Skip to main content

බල්ලට ගිය ෆේස් බුහ් ! බුහ් !!



ෆේස් බුක් අඩවිය ගිණුම් හිමියාගේ ජීවිතයේ  විවිධ අවස්ථාවල  පින්තුර  පළ කිරීමටද  ,  ආගිය අතක් නැති තමන්ගේ  පැරණි මිතුරන්  යලි  සොයාගැනීමටද  , නව මිතුරන් අඳුනා  ගැනීමටද හැකි කදිම මෙවලමක් වීම නිසා එය ලොව පුරා  ජනප්‍රිය විය  යන්න  මගේ  අදහසයි. ඇතැම් විටෙක ඒ හරහා පෙම් සබඳතා ඇති  කරගත් අතර විවාහයන් දක්වා ඒවා දික්වන්නටද ඇත.


ෆේස්බුක් දේශපාලනය සඳහා

    පසුකාලීනව  ලොව පුරා තරුණ  තරුණියන්  දේශපාලන උවමනාවන් වෙනුවෙන්  ෆේස්බුක් හෙවත් බුකිය  යොදාගැනීම  ආරම්භ  කළහ.  ඒකාධිපති  පාලකයන් බලයෙන් පහ කිරීම  සඳහා  එය යොදා ගත අවස්ථා  ගණනාවක් තිබේ. උදාහරණයක් හැටියට ඊජිප්තුවේ පාලකය වූ හොස්නි මුබාරක් එලව දැමීම සඳහා ඊජිප්තු තරුණ තරුණියන් ෆේස්බුක් අඩවිය බහුල වශයෙන් භාවිත  කිරීම දැක්විය  හැක. මහින්දව  එලවා දැමීමටද මේ රටේ ෆේස්බුක් හිමියන් සැලකිය යුතු ලෙස  සම්මාදම් වුහ. එමෙන්ම  මහින්දව යලි බලයට  පත් කරවා  ගැනීම  සඳහා ද යොදා ගැනින. දේශපාලකයන් විසින් තමන් කරන සේවය  ප්‍රසිද්ධ  කිරීමට මෙන්ම මහජනයා අතර  ජනප්‍රිය වීමටද අපේ රටේ  ඇතැම් දේශපාලකයන් මුහුණු පොත  යොදාගැනීමද  දැකිය හැක.

මඩ ගැසීම 

යහපත් දේ වෙනුවෙන් යොදාගැනීම වෙනුවට ෆෙස්බුකිය අනුන්ට  මඩ ගැසීම සඳහා යොදා ගැනීම කණගාටුවට  කරුණකි.  දේශපාලකයන්ගේ  චරිත  ඝාතනය  සඳහා බහුල ලෙස  අපේ රටේ  ඇතැමෙකු  ෆේස් බුකිය  යොදා  ගනීති.   , විශේෂයෙන්ම තරුණියන්ගේ  චරිත ඝාතනය කිරීම සඳහා සමහරුන්  ෆේස් බුකිය  භාවිතා කිරීම හෙලා දැකිය  යුතුය.

තිත්ත  කුණුහරුප ලිවීම

අනුන්ගේ  මත  ඉවසිය  නොහැකි ඇතැම් 'සිංහල බවුද්ධයන් ' අමු තිත්ත  කුණුහරුප ලියා විරුද්ධ මත  දරන්නන්ට අවලාද  කිරීම ෆේස් බුකිය පුරා  දැකිය  හැක. තමං ලියන කුණුහරුප සියලු දෙනා   දකින බවවත් සිතා   ගැනීමට මේ මැට්ටන්ට  නොහැකිද? එසේත් නැත්තම් සියලු දෙනා   තමන්ගේ  කුණුහරුප දකින බව දැන දැන එය වීර කමක් සේ  ඔවුන් සිතනවාද? 

නිදහස්  මාධ්‍යයක් වන ෆේස් බුකියේ  කුණුහරුප ලියන්නන් පාලනය කිරීමට ෆෙස්බුකිය භාවිතා  කරන්නන් කටයුතු  කළ යුතුය යන්න  මගේ අදහසයි. ලැබුණු නිදහස   වගකීමෙන් යුතුව භුක්ති විඳීමට මේ වඳුරන්  දන්නේ  නැත. බොහෝ විට මෙසේ  කුණුහරුප වක්කරන්නේ  හොර  ගිණුම් හදාගෙනය. එවැනි හොර  ගිණුම් හදාගෙන  කුණුහරුප වපුරන්නන් පිළිබඳව ෆේස්බුක් අඩවිය  කරන්නන්ට  දැන්වීම ( report කිරීම ) ඔබේ වගකීමකි.

කුණුහරුප ලියන්නේ  කවුද?

අනුන්ගේ  මත ඉවසිය  නොහැකිව , ඇහෙත් නැත්තම් තර්ක නොමැතිවීම නිසා කුණුහරුප ලියා   අනුන්ට අපහාස කිරීම කරන්නේ රස්තියාදු  කාරයන් බව ඇතැමෙකුගේ  අදහසයි. බොහෝ විට මොවුන්ට ෆේස්බුක් ගිණුමක් වත් හදා ගැනීමට දැනුමක් නොමැත.   මොවුන්ට  face book ගිණුම සාදා දෙන්නේ වෙනත් කෙනෙකි.    ඇතැම් ජංගම දුර කතන වෙළෙන්දන්ද  මෙවැනි අයට ෆේස්බුක් ගිණුමක් සාදා දීමට  පිහිට වෙති.

දැලි පිහි අතට ගත මේ වඳුරන්  පාලනය  කිරීම අත්‍යවශ්‍යය. ඒ සඳහා නීති රීති පැනවිය යුතුය  යන්න මගේ  අදහසයි. ජනධිපතිට  පවා තිත්ත  කුණුහරුප කියා වීඩියෝ පට  පවා පලකරන්නේ  නීති  නැති නිසාය. 













Comments

බල්ලට ගිය ෆේස් බුහ්!!! ගිණුම් හදා ගන්න බැරි අය විතරක් නෙවෙය් අපේ රටේ සමහර ඉහළ තනතුරු දරණ අයත් /(විශේෂයෙන් මහින්දගේ පරාජයෙන් වියරු වැටුණු ) මෙවැනි නොමනා රටාවකින් ෆේස් බුක් පාවිච්චි කරනවා

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට