Skip to main content

කොටි අඩවිය හරහා යාපනයට ගියෙමි.

යාපනයට ගිය කතා.



පළමු ගමන.

පළමු වරට  මා  යාපනයට  ගියේ 1980 තට්ට  තනියමය. එකල මා අන්තර් ගුරු විද්යාල කමිටුවේ ලේකම් වූ බැවින් පලාලි ගුරු විදුහලේ සිසුන් හමු වී සාකච්චා  කිරීම එහි අරමුණ විය.මේ  ගමන සඳහා එක්වීමට  කීප දෙනෙකු පොරොන්දු වී තිබිණ. ඉන් එක් අයෙකු වුයේ ලංකා ගුරු සංගමයේ  සභාපතිවු (රෝහණ විජේවීරගේ  මස්සිනා)  H.N.ප්‍රනාන්දුය. ලංකා ගුරු සංගමයේ  යාපනයේ සාඛාවක් තිබු අතර එහි සහයෙන් ගමනේ  අරමුණ  ඉටු  කර  ගැනීම  අපේක්ෂාව  විය.
පාන්දර 5 ට යාපනය බලා  යන දුම්රියට ගොඩවී H.N.ටද අසුනක් වෙන් කරගෙන බලා සිටි මුත් ඔහු ආවේ  නැත. පොල්ගහවෙලදී  දෙමල ගුරුවරයෙකු මේ  ගමනට සම්බන්ධ  වීමට පොරොන්දු වී සිටියේ  නමුත් ඔහුද  ආවේ  නැත, මැදවච්චියේදී  දෙමල බස  දන්නා  සිංහල ගුරුවරයෙකු එක්වීමට සිටි බැවින් තරමක සහනයක් තිබිණ. එහෙත් මැදවච්චිය දුම්රිය පොලින් ඔහුද  දුම්රියට ගොඩ  උනේ  නැත.
 දෙමල  බස නොදන්නා බැවින්ද  යාපනයට  යන පළමු  ගමන බැවින්ද  කරන්නේ  කුමක්දැයි  කල්පනා  කරමින් දිගටම දුම්රියේ  ගමන් කලෙමි..යාපනයේ  දිස්ත්‍රික්කයේ  මා  දෑන සිටි එකම  පුද්ගලයා දේවරාජ  පමණි. ඔහු ලංකා  ගුරු සංගමයේ යාපනය  දිස්ත්රි ලේකම් වූ අතර අපි එන බව  දන්වමින් මා  ඔහුගේ  පාසල් ලිපිනයට     ලිපියක් යවා   තිබු  බැවින් ඔහු සොයාගත  හැකි වෙතයි මා තුල විශ්වාසයක් තිබිණ. මල්ලාකම් හින්දු විද්‍යාලය සොයා ගන්නා   හැටි දුම්රියේ  ගමන්  කළ දෙමල මහතෙකු මට  කියා  දුන්නේය.යාපනය දුම්රිය පොලින් බැස ලංගම බස්  රථයක නැගී  යාපනය  බස්  නැවතුම් පොලට  යන ලෙසත් එහි  ලංගම කාර්යාලයෙන් උපදෙස් අසා ගෙන කන්කසන්තුය  බලා   යන බසයක  නැග  මල්ලාකම් හන්දියෙන් බසින  ලෙසත් ඔහු මට උපදෙස් දුන්නේය.

ගුටි කන්නට වෙතැයි බියක්

මා   මේ වන විට  තීරණය  කර තිබුනේ දේවරාජා සහෝදරයා  සොයා  ගැනීමට  බැරි වුවහොත් ආපසු දුම්රියපොළට  පැමිණ රාත්‍රී දුම්රියෙන් ආපසු  කොළඹ එමටය. කෙසේ වෙතත් දුම්රිය  මගියාගේ  උපදෙස් අනුව  ම  කටයුතු  කලෙමි.එහෙත් මා   තුල බියක්ද  තිබිණ. එයට හේතු වුයේ  ඉකුත් වසරේදී (1979) දකුණේ  දෙමල මිනිස්සුන්ට  පහර දී තිබුණු අතර  යාපනයේ  සිංහල මිනිස්සුන්ටද එහි ප්‍රතිපලයක් වශයෙන් පහර දී තිබුණු  බැවින් මා  සිංහලයෙකු බව දැන ගත් විට  මටද ගුටි  කන්නට වෙණු ඇතැයි සිතීමය.
එහෙත් හැම දෙමළ මිනිසෙකුම මට උදව්  කළා මිස ගහන්නට ආවේ  නැත. යාපනය බස්  නැවතුම්පොලින් කන්කසන්තුරය බසයට  නැගී විට  මල්ලාකම්  හන්දියෙන්  මා බැස්සවීමට මගීන් මට උදව් කළහ.
බසයෙන් බැස්සද පාසල තිබෙන  තැන සොයා  ගැනීමට මා  නොදන්නා  අයගෙන් උදව්  ලබා ගැනීමට සිදුවිය. තරුණ ගැටවර වයසේ  දෙමල හාදයෙක් මගේ  පිහිටට ඉදිරිපත් විය .ඔහු ඉංග්‍රීසි දන්නේ නැත  ඔහු සිංහල තරමක් දෑන හිටියද .ඔහුගේ සිංහල උච්චාරණය මට තේරෙන්නේ  නැත.කෙසේ වෙතත් ඔහු මාව මල්ලාකම් හින්දු විදුහල වෙත කැඳවා ගෙන ගියේය.

අතරමං වී

අභාග්‍යක  මහත. එදින ඉරිදා දිනයක් වූ බැවින් පාසල වසා තිබුණු අතර ගේට්ටුවට ඉබ්බෙක් දමා වසා තිබුණු  බැවින් අතරමන් වෙණු ඇතැයි බියක්ද  ඇති විය.එහෙත් මා   සමග සිටි දෙමල ගැටයා කීප දෙනෙකු  සමග  කතා  කොට  පාසලේ  විදුහල්පතිගේ  නිවස  සොයා  ගත්  අතර  ඔහු මා  එහි  කැඳවා ගෙන  ගියේය. ඔහු අපව සාදරයෙන්  පිළිගෙන තේ  පැන් සංග්‍රහයක්ද  කොට දෙවරාජගේ  නිවාස  තිබෙන්නේ ඉනුවිල් හී බව කී අතර බස් නැවතුමට  පැමිණි ඔහු මා   ඉනුවිල් වලින් බස්සන  ලෙස බස් රථයක් එන තුරු සිටි  තරුණයෙකුට  කීවේය. නාඳුනන  තරුණයා ඉංග්‍රීසි දෑන සිටි බැවින් ඔහු  සමග  කතා  බහ  කළ හැකි විය. ජීවිතයේ  පළමු වරට  හමුවූවද   යලිත් මා   හමු වීමට ඉඩක්  නොවුවද  එම  තරුණයා මට බස්  ටිකට් පතක් ඔහුගේ  මුදලින් මිලදී ගත්  අතර ඉනුවිල් හන්දියෙන් මා  බැස්ස වුවේය.

දේවරාජා සොයා ගැනීම 

ඉනුවිල් හන්දියෙන් බැස දේවරාජගේ  නිවස කීප දෙනෙකුගේ සහයෙන් සොයා  ගතිමි. එහෙත් ඔහු එහි සිටියේ නැත. ඔහු රතුළුණු කොටුවට  ගොස්ය. ඔහුගේ  බිරිඳ  මා   සාදරයෙන් පිළිගෙන සංග්‍රහ කොට දේවරාජා  එන තුරු කතා කරමින් සිටීමටද  කෙනෙකු  ගෙනවුත් දුන්නාය.
පැයකට  පමණ පසු දේවරාජා  පැමිණි අතර පසුව වට පිට ඇවිද එහි රාත්‍රී ගත කලෙමි.

පලාලි ගුරු විදුහලට  යාම.

උදේ ඇහැරෙන  විට H.N.පැමිණ සිටියේය. පාන්දර කෝච්චිය වැරදීම නිසා ඔහු පැමිණ තිබුනේ රාත්‍රී දුම්රියේය. පලාලි හමුදා කඳවුර එකල කුඩා කඳවුරක්  පමණක් වූ අතර දෙවරාජාත්  H. N. ප්‍රනාන්දුත් මමත් පලාලි ගුරු විදුහලට ගොස් විදුහල්පති හමුවීමු. ඔහු අපව පිළිගෙන ගුරු සිසුන් කැඳවා දුන් අතර අපි රැස්වීමක් පවත්වා ගුරු ප්‍රසන  කතා  කළෙමු. දිවා ආහාරයෙන්ද විදුහල්පතිවරයා  අපට සංග්‍රහ  කළ අතර  ඉන්පසු කන්කසන්තුරයේ  දුම්රිය  පලට අපි පැමිණි අතර දේවරාජා  ඔහුගේ නිවාස  බලා යාමට අපෙන් සමුගත්තේය.

 කොළඹ එන  දුම්රිය  කන්කසන්තුරෙන් පිටත් වුයේ සවස 5 ටය.අපි දෙදෙනා ගුරු ප්‍රස්නත් දේශපාලනයත් කතා  කරමින් එළිවෙන තුරු දුම්රියේ  ගමන් කළෙමු.උදේ  6 වන විට දුම්රිය කොටුවට  පැමිණි අතර එහිදී අපි වෙන් වූයෙමු.එහෙත් ගෙදර  යාමට  මට නිදහසක් තිබුනේ  නැත.
පේරාදෙණිය  සහ ගම්පොල ගුරු විදුහල්වලට යාමට පසු දින  යාමට  යොදා ගෙන  තිබුණු  බැවින් එදිනම පෙරවරුවේ  තවත් දුම්රියක නැගී මා නුවර බල ගියෙමි.

(කොටි (LTTE) අඩවිය පසු කොට යාපනයේ  ගිය දෙවෙනි ගමන මී ලඟ ලිපියෙන් )






Comments

W3 Lanka එක හරහා ආවේ. ඔබේ රසවත් අත්දැකීම අප සමග බෙදා ගත්තට ස්තුතියි.
Manoj said…
රසවත් අත්දැකීම් ගොන්නක්ම ඇති හැඩයි.උතුරු,දකුණු විදියට වෙන් වෙන්න කලින් කොච්චර ලස්සන රටක්ද තිබ්බේ.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...