Skip to main content

රුපියල් දහයෙන් අවුරුදු කෑවෙමු.

මා මේ කියන්නට  යන්නේ අවුරුදු 50 කට පෙර අපි අවුරුද්ද සැමරු හැටිය. එකළ අපේ ගමේ  මිනිස්සු අදට වඩා දුප්පත්ය.ගම විශාල උනත්  ගමටම තිබුණේ මෝටර් රථ තුන හතරකි. මෝටර් බයිසිකලයක් තිබුනේ  සැන්ටිපෝට්  (PHI) මහතාට පමණි. දුර කතන තිබුනෙත් තුනකි. ගමේ ප්‍රධාන ආදායම් මාර්ග වුයේ රබර් කිරි ශීට් රබර් බවට පත් කර විකිණීම, වී ගොවිතැන  සහ බීඩි කර්මාන්තයට අදාළ රැකියාය..

එකල අවුරුද්ද වෙනුවෙන් නිවෙසකට ඕනැ ආහාර ද්‍රව්‍ය සහ රෙදිපිලී  මිලදී ගැනීමට යන්නේ  ගමේ  තිබුණු  මහා කඩයටය. එය විශාල වෙළඳ සැලකි. 


අවුරුද්ද එන තුරු කවුරුත් බලා සිටියේ  ඉතා ඕනෑකමිනි.  අලුත් සරමක් සහ  රතිඥ්ඥා පෙට්ටියක් ද ශත දහයක් දෙමාපියන්ගෙන් මට ලැබේ. එය  මට හොඳටම ප්‍රමාණවත්ය. අලුත් සරම හැඳගෙන මා යන්නේ  ඔන්චිලි පොලටය. ඔන්චිලි පොළ යනු කතුරු ඔන්චිල්ලාවක් සහිත කැට ගසන ස්ථානයකි.එම ස්ථානයට  ගමේ  සියලු දෙන වාගේම පැමිණෙති. කතුරු ඔන්චිල්ලාව ලීයෙන් තැනු කරකැවෙන රවුමකි. එහි එක විට 24 දෙනෙකුට ඔන්චිලි පැදිය හැකි  ලෙස තනා තිබේ. මා   කුඩා කල සිට  මේ වන තුරුම වාර්ෂිකව තනන මේ  කතුරු ඔන්චිල්ලාව පැදීමට  මුදලක් අය නොකරන අතර එහි වියදම සොයා ගන්නේ එම භූමියේම පවත්වාගෙන  යන කැට ගැසීම් සහ Y තැබීම  නමැති කැට තුනකින් කරන සුදු ක්රීඩාවකිනි. මේ සුදුවට  පුංචි අයද  කාන්තාවන්ද  ඉතා උනන්දුවෙන් සහභාගී වෙති.  පොලීසිය  කඩා පැන   සුදුවට භාවිත  කරන ආපන්න සහ  සල්ලිද රැගෙන  යන අවස්ථාද  ඉඳහිට  තිබිණ .y තැබීමෙන් මා දිනු අවස්ථාවක් නැත. පළමුවෙන් රු.දෙක තුන වෙනකම් දිනුවද අවසානයේ  සියල්ල පැරදී හිස් අතින් ගෙදර එමි. පසුදා එහි ආපසු යන්නේ අම්මාට වදකොට  ඉල්ලා  ගන්නා සත 5ක් හෝ දහයක් ද රැගෙනය.


අවුරුදු  චාරිත්‍ර

අවුරුදු චාරිත්‍ර ගමේ සියල්ලන්ම වාගේ  අකුරට අනුගමනය  කළහ. අවුරුදු උදාවීමත් සමග අම්මා   සතයක හෝ දෙකක කාසියක් ලිඳට දමා වතුර  කාලයක් රැගෙන එයි. නැකතට ලිප මෙලවීම,  ආහාර අනුභවය, වැඩ ඇල්ලීම ආදිය සැලකිල්ලෙන් යුතුව  කරනු ලැබීය. ගන දෙනු කිරීම සඳහා  කරනු ලබන්නේ  ළඟ  පාත  කඩයට ගොස් වීදුරුවක් හෝ දෙකක් මිලදී ගැනීමය. තෙල් ගෑම සඳහා පන්සලට  ගොස් නානු සහ  කසාය කුඩා කෝප්ප  දෙකකට රැගෙන ඒමට  යන්නේ මාය.ආධාර වශයෙන් ශත  පහක් හෝ දහයක් එහි ඇති භාජනයට කවුරුත් දමති. බොහෝ වසරවල පයට  කරඳ කොළ   තබා හිස තෙල් ගාන  ලෙස  පංචාංග ලිතේ  සඳහන් කර තිබෙන බැවින් සීයා  වරක් පාවිච්චි කළ  කරඳ කොළ අල්මාරියේ  ඉහලින් තබා පරිස්සම් කරගෙන සිටී. ඒවා එලියට ගන්නා   සීයා එම කොළ පැදුරක් උඩට  දමා ඉහලින් නුල් බැඳ එහිද  ලිතේ  සඳහන්  කොළ එල්ලා  තෙල් ගැම සඳහා  සුදානම් කරයි. නැකත් වෙලාව දන්වමින් පන්සලේ  ඝන්ටාරය  නාද වන විට සීය  අප සැමගේ  හිසේ  කසාය නමැති  මිශ්රණයද ,  කිසියම් පත්‍ර වර්ගයකින්  තැනු නානුද ,  තෙල් වර්ගයක්ද  පිලිවෙලින් ආලේප  කරයි. ඉන්පසු ලිඳට  ගොස් නැමෙන් එම චාරිත්‍රය අවසන්වේ.

තෙල් ගාන දිනයෙන් අවුරුද්ද අවසන් වන බැවින් එදින මා මෙන්ම අනෙකුත්  කුඩා ළමුන්ද  සිටින්නේ  දුකෙන්ය. එදිනද  ඔන්චිල්ලා පොලට ගොස් ඔන්චිලි පදින්නේ   යලිත් එම වාසනාව  උදාවන්නේ  තවත් වසරකින් නිසාය.

එකල දුප්පත් අප වැන්නන්ට අවුරුද්ද සැමරීම  සඳහා රුපියල් දහයක් ප්‍රමාණවත් විය. මා  ඒ බව  හොඳින්ම දන්නේ  රුපියල්  දහයක් රැගෙන  මහකඩයට ගොස් අවුරුද්ද සැමරීම සඳහා අවශ්‍ය  කළමනා සහ රෙදිපිලිද රැගෙන ආබව  වසර  ගණනකට පසු මගේ  මව කී නිසාය.

අද අවුරුදු සැමරීම 

මගේ දෙමාපියන්ද සීයාද දැන් නැත. දැන් අවුරුද්ද සැමරීමට එකතු වන්නේ  බිරිඳත් මගේ  පුතුන් දෙදෙනාත්ය. අවුරුද්ද සඳහා රුපියල් විස තිස්දාහක් අපි වියදම් කලත් අපේ  නිවසේ නැකත් චාරිත්‍ර නම් අපි ඉටු කරන්නේ  නැත. රතිඥ්ඥා මිලදී ගන්නේ  නැත්තේ  ගෙදර  සිටින නමක් නැති බැල්ලිය බියවන නිසාය. ඇය විසින් අපිට  මනා  සේවයක් කරමින් සිටින  නිසා අපි ඇය අකමැති දේවල නොකරමු. ගේ තුලට සර්පයෙකු රිංගුව හොත් ඒ බව  අපිට දැනුම් දෙන්නේද උන් පන්නා දමන්නේද  ඇයය. මීයන් අල්ලා  ගැනීමද  ඇගේ රාජකාරියක් බවට පත් කරගෙන සිටින බැවින් බලලෙකුද අපේ  නිවසේ  නොමැත.එබැවින් ඇයට කරන සැලකිල්ලක් ලෙස රතිඥ්ඥා පත්තු කිරීමෙන් අපි වැළකී සිටිමු.

අපි අවුරුදු චාරිත්‍ර  නොකලද ගමේ  බහුතරයක් දෙනා අවුරුදු චාරිත්‍ර නොවරදවා සිදු  කරන බව  නැකත් වෙලාවට හතර අතින්  දුරින්ද , ලඟින්ද  ඇසෙන රතිඥ්ඥා  ශබ්දයෙන් සිතා ගත හැකිය.

අවුරුද්ද යනු වටිනා සංස්කෘතික අංගයක් බව අපි පිළිගත යුතුය. හැමදාම වැඩවල  නිරත වන  ගැහැනුන්ට සහ මිනිස්සුන්ට සතුටෙන් විවේක ගත හැකි අවස්ථාවක් වසරකට වරක් එළඹීම ඉතා  වටිනා දෙයකි. ළමුන්ද ඉන් ලබන සතුට  ඉමහත්ය. විසිරී සිටින පවුලේ  සාමාජිකයන්ටද  නෑදෑයන්ට ද  මිතුරන්ටද එකතු වී වටිනා  මානසික සුවයක් ලැබීමට සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අවස්ථාවක් උදා  කර දෙන බැවින් තවත් බොහෝ  කලක් යන තුරු මේ අවස්ථාව  සමරන බවට  සැකයක් නොමැත. එහෙත්  අවුරුදු නැකත් අනුව චාරිත්‍ර ඉටු කරන  අය  නම් ක්‍රමානුකුලව  අඩුවී යනු ඇත යන්න  මගේ  විශ්වාසයයි.















Comments

Buru Babe said…
your writings getting interesting day by day. love to read more
Anonymous said…
DR DAWN නම් පෙම්වතා පැය 48ක් ඇතුළත බොහෝ දෙනෙකුට තම හිටපු පෙම්වතුන් ගෙන්වා ගැනීමට උදව් කර ඇති ආකාරය පිළිබඳ සාක්ෂි කිහිපයක් මම කියෙව්වා, එය සැබෑවක්ද, මේ මිනිසාට මගේ පෙම්වතා නැවත ගෙන්වා ගැනීමට ඇත්තටම උදව් කළ හැකිද කියා මම සිතමින් සිටියෙමි. මම ගොඩක් ආදරෙයි. මම මගේ පෙම්වතාට බෙහෙවින් ආදරය කරන නිසාත්, අපි මාස කිහිපයක් වෙන්ව සිටින නිසාත් මම ඔහුව සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි. ඇත්තටම මට එයාව ගොඩක් මගහැරුණා, මම එයාව ආපහු ගන්න අනිත් හැම ක්‍රමයක්ම උත්සාහ කළා ඒත් බැරි වුණා. මම DR DAWN හා සම්බන්ධ වූ අතර ඔහු මට පැවසුවේ මගේ හිටපු හිටපු අය ඉදිරි පැය 48 තුළ නැවත මා වෙත පැමිණෙන බවයි.
මා පුදුමයට පත් කරමින් මගේ හිටපු පෙම්වතා හරියටම පැය 48 කින් ආපසු පැමිණියේය, වෛද්‍ය DAWN ට ස්තූතියි,
ඔහුට ඔබට උදව් කිරීමටද හැකිය
*ගැබ් ගැනීමට අකුරු කරන්න.
* නැවත එක්වීමට අක්ෂර වින්‍යාසය.
*ඕනෑම ලෙඩක් සුව කරන්න.
* වාසනාව සඳහා අක්ෂර වින්‍යාසය.
* ධනය සඳහා මන්ත්‍ර කරන්න.
සහ වෙනත් අය.
dawnacuna314@gmail.com හරහා ඔහුව සම්බන්ධ කරගන්න
Whatsapp: +2349046229159

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට