනේ කිව්වලු... කම්කරුවන්ට ජයවේවා !!!
Aruna Perera said…
අතීතයෙත්, වර්තමානයෙත්, අනාගතයෙත් කම්කරු සමිති නායකත්වයෙ යථා තත්වය....

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට