විරුද්ධ පක්ෂයේ ගල්මුසල දේශපාලනඥයන්ට නම් මැයි දිනය තවත් දිනයක් පමණක් වුවාට මට නම් එසේ නොවේ.. ඔබව ඔවුන්ට මතක් වන්නේ අද දිනයේ පමණි. මා නම් එවැනි දේශපාලකයෙකු නොවේ .මන්ද වැඩ කරන ජනතාවගේ වටිනාකම අඩුවශයෙන් අවුරුද්දකට දෙවරක් වත් මට මතක් වෙන නිසාය. මේ රටේ වැඩ කරන ජනතාවට නම් කිසි දිනක මා අමතක නොවන බව හොදින්ම දනිමි. එයට හේතුව නම් මමද කළකට පෙර මාසික වැටුප් ලබන සේවකයෙක්ව සිටිමින් ඔබ සමග අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා උරින් උර ගැටෙමින් සටන් කළ නිසාය. මා ඔබ සමග එඩිතරව සටන් කිරීම නිසා මා ඔබගේ වෘත්තීය සමිතියේ නායකයා බවට අවුරුදු 20 ට පෙර පත් කර ගනු ලැබීය. සමහර වෘත්තීය සමිති නායකයන් මෙන් මා සටන් පාවා නොදුන් බැවින් අපේ පක්ෂයේ සියලුම වෘත්තීය සමිති සහ සම්මේලනවල නායකයා බවට මා ...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත