Skip to main content

මෛත්‍රීගේ කරුණාව සහ රජතුමාගේ වෛරය. .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩී හමාරය. මේ සම්බන්ධයෙන්  යු. එන්. පී. කාරයන් නම් සිටින්නේ අමානන්දයෙන්ය. එහෙත් එය පෙන්නන්නේ  නැත්තේ මෛත්‍රීගේ  හිත  නරක් කරන්නට  බැරි  නිසාය. 



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  කැඩීමට ඒ  කාලයේ උවමනාව තිබුනේ  එක්සත්  ජාතික  පක්ෂයටය. බණ්ඩාරනායක මැතිනියගේ  ප්‍රජා අයිතීන් අහෝසි  කිරීමට  JR පියවර  ගත්තේද ඒ නිසාය. . රෝහණ විජේවීර  මහතාටද ඒ  උවමනාවම     තිබුණි. 'ගමනක අවසානය ' නමින් දේශනා  මාලාවක් 1977 හිරෙන් එලියට  පැමිණි  විජේවීර  මහතා රට පුරා තබාගෙන  ගියේද  ඒ  නිසාය. අනිත්  කාරණාව  නම් බණ්ඩාරනායක මහත්මියගේ  ආණ්ඩුව 71  කැරැල්ල  සමතලා  කිරීම  නිසා  ශ්‍රීලනිපය කෙරෙහි විජේවීර  තුළ තිබු දැඩි  කෝපයයි.  එමෙන්ම  ශ්‍රීලනිපය  කැඩුනොත් තමන්ට ලොකු පක්ෂයක් බවට  පත්වීම  පහසු වනු ඇතැයි ඔහු  සිතීමයි.

කෙසේ වෙතත්  ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයට  77 සිට 94 දක්වාම සිටින්නට වුයේ විපක්ෂයේය. ඒ  කාලය තුල පක්ෂය කලි කීපයකට කැඩී ගියත්  ජවිපෙට ලොකු  පක්ෂයක් බවට  පත්වන්නට  නොහැකි විය.චන්ද්‍රිකා බණ්ඩාරනායක  මහත්මිය  රාජපක්ෂගේ  බලාපොරොත්තු  කඩමින් පක්ෂය ගොඩ  ගන්නට වැඩ  කිරීම  මහින්දට ඇහේ  කටු ඇනෙන්නක් මෙන් විය  . තරුණ වයසේ  සිටි චන්ද්‍රිකා පස්ස  නොබලා  වැඩ  කිරීම  නිසා පළමුව  බස්නාහිර  මහා ඇමති වූ  අතර  දෙවනුව අගමැති  කම  ලබා  1994   ජනාධිපති වුවාය.


 සිංහල බවුද්ධ  මතවාදී පක්ෂයක් වූ  ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය එයින් ගලවා ගැනීමට චන්ද්‍රිකා  ජනාධිපති  සමයේ විවිධ  උත්සාහයන්  ගත්තද ඒවා  සාර්ථක වුයේ  මතුපිටින් පමණි. 2005 සිට මහින්ද  බලයට ආවිට චන්ද්‍රිකා   කළ  සියල්ල අනිත් පැත්තට  හරවන්නට  හැකි වුයේ  ඒ නිසාය.

මහින්ද ශ්‍රීලනිපය  ,සිංහල බවුද්ධයන්ගේ   පක්ෂයක් බවට පත් කළා  පමණක් නොව  ඔහුගේ  මිනිස්සුන්ට  සීමාවකින් තොරව , හොඳින් සහ  නරකින් මහජන මුදල් සහ දේපොළ ගසා කෑමට  ඉඩ දුන්නේය .  ඒකාබද්ධ විපක්ෂය යන  නාම  පුවරුව වැටේ  සිටින  පාර්ලිමේන්තු  මන්ත්‍රීවරු පමණක් නොව  නගර සභා ,ප්‍රාදේශීය සභා  සභාපතිවරුන් , මන්ත්‍රී වරුන්    මහින්ද පස්සේ වැටී සිටින්නේ  ඒ  නිසාය.

ජනවාරි 8 වනදා මෛත්‍රී  දිනු  විට හොල්මන්වී ගිය  මහින්දත්, පවුලේ  අයත් , ඔහුගේ  හෙන්චයි මන්ත්‍රීවරුත් හිර ගෙවල්වල තපින්නට වෙතැයි බියෙන් සලිත  වී සිටියත්  පුංචි පුංචි කෙනිත්තීම් හැර වෙනත් කිසිවක් නොවූ බැවින්  ඔවුන් යලිත් මහින්ද වටේ  ගාල්වූ  අතර දැන් මෛත්‍රීට  සරම උස්සා  පස්ස පෙන්වීමට තරම් එඩිතර වී සිටිති.

පක්ෂය දෙකට  කැඩෙනු ඇතැයි බයවී මෛත්‍රී ඔවුන්ට එරෙහිව  කිසිවක් නොකිරීමේ ප්‍රතිපලය දැන් විඳින්නට වී ඇත්තේ  මෛත්රීටමය. හයිඩ්  පාක් රැලියට ගියොත් විනය පියවර  ගන්නේ  යැයි  කිව්වත් ගත්ත  විනය  පියවරක් නොමැති වූ බැවින් මෛත්‍රීට  එරෙහිව     වහසි බස් දොඩමින්  මැයි දින රැස්වීමක්  කිරුලපන පැවැත්වීමට එඩිතර වී සිටිති. . මෙය  මෛත්‍රීට  එරෙහිව  ප්‍රසිද්ධියේ  දියත්  කර  ඇති කැරැල්ලක් මිස යුඑන්පියට එරෙහිව අතපය  ඉස්සීමක් නොවේ.

පල්හොරුන්ව මෛත්‍රී කිරීමෙන් දමනය  කළ නොහැකි බව ජනධිපතිවරයා  ඉක්මනින් වටහා   නොගත්තොත් ශ්‍රී ලංකා  නිදහස්  පක්ෂයේ  සම්පුර්න  පාලනය තවත් අවුරුද්දක්  හමාරක් යනවිට  මෛත්‍රී  අතින් ගිලිහී මහින්ද රාජපක්ෂ  අතට  යාමට  ඉඩ නොමැත්තේද  නොවේ.

 එසේ  වුවහොත් මෛත්‍රීට  සිදුවන්නේ  යුඑන්පියට  යන්නටය. චන්දය දුන්  පක්ෂයක් නැති අපි වගේ අයට සිදුවන්නේ වහ  කන්නටය. 





















 







Comments

මහින්ද අනික් පක්ෂ වලට කල දේ දැන් එයාලට වෙනවා... ඕවා බලලා ආතල් එකක් ගන්නවා ඇර කලබල වෙන්න ඕන නෑ...
එහෙමද? මහින්ද ආයිත් ආවොත් වස බොනවා කියල සමහරු කියනවා.
Unknown said…
මෙහෙමයි රණවීර මහතා. මහින්ද ආණ්ඩු කරන කාලේ අනික් පක්ෂ සියල්ල ම දෙකට කැඩුවා. දෙකට නෙමෙයි සමහර ඒවා කෑලි කෑලි වලට. ඒක තමා ඔහුගේ බලය පවත්වා ගැනීමේ පදනම වුණේ. දැන් රනිල් කරන්නෙත් ඒකයි. මෙතැනදී මෛත්‍රී කියන සාධකය මූලික කරගෙන මේ ආණ්ඩුව දිහා බැලීම අපි කරන වැරැද්දක්. ඇත්තට ම මෙතැනදී මූලික වෙන්නේ රනිල්...... ඒක නොබලන තාක් කල් අපි බලන්නේ වැරදි පැත්තකින්. රනිලුත් මේ වෙලාවේ ඒ වැරදි දැක්මෙන් ලැබෙන ආරක්ෂාවට කැමතියි. මොකද අවුරුදු 20 ක් විපක්ෂයේ ඉදලා බලයට ආපු කෑලි කෑලි වෙලා තිබුණ පක්ෂයකට තව සාමාන්‍ය කාලයක් මේ ආරක්ෂාව අවශ්‍යයි.......
Pra Jay said…
පුද්ගල වන්දනාව ඇරෙන්න සිරිලන්කා නිදහස් පස්සෙට වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද? බණ්ඩාරනායක ඝාතනය නිසා එක් පුද්ගලයෙක් වන්දනාව පක්සයේ ප්‍රතිපත්තිය වුනා වෙන්න ඇති. සමාජවාදෙට ලඟින් යන අධිරාජ්ය විරෝදී ප්‍රතිපත්ති කිව්වට රාජාණ්ඩුවකට ගැලපෙන මානසිකත්වයක් තියෙන්නෙ
Aruna Perera said…
//////මෙය මෛත්‍රීට එරෙහිව ප්‍රසිද්ධියේ දියත් කර ඇති කැරැල්ලක් මිස යුඑන්පියට එරෙහිව අතපය ඉස්සීමක් නොවේ./////////////
යුඇන්පියට ශ්‍රිලනිපයේ අභ්‍යන්තරයෙන් කරගන්න අපහසු වැඩේ මහින්ද ලව්වා කරවාගැනීම..දැණුවත්ව හෝ නැතුව.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට